“රනිල්ට බෑ” – දෑස් ඉදිරිපිට ඔප්පු වේ…
Posted on March 9th, 2016

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණhttp://www.mahindapathirana.com/

මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇයි?

අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්‍ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගනවා. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණන රනිල් මෙහෙම කියනවා.

1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.”

යු‍රෝපය, ඇමරිකාවේ හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතර තුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අප‍ට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී ති‍යෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. වාහනයක් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් යන අදහස සමාජයෙන් තුරන් වෙනකං මිනිස්සු වාහන ගෙනාවා. අද රනිල්ට තමන්ගේ දුබලතාව වහගන්න බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙත් මේ පුළුල් වූ ආර්ථිකය. ඒත් ප්‍රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්‍ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.

ණය බර දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පසුගිය දශකය පුරා අඩු වී ඇති අයුරු

අද රනිල් මෙහෙම කියනවා; රාජපක්‍ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්‍ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල.

දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්‍රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්‍ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ

 

http://www.mahindapathirana.com/

One Response to ““රනිල්ට බෑ” – දෑස් ඉදිරිපිට ඔප්පු වේ…”

  1. Ancient Sinhalaya Says:

    Pol pot ponil is a very capable man. Unfortunately for Mother Lanka, his expertise lies with anti-Buddhist,
    anti-Sri Lanka, anti-Sinhalese activities. Like his traitor uncle thambi mudiyanse he is murderous (Buddhists
    only), cunning and two faced. He is actually a hybrid man. He is 1% Buddhist, 99% catholic. He make sure
    pirith nool clad right hand is raised when talking so some Sinhala modayas will believe every word he
    utters and vote for him with their feet.

    Northern province governor resigns. Pol pot is the one who appoints him. Minister of lands’ roitya karawe. Who
    appoints him? Pol pot ponil of course. Qulification? English first name like reginald or john. Obviously he has to
    look after his buddy, minister of erection (permanent). So he gives the portfolio to him.

    Pol pot ponil actually
    like him being portrayed as useless, then he can carry out whatever he likes. He is a crafty, murderous man
    just like the traitor uncle who put foundations to break up Sri Lanka by signing 13. Today 350-long island has ministers, deputy ministers, pradeshiya saba ministers, chief ministers, etc. etc etc. etc. Too many free loaders. You
    can’t go 10 feet without bumping into one of these deshapaluwo who does no work at all. Only thing they do
    is plunder whatever we have and corrupt activities and causing mayhem.

    If you are still not sure about his two faces just look at the two links.

    https://www.youtube.com/watch?v=cV6_o9txURc
    http://ltte-christian-ties.blogspot.com/

    Tale of two rebellions. One burns in tyres etc. Other is rewarded with half the country to rule!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress