‘ෆීල්ඩ් මාර්ෂල්’ ගේ පාර්ලිමේන්තු ආගමනය
Posted on March 12th, 2016

 -තේජා ගොඩකන්දෙආරච්චි-

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම් ලැබූ සරත් ෆොන්සේකා 2016 මාර්තු 10 වන දින පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව පැවැත්වීය.

එහිදී කියැවුනු ප්‍රධාන කරුණු අතරට, ජාත්‍යන්තර විනිශ්චයකරුවන් සහිත මානව හිමිකම් කඩවීම් පිලිබඳ විමර්ශනයක් කිරීමට තමා සහය දෙන බවද, 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය දිනා ගන්නට රු. මිලියන 200 ක් ප්‍රභාකරන්ට දුන් බවද, ඒ ගැන බැසිල් රාජපක්ෂ කිසිවකු හා කතා කලේ තමා ඉදිරිපිටදී බවද සඳහන් වුනි.

ඔහුගේ ප්‍රකාශය අනිත් සෑම දිනකම මෙන්ම අසා සිටීමට පිලිකුල් වනුයේ කයිවාරු ගැසීම නිසාය. ‘ ‘මම’ යුද්ධය දිනුවා’, ‘ ‘මම’ යුද්ධය මෙහෙයවනකොට’ ආදී වශයෙන් පවසයි. ඒ අතරම යුද්ධය නිම වන්නට දින කිහිපයක් තිබියදී මහින්ද රාජපක්ෂ තමාට උසස් වීමක් දුන් බවත්, පසුව අවසාන දින දෙක තුන තුල තමා ශ්‍රී ලංකාවේ රැඳී නොසිටීම පිලිබඳ චෝදනා කල බවත් ඒ කතාව තුල කියැවුනි. ඒ අවසන් දින 2-3 තුල ජෙනරල් කෙනෙකුට කරන්නට දෙයක් නොතිබූ බව හා 2010 ජනපතිවරණයේදීද සඳහන් කල සුදුකොඩි සිද්ධිය සිදුවුනේ ඒ කාලයේදී බවද පැවසීය.

මෙහිදී සරත් ෆොන්සේකාට අමතක වූ හෝ අමතක වූ සේ රඟපාන කරුණු රැසක් ගැන කීමට තිබේ. ප්‍රථමයෙන්ම ‘මම  යුද්ධය දිනුවා, මම යුද්ධය සැලසුම් කලා’ යන ප්‍රකාශය ප්‍රශ්ණ සහගතය. යුද කලේ ඔහු පමණක්ද? එම යුද ජයග්‍රහණයට නාවික හමුදාව , ගුවන් හමුදාව සහ පොලීසිය කෙතරම් සක්‍රීයව සම්බන්ධ වුනිද?  නාවික හමුදාව මගින් ත්‍රස්තවාදීන්ගේ ආයුධ ප්‍රවාහණය කල මුහුදු යාත්‍රා විනාශකර නොදැම්මේ නම්, ගුවන් හමුදාව මගින් හඳුනාගත් ඉලක්ක වලට නිවැරදිව ප්‍රහාර එල්ල නොකලේ සහ පොලීසිය තම බුද්ධි අංශ මගින් තම කාර්යය නොකලේ නම් සරත් ෆොන්සේකාට පමණක් තනිව යුද්ධය නිම කල නොහැකි වනු ඇත. ප්‍රභාකරන්ගේ අවසාන දින කිහිපය තුල පවා ඔහු ජාත්‍යන්තර සබඳතා හරහා රටින් පැන ගැනීමට උදව් පැතූ බව හෙලිවිය. ඉතින් ඔහු රටින් පැන්නා නම් එසේ යනු ඇත්තේ පයින් නොවේ. ගුවනින් හෝ මුහුදෙනි. මේ සඳහා ඉඩක් නොතබා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඉටුකල මෙහෙයුම් ෆොන්සේකාගේ ආත්මාර්ථකාමී ඇසට කිසිදා පෙනුනේ නැත.

1987 ජුලි 29 වනදා ඉන්දියාව ශ්‍රී ලංකාවේ එවකට පැවති රජය සමග බලහත්කාරයෙන් එලැඹුනු ඊනියා සාම ගිවිසුමට මග පෑදුවේ, ඊට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් යාපනයට ආහාර පාර්සල් දැමූ ඉන්දීය ගුවන් හමුදාවේ අත්තනෝමතික ක්‍රියාවයි. සරත් ෆොන්සේකා එදා වඩමරච්චි සටන් පෙරමුණේ සිටියේ සැබෑ ජාත්‍යාලයෙන් නම් එදා ඒ සිදුවූ ක්‍රියාවලිය සම්බන්ධව සිත් වේදනාවක් නැතිවී යයි සිතිය නොහැක. මෙවර ශ්‍රීලංකා ගුවන් හමුදාව නියම යුද මානසිකත්වයේ සිටි බැවින්ද, කුමක් හෝ හේතුවකට ජයලලිතලා, වයිකෝලා කෙතරම් උඩ පැන්නත් ඉන්දියාව අවසන් සටනට හොට දමන්නට නොපැමිණි නිසා ඒ යුද්ධය ජය්‍රහණයෙන් අවසන් කරන්නට හැකි වූ බව පැහැදිලිය. වඩා වැදගත් වන්නේ අන්න ඒ හේතුවයි.

අද ඔහුට පාර්ලිමේන්තුවේ අසුනක් පිරිනමා, ඔහුව හුරතල් කරන එජාපය 2003 දී එල්ටීටීඊ සංවිධානය සමග අත්සන් කල අවබෝධතා ගිවිසුමේදී කලේ කුමක්ද? එදා රනිල්ට අගමැති ලෙස යන්තම් ඉඩකඩ ලත් වහාම ඔහු එම ගිවිසුමට එලැඹියේය.   ඊලඟට යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් අතුරුගිරියේ මිලේනියම් සිටිහි නිවස වටලා, ඒ තොරතුරු සමාජයට නිරාවරණය කර ශ්‍රී ලංකාව සතුව සිටි අති දක්ෂ  බුද්ධි අංශ නිලධාරීන් එල්ටීටීඊ පිස්තෝල කල්ලියේ ගොදුරු බවට පත් කරමින්  සිදුකල නින්දිත පාවාදීම අමතක කල හැකි නොවේ. ඉන් පසු රජයේ පාලන ප්‍රදේශ හා එල්ටීටීඊ පාලන ප්‍රදේශ වෙන් කරමින් කල ක්‍රියාවලියේදී රජයේ හමුදාවනට ඇඳිවත ඔසවා පෙන්වමින් අපහාස කල එල්ටීටීඊ පිරිස් ඉදිරිපිට හමුදා භටයින්ගේ මානසිකත්වය කෙසේ පහල වැටුනිද? 2004 සුනාමියෙන් පසු, වරක් 2005 දී රාජකාරි කටයුත්තක් සඳහා මුලතිව් කිලිනොච්චි යන්නට සිදුවූ විට අපේ හැඳිනුම් පතේ සහතික කල පිටපත් එල්ටීටීඊ සංවිධානය වෙත යවා සංචාරක අවසරපතක් කාල නිර්ණයක්ද ඇතිව නිකුත් කලේ අප පිටරටකට යාමට අදාල තානාපති කාර්යාල සමග කටයුතු කරන පියවරයන් ඔස්සේය.

මේ සිංහල දෙමල ප්‍රශ්ණය මෙතරම් අසාධ්‍ය වන්නට, ඔඩු දුවන්නට 1977 දී පත්වූ ජේ ආර් ගේ එජාප රෙජිමය කටයුතු කල ආකාරය ඒ කාලය ගැන මතක තිබෙන අයෙකුගේ සිතින් ගිලිහෙන්නේ නැත. මොවුන් ජාත්‍යන්තරය ඉදිරියේ නිවට නියාලු වන අන්දමද එදා සිටම පැහැදිලිය. අද වෙෙරයෙන් පිපිරමෙින් සංහිඳියාව ගැන කතා කරන චන්ද්‍රිකා මේ යුද්ධය සම්බන්ධව කල කෙංගෙඩිය කුමක්ද? සාමය යන නම විකුණා, මිනී වලවල් හාරමින් බලයට පැමිණි ඇයට යුද්ධය නිමකර සාමය උදා කරන්නට තබා, තමා සහභාගි වන රැස්වීමකටවත් කිසිම දිනෙක අඩු තරමින් පැය 3 ක් වත්  පමා නොවී පැමිණීමට අවශ්‍යතාවක් තිබුනේ නැත. ඒ කාලයේ ජනතාව අතර තිබූ උපහාසාත්මක කියමනක් වූයේ විජය කුමාරතුංග ගැයූ ‘ඈ ආවේ නෑ….මං බලාන හිටියා හිරු ගිලෙනා තුරු ආකාසේ…’ නම් ගීය ඇගේ හැටි දැනගෙන ගයා ඇති බවයි.

මේ කරුණු කාරණා රැගෙන බැලූවිට එදා ප්‍රභාකරන්ට රු. මිලියන 200 ක් දී හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ නිසා යුද්ධය කෙළවර කරගත හැකි විය. සරත් ෆොන්සේකා නම් අයෙකු යුද හමුදාවේ සිටි බව අප දැන ගත්තේ මහින්ද ඔහුව හමුදාපති තනතුරට පත්කල නිසාය. ‘මම දිනුවා ‘ යි ඔහු පාරම්බාන මේ යුද ජයග්‍රහණය ජේ ආර්, චන්ද්‍රිකා හෝ රනිල් ජනාධිපති අසුනේ තබාගෙන කල හැකි වීද? 1991 දී ආර්. පේ‍ර්මදාස එල්ටීටීඊ සංවිධානයට සැපයූ ආයුධ, සිමෙන්ති තොග පිලිබඳව ෆොන්සේකාට අමතකය. ඒ කාලය තුල ක්‍රියාකාරීව සිටි අනෙකුත් ද්‍රවිඪ සංවිධාන වල සාමාජිකයින් ඝාතනය කරමින් පණ බේරා ගනු වස් කොළඹ රැඳී සිටියවුන් පැහැරගෙන, උතුරට ගෙන යන්නට එල්ටීටීඊයට ආධාර සපයමින් එදා ප්‍රේමදාස නැටූ හෙයියම්මාරුව  එකල කිසිවෙකුට රහසක් නොවීය.

ඊලඟට ඔහු පවසන විකාර කතාව වන්නේ යුද්ධයේ අවසාන දින කිහිපය තුල සිය පවුල සමග චීනයේ විනෝද සුවයෙන් ගත කල කාලය පිලිබඳව පවසන හේතුවයි. ඒ කාලය වන විට ජෙනරල් කෙනෙකුට කරන්න වැඩක් තිබුනේ නැතිලු ! යුද හමුදාපති කෙනෙකුගේ වගකීම නම්, යුද්ධය අවසන් වන තීරණාත්මක මොහොතේ තම හමුදාව සමග රට තුල රැඳී සිටීම නොවේද? වරක් රනිල් කීවා සේ මෙය ක්‍රිකට් මැච් එකක් නොවේ. ක්‍රීඩාගාරයට ගොස් විවේක ගන්නට ! ඉතින් ඔහු කියන, මේ දින 2-3 තුල සිදු වුනායයි කියන සුදු කොඩි සිද්ධියේදී මේ කරුණු කියා ඔහුට ගැලවිය හැකිද? අප යුද හමුදාව හරියට තාත්තා නැතිවිට දඟ කර, බඩු මුට්ටු කඩන පොඩි ළමයි බඳුය කියාද ෆොන්සේකා පවසන්නේ? තම හමුදාව අතින් වැරදි ක්‍රියා සිදු වී නම් හමුදාපති ලෙසට ඔහුට වගකීමෙන් නිදහස් විය නොහැක. ඔහු කල වරද ඒ තීරණාත්මක කාලය තුල  රටේ නොසිටීමයි. විශේෂයෙන් ඔහු අසාධ්‍ය අසනීපයකට ප්‍රතිකාර ගන්නට රටින් පිටවී සිටියා නොවේ.

බැසිල් රාජපක්ෂ, ප්‍රභාකරන්ට රු. මිලියන 200 ක් දෙන්නට සාකච්ඡා කරන විට ඔහු එතැන සිට ඇත. එසේනම් ඔහු එදා නිහඬව ඉන්නට ඇත්තේ තමාට ලැබෙන වාසි, තනතුරු ගැන සිතා එම ක්‍රියාව අනුමත කල නිසා නොවේද? නැතිනම් ඔහුට ඒ කාලයේම ඒ ගැන කියන්නට තිබිනි. මෙතැනිනුත් පැහැදිලිවම විද්‍යමාන වන්නේ සරත් ෆොන්සේකාගේ  ලැජ්ජා නැති, ආත්මාර්ථකාමී පිලිවෙතයි.

අද මේ ජාත්‍යන්තරය, ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන කරුණාව, එදා එල්ටීටීඊය දකුණේ සිංහල සහ මුස්ලිම් ජනයාට එරෙහිව බෝම්බ පුපුරවත්දී, ඝාතන සිදු කරත්දී ඒවා සම්බන්ධව නොතිබුනි. ඔවුන්ට රිදී ඇත්තේ එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කල නිසාය. ඔවුන් මහින්ද රාජපක්ෂ සතුරෙකු ලෙස දකින්නේ එහෙයිනි.

සියල්ල අවසානයේ පාර්ලිමේන්තුවේදී ඔහු ගීයක්ද කීවේය. ‘දුක සැප නිති පෙරලේ – රිය සක ලෙස ලෝකේ ‘ ඉතින් මේ කියමන ගැන සිතා, ඔය රිය සක පෙරලීම නතර වී නැති බවත්, කවර මොහොතක යලි පෙරලෙන්නට පටන් ගනීද කිව නොහැකි බවත් සිතේ තබාගෙන කටයුතු කරන්නේ නම් මැනවි. මන්ද තමාගේ අතේ දුරින් හිඳගෙන, ඔය කතා වලට ආවඩන ලක්ෂ්මන් කිරිඇල්ල එදා “ඕනැ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් ” බව කී අතර, රවි කරුණානායකගේ ‘අලිමංකඩ යනව කියල පාමංකඩ යනව’ යනුවෙන් කල කතාවන්ද අපට අමතකව නැති බැවිනි.

දේශපාලකයන් පත් කිරීමේ පරමාධිපත්‍ය තිබිය යුත්තේ ජනතාව අතය. එසේ නොමැතිව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද, ජනතා මනාප නැති බංකොලොත් දේශපාලන රූකඩ ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකම් හා වරප්‍රසාද ලබාදෙන තුප්පහි දේශපාලන සංස්කෘතිය ඇත්තේ අපේ රටේ පමණක්ම වීමට පුලුවන. සරත් ෆොන්සේකා තනිව දේශපාලන සටනට බැස්ස විට ජනතාව ඔහුට කෘත ගුණ සැලකූ රඟ ගියවර පාර්ලිමේන්තු මැතිවරණයෙන්  මුලු දිවයිනෙන් ඔහුගේ පක්ෂයට ලැබුනු  28626 ඡන්ද සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබුනු මනාප ඡන්ද 5238  තුලින් මනාව පිලිබිඹු විය.

එබැවින් රියසක ඊ ලඟ රවුම පෙරලෙන විට සිදු වන්නේ කුමක්දැයි කුතුහලයෙන් යුතුව බලා සිටිමු.

3 Responses to “  ‘ෆීල්ඩ් මාර්ෂල්’ ගේ පාර්ලිමේන්තු ආගමනය”

  1. Dr.K Says:

    ඔබ තනිවම දිනුවායයි කියන යුද්දය තනි මිනිසෙකුට දිනාගත නොහැකි වූ දෙයක් බව ඕනෑම ඔල මොට්ටලයෙකුට පැහැදිලිව තේරුම් ගතහැකි කරුණක් නමුත් ඔබේ මාර්ෂල් මොලයට තේරුම් නොයෑම තුල ප්‍රශ්නයක් ඇත. ඕනෑම ගොනෙකුට යුද්ද කලහැකියි ලක්ෂ්මන් කිරි ඇල්ල කියා ඇති කතාව ඔබ අද සනාථකර ඇත . දක්ෂ ගැල් කරුවෙකුට ඕනෑම ගොනෙක් කරත්තේ බැන්දට පසු නිවැරදි තැනට කරත්තය ගෙන යාහැකිය. කිරි ඇල්ල මහතා එය හොඳින් දැන සිටියේය. කෙසේ නමුත් ඔහුගේ ප්‍රකාශය තුල නොකිවූ දෙයක් ඇත. ඔහු කිව යුතුව තිබුනේ ‘ඕනෑම ගොනෙකුට නිවැරදි දේශපාලන නාක්කත්වය ලැබුනොත් යුද්දය කළහැකි බවය. ඔහු එය නොකියා හිටියේ එයින් තම ප්‍රතිවාදියාට සම්මානය ලැබීම අවහිර කිරීමටය. කවුරු එසේ නොකීවත් බුද්දිමත් ජනතාව එය හොඳින් තේරුම්ගෙන ඇත.

    යුද්දය නිමවුවාට පසුවත් ඔබ කිරිඇල්ලගේ තක්සේරුවට යටත්ව කටයුතු කරීම තවදුරටත් පෙනී යන්නේය.

    ඒ ගොනෙකුගේ චරිතයෙන් නොව විෂගොර පොලගෙකු ලේසින් කටයුතු කිරීමය. ජනතාව විසින් ඔබ යහපත් මිනිසෙකු කරන්නට ජරා දේශපාලනයෙන් ඉවත් කර තැබීමට කටයුතු කල නමුත් ජනතාවගේ සම්මුතියට එරහිව ගොස් බොරුව, මුලාව හා වයිරය තේමාව කකර කටයුතු කරන රජයකට හේත්තුවී ඔබේ සර්ප ගුණ ප්‍රදර්ශනය කළහොත් එය අවසන්වූ දවසක ඔබට අද ජනතාවගෙන් ඉතිරිව ඇති යම් සම්මානයක් ඇතොත් එය කොහොමත් සර්පකයෙකුට නොලැබෙන බව සිහි ගන්වනු කැමැත්තෙමු. අද අදර්මිස්ට අහිකුන්ටකයන් පිරිසක්විසින් ඔබව රවටා ඇමතිකමනම් බිත්තරයක් දී නයි පෙට්ටියතුලට දමාගෙන ඇත්තේ ඔවුන්ට ඕනකරන විදියට ඔබ නැටවීමට බවත් ඔබතුල ඇති විෂෙන් ප්‍රයෝජන ගැනීමට බවත් ජනතාව හොඳින් දනී. ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ ‘ යන උතුම්වූ බුද්ධ වචනයට අනුව කටයුතු කරන්නේනම් පමණක් ඔබ පිටුපස ජනතාව රැඳෙනු ඇත.

  2. NAK Says:

    The trap was set for Fonseka even before the fighting was over. He was cornered in the US and forced to join their regime change plan,of course with handsome monetary rewards.
    His utterences of “white flag” and “this is a Sinhala country and outsiders who choose live here have to remember that” were aimed at embarrassing and discrediting MR government.

    Fonseka was chosen to run for the presidency at RW request as he had no recognition in the country and we can now see why that it was so!.
    Wickremasinghe never wanted SF to win in that election and he made sure of that.He just wanted to get through the election to avoid himself being a targeted for the loss .
    Fonseka has been a cussed character in the Army and it is no sectert in the Army and he is demonstrating that in no uncertain terms.

  3. Cerberus Says:

    Sarath Fonseka was full of praise for President Mahinda Rajapakse after the war.See
    Sarath Fonseka said Mahinda Rajapaksa is the Father of the War Victory
    https://www.youtube.com/watch?v=NXz2UdUwu9c

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress