ප්‍රභාකරන්ගේ සීයලා 4
Posted on March 15th, 2016

නලින් ද සිල්වා

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි. 
 
x එක්දහස් නවසිය තිස් ගණන්වල දෙමළ නායකයන්ට බහුතරය සිංහලයන් වූ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවක් ඇති වීම වැළැක්වීමට නොහැකි වීම නිසා ද ඔවුන් පෙඩරල් ඉල්ලීමක් කරා ගියේ ? 
 
පළමුවෙන් ම කිව යුත්තේ ඔවුන් පෙඩරල් ඉල්ලීමක් කරා නොගිය බවයි. ඔවුන් ගේ ඉල්ලීම වූයේ වෙන ම රාජ්‍යයක් ඇති කෙරීමයි. රාජ්‍ය මන්ත‍්‍රණ සභාව වැනි බහුතරය සිංහලයන් වූ මධ්‍යයක් ඇති වීම වැළැක්වීමට සර්වජන ඡුන්දයත් සමග නොහැකි බව දෙමළ නායකයන්ට තේරුම් ගියා. ඒ අතර ඉන්දියාවේ දෙමළ ජනයා ගේ බෙදුම්වාදී ව්‍යාපාර ඇරඹුණා. 1928 දී දකුණු ඉන්දියාවේ මදුරාසි ප‍්‍රාන්තයේ ජස්ටිස් පක්ෂය බිහි වුණා. පසු කලෙක ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලාහම් ව්‍යාපාරය බවට පත්වුණේ ඒ පක්ෂයයි. ඔවුන්ට අවශ්‍ය වූයේ දෙමළ රාජ්‍යයක් දිනාගැනීමටයි. ඔවුන් දෙමළ ජනයා සැලකුවේ රාජ්‍යයක් නැති ජාතියක් ලෙසයි. 
 
හතලිස් ගණන්වල දී මෙම ව්‍යාපාරයේ ආභාසය ලංකාවට දැනෙන්නට වුණා. සී. සුන්දරලිංගම් මහතා ඊළාම් සංකල්පය ගෙනාවේ මේ වකවානුවෙයි. උතුර හා නැගෙනහිර පළාත් ද ඇතුළු ව ඊළාම් රාජ්‍යයක් ඇති කිරීමේ අදහස ක‍්‍රමයෙන් දෙමළ නායකයන් අතරට ගියා.
 
මධ්‍යයෙහි සිංහල බහුතරයක් ඇතිවීම වැළැක්විය නොහැකි නිසා තම වරප‍්‍රසාද අහිමි වන බැවින් හා බලය අඩුවන බැවින් වරප‍්‍රසාද රැුක ගැනීමට හා බලය ලබා ගැනීමට තමන්ට බහුතරයක් විය හැකි ප‍්‍රදේශයක් වෙන ම රාජ්‍යයක් ලෙස වෙන් කරගැනීම ඊළාම් රාජ්‍යයට පසුබිම් වූ දර්ශනයයි.
 
x මින් කියැවෙන්නේ බලයේ කොටස්කරුවන් වීමට නොහැකි වීම නිසා වෙන ම රාජ්‍යයක් කරා තල්ලූ වීම ද ?
 
නැහැ. බලයේ කොටස්කරුවන් වීමෙන් පමණක් සෑහීමකට පත් වීමට දෙමළ නායකයන්ට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. තමන් ගේ ජන අනුපාතය අනුව බලයේ කොටස්කරුවන්, හවුල්කරුවන් වීමෙන් පමණක් සෑහීමකට පත්වීමට ඔවුන්ට නොහැකි වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහලයන් බහුතරය වීම වැළැක්වීමටයි. එමගින් ජන අනුපාතයට වැඩි අනුපාතයකින් තමන් විඳි වරප‍්‍රසාද හා බලය ආරක්ෂා කර ගැනීමයි. අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර කිහිපයකින් පමණක් ඔවුන්ට සෑහීමකට පත් වීමට නොහැකි වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ අමාත්‍ය ධූරවලින් 50% කට අඩු ප‍්‍රමාණයක් පමණක් සිංහලයන්ට ලබාදීමටයි. එය කළ නොහැකි වූ විට ඉන්දියාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආභාසය ලබා ඔවුන් වෙන ම රාජ්‍යයක් ඉල්ලූවා. මධ්‍යයෙහි බලයේ හවුල්කරුවන්, කොටස්කරුවන් වීම පමණක් දෙමළ නායකයන්ට මදි වුණා. කොටින් ම මධ්‍යයේ බලය බෙදාගැනීම ඔවුන්ට පිළිගත නොහැකි වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ මධ්‍යයෙහි බහුතරය සිංහලයන් වීම වැළැක්වීමටයි. එය බැරි වූ විට ඔවුන් වෙන ම රාජ්‍යයක් ඉල්ලීමට පටන් ගත්තා. 
 
x එය පැහැදිලි මදි, මෙයින් කියැවෙන්නේ සිංහල ආධිපත්‍යය පිළිගැනීමට ඔවුන් දැක්වූ අකැමැත්ත මිස බලයේ හවුල්කරුවන් වීමට ඔවුන් දැක්වූ අකැමැත්ත මිස බලයේ හවුල්කරුවන් වීමට ඔවුන් දැක්වූ අකැමැත්ත නොවන බව නේ ද ?
 
සිංහල ආධිපත්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද ? අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා සිංහල වීම ද ? පොන්නම්බලම් රාමනාදන් මහතා තම නියෝජිතයා ලෙස පත් කරගත් සිංහලයන්ට අමාත්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා කවුද යන්න වැදගත් නොවීමට ඉඩ තිබුණා. කොළඹ නගර සභාවේ පුරපති ලෙස අසිංහලයන් පත්කර ගන්නා විට, කල් යෑමේ දී අසිංහලයකු අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත්කර ගැනීමට ඉඩ තිබුණා. එය වරද්දා ගත්තේ දෙමළ නායකයනුයි. ඔවුන්ට අමාත්‍ය මණ්ඩලයේ සිංහල සාමාජිකත්වය 50% ට අඩුවෙන් තබා ගැනීම වුවමනා වුණා. 
 
එය බලයේ හවුල්කරුවන් වීම නොව සිංහලයන් ගේ නියෝජනත්වය හීන කෙරීමක්. මධ්‍යයෙහි සිංහල නියෝජනත්වය වැඩි වූ නිසා ම සිංහල සංස්කෘතියෙහි ආධිපත්‍යයක් ඇති වෙන්නේ නැහැ. දෙමළ නායකයන් ඒ බව නොදැන සිටියා නොවේ. සිංහල නියෝජනත්වය බාල කෙරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ එමගින් ජන අනුපාතයට වඩා තමන් භුක්ති විඳි වරප‍්‍රසාද හා බලය ආරක්ෂා කර ගැනීමයි. ඔවුන් එය ලෝකයට පෙන්වූයේ සිංහල ආධිපත්‍යයෙන් ගැළවීමට ක‍්‍රියා කෙරීමක් ලෙසයි. එහෙත් ඔවුන් තම ජන අනුපාතයට සරිලන සේ මධ්‍යයෙහි බලයේ හවුල්කරුවන් වීමට උත්සාහ කර නැති බව ඉතා පැහැදිලියි. 
 
x 1949 දී ඇති කෙළේ පෙඩරල් පක්ෂයක්, එහි අරමුණ වූයේ දෙමළ රාජ්‍යයත් ඇති කෙරීම නොව පෙඩරල් ක‍්‍රමයක් නැත්නම් පෙඩරල් ව්‍යවස්ථාවක් ඇති කරගැනීම නොවේ ද ?
 
පෙඩරල් පක්ෂයෙහි දෙමළ නම ඉලංකෙයි තමිල් අරසු කච්චි. එනම් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයයි. එහි අරමුණ වූයේ දෙමළ රාජ්‍යයක් බිහි කෙරීමයි. 1951 අප‍්‍රියෙල් මාසයේ දෙමළ රාජ්‍ය පක්ෂය තම පළමු සම්මේලනය පැවැත්වූවා. එහිදී සම්මත කෙරුණු යෝජනා අනුව දෙමළ ජනයා වෙන ම ජාතියක් ලෙසත් දෙමළ ජාතියේ ස්වයංනිර්ණ අයිතියත්, උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු භූමියක් දෙමළ නිජභූමි ලෙසත් පිළිගත්තා. මේ යෝජනා දෙමළ රාජ්‍යයක් සඳහා කරන ලද යෝජනා. 
 
ඔවුන් තම පක්ෂය පෙඩරල් නමින් හැඳින්වූයේ සිංහල ජනතාව රැුවටීමයි. ඔවුන් සිංහලයන්ට කියා සිටියේ තමන් පෙඩරල් රාජ්‍යයක් එනම් පෙඩරල් ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කරන බවයි. එහෙත් ඇත්ත වුවමනාව වෙනත් එකක්. 
 
x ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් පෙඩරල් පක්ෂය බිහි වීමට සෝල්බරි ව්‍යවස්ථාව බල නොපෑවේ ද ?
 
සෝල්බරි ව්‍යවස්ථාව බලපෑවේ නැහැ. සෝල්බරි ව්‍යවස්ථාවෙන් පැහැදිලි ව ම කිසි ම ජනවර්ගයකට හෝ ආගමකට හෝ වාසි ගෙන දෙන අයුරින් අණපනත් පැනවීමට නොහැකි වන අන්දමට වගන්තියක්, 29 වැනි වගන්තිය, ඇත්තට ම ඉතිහාස විරෝධී ව, ඇතුළත් කර තිබෙනවා. එසේ නම් සෝල්බරි ව්‍යවස්ථාවට විරුද්ධ වීමට හේතුවක් නැහැ. 
 
දෙමළ නායකයන් සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් නැවත වරක් බහුතරය සිංහලයන් වූ ව්‍යවස්ථාදායක බලය සහිත ආයතනයක්, පාර්ලිමේන්තුවක්, ඇතිකෙරීම වැළැක්වීමට කටයුතු කළ බව නම් ඇත්ත. සමහර දෙමළ නායකයන් ලංකාවට පූර්ණ නිදහස ලැබෙනවාටත් විරුද්ධව සාක්ෂි දුන්නා. එසේ කළේ බහුතරය සිංහලයන් වූ පාර්ලිමේන්තුවක් ඇති වීම වැළැක්වීමට. ඔවුන් කියා සිටියේ පූර්ණ නිදහසට වඩා ඩොනමෝර් කොමිසමටත් පෙර තිබූ ව්‍යවස්ථාදායක සභා තත්ත්වය තමන්ට වඩා හොඳ ය කියායි. එනම් ජන අනුපාතයට නොසරිලන වරප‍්‍රසාද හා බලය ආරක්ෂා කරගැනීමට පූර්ණ නිදහසත් සර්වජන ඡුන්දයත් ඔවුන් ප‍්‍රතික්ෂේප කළා. ව්‍යවස්ථාදායක ක‍්‍රමය තුළ සිංහලයන් බහුතරය බවට පත් වීම වැළැක්විය හැකි ව තිබුණ බැවින් ඔවුන් එම ක‍්‍රමයට වැඩි කැමැත්තක් දැක්වූවා. 
 
එපමණක් නොවෙයි. ජී. ජී. පොන්නම්බලම් මහතා පනහට පනහ ව්‍යාපාරය අත්හැර දමා තිබුණේ නැහැ. එමෙන් ම 1947 දී චෙල්වනායගම් මහතා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කරමින් ලංකාවේ දෙමළ ජනයාට වෙන්වී ස්වාධීන දකුණු ඉන්දියාවත් සමග එකතු වීමට අයිතියක් ඇතැයි කියා තිබෙනවා. මේ අදහස විජේවර්ධන මහතා ගේ ”බෝමැඩ විප්ලවය” කෘතියට එරෙහි වූ බාලසුබ‍්‍රමානියම් මහතා වැනි ඇතැම් දෙමළ උගතුන් ගෙන් ද ප‍්‍රකාශ වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ මදුරාසි ප‍්‍රාන්තය සමග එක් වීමටයි. ඔවුන් ලංකාවට වඩා ඇල්මක් දැක්වූයේ දකුණු ඉන්දියාවටයි. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් ගේ අවසාන බලාපොරොත්තුවයි. 
 
පෙඩරල් නමින් පෙනී සිට පෙඩරල් රාජ්‍යයක්, එනම් පෙඩරල් ව්‍යවස්ථාවක් ඇති රාජ්‍යයක් බිහි කර, පසු ව වෙන ම රාජ්‍යයක් වී මදුරාසි ප‍්‍රාන්තය වෙන් වී නිර්මාණය කරන දෙමළ රාජ්‍යයකට එකතු වී ඔවුන් ගේ අභිලාෂයක් වී තිබුණා. අවසාන දෙමළ අභිලාෂය අන් කිසිවක් නොව පැරණි චෝල අධිරාජ්‍ය සංකල්පයෙන් ගලා එන මෙම අභිලාෂයයි. 
 
x 1949 දී වතු කම්කරුවන් ගේ ඡුන්ද බලය අහිමි කෙරීම දෙමළ රාජ්‍ය පක්ෂයේ හෙවත් පෙඩරල් පක්ෂයේ බිහි වීමට බලපෑවේ නැද්ද ?
 
චෙල්වනායගම් මහත්මයා දෙමළ රාජ්‍ය පක්ෂය ඇරඹීමට ආසන්න හේතුව හැටියට දැක්වූයේ වතු කම්කරුවන් ගේ ඡුන්ද බලය අහිමි කෙරීම බව ඇත්ත. එහෙම වුණත් ඒ මහත්මයා 1947 දීත් කලින් සඳහන් කරපු ආකාරයට දකුණු ඉන්දියාවත් එක්ක එකතු වෙන්න පුළුවන් බව කියල තිබුණා. අනිත් කාරණය වතු කම්කරුවන් ගේ ඡුන්ද බලය අහිමි කළ එකට විසඳුම උතුරු හා නැගෙනහිර පළාත් එකතු කර දෙමළ නිජ භූමියක් හා රාජ්‍යයක් ඇති කෙරීම වෙන්නෙ නැහැ. මේ එදත් අදත් දෙමළ නායකයන් ක‍්‍රියාකරන ආකාරයයි. එනම් තමන් ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා පවතින දේශපාලන තත්ත්වය උපයෝගී කරගෙන තමන්ට අවශ්‍ය වූ ඉල්ලීම් ඉදිරිපත් කෙරීමයි. 
චෙල්වනායගම් මහත්මයා තමන් සාමාජිකත්වය දැරූ දෙමළ කොන්ග‍්‍රසයෙන් අස් වුණේ ජී. ජී. පොන්නම්බලම් මහත්මයා වෙන ම රාජ්‍යයක් කරා යෑමට එකල කටයුතු නොකළ බැවිනුයි. ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයේ ආරම්භය ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලාහම් ව්‍යාපාරයේ ආරම්භයත් සමග සමගාමී වෙනවා. එය අපට අමතක කරන්න බැහැ. චෙල්වනායගම් මහතා දුටු ආකාරයට පොන්නම්බලම් මහතා ගේ පනහට පනහ ව්‍යාපාරය එහි අවසාන අවධියට ගොස් තිබුණා. 
 
x ඔබ එයින් අදහස් කරන්නේ පනහට පනහ ව්‍යාපාරය මැරී යමින් තිබුණ බව ද ?
 
ජී. ජී. පොන්නම්බලම් මහතා ගේ දෙමළ කොන්ග‍්‍රසයත් පනහට පනහ ව්‍යාපාරයත් 1885 පොන්නම්බලම් රාමනාදන් මහතා ඇරඹූ මධ්‍යයෙහි සිංහලයන් බහුතරයක් වීම වැළැක්වීමේ ව්‍යාපාරයෙහි අවසාන ජවනිකාවයි. එය පොන්නම්බලම් අරුණාචලම් මහතා 1921 දී ඇරඹූ දෙමළ මහජන සභාවේ අවසන් අනුප‍්‍රාප්තිකයායි. මෙම ව්‍යාපාරය විසින් සිංහලයන් බහුතරය ලෙස පිළිගැනුණේ නැහැ. ඔවුන්ට රටේ ඉතිහාසයත් සමග බද්ධ වීමට නොහැකි වුණා. ඔවුන් දිගින් දිගට උත්සාහ කෙළේ මධ්‍යයෙහි එනම් ව්‍යවස්ථාදායක සභාවෙහි, පසු ව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙහි හා අවසන් වශයෙන් සෝල්බරි කොමිසමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවුණු ඩොමීනියන් පාර්ලිමේන්තුවෙහි සිංහලයන් බහුතරයක් වීම වැළැක්වීමයි. 1931 න් පසු ව එය තව දුරටත් කළ නොහැකි බව ඔවුන් ක‍්‍රමයෙන් තේරුම් ගනිමින් සිටියා.
 
රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සංයුතිය වූයේ ඡුන්දයෙන් පත් වන මන්ත‍්‍රීවරුන් 50, පත් කළ මන්ත‍්‍රීවරුන් 8, නිල බලයෙන් පත්වන නිලධාරීන් 3. 1931 දී ඡුන්දයෙන් තේරුණේ මන්ත‍්‍රීවරුන් 46 දෙනෙකු පමණයි. එයට හේතුව දෙමළ නායකයන් මැතිවරණය වර්ජනය කෙරීම නිසා යාපන දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු තෝරාගැනීමට නොහැකි වීමයි. ඒ වෙනුවට ආණ්ඩුකාරයා මන්ත‍්‍රීවරුන් 4 දෙනෙකු පත් කළා. තේරී පත් වූ මන්ත‍්‍රීවරු 46 දෙනා ගෙන් 38 දෙනෙකු සිංහල ද, තුන්දෙනෙකු ලාංකික දෙමළ ද, දෙදෙනෙකු ඉන්දීය දෙමළ ද, දෙදෙනෙකු යුරෝපීය ද, එක් අයෙකු මුස්ලිම් ද වූවා. පත් කළ මන්ත‍්‍රීවරුන් 8 දෙනා අතර යුරෝපීයයන් 4 දෙනෙකු, බර්ගර් 2 දෙනෙකු, ඉන්දීය දෙමළ එක් අයෙකු ද, මුස්ලිම් එක් අයෙකු ද සිටියා. ඒ අනුව නිලධාරීන් තුන්දෙනා හැරුණු විට, මන්ත‍්‍රීවරු 58 ක් වූ මන්ත‍්‍රණ සභාවේ සිංහලයන් 38 දෙනෙකු සිටියා. 1936 මැතිවරණයෙන් සිංහල මන්ත‍්‍රීවරු 39 දෙනෙකු පත්වුණා. එය සියයට හැටහතක් පමණ වූවා.
 
මේ ප‍්‍රවණතාව දෙමළ කොන්ග‍්‍රසයට ප‍්‍රශ්නයක් වූවා. හතලිහේ දශකය වන විට දෙමළ ජාතිවාදී ව්‍යාපාරයේ ගුණාත්මක වෙනසක් සිදු වුණා. රටේ ඉතිහාසයට පිටුපෑමත්, සිංහලයන් බහුතරය ලෙස නොපිළිගැනීමත්, තම වරප‍්‍රසාද හා මධ්‍යයෙහි බලය ආරක්ෂා කරගැනීමට තිබූ වුවමනාවත් විසින් ඔවුන් එතෙක් මෙහෙයවුණේ මධ්‍යයෙහි එනම් ව්‍යවස්ථාදායක සභාවෙහි සිංහලයන් බහුතරය වීම වැළැක්වීමටයි. එය බලය පිළිබඳ ප‍්‍රශ්නයක්. ඔවුන්ට අවශ්‍ය වූයේ බලය බෙදා හදා ගැනීමක් නොව සිංහලයන් ගේ බලය හීන කෙරීමත් තම ජන අනුපාතයට කිසිසේත් ම නොසරිලන ආකාරයකින් බලය තමන් අතට ගැනීමත් ය. පනහට පනහ සටන් පාඨය එය සංකේතවත් කළා. 
 
හතලිහේ දශකයේ දී ඉහත කී ව්‍යාපාරය සාක්ෂාත් කර ගත නොහැකි දෙයක් බව දෙමළ ජාතිවාදයට තේරුණා. ඉන්දීය බෙදුම්වාදී ව්‍යාපාරයේ ආභාසයත් සමග මෙරට දෙමළ ජාතිවාදය ද බෙදුම්වාදී ව්‍යාපාරයක් ආරම්භ කළා. ඔවුන් ගේ අවධානය මධ්‍යයෙන් ප‍්‍රාන්තයට ගියා. උතුරු හා නැගෙනහිර පළාත්වල රාජ්‍යයක් පිහිටුවාගෙන එහි බලයට ඒමට දෙමළ ජාතිවාදය තීරණය කළා. සුන්දරලිංගම් මහතා හතලිහේ දශකයේ දී ඊළමක් ගැන කතා කළා. චෙල්වනායගම් මහතා 1947 දී දකුණු ඉන්දියාව සමග දෙමළ රාජ්‍යය එක් වීම ගැන කතා කළා. 1949 දී සිදු වූයේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරයේ ඇති වූ මෙම ගුණාත්මක වෙනස සංකේතාත්මක ව ප‍්‍රකාශ වීමයි. ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය දෙමළ ජාතිවාදයේ නව ප‍්‍රවණතාවයේ ප‍්‍රකාශකයා ලෙස මතු වුණා.
 
 
මතු සම්බන්ධයි
 
නලින් ද සිල්වා
 
2016 මාර්තු 15

4 Responses to “ප්‍රභාකරන්ගේ සීයලා 4”

  1. Christie Says:

    සුද්දන්ගේ හෙවත් බිරිතානින්ගේ කරපිටින් ආ ඉන්දියානු පරපෝසිතයන් ආපසු ගියේ නැත. අපේ රටේද නිවර්තන කලාපිය අනිත් බිරිතානි යටත් විජිතයන්වල මෙන් සුද්දෝ සිටියේ කීප දෙනෙකි. ලක්ෂ ගනන් සිටියේ ඉන්දියාන්යු පරපෝසිතයන්ය.

    මෙම ඉතිහාස කරුන වටගන්නාතුරු අපිට ගැලවීමක් නැත.

  2. Senevirath Says:

    අපේ රටේ සුද්දන් හිටියේ ටික බව ඇත්ත උන්ට අපේ රටට වඩා කාමභෝගී ජීවිත ගෙවිය හැකි රටක් තිබුන නිසා ඉන්දියන් වහල්ලු මෙහි යොදවා ධනය පමණක් සුරාගෙන ගියා දුප්පත් වහලුන්ට ඉන්දියාවට වඩා සිංහල රට සුරපුරක් නිසා මෙහිම රැදෙන්නට උත්සාහ ගත්තා නිදහස ලබුවායය් කියන 1948 දීය් මේ වහල්ලු පැන්නිය යුතුව තිබුනේ. මාක්ස් වාදියෝය් එජා පෙ උනුය් තමන්ගේ වාසි යට උන් රඳවා ගත්තා.මේවා සිංහලයෝ නොදන්නා කරුණු නොවෙය් මුන්ටය් මඩු වල්ගෙන් තලන්න ඕනේ.

  3. Christie Says:

    Senevi: Indian colonial parasites are not slaves. They the Sepoy’s (foot soldiers’ assistants), Peons (administrators and Coolies( laborers) were equal partners with absentee land lords the British.

    Portraying these colonial parasites as slaves or under privileged is part of the brain washing by Indian imperialists.

  4. Senevirath Says:

    ක්‍රිස්ටි , වහල්ලු යය කතාවට මම කිව්වේ ඒ අදහසින්මවචනයේ පරිසම්ප්ත අර්ථයෙන්ම නොවෙය් උන් සුද්දන්ගේ කූලි වඩාත් කරපු උන් කියන්නය් උන්ට අනුකම්පා කල හැකි වුනත් උන් මෙරටින් නොයපු උන්ට නම් සුගතියක් වෙන්න එපා . මනුස්ස කමට අපි ගරු කරමු නමුත් අපට වෙන රටක් නැහැනේ . අපේ ලොකුම හතුරා ඉන්දියාව බව මමත් අදහනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress