අප්පුහාමිලාගේ දුක
Posted on March 17th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

පහත ලිපිය උපුටා ගත්තේ දිවයින පුවත්පතෙනි. මෙම ලිපියේ අන්තර්ගතය මුසාවක් කියා මම නොසිතමි. මෙවැනි විපරීත ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල වසර 16 තුල මම සහ සුද්දෙන් දුටුවෙමි. අපගේ සමහර බොස්ලාද මෙසේ අසරණ දුප්පතුන් නොතකා චැනල් චිට් රෝගීන්ට ප්‍රමුඛතාව දුන් අයුරු මම දුටුවෙමි. ඒ කාලයේ අපට මෙවැනි අසාධාරනකම් වලට එදිරිව කථා කිරීමට ගටක් නොවූ බව අවංකව කියමි. එසේ කථා කලේ නම් බොස්ලා අපගේ රෝහල් ජීවිතයේ සිට පශ්චාත් උපාධි අධ්‍යාපනය දක්වා දේවල්  කඩාකප්පල් කර දැමීමට ඉඩ තිබුණි. නමුත් මෙවැනි දේ සිදුවීම මනුශ්‍යත්වයටද නිගාවකි.

appuhamila

පුද්ගලික චැනල් සේවය ලංකාවට අවශ්‍යය​. නමුත් මෙවැනි ඉතා   අසරණ දුගී රෝගීන්  චැනල් සේවය හරහා නොපැමිනීම නිසා පොදු වදනින් කියනවා නම් චාටර් කිරීම අපායගාමී ක්‍රියාවකි. මේ දුගීන් චැනල් කිරීම සඳහා මුදල් සොයා ගන්නේ ගෙදර තිබෙන බිත්තර වී ටික විකිනීමෙනි. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය මෙන්ම වෛද්‍ය සභාව විසින් අවධානයට යොමු කල යුතු දෙයකි.

වෛද් රුවන් එම් ජයතුංග 

අනුරාධපුරයේදී ලෙඩක්හැදෙනවාට වඩා හොඳයි හැදුණු ගමන් මැරිල යන එක  (එප්පාවලරත්න බී. ඒකනායක දිවයින පුවත්පත)

අප්පුහාමි පදවියේ සිට පාන්දර තුනහමාරේ බස්‌ එකෙන් අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ආවේය

ඔහුට ලැබුණු අංකය රතු අංක 6 ය

ලොකු දොස්‌තර මහත්තයා පැමිණියේය. ඔහුගේ චැනල් රෝගීන් ටික බලා යන්නට ගියේය

දෙවැනි දොස්‌තර මහත්තයා පැමිණියේය ඔහුගේ චැනල් රෝගීන් ටික ඔහු බැලුවේය.

අප්පුහාමිට චැනල් කළ වෛද්‍යවරයෙක්‌ නොවූ නිසා,පාන්දර 5.30 සිට සවස 2.00 වනතුරු බංකුවේ එකම තැන වාඩිවී සිටින්නට වූවේය

අනුරාධපුරයේදී ලෙඩක්‌ හැදෙනවාට වඩා හොඳයි. ලෙඩේ හැදුන ගමන් එක පාරටම මැරෙන එක අනුරාධපුරයේ ලෙඩ්ඩු මහ කරුමක්‌කාරායෝ.”

අනුරාධපුර ශික්‌ෂණ රෝහල ආශ්‍රිත චිකිත්සාගාරයක උදය හයට බංකුවේ වාඩිවී සිටි අප්පුහාමි සවස දෙක වනතුරුම එතැන නොසෙල්වී සිට බැරිම තැන නැඟිටගෙන ඉහත කතාව කියාගෙන කියාගෙන ගියේය.

දිනය – 2016.02.29 වැනිදා

ස්‌ථානය – අනුරාධපුර ශික්‌ෂණ රෝහල ආශ්‍රිත චිකිත්සාගාරයක්‌

“මම ආවෙ පදවියේ ඉඳල පාන්දර තුනහමාරෙ බස්‌ එකේ. අනුරාධපුරයට එද්දි පහමාරයි. තේ එකකට වත්a මග නොරැඳී චිකිත්සාගාර පෝළිමට දුවගෙන දුවගෙන ගියා. අප්පුහාමි රතු නොම්මර දෙක බංකුවේ වාඩිවිය. ටික වෙලාවක්‌ යනවිට අතපය හොලවන්නටවත් බැරි තරමට කිටි කිටියේ හිරවන්නට විය.

අප්පුහාමි තේ එකක්‌වත් නැතිව පාන්දර දුවගෙන ගියේ මුලින් නොම්මරයක්‌ ගන්නටය.

පෙරවරු 08.30- ට පමණ එතැනට පැමිණි හෙදියක්‌ රතු අංක බෙදන්නට විය. අප්පුහාමිට අංක 06 ලැබිණි. “යාංතං ඇති. කලින් බෙහෙත් ටික අරං අදම ගෙදර යන්න පුළුවනි. අප්පුහාමිට සිතුණි. අප්පුහාමි හිsටි තැනම ඉඳගෙන සිටියේය.

උදය අට නමය විය. නමය දහය විය. දහය එකොළහ විය. රතු නොම්බර බලන්නේ ලොකු මහත්තයා. සීයා ඔහොම ඉන්න. වරින් වර හෙදිය කියන්නට විය.

ඒ අතර ලොකු මහත්තයෙක්‌ ආවේය. ලොකු මහත්තයාගේ කාමරයේ වැඩ කළ හෙදිය වරින් වර නම් කියවන්නට විය. එසේ කියවූ නම් ඇති අය ලබාගෙන තිබුණේ නොම්මර 10- 15- 20 – 25 – 30 ආදී වශයෙන් පසු අංකයන්ය. ඒ අය දවල් වී පැමිණි රෝගීන්ය. උදය පැමිණි අප්පුහාමිගේ නම කියවුණේ නැත. මේ අන්දමට අංක 18 ක්‌ම රෝගීන් කැඳවා අවසානයේ ලොකු මහත්තයා යන්නට ගියේය.

අපි ආවෙ උදෙන්මනෙ. ඇයි මේ අපි කැඳවන්නෙ නැතිව පස්‌සෙ ආපු අය කැඳෙව්වෙ. අප්පුහාමි හෙදියකගෙන් විමසීය. එහෙම කැඳෙව්වෙ ලොකු මහත්තයා චැනල් කරපු ලෙඩ්ඩු. දැන් දෙවැනි මහත්තයා සීයාව කැඳවයි. හෙදිය විස්‌තර කළාය.

දෙවැනි මහත්තයාද පෙර පරිද්දෙන්ම යම් යම් නොම්මර කතා කළ නමුත් ඒ අතරද අප්පුහාමිගේ නොම්මරය කියවුණේ නැත.

ඇයි දෙයියනේ… මගේ නොම්බරය හය. මට කතා කරන්නෙ නැද්ද? අප්පුහාමි නැවතත් හෙදියගෙන් විමසීය.

ඉන්න. ඉන්න දෙවැනි මහත්තයගෙ චැනල් ලෙඩ්ඩුත් ඉවර වුණාම කථා කරයි. හෙදිය කීවාය. වෙලාව පස්‌වරු දෙක වී තිබිණි. උදය හයට ඉඳගත්ත ගමන් සවස දෙක වනතුරු පැය අටක්‌ උන්තැනම සිටි අප්පුහාමිගේ අතපය හිරිවැටී තිබුණි. උදය සිට නිරාහාරව සිටි නිසා ක්‌ලාන්ත ගතියද ඇතිවිය. හොඳටෝම, බඩගින්න පිපාසය. උගුර කට වේළීම අප්පුහාමි උන්තැනින් නැඟිට්‌ටේය.

වැඩිහිටියන්ට මුල්තැන දෙනවලු. මෙහෙම තමයි දෙන්නෙ. මගේ දැන් වයස 83 යි. තවත් හිටියොත් යන්න බස්‌ නැතිව පාරෙ බුදියන්නයි වෙන්නෙ. අනුරාධපුරයෙදි ලෙඩක්‌ හැදෙනවට වඩා හොඳයි හැදුන ගමන්ම මැරිල යන එක. අප්පුහාමි ගොත ගසමින් කියාගෙන නොම්මරය විසිකර දමා යන්නට ගියේය.

3 Responses to “අප්පුහාමිලාගේ දුක”

  1. Dham Says:

    Fran should read this. I have never seen him commenting on “අප්පුහාමිලාගේ දුක”. He is only worried about .”—— දුක”.
    Must be because of Ponil Poltpot, CBK, MARU SIRA.

    මගේ පියා මතක් වේ. යුද්ධය තිබුනා නම් ඉකමණට මැරිලාවත් යන්න තිබුණා යයි අප්පුහාමිට හිතෙන්න ඇති.
    නිදුක් වෙත්වා.

  2. aloy Says:

    Something is wrong here. Look at the scene in the picture. No many patients. Even the numbers issued only up to 16 according to this story. GOSL has provided a reasonably good hospital and the people do not use it to the full. Why?. Perhaps they are directed for channel practice by the GMOA sharks. We need not one Malabe but more than ten.

    No wonder hospitals like Nawaloka, Durdans, Lanka Hospitals and Asiri are full to the brim but the service is fast again thanks to the sharks. Perhaps GOSL has realized this to invite the Indians. The Government should give the GMOA a deadline: unless they improve the services within a certain period of time Indian doctors will be recruited for government hospitals on terms similar to those in India.

  3. aloy Says:

    correction: “….Lanka Hospital,Asiri etc. full to the capacity;”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress