ප්‍රභාකරන්ගේ බාප්පලා 1
Posted on March 17th, 2016

නලින් ද සිල්වා 

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.
 
මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 

 
x 1931 න් පසු ව දෙමළ ජනයාට විරුද්ධ ව සිංහල බහුතරය විසින් අසාධාරණකම් සිදු කෙළේ ද ?
 
ඔබ මොන අසාධාරණයක් ගැන අසනවා දැයි දන්නේ නැහැ. 1936 පත් වූ පූර්ණ සිංහල අමාත්‍ය මණ්ඩලයට හේතු වූ දෑ මා කලින් සඳහන් කර ඇති. මේ වතාවේ දී දෙමළ ජාතිවාදය ඉතා මත් සාහසික අන්දමට සිංහලයන්ට විරුද්ධ ව සාමාන්‍ය දෙමළ ජනතාව ගේ හැඟීම් ඇවිස්සීමට නම් ක‍්‍රියා කළා. නාවලපිටිය ආදී පළාත්වල සිංහල විරෝධී රැුස්වීම් පවත්වා තිබෙනවා. 
 
x ඔබ පවසන්නේ 1931 න් පසු දෙමළ නායකයන් සිංහල විරෝධී උද්ඝෝෂණික ක‍්‍රියා සිදු කළ බව ද? මේ කාලය තුළ සිංහලයන්ට වාසි සලසන අණපනත් සම්මත කර ගත්තේ නැද්ද ? 
 
සිංහලයන්ට වාසි සලසන අණපනත් සම්මත වීමක් සිදු වූයේ නැහැ. ඇත්ත වශයෙන් ම සිදු වූයේ ඉතිහාසය පිළිගෙන ඇතැම් පනත් ඉදිරිපත් කෙරීමයි. මේ පනත්වලින් සිංහල බෞද්ධයන්ට විශේෂයක් කෙරෙන බවත් අනෙක් ජන කොටස්වලට අසාධාරණයක් වන බවත් දක්වමින් දෙමළ නායකයන් ඒ පනත්වලට විරුද්ධ වුණා. 
 
උදාහරණයක් ලෙස 1942 ඉදිරිපත් කරන ලද අනුරාධපුර සංරක්ෂණ පනත ගනිමු. මෙම පනතෙහි අරමුණ වූයේ අනුරාධපුර ශුද්ධ භූමිය හෙළි පෙහෙළි කර සංරක්ෂණ කෙරීමයි. එහි ඇති වරද කුමක් ද ? අවුරුදු දහසකට වඩා අගනුවර ව පැවතියා වූ ද ශ‍්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය පිහිටියා වූ ද ප‍්‍රදේශය පැරණි ශ‍්‍රී විභූතිය විදහා දක්වන අයුරින් සංරක්ෂණය කෙරීම වෙනත් ජන වර්ගයකට කරන අසාධාරණයක් වන්නේ කෙසේ ද ? එහෙත් දෙමළ නායකයන් එම පනතට විරුද්ධ වූයේ අනුරාධපුර සංරක්ෂණයෙන් ඓතිහාසික නගරයෙහි වාසය කළ දෙමළ හා මුස්ලිම් ජනයාට අසාධාරණයක් වන්නේ ය යන පදනමිනුයි. 1931 දී ඉදිරිපත් කරන ලද බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ පනත සිංහල බෞද්ධයන්ට විශේෂයක් කරන්නක් ලෙස සලකා දෙමළ නායකයන් ඊට විරුද්ධ වුණා. 
 
සුළු ජාතීන්ට අසාධාරණයක් වන්නේ යයි කියමින් අණපනත් වලට විරුද්ධ වීම කෙතරම් දුර දිග ගියේ ද කිවහොත් 1942 අංක 47 දරන බස් සේවා බලපත‍්‍ර පනතට හා 1940 අංක 24 දරන ධීවර පනතට විරුද්ධ වූයේ යුරෝපීයන්ට හා ඉන්දීය සුළු ජාතිකයන්ට ඉන් අසාධාරණයක් වන්නේ ය යන පදනමිනුයි. 
 
කෙටියෙන් කිවහොත් ඉතිහාසය පිළිගනිමින් රටේ සංස්කෘතියට එකඟ ව අණපනත් ඉදිරිපත් කෙරීම සිංහලයන්ට පක්ෂ ව සුළු ජාතීන්ට විරුද්ධ ව කෙරෙන දෑ ලෙස පෙන්වනවා. අද තිබෙන්නෙත් ඒ තත්ත්වය මයි. වෙනසකට ඇත්තේ 1960 පමණ සිට ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීම යටතේ සිංහල බෞද්ධයන් යැයි කියා ගන්නවුන් ගෙන් ඇතැම් පිරිසක් ද ඉතිහාසයට පිටුපා ක‍්‍රියා කෙරීමයි. 
 
x 1949 දී දෙමළ රාජ්‍ය පක්ෂය බිහි වීමත් සමග දෙමළ ජාතිවාදය දෙවැනි යුගයකට පිවිසුණු බව කීවා. මා කලින් ද ඇසූ ප‍්‍රශ්නයට ඔබ තවමත් පිළිතුරක් දුන්නේ නැහැ. මෙම දෙවැනි යුගය ඇරඹීමට වතු කම්කරුවන් ගේ ඡුන්ද බලය අහිමි කෙරීම හේතු වූයේ නැද්ද ? 
 
මා නැවතත් කියනවා 1949 දී සිදු වුයේ පසුගිය සිය වසරේ සිට සිදු වෙමින් පැවති ක‍්‍රියාදාමයක් අලූත් යුගයකට පිවිස ඇති වූ කුළුගැන්වීමක් මිස වෙනත් දෙයක් නොවන බව, මෙම ක‍්‍රියාදාමය හතළිහේ දශකයේ අලූත් මාවතකට පිවිසියා. වෙන ම රාජ්‍යයක් සඳහා සටන පටන් ගත්තේ මෙම දශකයේ දී ය. චෙල්වනායගම් මහතා 1947 දී කළ ප‍්‍රකාශයත් සුන්දරලිංගම් මහතා ඊළාම් සංකල්පය හඳුන්වා දීමත් ගැන මා කලින් සඳහන් කළා. 
 
x එහෙත් ඡුන්ද බලය අහිමි කෙරීම ප‍්‍රධාන සාධකයක් වූයේ නැද්ද ?
 
නැහැ. චෙල්වනායගම් මහතා පොන්නම්බලම් මහතා ගේ දෙමළ කොන්ග‍්‍රසයෙන් කැඞීමට එය ආසන්න හේතුවක් කර ගත්තා පමණි. මේ ප‍්‍රශ්නයේ ආරම්භය තරමක් ඈතට දිව යනවා. 
 
1931 දී සර්වජන ඡුන්දය ලැබුණු අවස්ථාවේ දී මෙරට පුරවැසියන් යනු කවුරුන් දැයි නිශ්චිතව සඳහන් වූයේ නැහැ. එවකට බි‍්‍රතාන්‍යයේ යටත් වැසියන් ව සිටි අයට යම් යම් කොන්දේසිවලට යටත් ව ලංකාවේ ඡුන්ද බලය හිමි වුණා. රටේ පුරවැසි භාවය පිළිබඳ ප‍්‍රශ්නය එහි දී මතු වූයේ නැහැ.
 
19 වැනි සියවසේ අගභාගයේ දී ව්‍යවස්ථාදායක සභා මැතිවරණවල දී ඡුන්ද බලය හිමි වූයේ යුරෝපීයයන්ට පමණයි. 1910 දී උගත් ලාංකිකයන්ට ඡුන්ද බලය හිමි වුණා. එහි දී ලාංකිකයන් යනු කවුරුන් දැයි නිර්වචනය වූයේ නැහැ. එහෙත් ලාංකිකයන් යන ගොඩට යුරෝපීයන් හා ඉන්දියානුවන් අයත් වූයේ නැහැ. 1931 දීත් ලාංකික කියන වචනය නිර්වචනය වූයේ නැහැ. 1931 දී ඡුන්ද බලය කොටස් තුනකට හිමිවුණා යැයි කිව හැකියි. සාමාන්‍යයෙන් සම්මත ආකාරයට ලාංකික යැයි කියවුණු පිරිසට ඡුන්ද බලය ලැබුණේ පරම්පරාව පදිංචි වී සිටි බැවිනුයි. ඉන්දීය සම්භවයක් ඇති ළඟක දී පැමිණි බි‍්‍රතාන්‍ය යටත් වැසියන්ට ඡුන්ද බලය ලැබුණේ ස්ථීර පදිංචි සහතිකය තිබුණි නම් පමණි. බි‍්‍රතාන්‍ය යටත් වැසියන් ගෙන් යුරෝපීය වූ වර්ගයට ඡුන්ද බලය ලැබුණේ එක්තරා උගත්කමක් හා දේපළ ඇති ව සිටියේ නම් ය. 
 
1931 දී පුරවැසියන් පිළිබඳ ප‍්‍රශ්නය මග හරිනු ලැබූව ද ඉන්දීය සම්භවයක් ඇති පිරිස ගේ දේශපාලන අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය පැන නැගුණා. ඩොනමෝර් කොමිසමේ අදහස වූයේ ඡුන්ද බලය සඳහා අවුරුදු 5 ක් ලංකාවේ පදිංචිය අවශ්‍ය බවයි. ව්‍යවස්ථාදායක සභාවේ මතය වූයේ පදිංචිය තහවුරු කෙරීම සඳහා ඔවුන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි. 
 
1946 දී සෝල්බරි ව්‍යවස්ථාව සකස් කෙරීමේ දීත් පුරවැසි ප‍්‍රශ්නය විසඳා තිබුණේ නැහැ. 1948 දී ඩොමිනියන් තත්ත්වය ලැබෙන විට මේ ප‍්‍රශ්නයට අත තැබීමට ලංකාණ්ඩුව අවස්ථාවක් කර ගත්තා. 1948 පුරවැසි පනත අනුව පරම්පරාවෙන් හා ලියාපදිංචි වීමෙන් පුරවැසි බව හිමි වුණා. දෙමව්පියන් ගේ හා සීයලා ආච්චිලා ගේ පදිංචි වීම අනුව පරම්පරාවෙන් පුරවැසිකම ලැබුණා. ලියාපදිංචියෙන් පුරවැසිකම ලැබුණේ යම් යම් කොන්දේසි සපුරාලූවොත් පමණයි. මෙම කොන්දේසි 1949 ඉන්දීය හා පකිස්ථානු (පුරවැසි* පනත අනුව ඉන්දීය හා පකිස්ථානු සම්භවයක් ඇති පිරිස් සම්බන්ධයෙන් තවත් ළිහිල් වුණා. 1949 පනතට ජී. ජී. පොන්නම්බලම් මහතා එ. ජා. ප. ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙසත් ඒ මහතා ගේ නායකත්වයෙන් තිබූ දෙමළ කොන්ග‍්‍රසය ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙසත් පක්ෂ වුණා. ඉන් පසු ද ඒ මහතා කැබිනට් මණ්ඩලයේ කටයුතු කළා. 1948 පුරවැසි පනත හා 1949 ඉන්දීය හා පකිස්ථානු (පුරවැසි* පනත සම්මත වීමෙන් පසු 1949 අංක 48 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් පුරවැසියන්ට පමණක් ඡුන්ද බලය හිමිකර දුන්නා. චෙල්වනායගම් මහතා ඇතුළු පිරිස විරුද්ධත්වය පළ කර දෙමළ කොන්ග‍්‍රසයෙන් අස් වූයේ ඒ අවස්ථාවේ දී ය. 
 
චෙල්වනායගම් මහතා මේ ප‍්‍රශ්නය උඩ අස් වූයේ නම් ඔහු එසේ කළ යුතු ව තිබුණේ 1948 දී යි. එහෙත් 1949 දී තමිල් අරසු කච්චිය පිහිටුවූයේ තමිල්නාඩු ව්‍යාපාරයේ අභාසයෙන් ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලාහම් ව්‍යාපාරය පිහිටුවීමත් සමගයි. 
 
1949 මැතිවරණ පනත හේතු කොටගෙන ඉන්දීය හා පකිස්ථානු සම්භවයක් ඇති යම් පිරිසකට ඡුන්ද බලය අහිමි වූයේ තාවකාලික වයි. එයට හේතුව යම් යම් කොන්දේසි සපුරාලීමෙන් පසු ඔවුන්ට ද ඡුන්ද බලය කල් ගත වී හෝ හිමි වීම නිසා ය. මේ පනතත් සමග ලංකාවේ එවකට පදිංචි ව සිටි සියලූ ම යුරෝපීයයන්ට ඡුන්ද බලය සදාකාලික ව ම අහිමි වූ බවත් අප අමතක නොකළ යුතුයි. 
 
x කෙසේ හෝ 1948 පුරවැසි පනත, 1949 ඉන්දියානු හා පකිස්ථානු (පුරවැසි* පනත, 1949 පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් සිදු වූයේ මෙරට ආර්ථිකයෙහි වැදගත් කාර්ය ගණනාවක් ඉටු කළ වතු කම්කරුවන් ගේ පුරවැසි බවත්, ඡුන්ද බලයත් අහිමි කෙරීමයි. එය ප‍්‍රජාතන්ත‍්‍රීය නොවන ක‍්‍රියාවක් හා අමානුෂික ක‍්‍රියාවක් නොවන්නේ ද? ඔවුන් මෙරටට ගෙන්වූයේ මෙරට ධනපතියන් ගේ වුවමනාවට නොවේ ද ? 
 
අධිරාජ්‍යවාදීන් ගෙන් රටක් නිදහස ලබන විට එම රටේ පුරවැසියන් කවුද යනු තීරණය කෙරීම එම රටේ අයිතියක්. අධිරාජ්‍යවාදීන් ගේ සමයේ මෙරටට වතු කම්කරුවන් ගෙන්වූයේ බිරිතානින් ගේ මෙන් ම මෙරට ධනපති ව්‍යාපාරිකයන් ගේ වුවමනාවට බව ඇත්තයි. එහෙත් මොවුන් නිදහස ලබන විටත් ලංකාවේ නිත්‍ය පදිංචිකරුවන් වුණේ නැහැ. එක්දහස් නවසිය තිස් ගණන්වලත් ඔවුන් මෙරට සිටියේ සංක‍්‍රමණික තාවකාලික පදිංචිකරුවන් ලෙසයි. සෑම වසරක ම යම් පිරිසක් මෙරටට පැමිණි අතර තවත් පිරිසක් ආපසු ඉන්දියාවට ගියා. සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරෙන්නේ 1921 – 1951 අතර කාලය තුළ දකුණු ඉන්දියාවෙන් 19,96,026 දෙනෙකු පැමිණ ඇති අතර 17,85,135 දෙනෙකු ආපසු දකුණු ඉන්දියාවට ගොස් ඇති බවයි. ආපසු ගිය පිරිස අතර නිත්‍ය පදිංචිකරුවන් ලෙස බිරිතානීන් විසින් සලකනු ලැබූ අය ද සිටියා. 
 
මේ පිරිස ලංකාවට පැමිණියේ යම් කොන්දේසි යටතේ. රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේ දී ඡුන්ද බලය හිමි කර ගත්තේ ඔවුන් බිරිතානි යටත් වැසියන් වූ නිසයි. බිරිතානි අධිරාජ්‍යය තුළ විසු සියලූ දෙනා ම බිරිතානි යටත් වැසියන් වූයෙන් ඔවුන්ව අධිරාජ්‍යයේ එක් රටක සිට තවත් රටකට ගෙන යා හැකි වුණා. බිරිතානින්ට මොවුන් කුමන රටක පුරවැසියන් ද යන්න ප‍්‍රශ්නයක් වුණේ නැහැ. 
 
නිදහස ලැබීමත් සමග මොවුන් පිළිබඳ තීරණයක් ගත යුතු ව තිබුණා. ඒ සම්බන්ධයෙන් ගත හැකි ව තිබූ විසªම් වූයේ ඔවුන් ඉන්දියාවට යවනවා ද, ලංකාවේ පුරවැසියන් බවට පත් කරනවා ද, එසේ නැත්නම් බිරිතානියට යවනවා ද, යන්නයි. 1948 දී පිහිටවනු ලැබූ ආණ්ඩුව ඔවුන් බිරිතානියට යැවීමට කල්පනා කෙළේ නැහැ. අවශ්‍ය නම් ඔවුන් බිරිතානියට ආපසු ගෙන යන ලෙස අධිරාජ්‍යවාදීන් ගෙන් ඉල්ලීමට තිබුණා. එහෙත් එවකට තිබූ ආණ්ඩුව එසේ කෙළේ නැහැ. 
 
අධිරාජ්‍යවාදී සමය තුළ ඇතැම් අප‍්‍රිකානු රටවලට ගොස් සිටි ඉන්දියානුවන් ඒ රටවල සම්මත කරගත් නීතිරීති හේතු කොටගෙන බිරිතානියට ගෙන්වාගැනීමට බිරිතානි ආණ්ඩුවට සිදු වූවා. එම රටවලට ඉන්දියානුවන් ගියේ බොහෝ විට ස්වෙච්ඡුාවෙන්. ලංකාවට ඉන්දියානු වතු කම්කරුවන් ගෙන්වූයේ අධිරාජ්‍යවාදීන් විසින් මයි. එබැවින් ඔවුන් පිළිබඳ වගකීම අප‍්‍රිකානු රටවල දීටත් වඩා ලංකාවේ දී බිරිතානින්ට පැවරුණා. එහෙත් ලංකාණ්ඩුව 1948 දී ඔවුන් බිරිතානියට ගෙන යන ලෙස අධිරාජ්‍යවාදීන් ගෙන් ඉල්ලූවේ නැහැ. එසේ නොඉල්ලූවේ මෙරට පාලකයන් අධිරාජ්‍යවාදීන් ගේ සුවච කීකරු සේවකයන් වීම නිසා වෙන්න පුලූවන්. කෙසේ වෙතත් එලෙස නොඉල්ලීම අමානුෂික ගුණයක් වන්නේ නැහැ. 
 
මෙම වතුකම්කරුවන් සම්බන්ධයෙන් ගත හැකි අනෙක් පියවර වූයේ ඔවුන් ඉන්දියාවට යැවීමයි. මේ ප‍්‍රශ්නය පිළිබඳ ඉන්දියාව සමග විවිධ සාකච්ඡුා හා ගිවිසුම් ඇති වී තිබෙනවා. එම සාකච්ඡුා හා විසඳුම් වල ප‍්‍රතිඵල ලෙස වතුකම්කරුවන් ගෙන් විශාල පිරිසක් ආපසු ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඉන්දීය ආණ්ඩුව එකඟ වූවා. ඉන් පැහැදිලි වන්නේ ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන් ඉන්දියාවේ පුරවැසියන් ලෙස පිළිගැනීමට ඉන්දියාව එකඟ වූ බවයි. 
 
මේ ප‍්‍රශ්නය පහසුවෙන් ම විසඳා ගැනීමට තිබුණේ 1947 – 1948 වකවානුවේ මයි. එකල ඉන්දියාවත් සමග සාකච්ඡුා කෙළේ නම් විශාල පිරිසක් ඉන්දියාවට යැවීමට තිබුණා. කෙසේ වෙතත් 1950 ජනවාරියේ දී නේරු – කොතලාවල ගිවිසුම යටතේ මේ පිළිබඳ යම් එකඟත්වයකට පැමිණියා. 
 
x එහෙත් මේ වතු කම්කරුවන් මෙරට ආර්ථිකය නගා සිටුවීමට දායක වුණේ නැද්ද ? ඒ නිසා ඔවුන්ට පුරවැසිකමත් ඡුන්ද බලයත් දිය යුතු නොවේ ද ? 
 
යම් පිරිසක් රටක ආර්ථිකය ගොඩ නැගීමට දායක වූ පමණින් ඒ පිරිසට පුරවැසිකම ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මැද පෙරදිග රැුකියාවලට ලංකාව ඇතුළු ආසියාතික රටවලින් යන අය ඒ රටවල ආර්ථිකය නගාසිටුවීම සඳහා විශාල කාර්යයක් කරනවා. එහෙත් ඒ නිසා ම ඔවුන්ට මැද පෙරදිග රටවල පුරවැසිකම් ලැබෙන්නේ නැහැ. 
 
x කෙසේ වෙතත් මේ පිරිස 1931, 1936, 1947 මැතිවරණවල දී ඡුන්දය දී තිබුණා නේද ? එබැවින් ඔවුන් ගේ ඡුන්ද බලය අහෝසි කිරීම අසාධාරණ නැද්ද ? 
 
මෑතක් වන තුරු ම බිරිතානිය,  ඕසටේ‍්‍රලියාව ආදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට ලංකාව, ඉන්දියාව වගේ රටවලින් ගිය අයට ඡුන්ද බලය තිබුණා. ඒ ඔවුන් සියල්ල ම බිරිතානි යටත් වැසියන් වූ නිසා. දැන් එලෙස ඡුන්ද බලය ලැබෙන්නේ නැහැ. දැන් ඡුන්ද බලය ලැබීමට පළමු ව පුරවැසියකු විය යුතුයි. ඒ ඒ රටවල් ඒ ඒ කාලවල දී එසේ ඡුන්ද බලය හිමි අය පිළිබඳ විවිධ තීරණ ගෙන තිබෙනවා. 1931, 1936 හා 1947 දී වතු කම්කරුවන්ට ඡුන්ද බලය ලැබුණේ ඔවුන් ද අනෙක් අය සමගින් බිරිතානි යටත් වැසියන් වීම නිසා. 1948 න් පසු මේ තත්ත්වය වෙනස් වුණා. 
 
x නේරු – කොතලාවල ගිවිසුමෙන් සිදු වූයේ කුමක් ද ? 
 
ඒ ගිවිසුම ඇති වූයේ මේ වතු කම්කරුවන් පිළිබඳ වයි. එහි දී තීරණය වූයේ 1966 වන තුරු ඔවුන් වෙන ම ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි කරවීමටත් ඔවුන් ගෙන් මන්ත‍්‍රීවරු පිරිසක් තෝරා ගැනීමටත් ය. පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් අනුව මේ මන්ත‍්‍රීවරු සංඛ්‍යාව 4 ලෙස තීරණය කෙරුණා. ඒ ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි නොවන අය ඉන්දියාවේ පුරවැසියන් ලෙස බාර ගැනීමට ඉන්දියාව එකඟ වුණා. එමෙන් ම ඡුන්ද ලැයිස්තුවල ලියාපදිංචි වූ අය පවා, ඔවුන්ට ඉන්දියාවට යෑමට අවශ්‍ය වුණි නම්, ඉන්දියාව තම පුරවැසියන් ලෙස ලියාපදිංචි කරවීමට එකඟ වූවා. මෙම ගිවිසුමේ වැදගත් ම මූලධර්මය වූයේ 1954 දී පවා ඒ වතු කම්කරුවන් සියලූ දෙනා ම වුවත් ඉන්දීය පුරවැසියන් ලෙස බාරගැනීමට ඉන්දියාව එකඟ වීමයි. වතු කම්කරුවන් සියලූ දෙනාට ම ඉන්දියාවට යෑමට අවශ්‍ය වුණි නම් ඔවුන් තම පුරවැසියන් ලෙස බාර ගැනීමට ඉන්දියාව එකඟ වී සිටියා. එයින් තහවුරු වන්නේ 1948 දී ඔවුන්ට ලංකාවේ පුරවැසිභාවය දීමට එකඟ නොවීම අසාධාරණයක් නොවන බවයි. ඇත්තෙන් ම මේ ප‍්‍රශ්නය 1948 දී ම ඉන්දියාව සමග සාකච්ඡුා කළා නම් පහසුවෙන් ම විසඳාගන්න තිබුණා. 1948 දී වතු කම්කරුවන් සියලූ දෙනාට ම වුවත් පුරවැසිකම ලබාදීමට කැමති වූ ඉන්දියාව 1964 සිරිමා – ශාස්ත‍්‍රී ගිවිසුමේ දී සියල්ලන්ට ම පුරවැසිකම් දීමට එකඟ වුණේ නැහැ.
 
x සිරිමා – ශාස්ත‍්‍රී ගිවිසුමෙන් පුරවැසිකම් ප‍්‍රශ්නය විසඳුණේ කෙසේ ද ?
 
නේරු – කොතලාවල ගිවිසුම හරිහැටි ක‍්‍රියාත්මක නොවීම නිසා වතුකම්කරුවන් ගේ ප‍්‍රශ්නය 1964 වන විටත් තිබුණා. 1964 සිරිමා – ශාස්ත‍්‍රී ගිවිසුමට අනුව ඉන්දියාව වතු කම්කරුවන් 6,00,000 කට හා ඔවුන් ගෙන් පැවත එන්නන්ට පුරවැසිකම් දෙන්නටත් ලංකාව ඉතිරි 3,75,000 ට හා ඔවුන් ගෙන් පැවත එන්නන්ටත් පුරවැසිකම් දෙන්නටත් එකඟ වුණා. ඉන්දියාවට යෑම සඳහා ඉල්ලූම් පත් කැඳෙව්වා. එහි දී තොන්ඩමන් මහතා ගේ වතු කම්කරුවන් සංගමය වූ ලංකා කම්කරු කොන්ග‍්‍රසය වතු කම්කරුවන් එසේ ඉන්දියාවට ආපසු යෑමට ඉල්ලූම් කෙරීම වැළැක්වීමට උත්සාහ ගත්තා. එවැනි උත්සාහයකින් පසු වත් 5,06,000 ක් ඉන්දියාවට යෑමට ඉල්ලූම් කළා. එහෙත් 1964 න් පසු ව තොන්ඩමන් මහතා ගේ කොන්ග‍්‍රසයේ බලපෑම හේතු කොට ගෙන ඉන්දියාවට යවා ඇත්තේ 2,65,444 දෙනකු පමණයි.  
 
x ඉතිරි අයට සිදු වූයේ කුමක්ද ?
 
ඔවුන්ට ලංකාවේ පුරවැසිකම ලැබුණා! 1986 දී තොන්ඩමන් මහතා ඉන්දියාවට යෑමට ඉදිරිපත් නොවූ 94,000 දෙනාට හා ඔවුන් ගෙන් පැවත එන්නන්ට ලංකාවේ පුරවැසිකම් ලබාදිය යුතු යැයි යෝජනා කළා. ඒ අතර ඉන්දියාවට යෑමට ඉල්ලූම් කර නොගිය 2,40,556 හා ඔවුන් ගෙන් පැවත එන්නන් ද නිකම් ම පුරවැසිකම ලබා ගත්තා. තොන්ඩමන් මහතා ගේ ගිවිසුම් අනුව දිවුරුම් පෙත්සමක් දුන් පමණින් ලංකාවේ පුරවැසිකම ගැනීමට පුළුවන් වුණා. ඉන් සිදු වූයේ ඉන්දියාවේ පුරවැසිකම ලැබීමට සිටි 3,34,556 දෙනකු හා ඔවුන් ගෙන් පැවත එන්නන් ලංකාවේ පුරවැසිකම ලබා ගැනීමයි. නේරු – කොතලාවල හා සිරිමා – ශාස්ත‍්‍රි ගිවිසුම්වල ප‍්‍රධාන ලක්ෂණය වූයේ වතු කම්කරුවන් ඉන්දීය පුරවැසියන් ලෙස බාර ගැනීමට ඉන්දියාව එකඟ වීමයි. එයින් පැහැදිලි වන්නේ ඔවුන් ඉන්දීය පුරවැසියන් බවට ඉන්දියාවේ සැකයක් නොතිබූ බවයි.  
 
x වතු කම්කරුවන්ට ඡුන්ද බලය අහිමි කෙළේ ඔවුන් වාමාංශික පක්ෂවලට ඡුන්දය දුන් නිසා ද ? 
 
ඔවුන් වාමාංශික පක්ෂවලට ඡුන්දය දුන්නා යැයි කීම වැරදියි. ඔවුන් ගේ වෘත්තීය සමිති නායකයන් අතර වාමාංශිකයන් ද සිටි බව ඇත්තයි. එහෙත් එම වතු කම්කරුවන් වාමාංශිකයන් වූයේ නැහැ. අවශ්‍ය නම් ඔවුන් ගේ ඡුන්දය එ. ජා. පක්ෂයට ලබා ගැනීමට තිබුණා. කළ යුතුව තිබුණේ එ. ජා. පක්ෂයට හිතවත් වෘත්තීය සමිති නායකත්වයක් තබා ගැනීම පමණයි. ජේ. ආර්. ජයවර්ධන මහතා ගාමිණී දිසානායක මහතා ලවා එය කෙරීමට උත්සාහ කළා. එහෙත් ඒ වන විට තොන්ඩමන් මහතා වෘත්තීය සමිතිවල මුළුමනින් ම වාගේ බලධාරියා වී තිබුණා. තොන්ඩමන් මහතා 1947 පාර්ලිමේන්තුවේත් මන්ත‍්‍රීවරයකු ලෙස පත් ව සිටි බව අමතක නොකළ යුතුයි. 
 
x ඔබ කියන්නේ 1949 දී දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් පෙඩරල් පක්ෂය පිහිටුවීමට වතු කම්කරු ප‍්‍රශ්නය බලපෑවේ නැතැයි යන්න ද ?
 
ඔවුන් පක්ෂය පිහිටුවීමේ දී එය ආසන්න හේතුවක් ලෙස දැක්වූ බව ඇත්ත. එහෙත් චෙල්වනායගම් මහතා වැනි අය ජාතිවාදී වූයේ එයට බොහෝ කලින්. 1947 දී ඔහු කළ ප‍්‍රකාශයක් මා කලින් සඳහන් කර ඇති. හැරත් මෙහි දී ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ පුරවැසි පනතයි. එය සම්මත වූයේ 1948 දියි. පුරවැසි නොවන්නන්ට ඡුන්ද බලය ලැබෙන්නේ නැහැ. එබැවින් මේ ප‍්‍රශ්නය උඩ පක්ෂය පිහිටු වී නම් චෙල්වනායගම් මහතා එය කළ යුතුව තිබුණේ 1948 දී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවූයේ උතුරු හා නැගෙනහිර පළාත් ද ඇතුළු වූ කොටසක වෙන ම රාජ්‍යයක් බිහි කෙරීමටයි. 
 
මෙහි දී මොන විදියට තර්ක කළත් දෙමළ රාජ්‍ය පක්ෂයේ අරමුණ වසන් කරන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාට ඇතැයි කියන ප‍්‍රශ්න විසඳීමට නම් උඩරට වතු කම්කරුවන් ගේ ප‍්‍රශ්නයක් එයට ඇඳා ගන්න බැහැ. ඒ වගේ ම වතු කම්කරුවන්ගේ ප‍්‍රශ්නයට විසඳුම හැටියට ඉදිරිපත් කරන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් ඇති කෙරීම නම් එයින් වතු කම්කරුවන් ගේ ඡුන්ද බලය පිළිබඳ ප‍්‍රශ්නය විසඳන්න බැරි බව පැහැදිලියි. 
 
කොහොමටත් අද වන විට සියලූ ම වතු කම්කරුවන්ට හා ඔවුන් ගෙන් පැවත එන්නන්ට පුරවැසිකමත් ඡුන්ද බලයත් ලැබී තිබෙනවා. අවසානයේ දී නේරු – කොතලාවල ගිවිසුම වත් සිරිමා – ශාස්ත‍්‍රී ගිවිසුම වත් ක‍්‍රියාත්මක වුණේ නැහැ. අද වන විට සියලූ ම වතු කම්කරුවන්ට හා ඔවුන් ගෙන් පැවත එන්නන්ට පුරවැසිකම හා ඡුන්ද බලය හිමිව තිබිය දීත් රට බෙදීමේ ව්‍යාපාරය ක‍්‍රියාත්මක වෙනවා. ඉන් පැහැදිලි වන්නේත් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයත් එහි අනුප‍්‍රාප්තිකයා වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණත් වෙනත් අරමුණු ඇති ව පිහිටුවා ගත් පක්ෂ බවයි. 
මතු සම්බන්ධයි.
 
නලින් ද සිල්වා 
 
2016 මාර්තු 18

One Response to “ප්‍රභාකරන්ගේ බාප්පලා 1”

  1. Cerberus Says:

    Prof. Nalin you have summarized the problem very well. Our people still have not realized the threat from India. They use the Dalit Tamils as the lead invasion force of India to take over countries. They are doing it to all the smaller countries around them by using the Dalits to migrate illegally to them and take over. See what happened in Fiji.

    The National problem has been summarized very well in the article which appeared in the Lanka Web. I am giving the link to it here.

    http://www.lankaweb.com/news/items/2015/12/24/it-is-the-sinhalese-who-need-protection-under-the-r2p-of-the-un-from-77-million-tamils-across-the-palk-straits/

    It is the Sinhalese who are under threat of extinction due to the invasions from Tamil Nadu. The entire so called “Tamil Problem” is a hoax which has been perpetrated on the Sinhalese to get more and more benefits from them. Now they have reached a point where the West want to divide and control of the Island. We need to as a people act decisively and quickly to eliminate this threat. We need to do exactly as recommended in this article.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress