නවක වදය
Posted on March 19th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් නවක වධයට භාජනය කරනු ලැබ තිබීම   නිසා විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් විසින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන හා ප්‍රායෝගික පන්ති පරීක්‍ෂණ පැවැත්වීමෙන් වැළකී සිටීම පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක කරනු  ලැබීය​. සෑම වසරකම නවක වධ ක්‍රියාවලිය ගැන අසන්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාවද ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි.  (රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්)

navakawadaya

පහත දැක්වෙන්නේ නවක වදය පිළිබඳ විවිධ ලියුම්කරුවන් විසින් දක්වන ලද අදහස් වේ

ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පිළිබඳව සමහරු අර්ථ කථනය කරන්නේ මුදා නොගත් භුමි ලෙසටය. ලංකාවේ විශ්වවිද්‍යාල අරාජිකය. ලංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක.

පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත. ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය.

මේ හිංසනය ඇති වුයේ අද ඊයේ නොවේ. 1960 ගණන් වලදීද මෙම තත්වය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල වල තිබුණි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදු වූ බව පැරණි සිසුහු පවසති වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

2011 වර්‍ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී අති අමානුෂික ලෙස නවක වධයට බඳුන් වූ ශිෂ්‍යයකු වෙනුවෙන් ගොනු කරන ලද නඩු වාර්තාවක කොටසක මෙසේ දැක්වේ : “මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත් මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක්‌ බව අනාවරණය වෙයි.”

මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් පැමිණි පසු එම සිසුන් වර්ග කිරීම අනුගත කිරීම සහ හඳුනා ගැනීම සිදුකරන බවය. එමෙන්ම විශ්වවිද්‍යාලවල සංස්‌කෘතික කාරණාවලට අදාළව ශිෂ්‍යයෝ හඳුනා නොගෙන විශ්වවිද්‍යාල තුළ පැවැත්මක්‌ නැති බව ද ඔවුහු පවසති.  මේ හඳුනා ගැනීම සඳහා සිදු කරන බොහෝ දේ නිසා සිසු සිසුවියන් බොහෝ දෙනකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දැමූ බවත්, සිය දිවි නසාගත් බවත්, ආබාධිත වූ බවත් වර්තමානයේ “ජ්‍යෙෂ්ඨයන්” යෑයි කියන අතීතය අමතක කළ “නවකයන්ට” සිහිපත් කර දෙමු.  මහා ශිෂ්‍ය සංගමය කියන “සංස්‌කෘතික කාරණාවලට” අදාළව 1997 වර්ෂයේදී සෙල්ව විනයාගර් වරප්‍රකාශ් මරා දමන්නේ නවක වධයට ලක්‌ කරමිනි. ඒ අදින් දහනව අවුරුද්දකට ඉහතදීය. එදා කලිසම තෙමා ගන්නා වියෙහි සිටි අද “ජ්‍යෙෂ්ඨයන්” වී සිටින බොහෝදෙනකු ඒ ගැන හිතන්නේවත් නැති බව සහතිකය.  2014 වර්ෂයේදී අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත පේරාදෙණි සරසවි භූමියේදී සිය දිවි නසාගන්නේ ද නවක වධය ඔය කියන තරම් “සංස්‌කෘතික” නොවූ නිසාය. “හඳුනා ගැනීම” එතරම් සොඳුරු නොවූ නිසාය. “වර්ග” කිරීම සහ අනුගත කිරීම මැර පන්නයේ එකක්‌ වූ නිසාය. ශිෂ්‍ය සංගමය සඳහන් කරන “විශ්වවිද්‍යාල ඇතුළේ සංස්‌කෘතික කාරණාවලට” නිරුවත් කර ලිංගික වධ හිංසා පැමිණවීම අදාළ දැයි මේ ජ්‍යෙෂ්ඨයන් ඉතාම ඉක්‌මනින් වරප්‍රකාශ් සිසුවාගේ යුගයේ aජ්‍යෙෂ්ඨ මැරයන්ගෙන් අසා දැනගත යුතුය. අපට අසන්නට ඇත්තේ, මේ තිරිසන් සංස්‌කෘතික කාරණාවලට විශ්වවිද්‍යාල ආචාර්යවරු එරෙහිවීම තර්ජනය කිරීමට තරම් හේතුවේද යන්න පමණකි (දිවයින පුවත්පත )

 

නවකයන්ට කුණුහර්ප කීම (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්රී ලාංකික විශ්වවිද්යාල | ඩී. සුගත් රාජපක්ෂ)   

ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.  උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)  එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.  නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් “ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ” යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි.

රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජේෂ්ඨ උතුමකු “උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්” යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම “උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද” කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමි. සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.  සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්නය  “උඹලට අපි කියපුවා තේරුනාද?” අපගේ පිළිතුර “නිශ්ශ්බ්ද තාවය” නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර “මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු” ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි   යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු.

කොළඹ විශ්වවිද්යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී ………

පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. (මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි. මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.

කොළඹ විශ්වවිද්යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු 

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

 රුහුණු සරසවිය  

රුහුණ සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක වූ වත්සලා කුමුදුනි ද සිල්වා රුහුණු සරසවියේදී දරුණු නවක වදයට පත්‍ර වුවාය. ජේෂ්ඨයන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ඒවා පාඩම් දීමට බල කළහ. ඉන් පසුව පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳී සිහිසුන් වුවාය. මෙම සිසුවිය සිහිසුන්වීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් අසත්‍ය ප්‍රකාශ කරමින් වත්සලා කුමුදුනි ද සිල්වා පඩි පෙළකින් ඇද වැටී අනතුරකට පත් අයෙකු ලෙස පෙන්වා දෙමින් රෝහල් ගත කර ඇත. ඇයගේ තුනටියේ වේදනාව තවමත් සුව නැත. රුහුණු සරසවියේ අමානුෂික නවක වදය නිසා 1993 වසරේ චමින්ද පුන්චිහේවා යන සිසුවා මිය යන ලදී. 1997 වසරේ ද නවක වදය නිසා රුහුණු සරසවියේ සිසුවියක් දිවි නසා ගත්තාය. ජේෂ්ඨයන් විසින් මෙම සිසුවිය ලිංගික හිංසනයට ලක් කොට තිබූ බව පසුව හෙළි විය.

ලංකාවේ වෛද් පීඨ වල පවතින නවක වදය  

ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

රූපා රත්නසීලි මෙනෙවිය 

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ   ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා. අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.  රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා. රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.

ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ. (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය | ඩී. සුගත් රාජපක්ෂ)

නවක වද සමාජවාදීන් කතා කරන්නේ යුක්තිය ගැනය.අඳින්නේ රතු කමිසය.විරෝධතා දැක්වීම එකය. නවක සිසුන්ට වද දීම දෙකය.ඉගනීමට තුන්වන තැනය  මේ ටික ලියන්නට සිතුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාරයවරු දෙවන තුන්වන සහ හතරවන වසරවල සිසුන්ට අද සිට නැවත තීරණයක් ගන්නා තුරු ඉගැන්වීම නතර කිරීමට තීරණයක් ගෙන තිබෙන නිසාය.එයට හේතුව වී තිබෙන්නේ නොනවත්වාම නවක සිසුන්ට වද දීමත් නවක වදය නැවත්වීමට උත්සාහ කරන ආචාර්ය වරුන්ට තර්ජනය කිරීමත් නිසාය. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගමවල නායකත්වය දරන්නේ එක්කෝ පෙරටුගාමින්ය නැත්තම් ජවිපෙය.නවක සිසුන්ව තම දේශපාලන මතයන්ට නම්මවා ගැනීම මේ නවක වද දුෂ්ට ව්‍යාපෘතියේ අවසන් අරමුණය. නවක සිසුන්ට මාස කීපයක් යනතුරු ජෙෂ්ට සිසුන් නම් කරන ලද ඇඳුමක් ඇඳීමට සිදුවී තිබේ. ඉංග්‍රීසි කතා කිරීම තහනම්ය. දේශන ඇතත් නැතත් උදේ සිට හැන්දෑ වෙන තුර සරසවි භූමියෙන් පිටවීම තහනම්ය. .එම කාලය තුල ගැහැණු පිරිමි සහ භික්ෂු සිසුන්ට මුහුණදීම සිදුවන කායික සහ මානසික වද වේදනා නිමක් නැත.ඇතැම් විට එම වද දීම් අසභ්‍ය ක්‍රියා දක්වා දික්වේ. පුබුදු ජාගොඩලාට සහ, අනුර කුමාරලාට මේ නවකවදය නැවත්විය හැක. මන්ද වදකයෝ වනාහී ඔවුන්ගේ සහෝදරයෝ නිසාය. එහෙත් ඔවුන් එය නොකරන්නේ විශ්ව විද්‍යාල තුල තම අධිකාරිය පවත්වාගෙන යා හැකි එකම මග භීෂණය තුලින් වීම නිසාය. (Lanka E News)

අපගේ සරසවි සිසුන් තමන්ගේ නියම අයිතිවාසිකම් ගැන දන්නේ නැත. ඒ පිළිබඳව කිසිවෙකු ඔහුව දැනුවත්ද නොකරති. තමන්ට නවක වදයේ නාමයෙන් අසභ්‍ය වචනයෙන් බැනීමට, කුණුහරප කීමට බල කිරීමට, පුස්තකාලයට යාමට ඉඩ නොදීමට , බලහත්කාරයෙන් වියායාම වල යෙදවීමට, බල්ලෙකු සේ කකුල් හතරෙන් සිට මාළු කටු , ඉඳුල් බත් කෑමට බල කිරීමට , තමන්ගේ ඇඳුම ගැලවීමට, බලහත්කාරයෙන් පන්ති වර්ජනය කරවීමට, බලෙන් උද්ගෝෂණ වලට ගෙන යාමට කිසිම පුරවැසියෙකුට අයිතියක් නැති බවත් එවැනි දේ කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් බව සරසවි සිසුවාට දැනුවත් භාවයක් ලබා දිය යුතුය. එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 – 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති.නවක වදය යනු ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වසාගත් පිළිලයකි. එම පිළිලය බොහෝ දුරට අපගේ විශ්ව විද්‍යාල විනාශ කොට අවසානය. අපගේ විශ්ව විද්‍යාල පද්දතිය තුල අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති යමක් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම සුළු කොටස හෝ ආරක්ෂා කිරීම පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

One Response to “නවක වදය”

  1. douglas Says:

    Dr. Ruwan Jayathunga: Thank you. A very timely subject that MUST receive serious and urgent attention of all segments of the society. This MENACE of “Ragging” has been tolerated beyond any sense of “DECENCY” and allowed to be grown into a CANCER . Why? The main reason is the entry of POLITICS and “Divisions” among the student population into camps of Rivalry on political ideals. Then comes the utter negligence on the part of the Governmental and University Administrative authorities, in designing and establishment a proper “Administrative Culture” within the Universities. To solve this problem, it is urgently needed to bring in a “Cultural Revolution” within the Administrative set up of the Universities.

    I say the above with hands on experience. That I experienced, when my son was taken to a University (abroad) on the day of the admission. As usual and as experienced here in Sri Lanka, I expected the worst; but to my surprise, what a DIFFERENCE it was. My son was driving the vehicle and I was on the passenger seat, while my wife and the young daughter were the other passengers. We were stopped at the entrance gate by a tall, sturdy young lad dressed in a Whit T’Shirt and pants. He wore an “Identification” batch and had a clip board in his hand. He first greeted and spoke to me and introduced him as the “Vice President” of the STUDENT COUNCIL. He politely asked who was the student coming for admission and when I pointed my son in the driver’s seat, he walked on to him and greeted with a stretched hand saying WELCOME to our campus. He checked his name and other reference details in the documents he had on the clip board. My wife , daughter and I expected to face the “difficult” and “unbearable” to happen from now on wards. I heard him telling my son, “please drive in and wait by the side walk until a parking space is allocated to you. That will be attended to by one of our members wearing a “Green T’Shirt”. We did as directed and hardly spoke to each other. Within minutes, we were directed to the allotted parking spot. This second “Green T Shirted man, told us to leave everything we brought (bags,computer and other personal belongings) in the vehicle and walk up to the “Registration Desk” maned by four of again “OUR MEMBERS” wearing “Blue T Shirts”. We followed the instructions, still waiting to face the “unexpected”. There too, we were very cordially greeted and they checked all the papers of admissions my son had with the records in their possession. They also told us the residential room number (305) located in the 3rd floor allocated to my son and wanted us to either go there using the elevator or the stair way. Then we reminded of the personal luggage to be brought up; but to our SURPRISE one of them said: “Don’t worry. All those will be in the room by the time you get there. There will be two of OUR MEMBERS wearing “Brown T Shirts and they will show you all the facilities including the toilets”. All four of us decided to walk the stair way, as that would give little time to prepare for what may come. What happened next , you want’ believe. Those two “OUR MEMBERS” wearing brown T Shirts were waiting with all of the personal belongings of my son in the room. First they asked my son to check the luggage and having satisfied everything in tact, they showed all the facilities available for use in the room and took us for a tour of the 3rd floor. They also handed over four admission passes to the evening welcome party of the freshers to the campus. Having stayed for the welcome party, we departed leaving our son in the campus to face by himself for what ever could come upon him. After that, we have yet to hear (15 years now) of any “RAGGING” of the type we experienced and hear NOW in Sri Lanka campuses.

    What do you think of the above hands-on EXPERIENCE we had in a foreign University? My son, within the next two years, was elected to the STUDENT COUNCIL as one of its Vice Presidents – designated ” Foreign Student Assignments”. I asked him the secret of this “IMPRESSIVE SUCCESS” of the WELCOME of the students. He said: “The University has a “CULTURE” to ASSIGN and CO-ORDINATE all its student matters, starting from “ADMISSIONS to the PASSING OUT, to the one and the only STUDENT COUNCIL, elected by “SECRET BALLOT” of the student population. Of course, my son decided to live his life there having got into a very responsible job in the Law Enforcement . That is the “CULTURAL REVOLUTION” , all of us must DESIGN, INTRODUCE and MAINTAIN in the seat of this Higher Learning -UNIVERSITIES. There could be many other PROPOSALS; but why WAIT? DO IT NOW.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress