ධර්මපාල හා මෙෙත්රීපාල හමුව.
Posted on March 24th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Bom dia presidente

(ශුභ උදෑසනක් වේවා! ජනාධිපතිතුමණි.)

Como você está

(ඔබතුමාගේ සැප සනීප කොහොමද?)
ඔබ කවුද? ඔබ මොනවද මෙහෙ කරන්නේ?

Sou o Rei Dharmapala a partir do ano 1557

(මම ධර්මපාල මහ රජතුමා වර්ෂ 1557 ඉදන් ආවේ)

සමාවන්න! මම ඔබව කලබල කලාට. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ, ඔබ පෘතුගීසි භාෂාව දන්නේ‌ නැහැ කියලා. හොද වෙලාවට ඔබ සිංහලෙන් කථා කලේ.

මම තමයි ධර්මපාල මහරජතුමා. වර්ෂ 1557 ඉදන් ආවේ.

ධර්මපාල මහරජතුමා! හොදට අහල පුරුදුයි. වුනාට නිච්චියක් නැහැ හරියටම.

ඔව්, මම දොන් ජුවන් ධර්මපාල මහ රජතුමා.

! දැන් හොදටම දන්නවා. ඉතින් ඉතින් මහරජතුණි. කොහොමද සැප සනීප? ඔබ කොහොමද මෙහාට ආවෙ? එහෙම එන්න පුලුවන්ද 1557 ඉදන්? මට නම් මේ කිසි දෙයක් විශ්වාස කරන්න බැහැ. එන්න වාඩි වෙන්න!

Muito obrigado

(ගොඩාක් ස්තුථීයි}

ගොඩාක් ස්තුථීයි ජනාධිපතිතුමණි. ඔබ හරි වාසනාවන්තයි. මුලු රටේම ජනාධිපතිතුමා! ඒ කියන්නේ මුලු රටේම රජ්ජුරුවො ඔබ තමයි. මට නම් විශ්වාස කරන්නත් බැහැ. මේවා මෙච්චර ඉක්මනට කොහොමද වෙනස් වුනේ කියලා?.

ඇයි ඔබතුමා එහෙම කියන්නේ? මොනවද වෙනස් වෙලා තියෙන්නේ?

මම පාලනය කලේ කෝට්ටේ රාජධානිය, විතරයි. මට ඔබට වගේ මුලු රටම පාලනය කරන්න වාසනාවක් තිබුණේ නැහැ. මුලු රටම තියා, කෝට්ටේ රාජධානියවත් මට ඕනි විදියට පාලනය කරන්න බැරිවුණා.. ඒ අතින් බලන කොට ඔබ කොච්චර වාසනාවන්තද?

ගොඩාක් ස්තුථියි! ඔබ එහෙම හිතන එකට; ඇත්තටම මමත් හිතනවා මම හරිම වාසනාවන්තයෙක් කියලා. විශේෂයෙන් මගේ පුතා හරිම වාසනාවන්තයි. එයා ලැබුණට පස්සෙ තමයි මට හැම සම්පතක්ම ලැබෙන්න ගත්තෙ.

ඔබටත් ඔබේ පවුලටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියල මම ප්රාර්තනා කරනවා ජනාධිපතිතුමණි

ගොඩාක් ස්තුථියි මහා රජතුමණි. ඉතින් ඔබ විශේෂයෙන්ම ශ්රී ලංකාවට ආවේ ඇයි?

ඇත්තටම මට ඔබතුමා ගැන ආරංචි වෙලා ටික කලක් වෙනවා, මට වඩා හොද පාලකයෙක් ලංකාව පාලනය කරන බව මුලු සක්වල පුරාම දෝංකාරය දෙනවා.. ඉතින් මට ඒක ලොකු සතුටක්. ඉතිහාසයේ මට උරුමව තිබුණ ස්ථානයට කවුද එන්නේ යන බලාපොරොත්තුව  සමග හිටි මට, මේ ආරංචිය විශාල සහනයක් හා සතුටක්.

මහරජතුමණි, මට සමාවන්න. මම ඔබතුමාට උරුම සථානයක් බදාගන්න නම් ආවේ නැහැ. ඇත්තටම මට මේ තත්වය උරුම උනේ අපේ මැඩම් හින්ද; අපේ මැඩම් තමයි මට බල කරල මේ තත්වය ලබා දුන්නේ.

අහන්නත් සන්තෝෂයි කතා කරල අඩගහලා රජකම අරගෙන දෙන මැඩම් කෙනෙක් ඔබට ඉන්න එක ගැන. ඉතින් කොහොමද රටේ විස්තර, ජනතාව සතුටින් ඉන්නවද? කරදරයක් නැතිව රට පාලනය කරගෙන යනවද?

ඇයි ඔබතුමා එකපාරටම වගේ ප්රශ්න වැලක් ඇහුවේ? ඔබතුමාට ආරංචිද රටේ  විස්තර?

නැහැ අපට එහෙම හැම දෙයක් ගැනම ආරංචි ලැබෙන්නේ නැහැ. ඒ වුනාට මම ඔබතුමාව මුණ ගැහුණ මොහොතේ සිටම දැක්කේ, බොහොම කම්පනයකට පත්වෙලා ඉන්න බවකුයි. ඇයි ඔබට මොකක් හරි බරපතල ගැටලුවක් තියෙනවාද?

එක ගැටලුවක් නම් ඒකට මුහුණ දෙන්න මට පුලුවන් මහ රජතුමණි. මෙතන ඇත්තේ ගැටලු කන්දරාවක්, මට මේ කිසිම දෙයක් විසදන්නට බැහැ. මට කිසිම දෙයක් මට ඕන විදියට විසදන්න දෙන්නෙත් නැහැ. මගෙ ඔලුව තෝන්තු වෙලයි තියෙන්නේ! උණු හින්ද බොන්නත් බැහැ, කිරි හින්ද විසිකරන්නත් බැහැ.  වගේ තත්වයක මම ඉන්නේ..

ජනාධඊපතිතුමණි, හැම ප්රශ්නයකටම උත්තරයක් තියෙනවා. හැම ගැටලුවකටම විසදුමකුත් තියෙනවා. ඉතින් ඔබතුමා කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිවැරදි දේ හොයන්න. සමහර විට ඔබට විසදුම් හොයා ගන්න බැරිවේවි. ඒ වුණාට ඔබට හොද අනුශාසකවරු ඇතිනේ, ඒ අය සමග සාකච්ඡා කර විසදුම හොයා ගන්න. ඒක ඔබේ පාලනයට ආදේශ කරන්න. හැබැයි ලොකුම අර්බූදය වෙන්නේ, නිවැරදි පිලියම හොයා ගෙන ආදේශ කරන්න සූදානම් වෙන වේලාවටයි. එදාට ඔබට ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවේවි.

මට තියෙන ලොකුම ගැටලුව තමයි මගේ අනුශාසකවරු; මට හැම තිස්සෙම අය කියන විදියටයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම හිතන විදියට, මගේ මිනිස්සුන්ට මට වැඩ කරන්න ඕනි වුනාට මට ඒක කර ගන්න බැහැ. මම හැම තිස්සෙම මගේ අනුශාසක වරුන්ට ඕනි විදියට වැඩ කරලා, රටේ මිනිස්සුන්ගෙන් ඇති තරම් බැනුම් අහනවා. රටේ මිනිස්සු දන්නෙ නැහැ, මේ හැම දෙයක් පිටුපසම ඉන්නේ මගේ අනුශාසකවරු කියලා. මම මුහුණ දෙන එක බරපතල ගැටලුවක් ඒක. ඕකට විසදුම මොකක්ද?

“අන්තෝ ජටා බහී ජටා කීවාලු” ඔබට තියෙන්නෙත් මට තිබුණ ගැටලුමයි. ඔය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් ඔබ හොද නිදහස් පුද්ගලයෙක් නේද? රටේ මිනිස්සු කවුරුත් ඔබට හොදට ස‌ැලකුවා,, රටේ ලොකු පිලිගැනීමක්ද තිබුණා. අද ඔබට ඒ මුකුත් නැහැ, හැබයි ජනාධිපතිකම තියෙනවා. මම හරිද?

ඔබ හරියටම හරි, ඉතින්! ඉතින්!

මම ධර්මපාල ඔබ මෙෙත්රීපාල, බලන කොට අපේ නම් දෙකේ හොද සමාන කමකුත් තියෙනවා. හැබයි මං ලග ධර්මයකුත් ඔබ ලග මෙෙත්රියකුත් නැහැ. ඇත්ත ඒකයි. අපි දෙන්නම තව කවුරු හරි කියන විදියට වැඩ කරන රජවරු, කොටින්ම කිව්වොත් රජකම නැති රජවරු.

හරියටම හරි රජතුමණි.

ඉතින් ජනාධිපතිතුමණි, ඔබතුමා අවුරුදු 63ක් ජීවිතේ කරදරයක් නැතිව ඉදලා අන්තිමට මැඩම්ගේ උවමනාවට මේ කරදරේ වැටුණා කියලද කියන්නේ?

ඒක නම් හරියට එහෙමමයි කියල මට කියන්න බැහැ.

ඒ අතින් ඔබ හරිම වාසනාවන්තයි. ඔබ ගොවියෙක්ගේ පුතෙක්. අවුරුදු 63ක් නිදහස් මිනිහෙක් විදියට ජීවත් වෙලා තියෙනවා. ඒකම කොච්චර වාසනාවක්ද?
මම ජීවත් වුනාටත් වඩා අවුරුදු හතරක් ඔබ නිදහස් මනුෂ්යකු වශයෙන් ජීවත් වෙලා තියෙනවා.

කියන්නේ ඔබතුමා ජීවත්වුණේ අවුරුදු 59 විතර සුලු කාලයක්ද?
මම රාජ කුමාරයෙක් මගේ මව සමුද්රදේවි කුමරියයි. මගේ පියා,වීදිය බණ්ඩාරයන්ය. මම ඉපදෙන්නටත් පෙර, මට මොනවද කරන්නේ කියල එදා හිටිය පරදේසක්කාරයින් සැලසුම් හදලයි තිබුණේ, ඒ නිසා මම ඉපදෙනකොටත්, පෘතුගීසීං‌ගේ, සැලසුම තුල කොටුවෙච්ච  හිරකාරයෙක්. හැබැයි මම ඒ අයගේ හිරකාරයෙක් කියල මට තේරුණේ නැහැ. ඒ අය මට පුංචි කාලෙ ඉදලම රැකවරණය දුන්නා, ඒ දිනවල කෝට්ටෙ රජ කලේ මගෙ මුත්ත බුවනෙකබාහු රජතුමා. පෘතුගීසින් මගේ මුත්තට උදව් කලේ එයා ඉල්ලන්නෙත් නැතිවයි එයාට රැකවරණය දුන්නා. ඒ වන විට මම හොදටම පුංචියි, ඒත් පෘතුගීසීන්ට මාව රජ කරවන්න ඕනි වුණා. මගේ ළදරු අවධියත් පෘතුගීසින්ගේ දේශපාලන තුරුම්පුවක් විදියට පාවිච්චි කලා. මම මේ ටික ඔබතුමාට කියන්නේ, මට දැන් හොදටම තේරෙනවා, එදා ඒ මගේ ළදරු අවදිය, තමන්ගේ බලය තහවුරු කරගන්න පාවිච්චි කරපු පෘතුගීසින්ට සමාන තවත් කට්ටියක්, අද ඔබතුමාගේ, මහලු අවදිය පාවිච්චි කරනවා, ඒ අයගේ බලය තහවුරු කරගන්න කියලා.

ජනාධිපතිතුමණි, පරදේශක්කාරයින්ට ඕනෑම පාහර වැඩක් කරන්න පුලුවන්.
කොන්ද කෙලින් කරන් වැඩ කරන අයගේ කොන්ද නමන්නත්,

කොන්ද නමන්න සූදානම් නැති අයගේ කොන්ද කඩන්නත් ඔවුන්ට පුලුවන්. ඔබ මහා භයානක උගුලක පැටලිලයි ඉන්නේ. කරන කියන හැම දෙයක්ම කල්පනාවෙන් සිදු කරන්න.

ඔබ කාටද ඔය මැඩම් කියන්නේ? ඇයි ඇය ඔබට ජනාධිපති කම දෙන්නේ? ඇයි ඔය කියන මැඩම් ඦනාධිපතිකම අරගෙන නොකරන්නේ,

අපේ මැඩම් කියන්නේ, මේ රටේ වසර 10ක් පමණ ජනාධිපති වෙලා හිටිය කෙනෙක්. එයාගෙ අම්මත් මේ රටේ අවුරුදු 11ක් පමණ රජ කලා. තාත්තත් අවරුදු 3ක් රජවෙලා හිටියෙ, එයාව වෙඩි තියල මැරුවා.

ඒ කියන්නේ මැඩම් රජ පවුලකට අයත් එක්කෙනෙක්?

ඔව් මහරජතුමණි මැඩම් කියන්නේ රට පාලනය කිරීමටම ගොඩනැංවුන රජ පවුලකට අයත් එක්කෙනෙක්.

එහෙම නම්, ඇයි එයා ගොවියෙකුගෙ පුතෙකුට ජනාධිපතිකම දීල පැත්තකට වෙලා ඉන්නෙ? මම දන්න විදියට ගොවියෙකුගෙ පුතෙක් කරන්න ඕනි ගොවිතැන් කරන එක. එහෙම උනානම් ඔබට මේ කිසි කරදරයක් නැහැ. අනික ගොවියන්ගෙ පුත්තු රජකම් කරන්නෙ කොහොමද?

ඔබතුමා කියන දේ වර්තමානයට අදාල නැහැ. ඕනි මිනිහෙකුට රට ප්රජාතන්ත්රවාදයට අනුව රට පාලනය කරන්න පුලුවන්. ඒක ගොවියෙකඅගෙ පුතෙක්ද, වඩුවෙක්ගෙ පුතෙක්ද කියල වෙනසක් නැහැ.අනිත් එක මම රජකම් කරන කොට හොද පලපුරුද්දක් තියෙන අනුශාසක මණ්ඩලයක් මට ඉන්නවා.
දැන් උනත් මම ඉස්සරහ හිටියට, රට පාලනය කරන්නේ අය තමයි.

ඒ කියන්නේ ඔබ ට හොද උපදේශක කණ්ඩායමක් ඉන්නවා?


නැහැ එහෙම නැහැ. මේ අය මාව ඉස්සරහට දාගෙන පාලනය කරන කොට, අය කරන ඔක්කොම වැරදි ටික අයිති මටයි. මේ රජය තුල ඇති සියලූම රාජ්ය ධනය අයත් වෙන්නේ අයටයි. රටේ මිනිස්සු මාව කන්න යනවා. ප්රසිද්ධියේම මට බනිනවා. කුණුහරුප කියනවා. කුණුහරුප ලියනවා. මට විරුද්ධව රටපුරා පොල් ගහමින් දෙවියන්යදිනවා. ඇත්තටම මට යන්න එන්න තැනක් නැහැ. මිනිස්සු මා දිහා බලන්නේ යකෙක් දිහා බලනවා වගෙයි තරමක් හරි සැනසීමක් තියෙන්නේ උතුරට ගොස් ජනහමුවක් තියෙන කොට විතරයි. මිනිස්සු මට ලොකු සැනසීමක්.

ඔව්, බයිබලයේ තියෙනවා අපි නෙලා ගන්නේ වපුරපුවා කියලා. ඉතින් ඔබ වපුරපු දේවල් සතුටින් නෙලා ගන්න වෙනවා. ඉස්සරහට වැඩ කරන කොට ඔබට නෙලා ගන්න ඕනි දේවල් පමණක් වපුරන්න. ඔබට වෙලාවක් තියෙනවා නම් බයිබලය හොදින් කියෙව්වට නම් වරදක් වෙන්නේ නැහැ.

ඉතින් රජතුමණි ඔබ බයිබලය හොදින්ම දන්න එක්කෙනා වෙලත් ඇයි ඔබට මට වෙච්ච දේට වඩා දරුණු තත්වයකට මුහුණ දෙන්න සිදුවුණේ?

මම මේ ඔබ ඉස්සරහ ඉන්නේ ඒ සම්බන්ධව කියන්න තමයි. ඔබ හිතන්න එපා, ඔබ ආරක්ෂිත තැනක ඉන්නවා කියා.. තමන්ගේ මිනිසුන්ට පිටුපාපු හැමෝටම උරුම උනේ මහා කුරිරු අවසානයක්. බලන්න කුවේණිට වෙච්ච දේ තමන්ගේ මිනිස්සු ඇයව කුරිරු විදියට මරා දැම්මා. අපි ඒවා දැනගෙන හිටියා, ඒ වුනාට බලය තියෙන කොට  මොනවා හරි විකාර මොලය පුරාම රජ කරනවා.
මගේ මුත්තා නිවටයෙක් නෙමෙයි බුවනෙකබාහු කියන්නේ හොද පිට කොන්දක් තිබුණ රජ කෙනෙක්. පෘතුගීසින් සමග සුහදව ගනුදෙණු කලාට, ඔවුන්ට කොන්ද නැමුවේ නැහැ.

මාව රජ කරන්න වෙර දරපු පෘතුගීසින්ම මාව ආදරයෙන් රැකබලා ගත්තු මුත්තව, 1551දී වෙඩි තියල මරල දැම්මා. ඊට පස්සෙ, වයස අවුරුදු 13ක පොඩි ළමයෙක්වූ මාව රටේ රජ බවට පත් කෙරෙව්වා. මාව ඉස්සරහා තියාගෙන සියලූම අපරාධ රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් සිදුකලා. සිදුකල හැම අපරාධයකම වගකීම මට බැර වුණා. ඒ අපරාධ කරලා හම්බ කරපු ධනය උන්ගේ භාණ්ඩාගර වලටයි ගලා ගියේ. ඒ ඉතිහාසයේ සිදුවුණු දේමයි දැන් මේ ඔබගේ යුගයේ සිදුවෙමින් පවතින්නේ. එදා 13 හැවිරිදි ධර්මපාල රජකරලා සිද්ධ කරගත්තු දේ මෙදා 63 හැවිරිදි මෙෙත්රීපාලව රජ කරවලා උන් ඉෂ්ඨ සිද්ධ කරගන්නවා කීවාට කිසිම වරදක් නැහැ.

උන් මාව රජ කරවලා කරපුදේවල් මොනවද කියලා බොහෝමයක් දෙනෙක් දන්නෙ නැහැ. ඒව දන්නෙ නැති එකෙක්වත් මේ රටේ රජකමට නම් සුදුසු නැහැ කියලයි මම කියන්නේ. ඉතිහාසය පුරාම මේ රට පාවාදුන් මහා පාවා දෙන්නා වශයෙන් දොන් ජුවන් ධර්මපාල නම්වූ 13 හැවිරිදි ඒ දරුවා මත පැටවීම කොතරම් සාධාරණදැයි විනිශ්චයක් මම වර්තමානයෙන් අපේක්ෂා කරනවා. ඉතිහාසය මාව නිදොස් කොට නිදහස් කල යුතු බව දැන් ඔබට නොසිතෙන්නේද?

මගේ මුත්තා ඝාතනය කර, මාව රජ කරවූ පෘතුගීසීන්

  1. විසුරේ නොරොඤඤෝ ගේ නායකත්වයෙන්, ඉතිහාසයේ විශාලම පෘතුගීසි හමුදාව මේ රටට ගෙන ආවා.
    2.බුවනෙකබාහු රජතුමා සතු මහා ධනය සොයා කෝට්ටේ රාජධානිය තුල මහා සෝදිසි මෙහෙයවුමක් දියත් කලා.

3 රජවාසල භාණ්ඩාගාරයට ඇතුලුව සියලුම රදළයන් හා නිලධාරීන් අත්අඩංගුවට ගත්තා

  1. බුවනෙකබාහු රජුගේ ධනය වහාම විසුරේ නොරොඤඤෝට භාරදිය යුතුයයි නියෝග කලහ.

5.ධර්මපාල කුමරු බවුතීස්ම කර නැති නිසා ඔහු මේ රටේ රජු නොවන බවද කියා සිටියා.

6.කෝට්ටේ රාජධානිය තුල සිටින සියලුම කතෝලික පූජකවරුන්ට හා බැතිමතුන්ට විශේෂ ආරක්ෂාව ලබාදීමට කටයුතු කලා.

7.රජවාසල සේවකයින් හා මාගේ ඥාතී රදළයින්ද ගෙන්වාගෙන, මාගේ මුත්තා සතුව තිබූ ධනය සොයා ගැනීම සදහා වදහිංසා කිරීම ආරම්භ කලහ.

  1. රජමාලිගාවේ සිලුම දේපොල මංකොල්ල කෑම ආරම්භ කලහ.

මේ සියල්ලම සිදුවූයේ මාව මේ රටේ රජ බවට පත්කරගෙනම වීමත් ඒ වන විට මම 13 හැවිරිදි දරුවෙක් වීමත් විශේෂිතය.

ජනාධිපතිතුමණි, මම ඔබතුමාගේ අවධානය වර්තමානය වෙත යොමුකලහොත් ඔබතුමා මේ රටේ ජනාධිපතිවූ වහාම සිදුවූයේත් එදා විසුරේ නොරොඤඤෝ කල කාරඅයභාරයම නේද?

1.මහින්ද රාජපක්ෂ නම් හිටපු ජනාධිපතිවරයා සතුව තිබූ මහා ධනස්කන්ධයක් සොයමින් සතරදිග් භාගය පුරාම මහා මෙහෙයවුම් අරඹා ඇත්තේ එදා ආකාරයෙන්මය.

2.මහා බැංකුව යනු රාජ්ය භාණ්ඩාගාරයයි. එදා විසුරේ නොරොඤඤෝ සිදුකල ආකාරයටම මෙදා ඔබ රජයේ භාණ්ඩාගාරය තුලට කඩා වැදී සිදුකල මහා මුල්ය වංචාව එදා සමග සසදන විට අති මහත්ය.

3.මේ රටේ රාජ්ය නිලධාරීන් කැදවමින්, කට උත්තර ගනිමින්, සිරගත කරමින් මුල්ය වංචා විමර්ශණය නමින් සිදුකරන්නේද එදා විසුරේ නොරොඤඤෝ විසින් සිදුකල දේමයි එදා විසුරේ විසින් සිදුකලදේටත් එහා ගිය දෙයක් ඔබ කරනවා. ඒ මහා සංඝ රත්නය පොදි ගනනින් අල්වා සිරගත කිරීමයි.

ජනාධිපතිතුමණි, මම මෙ සංසන්ධනය කලේ මාව රජබවට නම් කල විගස රටේ සිදුවූ කාර්යයන් හා ඔබ ජනාධිපති බවට පත්වූ විගසම රටේ සිදුවූ දේවල් පමණයි.

ඊට පස්සෙ සිදුවුන දේවල් ඊටත් වඩා භයානකයි. විශාල අරගලයක් කරලා මාව අවුරුදු 18දී පෘතුගීසීන් කතෝලික භක්තිමතෙකු කරලා, 1557දී බෞතීස්ම කරන්න සූදානම් කලා. ඒ සිදුවීමත් සමග උන් මේ රටට සහගහන අපරාධයක් කලා. මාව බෞතීස්ම කරන්න සුදුසුම තැන දළදා මාලිගාව හා රජමහා විහාරය බව නම් කරලා, දළදා මාලිගාවත්, රජමහ විහාරයත් කතෝලික සභාවට පවරන්න කියලා බලකලා, දළදා මාලිගාවත්, රජමහා විහාරයත් පවරා ගත් කතෝලික පූජකවරු එ්වා තුල තිබූ බුද්ධ ප්රතිමා කඩා ඉවත් කල ආකාරයත් ඊට පසු එම ස්ථානයන් කතෝලඉක දේව මෙහෙයන් පවත්වන ස්ථානයන් බවට‌ට් කිරීමත් මගේ ජීවිත කාලය තුල මම දැක්ක කාළකන්නිම සිදුවීම් බව කියන්නම ඕනි. ඒ වරදටත් ඊට පසු සංඝයාවහන්සේලා තොග ගනනින් මරාදැමීමේ මහා පාප කර්මයන්ටත් මම වගකීම ගන්නවා. ඒ සියල්ලකටම මම හොදට විදේව්වා තවමත් විදවමින් ඉන්නවා. මම පෘතුගීසීන් හා හදවතින් එක්වන්න සිදුවුනේ වර්ෂ 1557 සිටයි.1565දී මට කොළඹ කොටුව තුලට යන්න වුණා. රටේ මිනිස්සු මාව රාජධානියෙන් පන්නලා දැම්මා. 15597දී මගේ මරණය සිදුවෙන කොට මට වයස අවුරුදු 59යි.  මගේ ජීවිතයෙන් අවුරුදු 30ක්ම මම හිටියේ කොළඹ කොටුව තුලයි ඒ රජෙක් වශයෙන් නම් නෙමෙයි. රටක් නැති රජෙක් විලසයි.

ඒකනිසා ජනාධිපතිතුමණි, රටේ වටිනාකම අවබෝධ කරගන්න. ඔබ 60 පැනපු මිනිහෙකුට රටක් ජාතියක් ආගමක් විනාශ කරලා ලබන සම්පත් පාවිච්චි කරන්න කාලයක් නැති බව වටහා ගන්න. අතීතයෙන් ඉගෙන ගන්න. ඒ සදහා හොදම උදාහරණය මමයි.

මම මේ ඇවිත් කරන්නේ මහා පින්කමක් කරන්නයි. වර්තමානය නිවැරදි කිරීම තුලින් අතීතයේ මම සිදුකල මහා පාප කර්මයන්ට සමාවක් ලැබේයයි මම සිතනවා,
ඔබ ඔය යන විදියට ගියොත් මොකක් හරි දෙයක් උදෙසා මහනුවර දළදා මාලිගා‌ව ආසන්න මාර්ගය විවෘත කර ගනීවි.  ඊට පසු කුමන ආකාරයකට හරි දළදා මාලිගාවත් විනාශ කරාවි, ඉතිහාසයේ සිදුවූවාසේ මහා‌ සංඝ ඝාතනයන්ද සිදු කරාවි. වරක් ඉතිහාසයේ සිදුවූ දෙයක් නැවත නොවේයයි සිතන්න එපා. එදා දන්ත ධාතූන් වහන්සේට කෝට්ටේ රාජධානිය තුල හානිකර තත්වයක් පැන නගින විට, “දත මැදගන් රාලේකියල පණිවුඩය දෙන්න පුලුවන් වුණා.  එදා කෝට්ටේ රාජධානියට අමතරව නිදහස් නිවහල් පලාත්ද රාජධානි තවත් තිබුණා. නමුත් වර්තමානය ඊට වෙනස්, අද මුලු රටම පාලනය කරන්නේ ඔබගේ නායකත්වය යටතේයි. ඔබ දළදා වහන්සේට යම් අකටයුත්තක් කිරීමට සූදානම් වූවොත් දෙවි කෙනෙකුට සිදුවන්නේ, දත මූහුදට ගන් රාළේ” හෝ මෙෙත්රීපාලව මුහුදට ඇද දමණු රාළේ යන පණිවුඩයන් නිකුත් කිරීමටයි. මේ දෙකෙන් සිදුවන්නේ කුමක්දැයි ඔබට තේරුම් ගන්න ඕනි නම්, මා දෙසම බලන්න. ඒදා දන්ත ධාතුන් වහන්සේ දළදාමාලිගාවෙන් පිටමං කරන තත්වය උදාකල මට ඊට අවුරුදු 7කට කට පසු කෝට්ටේ රාජධානියෙන් පිටවන්නට වූයේ නිවටයෙක් ලෙසය. මියගිය‌ෙත් නිවටයෙක් ලෙසය.

ජනාධිපතිතුමණි, මම මේ අවස්ථාවේ ස්වයං විවේචනයක් කරලා මා යන ගමන යන්න යනවා. මට කියන්න තියෙන්නේ මම රජු වශයෙන් හිටියා තුනට පුපුරා ගොස් තිබුණ කෝට්ටේ රාජධානියෙයි. මේක මේ රටෙන් ඉතා කුඩා කොටසක්. මගේ ජීවිතය කොටස් හතරකට බෙදන්න වෙනවා.

  1. උපතේ සිට එනම් 1538 සිට මගේ මුත්තාව මරා දමපු 1551 දක්වාවූ කාලය.
  2. 1551 සිට 1557 දක්වා වූ ගැටවර රජුගේ කාලය.
    3 1557දී, මාව බවුතීස්ම කර දොන් ජුවන් ධර්මපාල වශයෙන් 1565 දක්වා, කෝට්ටේ රජ කල සමය. හා

4.1565 සිට කොළඹ කොටුවේ 1597 දක්වා මරණය තෙක් ජීවත්වූ කාලය වශයෙන් වෙන් කල හැක.

මේ මගේ ජීවිත කාලයෙන්
1557දී, මාව බවුතීස්ම කර දොන් ජුවන් ධර්මපාල වශයෙන් 1565 දක්වා, කෝට්ටේ රජ කල සමය.එනම් අවුරුදු 7ක පාලන සමය තුල සිදුවූ සෑම දෙයකටම වරද මා පිලිගනිමි. ඒ සම්බන්ධව මුලුමහත් ජාතියෙන්ම සමාව අයදිමි. ඒ සිදුකල වරදට පිලියමක් වශයෙන් අනාගතයේ හා වර්තමානයේදී මා කල වරදවල් අභිබවා යන පාලකයින් සොයා ගොස් දැනුවත් කර රට ගලවා ගැනීමට කටයුතු කිරීමට වෙර දරමි. ඒ ආනිසංසයෙන් මා පත්ව ඇති තත්වයෙන්මුදවාලීම ඉතිහාසය විසින් සිදු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

ජනාධිපති තුමණි, ඔබ අත ඇත්තේ රටේ කොටසක් නොව මුලු රටමය, මේ රට මොකෙකුටවත් පාවා දෙන්න එපා. මට යන්න අවසරයි.

මහරජතුමණි දැන් ඔබ යන්නේ කොහේටද?

ම වර්ෂ, 2473 දක්වා ගමන් කලයුතු වෙනවා වර්ෂ 2473දී ඔබටත් වඩා පහත් ආකාරයට ලක්මාතාවට පීඩාගෙනදෙන පාලකයකු බිහිවීමට නියමිතයි. මම දැන්ම අනාගතයට ගොස් ඔහුව නිවැරදි කිරීමට වෙර දරන්නයි වෑයම් කරන්නේ. ඕබට ශුභ අනාගතයක්!

Você não tem vida sem um país. Proteger pátria.

මොකක්ද කීවෙ? මට නම් මුකුත් තේරෙන්නේ නැහැ.
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

 

 

6 Responses to “ධර්මපාල හා මෙෙත්රීපාල හමුව.”

  1. NeelaMahaYoda Says:

    Você não tem vida sem um país. Proteger pátria.

    ඒ මොකක්ද කීවෙ?

    ඔබ රටක් නැතිව ජීවිතය නැහැ. මව්බිම ආරක්ෂා කර ගන්න.

  2. chandrasena Pandithage Says:

    NeelaMahaYoda, ගොඩාක් ස්තුථීයි.

  3. Dr.K Says:

    ඉතිහාසය යලි පුනරාවර්තනය වෙමින් සිංහල ජාතිය ඔවුන්ගේ රට තුල අගාදයකට ඇදදමන මොහොතක් කදිමට ඉදිරිපත් කර ඇති ඔබට ස්තුතියි.

    පෘතුග්‍රීසීන් මේ රට ආක්‍රමණය කිරීම සැමරීමට සැරසුණු අගමැති රනිල් මේ රටේ පුනරුප්පතිය ලබා යලි ඉපදුන – එදා මෙහි ආ ‘විසුරේ නොරොඤඤෝ’ යයි සිතේ

  4. chandrasena Pandithage Says:

    Dr.K Says: ඕබගේ ඇගයීමට ගොඩාක් ස්තුථියි.

  5. NAK Says:

    Hope appa sira gets to read this!

  6. chandrasena Pandithage Says:

    Dear, NAK, It’s very interesting to go through our history. Nowadays all political characters were there. Thank you very much for your comment.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress