මෝල්ඩේවියාවේ සංචාරය​
Posted on March 28th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

මෝල්ඩේවියාව හෙවත්  මෝල්ඩේා්වා ජනරජය යුරෝපයේ පිහිටි රටකි. පෙර කාලයේදී මෝල්ඩේවියාව සෝවියට් දේශයට අයත් වූ සමූහාණ්ඩුවක් වූ අතර සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව එය නිදහස් රටක් බවට පත් විය​. වර්තමානයේ යුරෝපයේ දුප්පත්ම රට ලෙස සැලකෙන්නේ මෝල්ඩේා්වා ජනරජයයි.

යූක්‍රයීනය සහ මෝල්ඩේවියාව අසල්වැසියන් වෙති. එහෙත් යූක්‍රයීනයේ මෝල්ඩේා්වා වැසියන් සැලකෙන්නේ මරියන් ලෙසටය​. අප තුම්පනේ මිනිසුන් ගැන කියන කතා වලට සමාන කතා මෝල්ඩේා්වා වැසියන් ගැන යූක්‍රයීන ජාතිකයන් කියති.

මෝල්ඩේා්වා ජාතිකයන් ගැන කියන ජනප්‍රිය කතාවක් යූක්‍රයීනයේ ඇත​. වරක් එක් මෝල්ඩේා්වා ජාතිකයෙක් රූපාවාහිනියක් ගැනීම සඳහා මොස්කව් හි සුපිරි වෙළඳ සැලකට ගියේය​. ඔහුගේ හිත ගිය රූපාවාහිනියක් පෙන්වා එහි මිල විමසීය​. වෙළඳ සැලේ සේවකයා අපි මෝල්ඩේා්වා ජාතිකයන්ට රූපාවාහිනී නොවිකුනමු යැයි කීය​. මේ හේතුවෙන් පසු දින ඔහු මෝල්ඩේා්වා ජාතික ඇඳුම වෙනුවට  රුසියානු  ජාතික ඇඳුම ඇඳ  වෙළඳ සැලට ගියේය​. පෙර දින දුටු රූපාවාහිනිය  පෙන්වා එහි මිල විමසීය​. වෙළඳ සැලේ සේවකයා යළිත් වරක් අපි මෝල්ඩේා්වා ජාතිකයන්ට රූපාවාහිනී නොවිකුනමු යැයි කීය.

moldovia

මින් ඉච්ඡාභංගත්වයට පත් වූ ඔහු පසු දින සහමුලින්ම වෙස් මාරු කරගෙන කටහඞද වෙනස් කර වෙළඳ සැලට ගියේය​. තම සිත් ගත් රූපාවාහිනිය  පෙන්වා එහි මිල විමසීය​. වෙළඳ සැලේ සේවකයා යළිත් වරක් අපි මෝල්ඩේා්වා ජාතිකයන්ට රූපාවාහිනී නොවිකුනමු යැයි කීය. වෙළඳ සැලේ සේවකයා කෙසේ තමන් මෝල්ඩේා්වා ජාතිකයෙකු ලෙස සොයා ගත්තේද කියා ඔහුට විශාල කුතුහලයක් ඇති විය​. ඔහු වෙළඳ සැල වසන තෙක් මහා මාර්ගයේ රැඳී සිට උක්ත වෙළඳ  සේවකයා සේවය හමාර කොට එලියට එත්ම ඔහුගේ අතින් අල්ලාගත්තේය​. නුඹ මම මෝල්ඩේා්වා ජාතිකයෙකු ලෙස හඳුනාගත්තේ කෙසේද කියා ඔහු වෙළඳ  සේවකයා ගෙන් ඇසීය​. වෙළඳ  සේවකයා පිළිතුරු දුන්නේය​; නුඹ ශීතකරණයක් පෙන්වා මේ රූපාවාහිනියේ මිල කීයද කියා ඇසුවේය​. රූපාවාහිනියේත් ශීතකරණයේත් වෙනස නොදන්නා මෝඩයෝ මෝල්ඩේා්වා ජාතිකයෝ ඇර වෙන කව්ද​?

යමෙකු මෝඩ වැඩක්  කල විට උඹ මෝල්දවාන් කෙනෙක් යැයි  කීම යූක්‍රයීන ජාතිකයන් අතර සිරිතකි. එසේම නුඹ  මෝල්දවාන් කෙනෙක් කීමෙන් යූක්‍රයීන ජාතිකයෙකු කුප්පනු හැකිය​.

මම හොඳින් දැන සිටි මෝල්ඩේා්වා ජාතිකයෙකුගෙන් මේ ගැන මම වරක් ඇසුවෙමි . මේ හක්ලී (යූක්‍රයීන ජාතිකයන්ට කියන සරදම් වචනයකි) එවුන් කියන මෝඩ කතා කියා ඔහු කීවේය​. එසේම මා දැන සිටි ඔල්ගා, සාශා සහ තවත් මෝල්ඩේා්වා ජාතිකයන් දීප්තිමත් පිරිසකි. එසේම වර්තමානයේ කැනඩාවේ පරියේශන වැඩසටහනක සේවය කරන මා හිතවත් නාදියාද මෝල්ඩේා්වා කාන්තාවකි. මම යූක්‍රයීනයේ ජීවත්ව සිටි අයෙකු බව දැනගත් විට නාදියා මඳ සිනා පෑවාය​. එයට හේතුව මම නොදනිමි. ඇතැම් විට මෝල්දාවියාව ගැන යූක්‍රයීනයේ කියන කතා මම  දන්නා බව පසක් වීම නිසා විය හැකිය​.

මට මොස්කව් වලදී හමු වූ  තරුණ මෝල්ඩේා්වා යුවලක් හරේ ක්‍රිෂ්ණා ආගමික වියාපාරයේ සාමාජිකයෝ වූහ​. ඒ කාලයේ බෝයි ජෝජ් ද හරේ ක්‍රිෂ්ණා ආගමික වියාපාරය වෙනුවෙන් හිසද බූ ගා මොස්කව් පැමිණ සිටි අතර මේ යුවල බෝයි ජෝජ් ගේ ප්‍රසංගයක්ද බැලීමට ගොස් තිබේ. ඔවුන් ගේ  වාසගම මට තවමත් මතකය​. එය ” බලිකා”  නම් විය​. ඔල්ගා බලිකා හිංදි භජන් ගීතද දැන සිටියාය​.

මෝල්ඩේවියාවේ සංචාරය මෝල්ඩේවියා දේශය ගැන මා තුල තිබූ කුකුස සහමුලින්ම දුරු කලේය​. මා මෝල්ඩේවියාවේ සංචාරය කල කාලයේ මෝල්ඩේවියාව සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුනේය​. මම එහි ගියේ ශීත සමයේ නිසා මෝල්ඩේවියා අගනගරය වූ කිශනෝව් නගරය අඳුරු ගතියකින් යුක්ත විය​. කිශනෝව් නගරය අසලින් යන බාක් නදියද මම දුටිමි. එසේම මම තිරාස්පල් නගරය හරහාද ගියෙමි.

තිරාස්පල් වලින් දුම්‍රියට නැගි මෝල්දෝවා ජාතිකයන් තිදෙනෙකු සොෆියා රතාරෝ ගේ සිංදු  කැසට් යන්ත්‍රයක ආධාරයෙන් මහ හඞින් වාදනය කරමින්  සිටියෝය​. එය අනෙකුත් මගීන්ට කරදරයක් වූවද මම ඔවුන් ගේ මේ ක්‍රියාව ගැන විමසිලිමත් වූයෙමි. ඔවුන් මා සමග කතා කල අතර මම වෛද්‍ය සිසුවෙකු කී විට ” අපොයි අපොයි ඔබට පොත් ගොඩාක් කියවන්න තියනවා නේද? කියා ඇසුවෝය​. එක් මෝල්දේවියානු ජාතිකයෙක් තමන්ට පොත් අරහං බව කීවේය​. ඔවුන් කම්කරුවෝ වූහ​. ඔවුන් සොෆියා රතාරෝ ප්‍රිය කලේ සොෆියා රතාරෝට මෝල්ඩේවියා සම්භවයක් තිබෙන නිසා විය හැකිය​.

මෝල්ඩේවියා ජාතිකයන් හොඳින් රුසියන් හෝ යූක්‍රයීන බස කතා කරති. එම නිසා භාෂා ගැටළුවක් නොවීය​. මෝල්ඩේවියාව වයින් නිශ්පාදනය සඳහා ලොව පරසිදු වේ. මෝල්ඩේවියාවේ නිශ්පාදනයක් වන බුකෙත් මෝල්දාවීයී යන වයින් වර්ගය එන්නෙ දැකුම්කළු බෝතලයකය​. එසේම එම වයින් ඉතා ප්‍රනීත රසයකින් යුක්තය​. තවද  බුකෙත් මෝල්දාවීයී වයින් මිලෙන් අධිකය​.

මෝල්ඩේවියාව හෙවත්  මෝල්ඩේා්වා ජනරජය ලස්සන රටකි. එහෙත් ආර්ථික ගැටළු නිසා  මෝල්ඩේා්වා ජනරජය බොහෝ පීඩා විඳියි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress