බහු සංස්කෘතික බහුබූතය 1
Posted on April 1st, 2016

නලින් ද සිල්වා

අද ලෝකයේ හැම රටක ම පාහේ විවිධ සංස්කෘතිවල ජනතාව වෙසෙති. ඒ අර්ථයෙන් ගතහොත් බොහෝ විට ඕනෑම රටක  බහුසංස්කෘතික රටක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් මේ ඕනෑම රටක මෙන් විශේෂිත හෝ අධිපති හෝ සංස්කෘතියක් ඇත. සංස්කෘති සමාන නැත. පිටරටවල වාසය කරන සිංහලයෝ ඒ බව හොඳින් දනිති. එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වැනි බටහිර රටක සිංහල බෞද්ධයන් වාසය කරන නමුත් එවැනි රටක සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද? එංගලන්තයේ ලංඩන් නුවර පංසල් රාශියක් වෙයි. බර්මින්හම් වැනි නගරවල ද පන්සල් වෙයි. මේ ඇතැම් පංසල් සිංහල බෞද්ධයන්ගේ පංසල් ය. එයින් මා අදහස් කරන්නේ බොහෝවිට සිංහල භික්‍ෂූන් වහන්සේ වැඩවසන, ගිහි සිංහල බෞද්ධයන් ආගමික වතාවත් සඳහා යන පංසල් ය. ලංඩන් බෞද්ධ විහාරය මෙයින් ප්‍රසිද්ධ ම පංසල යැයි සිතමි. 
 
පංසල් තිබුණ ද සිංහලයන් සිටිය ද ළඟ එන සිංහල අවුරුද්ද පැවැත්වීමට ඔවුන්ට හැකියාවක් තිබේ ද? මෙල්බන් නුවර සිංහල සාපේක්‍ෂ ජනඝනත්වය අධික වෙයි. එහි ඇතැම් වීදිවල සිංහල කතාකරනු ඇසෙයි. එහෙත් එහි හෝ වෙනත් නගරයක හෝ  අදාළ පරිදි අප්‍රේල් 13 වැනි දා හෝ 14 වැනි දා හෝ සිංහල අවුරුදු උත්සවය පැවැත්වීමට හැකි ද? බටහිර රටවල බොහෝවිට සිංහල අවුරුදු උත්සව පැවැත්වෙනු ඇත්තේ අප්‍රේල් 16 වැනි සෙනසුරාදා හෝ 17 වැනි ඉරිදා හෝ ය. අවුරුදු චාරිත්‍ර නැකැත් උත්සවයක් ලෙස නැකතට කිරීමට ඒ රටවල වාසය කරන සිංහලයන්ට නො හැකි ය. අවුරුද්ද මූලික වශයෙන් ම හිරු පිදූ යක්‍ෂ ජනතාවගේ නැකැත් උත්සවයකි. යක්‍ෂ ජනතාවගේ නැකැත් කෙළි මෙරට එමට තිබී ඇත. පොසොන් පොහෝදා ද නැකැත් කෙළි පැවැත්වූ බව මිහිඳු මහා රහතන් වහන්සේට දේවානම්පිය තිස්ස රජු හමුවීම ගැන ඇති කතාවෙන් පැහැදිලි වෙයි. නැකැත් උත්සවයක් නැකතට පැවැත්වීමට බටහිර රටවල්වල සිංහලයන්ට අදාළ පරිදි අප්‍රේල් 13 වැනි දා හෝ 14 වැනි දා හෝ නිවාඩු නො ලැබෙයි. වෙසක් උත්සවය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ය. බටහිර රටවල වෙසෙන බෞද්ධයනට වෙසක් ලබන්නේ වෙසක් පොහෝ දා පසුවී සෙනසුරාදාවක හෝ ඉරිදාවක ය. 
 
පැහැදිලිව ම බටහිර රටවල සිංහල බෞද්ධ සංස්කෘතියට තැනක් නැත. රාජ්‍ය මට්ටමින් එයට අනුග්‍රහයක් නො ලැබෙයි. මේ රටවල අධිපතිවාදී ව ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යම් ප්‍රභේදයකි. සිංහල බෞද්ධයෝ තම තමන්ට හැකි පමණින් පංසලක හෝ නගර ශාලාවක්, ප්‍රජා ශාලාවක් වැනි තැනක හෝ තම සංස්කෘතික උත්සව පවත්වති. ඒ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි රටවල ය. එහි විශේෂිත සංස්කෘතියක් නොව අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියක් වෙයි. අරාබිකරයේ මුස්ලිම් රටවල තත්ත්වය එයටත් වඩා අයහපත් ය. සිංහල බෞද්ධ සංස්කෘතියට එහි ඇති තැන කුමක් ද? ඒ රටවල ඇත්තේ අධිපතිවාදී මුස්ලිම් සංස්කෘතියකි. 
 
එහෙත් ලංකාවේ තත්ත්වය කුමක් ද? වැදි ජනතාවගේ සංස්කෘතික උත්සව හැරෙන්නට අනෙක් සංස්කෘතිවල උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. අදාළ බොහෝ දිනවල රජයේ නිවාඩු ය. මහමත්තුමාගේ (නබි නායක) උපන් දිනය සැමරීම සඳහා මුස්ලිම් ජනයාට සෙනසුරාදාවක් හෝ ඉරිදාවක් හෝ වනතුරු බලා සිටීමට නො  සිදු වෙයි. යක්‍ෂ ජනතාවගේ සංස්කෘතිය විසින් අනෙක් සංස්කෘතීන් පිටමං නො කෙරෙයි. ඒ හෙළ බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණයකි. දෙමළ කතාකළ මුස්ලිමුන් අවුරුදු අටසියයකට පමණ පෙර අද දකුණු ඉන්දියාව නමින්  හැඳින්වෙන ප්‍රදේශයෙන් ලංකාවට පැමිණි විට සිංහලයෝ ඔවුන්ට බෞද්ධ වීමට යැයි බල නො කළහ. මෙරට මුස්ලිම් පල්ලි තැනීමට අවසර ලැබිණි. මුස්ලිමුන් මෙරටට පැමිණ ඇත්තේ අවුරුදු අටසියයකට මෙපිටින් බව මෙරට ඇති මුස්ලිම් පල්ලි පුරාණයෙන් හෙළි වෙයි. ඔවුන් ලංකාවට පැමිණියේ ඇයි ද යන්න ඉතිහාසඥයන් සොයා නොබලන්නේ ඔවුන් අරාබි කරයෙන් පැමිණි බවට මිථ්‍යාවක් ගොඩනගා ඇති බැවින් යැයි සිතමි. බොහෝ විට ඔවුන්ට දකුණු ඉන්දියාව නමින් අද හැඳින්වෙන ප්‍රදේශයෙහි වාසය කිරීමට බැරි තත්ත්වයක් උදා වූ බැවින් ඔවුන් මෙහි පැමිණියා විය හැකි ය. (මතු සම්බන්ධයි)
 
මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය
 
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
 
 
නලින් ද සිල්වා
 
2016 අප්‍රේල් 01 

5 Responses to “බහු සංස්කෘතික බහුබූතය 1”

  1. Dham Says:

    ඒ පමණක් නොවේ. 10 වැනිදා උපන් එකා උපන් දිනය 15 වැනි දා සමරයි.
    මේසෑම සැමරීමක්ම මත් පැන් නැත්නම් වැඩක් නැත​. 10 වැනිදා මත් පැන් බී 11 වැනිදා වැඩට යා නොහැක​.

    ලංකාවේ ද මෙසේමය​. මියගිය අම්මා වෙනුවෙන් දවස් හතේ දානය දී හාමුදුරුවෝ ගිය විගස සඟවා ඇති අරක්කු එලියට එයි. එසේ නැත්නම් බණ දේසනාව යන අතරේ තව කට්ටියක් බෝතලය අවට ගැවසෙති. මේක අපේ යක්‍ෂ සංස්කෘතිය විය හැක​.
    මෝඩ සංස්කෘති වලට පයින් ගසා බුදුදහමට අනුව හරිදේ කිරීමට සිංහල බෞද්ධයා ඉගෙන ගතයුතු දින එලඹ ඇත​.

  2. Senevirath Says:

    dham හැබය් නිර්මල බුදු දහම අනුව පමණක් සිල් රැක්කොත් රට ජාතිය සුනේ සුන්ය හතුරෝ ක්ෂාන්තිවාදී තවුසාගේ මෙන් සිරුර කැබලි කරනු ඇත . එවිට ලාරාගේ සිට මේ දක්වා හතුරන්ට විරුද්ධව සිංහලයන් කල සටන් න්තිබෙන්නට ඉඩ තිබුණි සිංහලේ ඇෆ්ගනිස්තානයක් විය හැකිවා තිබුණි එනිසා අපි දෙපැත්තම රකිමු පාරමී ඇත්තෝ වානගත වෙත්වා

  3. Dham Says:

    ධර්මසිරි,
    සම්පූර්ණයෙන්ම වැරදි කතාවකි. බුද්ධාගම් දෙකක් නැත​, මහසාගරය මෙන් එකම රසයකින් යුක්තයි.
    ක්ෂාන්තිවාදී තාපසයා බුදුවීමට​ පෙරුම්දම් පිරුවෝහ. බුදුරජුන් හැමටම පෙරුම්දම් පුරන්න කිවුවේ නැත​.හැමෝටම බුදුවෙන්න කියානැත​.
    ගිහියන්ට ඇත්තේ පංචසීලය රැකීමට පමණි.

    බහු සංස්කෘතිය බහුබූතයකි. එය බදාගෙන මහජනයාට සිංහල සංස්කෘතිය බාරදෙන බහුබූතයෝ කියන බණ වැඩක් නැත​.
    සිහල බෞද්ධ රාජ්‍යයක නායකයෝ හැකිතරමින් පන්සිල් රකින්නන් විය යුතය​. විශේෂයෙන්ම බොරු නොකියන​, සොරකම් නොකරන​, මත්පැනෙන් වැලකී , කාමයේ නොගැලී ජීවත්විය නොහැකිනම් මුන් කවදාවත් විශ්වාසකල නොහැක​.
    සොල්දාදුවාට මිනීමැරීමට සිදුවනු ඇත​. එය නිනම්ම නිනම් ප්‍රාණඝාතයක් නොව​, උතුම් මනසකින් යුධ අපරාධ නොකොට කල හකි දෙයකි. රජාටද එසේමය​. මෙය ගැඹුරෙන් තේරුම් ගතයුතු දෙයකි.

  4. Senevirath Says:

    අනාගාමී අරිහත් ආදී මගපල ලද්දෝ රට රකීමා යුදවදින්නේ නැත .ඒ මිනීමැරීම පාපයක්ක් නිසාය . එතුමන්ලා .”’මම ”’ හෙවත් හමන් රකෙන්නටවත් අනුන්ව ඝාතනය නොකරති . ඒ බුදුදහමට අනුව ය . එහෙත් ””බෞද්ධ සංස්කෘතියේ ”’පයගසාගෙන පමණක් සිටින ය තම සංස්කෘතිය රක ගැනීමට සටන් වදිති බුද්ධාගම හා බුදුදහම එසේවෙනස්වේ මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන තත් වයය් බුදු හිමියන්ට පෙර ත් පන්සිල් තිඉබුනේය .. බුදු හිමියන් දේශනා කලේ ඊ ට එහා ශීලයකි සිදුහත් මව්කුස පිළිසිඳ ගන්නාවිටත් මහාමායදෙවී ”උපොසත ශීලය සමාදන්වෙලා හිටියේ ඒ ශීලය පංච ශීලයට වඩා උසස් එකක් . බුදුහිමිගේ දහම අනුව ක් වෙන අකුසල් 3 ය් වචනයෙන් වෙන අකුසක් 4ය් මිත්‍යා ආජීවයෙන් වලකීමය් අවශ්‍යය . බෞද්ධයෙක් වෙන්න ඔය 8 න් ම වැළකිය යුත්ය් .

  5. Dham Says:

    පන්සිලවත් රකින්නේ බෞද්ධයෝ අතලොස්සකි.
    බුදුදහම ශීලයට එහා ගිය එකක්.
    හැබැයි පන්සිල් වලින් පටන් ගතයුතුය​. පැවිදි වූ පසු ඊට උසස් සිල් නියමිතය​.
    බෞද්ධ දේසපාලකයා අවම වශයෙන් යහපත් චරිතයක් ඇති අවංක අය වියුතුය​.
    කෙසේවෙතත් සෝවාන් වූවන් පවා ප්‍රාණඝාතය කල හැකි මානසික තත්වයකින් සිටිති. සොල්දාදුවෙකු විය හැක​. නියම රණවිරුවකු විය හැක​.
    රහතන් වහන්සේට ප්‍රාණඝාතය කිරීමට හැකියාව නැතිවී ඇත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress