මාර්තු 29 –  ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැඳුම්කර නිකුතුව පසුගිය වසරේ ආන්දෝලනාත්මක තත්වය යළිත් මතුවන ලකුණු?
Posted on April 7th, 2016

–         රුපියල් බිලියන 40 බැඳුම්කර අලෙවි කරන බව පවසා බිලියන 80 බැඳුම්කර අලෙවි කරලා – මාධ්‍ය ඒකකය දුෂණ විරෝධී පෙරමුණ

2016 මාර්තු 29 වන දින රුපියල් බිලියන 80 බැඳුම්කර අලෙවිකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරන්නැයි ඉල්ලා දුෂණ විරෝධි පෙරමුණ මහබැංකු අධිපතිවරයාට ලිපියක් යොමු කළේය.

පසුගිය වසරේ භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මුල් වරට දුෂණ විරෝධී පෙරමුණ විසින් අණාවරණය කළ අතර එම අවස්ථාව වන විට එහි බරපතලකම පිළිබඳව දුෂණ විරෝධි පෙරමුණ ප්‍රමාණාත්මක දැනුවත් භාවයකින් නොසිටි අතර මේ වන විට එම බැඳුම්කර අලෙවි කිරීමේ ප්‍රතිවිපාක මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල කෙරෙමින් පවතින බව කවුරුත් දන්නා සත්‍යයකි. මේ අතර පසුගිය මාර්තු 29 වනදා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීමේ  ක්‍රමවේදය ද පසුගිය වසරේ අනුගමනය කර ඇති ක්‍රමවේදයට බෙහෙවින්ම සමාන බැවින් මෙහිදී කිසියම්  අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සැකයක් මතුව තිබේ. මේ නිසා මෙම සිදුවීම පිළිබඳව වහා පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා  දුෂණ විරෝධී පෙරමුණ විසින් මහබැංකු අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යවරයා  වෙත ලිඛිතව දන්වනු ලැබීය.

 සැකසහිත තත්වයක්

දුෂණ විරෝධී පෙරමුණේ සභාපති  පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ සහ එහි උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මහ බැංකු දත්ත ඇසුරින් මෙහි සැක සහිත තත්වයක් පවතින බව පැහැදිලි කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ,

රුපියල්  මිලියන 40000 ක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරන බව පපවසමින්  ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු 29 වනදා රුපියල් මිලියන 80000 ක  භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කර  තිබෙනවා.(http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/notices/notice_20160324eb.pdf)

භාණ්ඩාගාර බැදුම්කර සඳහා පැවති අධික ඉල්ලුම නිසා මෙලෙස   නියමිතව තිබු සංඛ්‍යාව ඉහළදැමීමට සිදුවු බව තමයි එහි සඳහන් වෙන්නේ. මේ ආකාරයට සැලසුම් කළ ප්‍රමාණය මෙන් දෙගුණයක් අපෙවි කිරීම අතිශයින්ම සැකසහිත කාරණයක්. මෙලෙස අලෙවි කර ඇති බැඳුම්කර අතුරින් බොහොමයක් වසර 14ක් මාසයක් තුළ කල් ඉකුත් වන ඒවා.මෙමඟින් මහබැංකුවට  ගෙවීමට සිදුවන පොලිය ඉහළයි.

මෙම භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික අලෙවිකරුවන් මඟින් අලෙවි කර ඇති බව දුෂණ විරෝධි පෙරමුණ කියයි.මෙම අලෙවිකරුවන් පිළිබඳව තොරුතුරු මෙතෙක් හෙළිදරව් වී නැත.මෙම බැඳුම්කර අලෙවිය පිළිබඳව ශ්‍රීලංකා මහබැංකුව ප්‍රකාශයට පත්කර ඇති දත්ත මෙසේය.

Mahabankuwatable01Mahabankuwatable02

දුෂණ විරෝධී පෙරමුණේ නීරීක්ෂණ

ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දුෂණ විරෝධී පෙරමුණ කරුණු කිහිපයක් දක්වා තිබේ. එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වහා පිළිතුරු දෙමින් මෙම ගණුදෙනුවේ පාරදෘෂ්‍ය භාවය පිළිබඳව තහවුරු කර මහබැංකුව පිළිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කරගත යුතු බව දුෂණ විරෝධි පෙරමුණ අවධාරණය කරයි.

1.ශ්‍රි ලංකා මහබැංකුව රුපියල් මිලියන 40000 ක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරන බව නිවේදනය කිරීම.

  1. නමුත් 2016 මාර්තු 29 වන දින පැවති වෙන්දේසියේදී රුපියල් මිලියන 80000 ක භාණ්ඩාගාර බැදුම්කර අලෙවි කිරීම.

3.ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව රුපියල් මිලියන 28975 ක බැඳුම්කර  රුපියල් 80.52 බැගින් වසර 14 සහ මාසයක් තුළ කල් ඉකුත්වන ආකාරයට අලෙවි කිරීම.(පොලී අනුපාතිකය 14.23%)

3.1 මුලික වශයෙන් රුපියල් මිලියන 40000 ක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරන බව පවසා රුපියල් මිලියන 80000 ක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කළේ ඇයි?

3.2මහ බැංකුව වැඩි පොලියක් ගෙවිය යුතු ආකාරයට රුපියල් මිලියන 28000 ක භාණ්ඩාගාර බැඳුම්කර  නිකුත් කළේ ඇයි?

3.3 මාර්තු 29 වන දින  වසර 14ක් සහ මාසයකින් කල් ඉකුත් වන  භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කළ ප්‍රාථමික අලෙවිකරුවන් කවුද? කොපමණ බැඳුම්කර ඔවුන් අලෙවි කළේද? කුමන පොළියක් යටතේ ද?

මේ අතර දුෂණ විරෝධි පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේ පසුගිය වසරේදී මෙන්  මෙහිදී සෘජුව වංචාවක් සිදුව ඇතැයි සඳහන් නොකරන බවයි. නමුත් මෙම ගණුදෙනුව විනිවිද භාවයකින් නොවීම පිළිබඳව ගැටළුවක් පවතින බවද ඒ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වඩා විනිවිද භාවයක් සහිත ආයතනයක් විය යුතුයි.එහි කටයුතු සිදුවන අකාරය පිළිබඳව මීට වඩා විනිවිද භාවයකින් කටයුතු කළ යුතුවෙනවා. පසුගිය වසරේ වසරේ සිදුවු සිදුවීම් නිසා ජනතා විශ්වාසය යළි තහවුරු කරගැනීම සඳහා එම විනිවිද භාවය අත්‍යවශ්‍ය වී තිබෙනවා

 

මාධ්‍ය ඒකකය

දුෂණ විරෝධී පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress