අධිරාජ්ය විරෝධී නූතන අරගලයේ, බලගතුම කාර්යභාරය ඉටුකල, ගරු අග්රාමාත්ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ අවුරුද 100යේ උපන් දිනය ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.
Posted on April 16th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ක්රිස්තු වර්ෂ 1916යේ, අප්රේල් මස 17 වෙනිදා, බටුගෙදර පුස්සැල්ලියද්ද වලව්වෙන් වාතලයට නිකුත්වූ ඒ පුංචි බිලිදු හඩ,  මුලු මහත් ලෝකයම තමන් වෙත අවදානයට ලක්කර ගන්නා වූ මහා බලවත් හඩක් බව කිසිවෙක් නොසිතන්නට ඇත. ඇගේ උපන් වේලාව බලා නැකත් සෑදීම සදහා කැදවන ලද්දේ, බලංගොඩ උඩුමුල්ලේ පදිංචිව සිටි,ගිරගා නම් දෙෙවඥ මහත්මයෙකි. නැකත් සාදා කේන්ද්රය බැලූ දෙෙවඥ ගිරගා, කේන්ද්රය දෙස විශ්මිතව බලා සිටින ආකාරය දුටු රත්වත්තේ දිසාපතිතුමා
 
“මොකද ළමයට අපලවත්දැයි?” ඇසූවිට

“නැහැ දිසා හාමුදුරුවනේ! මේක මහා පුදුම කේන්දරයක් ඒකයි මම නැවත වරක් ගනන් හදලා බැලුවේ” යයි ප්රකාශ කලහ.
“මහා පින‌් ඇති කෙනෙක් දිසා හාමුදුරුවනේ; මේ අප්පො ලොකු උනාම ලංකාව ආණ්ඩු කරන  කෙනෙක් වෙනවා ඒක නම් සත්යයි”

“නිකම් බොරු කියන්න එපා බං ඔය වගේ බොරු කිව්වොත්, නක්ෂත්රය බාල්දු වේවි. ඉංග්රීසිකාරයා යටතේ සිංහලයින්ට ඒජන්ත කමක් වත් ලැබෙන්නෙ නැති කොට, ආණ්ඩුකාර කමක් ලැබෙන්නෙ කොහොමද?

“දිසා හාමුදුරුවනේ, වේලාව නම් හරි, මේ අප්පො ආණ්ඩු කරනවාමයි. නැත්නම් විවාහ වෙන්නේ ආණ්ඩුකාරයෙක් එකක. ඒක සත්තමයි”

පසුව, බලංගොඩ වලව්ව අසලම ඇති පුචි සිංහල පාසලෙන් නැකතට අකුරු කරවූ මේ ළදැරිය, පසුව, ක්ලැරන්ස් බාලසූරිය මහත්මිය විසින් පවත්වාගෙන යන ලද, ළදරු පාසලට ඇතුලත්ව, පසුව, රත්නපුර ෆර්ගියුෂන් උසස් බාලිකා විද්යාලයේ බාලාංශ පන්තියට ඇතුලත් කරන ලදී, ගොන්බැදි බක්කි කරත්තයේ පාසල් ගිය මේ ගමන ඇයට ජීවිතයේ කිසිදා අමතකව නොකිය සුන්දර යුගයක් විය.  වයස අවුරුදු හතේදී මේ සොදුරු දිවිය අවසන් කර, කොළඹ ශාන්ත බ්රිජට් කන්යාරාමයට ඇතුලත්වූ ඇය, අලුත්පරිසරයට හුරුවන්න‌ට විය, බුදුන්වැද කටයුතු කිරීමට පුරුදුව සිටි ඇයට, කතෝලික පරිසරයට හුරුවන්නට සිදු විය. ඇය ඉතා දක්ෂ ලෙස නව පරිසරයත්; තමාට උපතින් ලද සිංහල බෞද්ධ පරිසරයත් තුලට් ජීවත් වෙන ආකාර සම්බන්ධ මනා අත් දැකීම් රාසියක් මේ කාලය තුලදී ලබා ගත්තාය.

පාසලේ බාල දක්ෂ ව්යාපාරයේ උද්යෝගීමත් සාමාජිකාවක් වූ ඇය. 1934දී බේඩ්න් සාමිවරයා බාල දක්ෂ ව්යාපාරයේ ජම්බෝරියකට පැමිණි අවස්ථාවේදී, ගෝල්ෆේස් පිටිය ශාන්ත බ්රිජට් කන්යාරාමයේ අනුඛණ්ඩ කොඩිය රැගෙන විත් වර්වත් කල ඇය, බාල දක්ෂ මූලස්ථානය විවෘත කරන මොහොතේදී උඩරට ළමා සාරියෙන් සැරසී සිටි එකම දැරියද ඇය විය. බාල දක්ෂ දැරියන් සදහා එවකට සිටි මහා ලේකම්වරයාවූ ටිලර් මහතාගේ ආරධනාවකට අනුව, තේ පැන් සංග්රහයකට අරලිය ගහ මැදුරට ගිය ඇය, මේ මැදුර තම වාස භවනය වන බව නොදත්හ

සිංහල කමත්, බෞද්ධකමත් දායාදය කරගෙන උපන් ඇය, සිය මෑණියන්ග‌ෙන් උගත් දේ අති විශාලය. දක්ෂ සිංහල අක්ෂි වෙෙද්යවරියක්වූ සිය මව, මේ වෙදකම තුලින් සමාජය තුල සිදුකරන මහජන සත්කාරය ඇය මැනවින් දුටුවාය. තමාද ඇය සමග එකතුව මේ සමාජ සත්කාරයටද දායකත්වය සැපයුවේ, මහත් සතුටකිණි.

වර්ෂ 1934 ඇය ශානත බ්රිජට කන්යාරාමයේ සිටි අවසන් වසර විය. බලංගොඩට ගිය ඇය බලංගොඩ සමාජසේවා සංවිධානය හා බද්ධව සුවිශේෂී කාර්යභාරයක් ආරම්භ කරන්ංනට වූයේ සැබෑ ලෙසම රටට හා ජනතාවට සේවය කරන්නට ඇවැසි නම් ඔය කියන රාජ්ය බලය උවමනාම නැත යන්න පසක් කරමිණි ඒ වනවිට මැලේරියාව රටපුරා ව්යාප්තව පැතිරෙන යුගයක, ඇයත් ඇගේ ඥති සොහොයුරියක්වූ සීතාජයවර්ධන මෙනෙවියත, වෙෙද්ය මාරසිංහ මහතාද එක්ව මහත්වූ සමාජ සත්කාරයක් ආරම්භ කලහ.

1934දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් ඇරඹි සිංහල මහා සභාව එහි 24 වෙනිශාඛාව, බලංගොඩ පිහිටුවන ලදී.‌වර්ෂ 1940දී, බලංගොඩ සමාජසේවා,සංවිධානය සිදුකරන සේවාවන‌්‌,සම්බන්ධව අධ්යනයක්ද සිදු කරන ලද අතර, එදා දිවා ආහාරය සදහා, බාන‌්ස් රත්වත්තේ, දිසාපතිතුමාගේ නිවස තෝරාගෙන තිබුණේ කටයුතු දෙකක් සදහාය. එදා පලාත් පාලන ඇමතිව සිටි බණ්ඩාරනායක මහතාට සහකාරියක් බැලීමද මෙහිදී සිදුවිය.

එහි අවසන් පලය වූයේ, මෙවැනි ආරාධනා පත්රයක් පසු කලෙක ඥාතීන් අතට පත්වීමයි.

බලංගොඩ බාන්ස් රත්වත්තේ දිසාපති

සහ

මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමි

යන අපගේ, ප්රිය ජේෂ්ඨ දියණිය වන

සිරිමාවෝ කුමරිය

පලාත් පාලන ඇමති තැන්පත්

එස්. ඩබ්ලිව්. ආර්. දියෙස් බණ්ඩාරනායක මහතා

සමග

සිරිත් ප්රකාර ශුභ සරණ බන්ධනයට ඇතුලත් වීමේ ප්රීතිය සදහා

වර්ෂ 1940 ඔක්තෝම්බර් මස 3 වෙනි දින පස්වරු 12.30ට

බලංගොඩ රත්වත්තේ වලව්වට පැමිණෙන මෙන් සාදරයෙන් ආරධනා කරමු.

පෝරුවේ සිටුවීම පස්වරු1.03 සිදු කරනු ලැබේ.

මෙම මංගල්ය නිකම්ම නිකම් මංගල්යක් ලෙස සලකා කටයුතු කිරීමට ඉතිහාසය අපට ඉඩ ලබා දෙන්නේ නැත. මෙය ඉතිහාසය හා බැදුණු මහා මංගල්යක් විය. ‌ රත්නපුර බලංගොඩ නගරපුරා සරසා තොරන් බැද සෑම ගෙයකම කුමන හෝ සැරසිල්ලකින් අලංකෘතව තිබූ ජනතාව හදවතින්ම බද්ධව පවත්වන ලද මංගල්යක්විය. සැබවින්ම උදේනීපුර සැනකෙළි සිරිගත් රත්නපුර හා බලංගොඩ නගරයන් තුල යලි කිසිදා එවන් මංගල උත්සවයක් සංවිධානය වන්නේවත්, එසේ කිරීමට හැකි කිසිවෙක් ඉදිරියේදී බිහි වෙන්නේවත් නැත. එබැවින් මේ මංගල්ය සම්බන්ධව කථා‌ නොකර,සිරිමා බණ්ඩාරනායක නම් වූ උදාර චරිතයේ ජන්ම ශත සංවත්සත්සරය සැමරිය නොහැක.

ලංකාවේ ජනතාවට බද්ධ ඇමතිවරයකුගේ පලමු මංගල උත්සවය එය විය. 1940 ඔක්තෝබර් මස 5 වෙනිදා නිකුත් වූ “ස්වදේශ මිත්රයා” පත්රයේ ශීර්ෂ පාඨය වූයේ, “මල් වර්ෂාවෙන් ආශිර්වාද ලත් සරණ මංගල්ලය” යනුවෙණි. මෙම මංගල්ය තුලින් බෙදී සිටි සිංහලයා ඒකරාශී කිරීමක් කල බව සියල්ලන්ගේම මතය විය. උඩරට හා පහතරට වශයෙන් බෙදී සිටි සිංහලයා, උඩරට සිංහල රදල පවුලක කුල කුමරියක් පහතරට මහා ප්රභූ පවුලක කුමරෙකු හා සරණ මංගල්ය සැබෑ ලෙසම සිංහල එකමුතුවක එක් අවස්ථාවක්විය. මෙහි විශේෂය වන්නේ, සිංහල ප්රභූ කුමරා සිංහල මහා සභාවේ සභාපති වීමයි.

විවාහයට අත්සන් තබා නිමවීමත් සමග ආරම්භවූ අනපේක්ෂිත මල් වරුසාව, මේ දෙපලගේ විවාහයට ස්වභාව ධර්මයා විසින් පලකල උපහාරයක් බදු විය

මේ මංගල උත්සවයේදී සිදුකරන ලද කථා තුල අන්තර්ගත දේශපාලනය වර්තමානය විසින් මැනවින් හැදෑරිය යුතුය,  ප්රතිගාමීන්ට මේ සැබෑ ඉතිහාසය වහ කදුරු මෙන් අප්රසන්න බැවින්, ඒවා ඉතිහාසයෙන් මකා දැමා ඇත. අපේ යුතුකම වන්නේ, සැබෑ සිරිමාවෝ බණ්ඩාරනායක චරිතය තුල ගැබ්ව තිබූ සැබෑ දේශපාලනය ඉස්මතුකර සමාජගත කිරීමයි.

ඉංග්රීසි පාලනය පැවති යුගයේදී, එම යටත් විජිත ස්වාමීන්ගේ ඉතා විශ්වාසීවූ පවුල් දෙකක් අතර සිදුවූ මෙම මංගල්යේ දේශපාලනයේ සැබෑ මුහුණුවර විය යුතුව තිබුණේ ඉංග්රීසි පාලනයේ ශක්තිය වැඩිවීමයි. මංගල සභාව පලමුව ආමන්ත්රණය කරනු ලැබුවේ, ආණ්ඩුකාරතුමා විසිනි. එතුමා මෙම නව යුවලට තම පවුල මෙන් සමගි සම්පන්න පවුලක් ගොඩනැංවීමට වරම් ලැබේවායි ආශිර්වාද කලේය.

ඊට පසු සභාව ඇමතූ සර් ඩී. බී ජයතිලක මහතා සිංහලෙන‌්කථාව ආරම්භ කලේ , ආණ්ඩුකාරතුමා පැතූ ආකාරයටම ඉතා සාර්තක පවුලක් ගොඩනංවන්නට ශුභ පතමින්ය. මෙය ලංකා ඉතිහාසයේ සිදුවෙන විශිෂ්ඨ සිදුවීමක් බව පලකල එතුමා. මෙම විවාහයෙන් පසු බණ්ඩාරනායක මහතා මැතිණියගේ සහයෙන් තවත්ශක්තිමත්ව රටට විශාල සේවයක් කිරීමට හැකිබව පල කලේය.

එහිදී පිලිතුරු කථාව සිංහලෙන් හා ඉංග්රීසි යන භාෂා දෙකෙන්ම සිදුකරගෙන යන ලද්දේ, මනාල මහත්මයාවූ,එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. එතුමා මංගල සභාව අමතා මෙසේ සිය මතය පල කලහ.

අද අපේ මංගල උත්සවයට පැමිණි සියළු දෙනාටම ස්තුථි කරමි. විශේෂයෙන්ම අප සිංහල වර්ගයාගේ, පොදු යහපත පිනිස විශාල සේවයක් කල යුතුව තිබේ. එබැවින් මීට පෙර සිදුකලාට වඩා හොදට අප දෙදෙනාගේ සමගියෙන්, සිංහල වර්ගයාට මීට වඩා හොද සේවයක් කරන්නට බලාපොරොත්තු වෙමි. තවද මේ සතුටුදායක අවස්ථාවට සහභාගිවූ ඔබ සැමට අපි ගෞරවයෙන් ස්තුථි කරමු.”

2 Responses to “අධිරාජ්ය විරෝධී නූතන අරගලයේ, බලගතුම කාර්යභාරය ඉටුකල, ගරු අග්රාමාත්ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ අවුරුද 100යේ උපන් දිනය ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.”

  1. Dham Says:

    Although some members of Ratwatte families married related Ratwattes, Sirimovo’s mother was not actually Ratwatte. Her name was Rosalind Mahawelatenne Kumarihamy.

    “මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමි” could be a bit misleading.

    Barnes Ratwatte was originally from Kandy ( his father Abeyratne Banda Ratwatte Basnayake born in Mahaiyyawatta Walauwa, Kandy married Thalgahagoda Lewke Punchi Kumarihamy (Barnes’s mother)). Abeyratne Banda Ratwatte also married Thalgahagoda Lewke Loku Kumarihamy.

  2. Kumari Says:

    I am one of the few fortunate people to have received a certificate of commendation from the great lady. She was the Chief Guest at the awards presentation of the cookery class, I attended as a teenager. Function was held at Gall Face Hotel. I am holding on to this document very dearly and that will get passed on to my daughter.

    I was very angry when JRJ removed her civic rights. How can he be treated as a man, when he treated Mrs B like that.

    Thank you Mrs B. We need you now more than ever. May you have a peaceful Samsaric journey and attain Nirvana.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress