බරනැස් නුවරින් සකල ලෝකයට පැතිරුනු බෞද්ධ චින්තනය උපයෝගී කරගත්තා නම් “ආකිමීඩිස් හෙලුවෙන් ගියා” යයි කියන්නේ නැත.
Posted on April 17th, 2016

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව

බුදු රදුන් තමාගේ ධර්මය ගුරු කුලය රකිමින් රහසක් මෙන් තියා ගැනීමේ බමුනු වත් ගරු කලේ නැත. තම දර්ශණය මුලු ලොවටම දීමට සුදුසු අය සහ සුදුසු ස්ථාන විමසිය   බුදුරදුන් පලමු ධර්ම දේශනාව පැවත්වූයේ බරනැස් නුවරය. උන් වහන්සේ එම නගරය තෝරා ගත්තේ එය ලෝක ප්‍රසිද්ධ මාර්ග කිහිපයකම මං සන්ධ්ස්ථානය වූ හෙයින් ය. ත්‍රවිස්ට්ථාප රට (ටිබෙට් රට ) සිට ලංකාව ( හෙල දිව )   දෙසට ගිය උතුරු-දකුණු තවලම් මාර්ගය ද, ග්‍රීසියේ සිට, ගන්ධාර්ය  සහ දඹදිව පහුකොට චීනය දක්වා ගිය සිල්ක් මාර්ගය ද ඉතාම ප්‍රසිද්ධ විය. එසේ බරණැස තෝරා ගෙන මුලු ලොවටම දුන් බුදු දහමෙන් මුලින් ම හෙලි කෙරුනු පර්යේෂණ මූලිකව, විචාර ශීලීව සත්‍යය කුමක් දැයි තීරණය කිරීමේ ක්‍රමය මුලු ලොවෙහි ම පැතිරුනේය. තවලම් මාර්ග වලින් කිර්යාත්මක වූ  දැනුම් විකාශනය නිසා  නොයෙක් රටවල ජ්‍යාමිතිය, තාරකා සාස්ත්‍රය, ආදිය පිලිබ්ඳ එකාකාර දැනුම් මට්ටමක් ඇති විය. බැබිලෝනියාවේත්, ලංකාවේත්, දඹදිවත්, චීනයේත්, චන්ද්‍ර මාස නැකැත් ක්‍රමය එකල පැතිරුන සැටි මෙයට හොංද උදාහරණයකි.

බමුණු වතට යට නොවූ ග්‍රීසියේ චින්තන පද්ධතියට බුදු රජානන් වහන්සේ ඉගැන්වූ විචාරාත්මක විද්‍යාත්මක ක්‍රමය පසුවෙන් අවශොෂණය විය. යම් ලෝහ කැබැල්ලක් රන් ද, රිදී ද, ඊයම් ද යන්න පර්යේෂණ මාර්ගයෙන් තීරනය කල යුතු බව උරගල උපමාවෙන් පැහැදිලි කොට, අන් කරුනු වල සත්‍ය අසත්‍ය තාව  සඳහා ද එම ක්‍රමයම ගත යුතු යයි බොදු දෙසුමේ එයි. යම් කරුණක සත්‍ය-අසත්‍යතාව තීරණය කරන්නේ දිවැසින් බලා යයි බුදුන් වහන්සේ කියා  නොමැත.  එහෙත් දර්මසිරි සෙනෙවිරත්න නම් ඉසිවර- සහ දේව-පස්සිකෝ අදහන අන්ද-භක්තික ලිපිකරුවා මෙසේ ලියයි.

“පරියෙෂණයෙන් මනස නමැති උපකරණය දියුණු කලවිට   අන්වීක්ෂ අන්නවශ්ශ්යය ” සියල්ල වෙනස්වන බව වසර 2600 කට පෙර  බුදුහිමි පැවසුවේ  මනස  දියුණු කිරීමෙන් මිස ගල්වල අතුල්ලා නොවේ  එසේ අතුල්ලනේ ලෞකික දෙය ය්”

බන ඇසීමට පෙර බඩ පුරවාගෙන සිටිය යුතු බවද බුදුහිමි  දේශනා කොට ඇත. බඩ පිරෙන්නේ ලෞකික ආහාර වලින් ය. දානය දෙන්නෙත් ලෞකික ආහාර වලින්ය. පැපොල් කොල බෙහෙතත් ලෞකික දෙයකි. අපි මෙතෙක් සාකච්ඡා කලේ පැපොල් කොල වලින් ඩෙංගු රෝගයට බෙහෙත් කල හැකියැයි කියන අමූලික ප්‍රචාරය ධර්මසිරි මහතා දිගින් දිගටම ගෙන ගිය විටය. ඉන්දියාවේ සහ අන් රටවල පැපොල් කොල “පිලියම්” යොදන්නට ගොස් රෝගීන් අසාධ්‍ය වී මරු මුවට වැඩුනු බව ට කරුණු දුන්  පසුත් අහිතකර ආරංචි පතුරවා හැරීමට ධර්මසිරි මහතා තැත් කරන විටය. එය වසමින් “ආර්ය ක්‍රම” ගැන කියමින් “කතාව දෝලාවෙන් ගමන පයින්” කරන මොහු ආකිමීඩිස් හෙලුවෙන් දිව්වා යැයි ද කියා ඇත!

බුදු රදුන් ගේ උපමාවෙහි ඇති රන් ලේහය, රිදී හෝ ඊයම් වැනි බාල ලෝහයකකින් වෙන්කර ගන්නා විද්‍යාවේ ක්‍රමය පරීක්ෂණ මූලික ව විය යුතු යයි කල කියමන ඉතාම උසස් ලෙස ආකිමීඩිස් ගේ පරීක්ෂණ වලින් හුවා පෙනේ. එහෙයින් එය මම සඳහන් කලෙමි. “ආකිමීඩිස් හෙලුවෙන් දිව්වා” ය කියන බොරු කතාව මම කිව්වේ නැත. විචාර ශීලී කිසි කෙනෙක් එය එලෙස පිලිගන්නේ නැත. අමුඩය ගහන ගොවියාට සහ  රෙදි කැබැල්ලක් ඇඳි ගාන්ධි “හෙලු” යයි කියන්නේ උඩ ඇඳුමක නැති බව කීමටය.  සින්සිනාටස් (Cincinatus) ට රෝමයේ පාලකයා වන ලෙස ආරාධනා ලැබුනු විට, “හෙලුවෙන්” හිටි ඔහු ද  යටි ඇඳුමට උඩින් ටෝගාවක් දමාගෙන රෝම සෙනේට් සභාවට ගිගේය. “නේකඩ්” (naked) යනුවෙන් එම සමාජයේ සන්නද්ධ නොමැතිකම හෝ උඩ ටෝගාව නැති කම දැක්වූ බව පහසුවෙන් ඔප්පු කල හැක. විචාර බුද්ධිය අබ මල රේනුවක් වත් තුබුනා නම්, බුදු රදුන් කී ක්‍රමය ට සුලු හෝ ගෞරවයක් තුබුනානම්, ආකිමීඩිස් කතාවේ වග තුග ටිකක් වත් සොයා බලන්නේ මොලය පාවිච්චි කරන්නට දන්න අය ය.

ආකිමීඩිස් ගේ කතාව ඔහුගෙන් ශත වර්ෂ දෙකකට පසු විටෘවියස් (Vitruvius) විසින් ලියන ලද්දකි. එහි “හෙලු” (Naked) යනුවෙන් ඔහු උඩි අඳුමක් හෝ ටෝගාවක් අඳ නොසිටි බවක් පමනක් කියයි. එය පමණක් නොව, ආකිමීඩිස්  වතුර ට බැස පරීක්ෂණය කලේ ය යන කථාව පවා බොරු ගෙතුමක් බව මොලය ඇති කෙනෙකුට පෙනේ. මෙය ගන ගැලිලියෝ (Galileo) ඉතා හොඳ විස්තරයක් දෙමින් ආකිමීඩිස් කරන්නට ඇතැයි අනුමාන කල හැකි පරීක්ෂණය විස්තර කරයි. අපේ ශිෂ්‍යයන් ට ද්‍රවයක ඉපිලෙන වස්තූන් පිලිබඳ ආකිමීඩිස් ගේ නියාමයන් උගන්වන විට,  විද්‍යා ගුරුවරු උගන්වන්නේ ගැලිලියෝ ලියූ ක්‍රමය ඇසුරෙන් සකස් කල විස්තරයකි. දර්මසිරි මහතා ගැලිලියො ගේ එම අගනා විග්‍රය කියවා මොලය පාවිච්චි කොට, බුදු රදුන් කියා දුන් විදිමත් විද්‍යා ක්‍රමයට දුසමාන කථා විනිශ්චය කරන්න ඉගෙන ගැනීම මැනවි යයි දක් වමි. එතකොට, පැපොල කොල බෙහෙත් ගැනත් වඩා විචාර ශීලීව ඔහුට කරුණු තේරුම් ගැනීමට හැකි වනු ඇත.

ගැලිලියෝ විස්තරයඅනුව, ආකිමීඩිස් වතුරට බැස කල පරීක්ෂණ්යක් නැත. ආකිමීඩිස් ම සොයා ගත් ලීවර පිලිබඳ පරීක්ෂණ වලට ම ලස්සනට එකතුවන ඉපිලෙන වස්තූන්ගේ නියාමයන් සොයා ගත් ආකාරය ගැන ගැලීලියෝ වැනි මහා ප්‍රාඥයෙක් දී ඇති විස්තරය  .(Fermi, L. and Bernardini, G. Galileo and the Scientific Revolution. Basic Books, Inc., New York, 1961)  නැමැති පොතින් කියවා දැනගැනීමට දර්මසිරි මහතාගේ පහන් සංවේගය සඳහා මෙහි දී මම සඳන් කරමි.

ඊනියා පැපොල් කොල පිලියම සහ ආකිමීඩිස් ගැන විහිලු කථා ඇත්ත ලෙස පිලිගන්නට තරම් අවිචාර ශීලී වූ දර්මසිරි මහතා ගුරුත්වාකර්ෂණය සහ අයින්ස්ටයින් ගේ මත ගැන නලින් සිල්වා මහතා ලියා ඇති බේගල් එහෙමම ගිලා ගෙන ඇත. අවුරුදු හතරක් භෞතික විද්‍යාව ඉගෙනීමට රට ගිය සිල්වා මහතා මාස 18 කින් ආපසු ආ බවද, එම මාස 18 තුල දී බ්‍රිතාන්‍ය කම්කරු දේශපාලනයේ නියත් වූ බවද සිල්වා මහතාම පවසා ඇත. තාක්ෂණික විද්‍යාලයක ගුරුවරයෙක් වශයෙන් අවුරුදු පතා පශ්චාත් උපාධි පාඩම් මාල දෙකක් වෘත්තීය ප්‍රාගුණ්‍යය යටතේ ගැනීමට මට ඇති වරප්‍රාසදය අනුව මම අවුරුදු 20 ක් කාලයක් තුල වරින් වර ක්වන්ටම් වාදය, සාපේක්ෂතා වාදය, ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි, ඕල්ටනටිව් එනෙර්ජි පර්භොගය, ක්වන්ටම් ඉලෙක්ට්‍රොඩයිනමික්ස්, ආ දී විෂයයන් ලවාල් විශ්ව විද්යාලයෙහි හදාරා ඇත. එහෙයින් නලින් ද සිල්වා මහතා ලියන ලිපි කියවන මට තේරෙන්නේ ලංකාවේ සරසවි වැටී ඇති ප්‍රපාතය කුමක් ද කියාය.

බුදුන් වහන්සේ “ඒහිපස්සිකො” හෙවත් “එව බලවයි” දෙසූ විට තමා විසින් ම සුදුසු ලෙස  ලෙස ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ගත යුතු යැයි කීව මිස, හුදු ඇසින් පමණක් දැක බලා ගැනීමක් කිව්වේ නැත. පස් වග මහනුන් ඉදිර්යේ පෙලහර කරමින් “බලව” යැයි කිව්වේ නැත. එය ව්‍යුක්ත චින්තන ක්‍රමයකින් මනැසට කරුණු පහදා දීමක් විය. හේතු-ඵල වාදය තර්කානුකූල ව දැක්වීමක් විය.

“ඒහිස්සිකො” හෙවත් “එව බලවයි” උපමාවේ දක්වා ඇති අන්දමට උරගලක අතුල්ලා නිරීක්ෂණය කිරීමක් ද විය හැකිය. සමහර ජාතක වල  දැක්වෙන අන්දමට කල්පනාවෙන් කරුණු සලකා බැලීමක් විය හැකිය. එහෙත්, එසේ බුදු දහම පුලුල් ලෙස සලකා සිතීමට පැකිලෙන බමුණු වතට යට වී ඉන්නා දේව භක්තියෙන් සහ ඉසුවර භක්තියෙන් පෙලෙන දර්මසිරි මහතා, “ආකිමීඩිස් හෙලුවෙන් දිව්වාය” යන්න බොලඳව ගත්තාක් මෙන්ම “ඒහි පස්සිකො” යන්න ද ඉතා බොලඳව තේරුම් ගෙන ඇති බව ඔහු ලියා ඇති දෙයින් පෙනේ. අපි එයින් එක් පාඨයක් ගෙන බලමු. දර්මසිරි මහතා මෙසේ ලියයි.

ගුරුත්වා කර්ෂණය   ගනකියා එවබලවය් කිව්වාට  ගෙඩි වැ ටේ නවා මිස ආකර්ෂණය අපට නොපෙනේ . ඉහින් ඇවිත් බලන්නේ මොනවාද  ..?ඉහින්   අයින්ස්ටයින්ද   නිව්ටන් කියූ දෙය ඇවිත් බැලුවේය එහෙත්  ඒ කෙන්ගෙඩිය දැක්කේ නැත . එනිසා ඇපල්  වැටෙන්නේ  ‘ අවකාශයේ වක්රතාව ”නිසායය් ඔහු කීවේය

ඇවිත් බැලීම්ට ගුරුත්වාකර්ෂණයෙහි දෙයක් නැතැයි කියා, දර්මසිරි මහතා ද නලින් ද සිල්වා මහතා අනුගමනය කරයි. නලින් ද සිල්වා මහතා කියන්න්නේ “ගුරුත්වාකර්ෂණයක් නැත, අවකාශ-කාලයේ වක්‍රතාවයක් ඇත” යන්නය. දර්මසිරි මහතා ද මෙය අනුගමනය කරනවා විය හැක.

මෙහිදී හුදී ජනයා ගේ පහන් සංවේගය සඳහා නලින් ද සිල්වා මහතා තමා “අවකාශ-කාලයෙහි වක්‍රතාව ඇතැ” යි කියන්නේ එය ඇසෙන් දකීමෙන් දැයි ඔහු කිවය යුතුය.

ගුරුත්වාකර්ෂණය සම්පූර්ණයෙන් ම අවකාශ-කාල  වක්‍රතාවයන් වලින් දැක්වීමට නොහැකි බව අයින්ස්ටයින් කියා ඇති තැන් සඳහා මූලාශ්‍ර මම මීට ඉහත ලිපියකින් දක්වා ඇත. එනම්, සිල්වා මහතා කියන පරිදි, සෑම ගුරුත්වාකර්ෂණයක්ම අවකාශ-කාල වක්‍රතාවක් ලෙස සලකන්නනට බැරිය. නිව්ටන් ගේ සංකල්ප සහ අයින්ස්ටයින් ගේ සංකල්ප අතර ඇති ඒකීය භාවය සහ එකින් අනෙක පරිපූරණ කරන ආකාරය ගැන විස්තරයක් මෙහි  දීමට නොහැකිය. එහෙත්, නිව්ටන් ගේ වාදයෙහි ඇති යම් යම් දුර්වල තා සම්පූර්ණ කොට, ඊට වඩ පුලුල් සත්‍යතාවයක් ඇති වාදයක් අයින්ස්ටයින් දුන්නේය. විද්යාව දියුණුවෙන් දියුණුවට යන විට, මනුෂ්‍යායාගේ ලෞකික දැනීම් පරි පථය දිනෙන් දිනම පුලුල් වෙමින් තිබේ. ඒයට ප්‍රදාන හේතුව බුදුන් වහන්සේ අවුරුදු 2600 ඉහත දී වදාල පරීක්ෂණ පූර්වක විද්‍යාත්මක ක්‍රමය සහ ගුරු මුෂ්ටි නොමැතිව කාටත් පොදු වශයෙන් දැනීම් ස්කන්දය එක් රැස් කෙරීම්ය.  අධ්‍යාත්මික දියුණුවට ද බුදුන් වහන්සේ කී එම “ඒහි පස්සිකො” ක්‍රමයම යොදා ගත යුතුය.

6 Responses to “බරනැස් නුවරින් සකල ලෝකයට පැතිරුනු බෞද්ධ චින්තනය උපයෝගී කරගත්තා නම් “ආකිමීඩිස් හෙලුවෙන් ගියා” යයි කියන්නේ නැත.”

  1. Raj Says:

    මොනද මේ මිනිහා දොඩවන්නේ. එක්කෝ බෝධිපාලට පිස්සු නැත්නම් මට පිස්සු. එසේන් නැත්නම් අපි දෙදෙනාටම පිස්සු.එහෙමත් නැත්නම් මෙයාගෙ ලියවිලි යටින් කොමෙන්ට් දාන හැමෝටමත් පිස්සු.මට මතක් වෙනවා පොඩි කාලෙ කියවපු ගලිවර් ඇනඩ් ද ලිලිපුටියන්ස් කියන කතාව. මෙයාටත් තියෙන්නේ මාර ප්‍රස්නයක්නේ

  2. Dham Says:

    What an insult to Buddhism by a -pala who actually knows nothing of Buddhism!

    There is no Buddhas necessary to teach human beings simple LOGIC. Even animals can perform logical action.

    Buddhas arise to remind the beings running behind “ඒහි පස්සිකො” to a mass wealth and keep on gratifying six senses and using logic to destroy themselves and suffering.

    “ඒහි පස්සිකො” means “come and see”. First you have “come”. Then you should “see”.
    It is not a ක්‍රමය ( method). Buddha asked those who believe other faiths to “come and see”. Nothing to do with the FOOL Archimedes or his blind followers.

  3. Dham Says:

    “බමුණු වතට යට නොවූ ග්‍රීසියේ චින්තන පද්ධතියට බුදු රජානන් වහන්සේ ඉගැන්වූ විචාරාත්මක විද්‍යාත්මක ක්‍රමය පසුවෙන් අවශොෂණය විය. ”

    ඔය කෙහෙල්මල් ග්‍රීසියේ චින්තනය මැවුම් කරුවාට යටවී සියලු පරීක්‍ෂණ කරති. බුදුරජුන් ඉගැන්නුවේ “තමා” ගැන පරීක්‍ෂණ කිරීමටයි. කිසිදිනක නොදුටු මැවුම් කරුවකු වන්දනා කරමින් ශුද්ධවූ ජලය බොමින් , පූජකයා කටට දමන මොනවාදෝ ජරාවක් කමින් ලෞකික දේ ගැන පරීක්‍ෂණ කිරීම බුදුදහම පිලිපැදීම ද ? සිංහලයා ග්‍රීසියේ මෝඩයින්ට වඩා ගව් ගනනක් ඉදිරියෙන් සිටිති.

    ධන්නෝ වීමට ධනය නොව අවබෝධය අවැසි වේ. මෝඩ පණ්ඩිතකම නොව “තමා” ගැන සියලු පරීක්‍ෂණ කොට නැවත සංවාදයට එන මෙන් ඉල්ලමි. මෝඩයින්ට ඉගැන්වීමට නොහැක​.

  4. Christie Says:

    Hi all

    Papaya or paw paw plant is not native to Ceylon. Probably brought in by Portuguese to Ceylon.

    So don’t go beyond five centuries.

  5. NAK Says:

    Bodhi,Did Archimedes’s research found what he found or he found it accidentally while getting into the bath tub?

  6. Dham Says:

    Nak,
    Any idiot getting into a bath tub will feel the weight reduction.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress