මෛත්‍රීගේ කතාවෙන් පසු බන්දුල විසින් කළ ආර්ථික විග්‍රහය
Posted on April 21st, 2016

ජනපතිවරයා පසුගියදා පොළොන්නරුවේදී කළ ප්‍රකාශය අනුව ජනතාවට පීඩනයක් ගෙන දෙන බදු ප්‍රතිපත්ති හදන ආර්ථික විශේෂඥයන් ගෙදර යවා ලබන 2 වැනිදායින් පසු ජනතාව පිට පැටවෙන බදු බර අඩුකරන හැටි රටම බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (20) බොරැල්ලේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ය.

රජයේ සුරැකුම්පත් හා රාජ්‍ය ණය උපකරණවල ආයෝජනය කළ විදේශ මුදල් රැසක් විදේශිකයන් ආපසු රැගෙන ගොස් ඇති බවත් එය අමෙරිකා ඩොලර් මිලියන 2.8ක් පමණ වන බවත් කී මන්ත්‍රීවරයා රුපියලේ අගය එන්න එන්නම කඩා වැටෙන බවත් සඳහන් කළේ ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress