සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?” -සම්මන්ත්‍රණය අද(28)
Posted on April 28th, 2016

-යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය මගින් කාලීන දේශපාලන තත්වය සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ මීලඟ  සම්මන්ත්‍රණය ‘සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?’ යන මැයෙන් අප්‍රේල් මස 28 වැනි දින (අද)  සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහනසේ මුලසුන හොබවන මෙහි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, මොහාන් සමරනායක මහතා,ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා,ගෙවිඳු කුමාරතුංග මහතා විසින් දේශන පැවැත්වීමට නියමිතය.
සහභාගි විය හැකි සැමට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.

yuthukama

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress