කන්‍යවියගේ විලාපය!
Posted on April 29th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

දැන් ඉතින් කුණු කුණු ගාන්නේ නැතිව ගිහින් ඕක ඇද ගන්න. හොද ලමයනේ!

මට බැහැ. අපි තව ටිකක් මෙහෙම ඉමු

පිස්සු නටන් නැතිව, ගිහිල්ල ඕක ඇදගන්නවා, මට තව වැඩ තියෙනවා.

ඔයා පුදුම දක්ෂයෙක්; මම අද තමයි ඔයාගේ සියළුම දක්ෂකම් කැටිකරල දැක්කේ; මට නම් තවත් ඔය තරාදිය අල්ල ගෙන ඉන්න වැඩේ කර කර ඉන්න බැහැ.

goddess-of-justice

යෝදියේ මගේ යකා අවුස්සන්නේ නැතිව පලයන්. ඕක ඇදගනින්; ගිහිල්ලා තරාදිය උස්සගෙන හිටපන්; මුලු උසාවියම පිරිලා මිනිස්සු මම එනකම් බලාගෙන ඉන්නවා.

ඒකනේ මම කිව්වෙ අනේ මිනිස්සු ඔයා එනකන්නේ බලා ඉන්නේ, ඉතින් ඔයා යන්න. මට බැහැ.

යකෝ තොට තේරෙන්නේ නැද්ද, මිනිස්සු මෙතනට එන්නේ, උඹ දිහා බලල, උඹේ අතේ තියෙන තරාදිය දිහා බලල, නීතියේ කන්යවියගේ සාධාරණත්වය අපේක්ෂාවෙන්, මෙතන මට වඩා වැදගත් උඹයි. ඉක්මනට පලයන්.

මොකක්ද කිව්වේ! නීතියේ කන්යවියගේ සාධාරණත්වය අපේක්ෂාවෙන්? යකෝ තෝ මෙච්චර වෙලා කලේ, කලේ කන්යවියව තුරුලු කරගෙන දූෂණය කරපු එක නේද? දැන් මම කන්යවියක් නෙමෙයි. මට බැහැ දැන් කා ඉදිරියේවත් කන්යවක් ලෙස පෙනී සිටින්න.

අනේ ප්ලීස් අදට විරක්වත් ඔයා කන්යවියක් වගේ ඔයා පෙනී සිටින්න ශාලිකා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress