87 මැයි දින තහනමට එරෙහිව ජීවිත 2ක් දිවිපුදා අළු නොවූ අරගලය-ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 95 කොටස
Posted on April 30th, 2016

ධර්මන් වික්‍රමරත්න

මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ධර්මන් වික්‍රමරත්න එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 40 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.

අද මැයි 1වැනිදා ලෝක කම්කරු දිනයයි. වැඩකරන ජනතාවගේ දිනයයි. සටන් අවිය මුවහත් කරන දිනයයි. දිනාගත් කම්කරු අයිතීන් ආශ්වාදයෙන් මෙනෙහි කරන දිනයයි. එම දිනයේදී එක්සත් බව වඩවඩාත් බැදීමකින් වෙලෙනු ලබයි. ඉදිරියට පිය එසවීමට තව තවත් ශක්තිය ලැබේ. ජවය ඇතිවේ. පන්නරය ලබයි.

Dharman Wickremaratneධර්මන් වික්‍රමරත්න විසිනි.

මෙවර 2016දී ලොව පුරා සමරනු ලබන්නේ 130වැනි මැයි දින සමරුවයි. ලෝක මැයි දින ඉතිහාසයද අභිමානවත්ය. ඇමරිකානු කම්කරුවෝ පැය 8ක සේවා මුරයක් වෙනුවෙන් සටන්කර තෙවන දිනය වූයේ 1886 මැයි 3වැනිදාය. හේමාකට් චත්‍රරශ්‍රයේ පැවති ජන රැළියේදී පොලිස් නිලධාරින් වෙත අත්බෝම්බයක් දමා ගැසුවේයයි චෝදනා කොට ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් ආර්. පාර්ඩ්න්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච්, ඔස්කා නීබේ ඇතුළු අය බන්ධනාගාර ගත කෙරිණි. ජුරි සභාවේ තීරණය අනුව ඔවුනට මරණ දඬුවම නියම කෙරිණි. මොවුනට දඬුවම් දෙන දිනයට පෙරදින ලුවිස් ලන්ග් ගෙල වැළලාගෙන සියදිවි නසා ගත්තේය. පසුව මයිකල් සහ සැමුවෙල්ට ලබාදී තිබු මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්විය. ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම විය. අනෙකුත් සෙසු කම්කරු නායකයින් 5 දෙනා 1887 නොවැම්බර් 11වැනිදා එල්ලා මරාදමන ලදී. වසර 1893 ජුනි 26වැනිදා ඉලිනොයිස් ආණ්ඩුකාරවරයා කම්කරු නයකයින් 8 දෙනාම චෝදනාවලට නිවැරදිකරුවන් යැයි ප්‍රකාශකල අතර ජීවිතාන්තය තෙක් සිරදඬුවම් කල දෙදෙනාම නිදහස් විය.  පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගුරූ එම කම්කරු නායකයින් සිහිකිරීමට 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කල අතර ඒ අනුව මැයි 1වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

dharman30R041602දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් 1987 අප්‍රේල් 21වැනිදා පිටකොටුවේදී ජීවිත 122ක් ඝාතනය කල කාර් බෝම්බය පිපිරීමෙන් පසුව පිටකොටුව බස් නැවතුම්පොළ දිස්වූ අයුරු(ඉහළ) එම සිද්ධිය කඩතුරාවක් කරගනිමින් එජාප ආණ්ඩුව 1987 මැයි දින තහනම පැනවීමට එරෙහිව සහ ජනතාවට ආරක්ෂාව ඉල්ලමින් ඇදිරි නීතියද නොතකා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වයෙන් 2,000කට පමණ පිරිසක් 1987 අප්‍රේල් 22වැනිදා ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙසේ නිවස දෙසට පෙළපාලියෙන් පැමිණ විරෝධය පළකල අයුරු(පහළ)

ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදුවූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927දී බව ලංකා කම්කරු සංගමයේ ඊ.ඒ. ගුණසිංහ පවසයි. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැළිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භවී වික්ටෝරියා(විහාර මහා දේවි) දක්වා ගමන්කර එහිදී රැස්වීම පැවැත්වු බවය. 1934දී කොළඹ තරුණ සංගමයේ මාක්ස්වාදීහුද මැයි දින රැළියක් පැවැත්වූ අතර 1935දී සමාජවාදීන්ගේ මැයි දින රැළියක් කොළඹ ප්‍රයිස් පිටියේදී වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහගේ මුලසුනින් පවත්වන ලදී. සමසමාජයේ ප්‍රථම මැයි රැළිය 1936දී පැවැත්වූ අතර මැයි දිනය මෙරට රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත්කලේ 1956දී අගමැති බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මගිනි. එය කම්කරු අමාත්‍ය ටී.බී. ඉලංගරත්නගේ යෝජනාවකි.

dharman30R041603මැයි දින සැමරුම් උළෙලක්.

කම්කරු නායක ඊ. ඒ. ගුණසිංහයන් 1957 මැයි 1වැනිදා ප්‍රකාශ කළේ මැයි දිනය තවදුරටත් කම්කරු  උත්සවයක් නොව තම ශක්තිය ප්‍රදර්ශනය කරන උත්සවයක් බවට 1956න් පසු පත්වූ බවය. දැවැන්ත වාමාංශික එක්සත් මැයි දින පෙලපාලියක් 1963 පැවති අතර එය සමරනු ලැබුවේ සමසමාජය, කොමියුනිස්ට් සහ මහජන එක්සත් පෙරමුණ මගිනි. 1971 අප්‍රේල් කැරැල්ල ඇතිවීමත්  සමගම හටගත් වාතාවරණය නිසා එවර මැයි දිනය සංවිධානාත්මකව නොපැවතිණි. එජාපය බලයට පත්වීමෙන් පසු 1978 සිට මැයි දින සැමරුම සිදුවූයේ ජාතික සංස්කෘතික උළෙලක් ලෙසිනි. ජනතා විමුක්ති පෙරමුණද 1978 සිට සිය මැයි දිනය 1983 දක්වා ආකර්ෂණීය ලෙස පවත්වනු ලැබීය. ජවිපෙ 1983 ජුලි තහනමි පසු එහි අනුගාමී සංවිධානයක්වූ සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986දී ජවිපෙ නිල නොවන මැයි රැළි නව නගරශාලාවේදී පවත්වන ලදී. වසර 1984දී සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එක්වී එක්සත් මැයි රැළියක්ද පවත්වන ලදී.

හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් 1977දී හිමිකරගත් එජාප ආණ්ඩුව විරුද්ධ පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කරමින් රාජ්‍ය සහ මැර බලයද යොදා ගනිමින් රට පාලනය කල අතර නීතියේ පාලනය බිඳ වැටිණි. දේශපාලන පක්ෂ තහනම් කළේය. වැඩවර්ජන සහ සිසු උද්ඝෝෂණද තිරස්චින ලෙස මර්ධනය කළේය. පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා දුෂිත බවට චෝදනාලත් ජනමත විචාරණයක් පැවැත්වූ අතර ශ්‍රීලංකාව අභ්‍යන්තර කැරළි සහ යුද්ධ වලට මැදිවී ලේ ගලන ප්‍රචණ්ඩ රටක් බවට පත්විය. මේවාට එරෙහිව ජන කොටස් සංවිධානාත්මකව ඉදිරියට පැමිණෙමින් සිටියහ. මෙම වකවානුවේ එනම් 1987 අප්‍රේල් 15 වැනිදා අළුයම මහනුවර පල්ලකැලේ හමුදා කඳවුරට කඩා වැදුණු ජවිපෙ කැරළිකරුවන් ඉන් ටී 56 ස්වයංක්‍රීය අවි 12ක්, උප යාන්ත්‍රික එස්.එම්.ජී. තුවක්කු 7ක් සහ පතුරන් තොගයක් අත්පත්කරගෙන පළා යෑමට සමත්ව තිබිණි. එහෙත් ඔවුන් කවුරුන්දැයි නිශ්ෂිතව හඳුනාගැනීමට සති කිහිපයක් ගතවිය. එම හමුදා කඳවුර ප්‍රහාරය ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර මෙහෙයවූ අතර එය ආක්‍රමණය කල බලකායේ නායකයා වූයේ පුහුණු හමුදා සෙබලෙකුවූ වේයන්ගොඩ පදිංචි රත්නායක පතිරණගේ මහින්ද ජයවර්ධනය.

dharman30R041604ආණ්ඩුවේ 1987 මැයි 1 රැස්වීම් තහනම කඩමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවති සටන්කාමී මැයි රැළියේ මුළසුන හොබවන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්. රැස්වීම අමතමින් සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමිය. වේදිකාව අසළ වම්පස සිටින්නේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමිය.

දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1987 අප්‍රේල් 17වැනිදා කොළඹ බලා එමින් තිබූ  බස් රථවලට වෙඩි තබා මගින් 126 දෙනෙකු ඝාතනය කල අතර ඉන් 75 දෙනෙකු නිවාඩුවට ගම්බලා එමින් සිටි හමුදා සෙබළුන් විය. දෙමළ බෙදුම්වාදීහු ඉන් දින 4කට පසු එනම් 1987 අ‍ප්‍රේල් 21වැනිදා පස්වරු 4.30ට පමණ කොළඹ ප්‍රධාන බස්නැවතුම්පොලේදී කාර් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සාමාන්‍ය පුරවැසියන් 122ක් ඝාතනයට ලක් කරන ලදී. බෝම්බය පිපිරී විනාඩි 10කට පසු එම ස්ථානයට ගිය පිරිස අතර ශ්‍රිලනිපයේ අනුරුද්ධ රත්වත්තේ සහ අලෙවි මවුලානා සමඟ ලියුම්කරුද විය. එදිනම රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්වාද අප්‍රේල් 22වැනිදා පෙරවරු 9 සිට යළිත් පසුදා අළුයම වන තෙක්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලට ඇදිරි නීතිය පනවන ලදී. රජයේ නිවාඩු දිනයක් වශයෙන්ද 1987 අප්‍රේල් 22වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබිණි. .

dharman30R041605මව්බිම සුරකීමේ ව්‍යාපාරය 1987 මැයි දින සැමරුමේ නියමුවන්(ඉහළ වමේ සිට) හෙදි සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ නායකයෙකුවු මාඳුළුවාවේ සෝභිත හිමි, මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජවිපෙ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එල්. එච් ගාමිණි ගුණසේකර, මානව හිතවාදී භික්ෂු සංවිධානයේ නායකයෙකුවූ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම හිමි, සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජී. ඩබ්ලිව් ගාමිණී ජයලත්, ජනතා සටන් පෙරමුණේ කැඳවුම්කරු ප්‍රනාන්දුපුලේලේ තංගරාජා.

විදිබට දහස් සංඛ්‍යාතික පිරිස් 1987 අප්‍රේල් 22වැනිදා ආරක්ෂාව ඉල්ලමින් මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවස දෙසට ඇදිරි නිතියද නොතකා පෙළපාලියෙන් පැමිණ උද්ඝෝෂණය කළහ. මෙයට නායකත්වය දුන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. රජය මගින් අප්‍රේල් 22වැනිදා 1987 මැයි දින රැස්වීම් සහ පෙලපාලි තහනම් කල අතර එය 1987 මැයි 22වැනිදා පවත්වන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සියළු මැයි දින රැළි සහ පෙළපාලි තහනම් කරන ලදී. ‍ේබිම සුරකීමේ ව්‍යාපාරයේ නායකයන් වූයේ රැස්වීම 1987 මාර්තු 31 නුගේගොඩදී පවත්වා තිබිණි.

රජයේ එම මැයි දින තහනම බිඳගෙන මැයි රැළියක් සහ පෙළපාලියක් පැවැත්වීමට මව්බිම සුරකීමේ ව්‍යාපාරය තීරණය කළේය.  මව්බිම සුරකීමේ ව්‍යාපාරය 1986 ජුලි 26වැනිදා කොළඹ දෙමටගොඩ පාඨානගාර විහාරයේදී ආරම්භ වූවකි.  එහි අදිසි හස්තයවූ ජනතා විමුක්ති පෙරමුණ එය ගොඩනැගීමේදි අනුගමනය කල උපක්‍රමික ප්‍රවේශය වූයේ දේශපාලනික වශයෙන් මව්බිම සුරකීම සඳහා ඒකාබද්ධ කලයුතු බලවේගයන් ඒකරාශි කිරීම සහ නිද්‍රාශීලිත්වයට මෙන්ම අක්‍රීයකොට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැනනැගී ඇති තත්ත්වයට එරෙහිව අවදිකිරීමේ උත්සාහයක්ය. ඒ වන විට මව්බිම සුරකීමේ ව්‍යාපාරය 1986 සැප්තැම්බර් 19වැනිදා මහනුවරදී 4,000ක් අධික සහභාගිවූ මහා සඟ සමුළුවක් පවත්වා තිබූ අතර රටපුරා පවත්වන රැස්වීම් 17ක් යටතේ පළමු රැස්වීම 1987 මාර්තු 31 නුගේගොඩදීද පවත්වා තිබිණි. මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ නායකයන් වූයේ කොළඹ අග්‍රශ්‍රාවක ධර්ම පීඨයේ  අතිපූජ්‍ය හැඩිගල්ලේ පඥාතිස්ස හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාඳුළුවාවේ සෝභිත හිමි, ඉත්තෑපානේ ධර්මාලංකාර හිමි, දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම හිමි, ජනතා සටන් පෙරමුණේ කැඳවුම්කරු ප්‍රනාන්දුපුලේලේ තංගරාජා සහ සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ගාමිණී ගුණසේකරය.

dharman30R041606මව්බිම සුරකීමේ මැයි දින සැමරුම් සහභාගිවන්නන් අභයාරාම පන්සලෙන් පිටතට පැමිණීමේදී පොලිසිය එය නවතාලූ ආකාරය.(ඉහළ) එම පිරිස විසුරුවා හැරීම සඳහා පහරදීමට කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් අබ්දුල් ගපූර් නියෝග කල අවස්ථාව. එහි දකුණු පසින් ඡායාරූපයට පිටුපා සිටින්නේ ගපූර්ය.(පහළ).

මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්වීම සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා 1987 අප්‍රේල් 22වැනිදා සිට දිනපතා නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. සාකච්ඡා වාර 5ක් පැවති අතර අවසාන සාකච්ඡාව 1987 අප්‍රේල් 27  සවස 2ට පැවැත්විණි. ඉහත පිරිසට අමතරව ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමද දේශවිමුක්ති ජනතා පක්ෂයේ නිහාල් පෙරේරාද දෙවරක් එක්විය. ලියුම්කරු මේ සියළු රැස්වීම් ආවරණය කළේය.

ආණ්ඩුවේ 1987 මැයි දින තහනම නොසලකා හරිමින් සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට මහපාරේ මේසයක් දමා රැස්වීමක් පැවැත්වූ අතර එයට සමසමාජ, කොමියුනිස්ට්, මහජන සහ නවසමසමාජ පක්ෂද එක්විය. පොලිසිය කඳුළු ගෑස් දමා පිරිස විසුරුවා හැරි අතර සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර් සිල්වාටද සිය වයෝවෘද්ධභාවය හේතුකොට ගෙන කඳුළු ගෑස් ප්‍රහාරයෙන් රෝගාතුරද විය. ශ්‍රිලනිප රැස්වීම ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී කුඩා ප්‍රමාණයෙන් පැවැත්විණි. මහනුවර, ගාල්ල, අනුරාධපුරය යන නගරවලද මැයි දින සැමරුම් පැවැත්වුවද ඒවා පොලිසිය මගින් විසුරුවා හරින ලදී.

dharman30R041607මැයි දින තහනමට එරෙහිව 1987 මැයි 1 කල අරගලයේදී දිවිදුන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ පදිංචි ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ(වමේ) සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාවාරික විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ සිසු පානදුර පදිංචි කිත්සිරි මෙවන් රණවක(දකුණ).

වඩාත්ම සටන්කාමි සහ උණුසුම් මැයි දින සැමරුම පැවැත්වූයේ නාරහේන්පිට අභයාරාමයේදීය. කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් 300කට ආසන්න කැරළි මර්ධන පොලිස් කණ්ඩායමක් 1987 මැයි 1වැනිදා හිමිදිරියේ සිට අභයාරාමය ඉදිරිපිට සතර දෙසින් රඳවා තිබෙනු දක්නට ලැබිණි. ගපූර් එහිදී ලියුම්කරුට කියා සිටියේ කිසිදු මැයි  පෙළපාලියක් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති ජයවර්ධන තමාට පෞද්ගලිකව උපදෙස් දුන් බවය. පස්වරු 2.05ට මැයි දින රැස්වීම ආරම්භ වන විට 2,000කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ මුලසුන දැරූ හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස මහා නායක හිමිය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රැස්වීමේ අරමුණ පැහැදිලිකල අතර සරසවි පද්ධතිය වෙනුවෙන් බලහරුවේ සෝභිත හිමිද, භික්ෂු පරපුර වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිද අදහස් ප්‍රකාශ කලහ. විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභාව ඇමතීමෙන් පසු දසවිධ කරුණු සහිත මැයි දින යෝජනාවක් සභා සම්මත කරන ලදී.

dharman30R041608පොලිස් වෙඩිතැබීමෙන් මියගිය රණවක සිසුවාගේ සිරුර මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය ඇතුළු තිදෙනෙක් ඔසවාගෙන පිටතට ගෙන යන අයුරු. පසෙකින් පිස්තෝලයක් අතැතිව සිටින්නේ සහකාර පොලිස් අධිකාරි බන්දුල වික්‍රමසිංහය(ඉහළ) ලෙස්ලි ආනන්දලාල්ගේ දේහය වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්තේ නිවසේ තැම්පත්කර තීබූ අවස්ථාවේදී දේහයට මුරුත්තෙට්ටුවේ හිමි සහ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන 1987 මැයි 3වැනිදා අවසන් ගෞරව දැක්වූ අවස්ථාව(පහළ).

රැස්වීම නිමාවෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළ කරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතැතිව මහා මාර්ගයට පිවිසීමට ගමන් කලහ.  එවිට ප්‍රතිචාරය වූයේ බැටන් ප්‍රහාරයකි. පසුව කඳුළු ගෑස්ය. රබර් උණ්ඩය. අවසානයේ වෙඩි තැබිම සිදුවිය. ජේෂ්ඨ ‍පොලිස් අධිකාරි ගපූර්ගේ උපදෙස් පරිදි වෙඩි තැබීමට නියෝග කලේ කැරළි මර්ධන කණ්ඩායමේ නායකයාවූ උප පොලිස් පරික්ෂක වෙලේගෙදර ප්‍රේමදාසය. සහකාර පොලිස් අධිකාරි බන්දුල පරාක්‍රම වික්‍රමසිංහ, ගපූර්ගේ දෙවැනියා විය. විනාඩි ගණනාවක්ම වෙඩි ප්‍රහාරය පැවතිණි. ආනන්ද හිමියන් සහ දිනේෂ් ගුණවර්ධන වෙඩි තැබීම නතර කරන්නැයි ඉල්ලා සිටියද එය නතර නොවීය. වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර නාරහේන්පිට සමන්ත රත්නායක, රත්නපුර ආර්. ප්‍රේමසිරි සහ නුවර මහින්ද රණතුංග යන අය තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

dharman30R041609

  1. සරසවි සිසු රණවකගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර පානදුර කුරුප්පුමුල්ලේ සිට පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය දක්වා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 1987 මැයි 4වැනිදා ගමන්ගත් අයුරු.

මෙසේ වෙඩිවැදී මියගිය දෙදෙනා වූයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ පදිංචි ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ සිසු පානදුර පදිංචි කිත්සිරි මෙවන් රණවකය. ලෙස්ලි ආනන්දලාල් වෙඩි වැදීමෙන් මියගියේ අභයාරාමය තුළදීමය. කිත්සිරි මෙවන් මියගියේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. වෙඩි වැදුනු කිත්සිරි මෙවන් රෝහලට ගෙන යෑමට පොලිසිය විනාඩි 30ක පමණ කාලයක් ඉඩ ලබාදුන්නේද නැත. මෙම ඝාතන සිද්ධීන් වලට එරෙහිව රටපුරා සරසවිවල සහ පාසැල් බොහෝමයක විරෝධතා ව්‍යාපාර පැනනැගිණි.
dharman30R041610සරසවි සිසු රණවකගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර පානදුර කුරුප්පුමුල්ලේ සිට පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය දක්වා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 1987 මැයි 4වැනිදා ගමන්ගත් අයුරු.

ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ පදිංචි වැල්ලම්පිටිය බ්‍රැන්ඩ්‍රියාවත්තේ නිවසට ලියුම්කරු එදිනම රාත්‍රීයේ යන විට එහි සිටියේ සොහොයුරෙකු වන ගාමිණී, සොහොයුරියකවූ කුමාරි සහ මව කල්‍යාණි පෙරේරාය. ලෙස්ලි ආනන්දලාල් රත්තොටදී උපන්නේ 1953 සැප්තැම්බර් මස 15 වැනිදාය. ඔහු මියයන විට 33 හැවිරිදි අවිවාහකයෙකි. ලෙස්ලිගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තෙල්දෙණියේ හෙණගැහුවෙල මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කල ලෙස්ලිගේ පියා 1965දී දිවියෙන් සමුගෙන තිබිණි. ඔහු ශ්‍රිලනිපයට ලැදිවීම නිසා අනේකවිධි දේශපාලන පලිගැනීමේ මාරුවීම් වලට ලක්වූ අයෙකි. ලෙස්ලිගේ මව කල්‍යාණි පුහුණු උප ගුරුවරියක්වූ අතර ඇය වැල්ලම්පිටිය සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළාය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ 6වැනියාවූ ලෙස්ලි ආනන්දලාල්ට සොහොයුරන් සහ සොහොයුරියන් 3 බැගින් සිටියේය.  ජවිපෙ ලෙස්ලිට කොක්ක ගැසුවේ 1982දීය. ලෙස්ලිගේ මවද 1997 දිවියෙන් සමුගත්තාය. ලෙස්ලිගේ අවමඟුල් කටයුතු සිදුවූයේ 1987 මැයි 3වැනිදා පස්වරු 6.30ට කොහිලවත්ත සුසාන භූමියේය. බ්‍රිතාන්‍යයේ සිටින ලෙස්ලිගේ සොහොයුරිය තිලකා විවියන්ද අවමඟුලට එක්වීමට පැමිණ සිටියාය. එදින මුළු දවසම වාගේ ලෙස්ලිගේ නිවසේ ගතකල ලියුම්කරුට දැකගන්නට හැකිවූයේ පොලිස් නියෝග මත කොඩිවැල් හෝ සැරසිලි පවා තහනම් නමුත් දහසකට අධික පිරිසක් රැස්වූ අවමඟුලකි. දේහය නිවසේ තැන්පත් කිරීමට පොලිස් අවසරය ලැබුණේ පැය 5කි. මුරුත්තෙට්ටුවේ හිමියෝ එකම පැවිදි අනුශාසනාව සිදු කලහ. මෑතකදී ලෙස්ලිගේ නිවසට ගිය ලියුම්කරුට පවුලේ අය කියා සිටියේ ලෙස්ලිගේ මරණ සහතිකයද තවමත් නොලැබූ බවකි.

dharman30R041611ලෝක කම්කරු දිනය ඇරඹීමට පාදකවූ ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරු නායකයින්වූ ඔගස්ටස්, ඇල්බට්, ඇඩොල්ෆ්, ජෝර්ස්, සැමුවෙල්, ලුවිස් සහ මයිකල්.

සරසවි ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවකගේ අවමඟුල් කටයුුතු යෙදී තිබුනේ 1987 මැයි 4වැනිදාය. පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන්ගේ පියා නීතිඥයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ උප සභාපතිවරයෙකි( කිත්සිරිගේ පියාද 2012 දෙසැම්බර් 12වැනිදා දිවියෙන් සමුගත්තේය.) පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාවූ 1963 දෙසැම්බර් 2වැනිදා උපන්  කිත්සිරිගේ සොහොයුරු සොහොයුරියන් වූයේ කිත්මිණි, සඳරුවන්, නිල්මිණී සහ සුගන්ධය. කිත්සිරි මියයනවිට ඔහු මෙන්ම ඔහුගේ නැඟණියවූ කිත්මිණීද ජයවර්ධනපුර සරසවියේ සිසුවියකි. වර්තමානයේ ඇය රජයේ ආයතනයක කළමණාකරණවරියකි. කිත්සිරිගේ කනිටු සොහොයුරා වූ සුගන්ධ වර්තමානයේ පෞද්ගලික අංශයේ විධායකයෙකි. සඳරුවන් ව්‍යාපාරිකයෙකු වන අතර නිල්මිනීද රජයේ ආයතනයක සේවය කරනු ලබයි. කිත්සිරි මෙවන් මියයන විටද සිය පියා මෙන් මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකි. කිත්සිරිගේ අවසන් කටයුතු සිදුකෙරුණේ සිසුන්, භික්ෂූන් සහ කම්කරුවන් 2,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සටන්කාමී අයුරෙනි. සියළු පොලිස් බාධක සහ තහංචි බිඳ දමමින් දේහයේ අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ සිදු කිරීමෙන් පසුව රැස්වූ දහසකට අධික පිරිස පානදුර නගරය පුරා පෙළපාලි පවත්වා පසුව රැස්වීමක්ද තබා විසිර ගියහ.

එජාප ආණ්ඩුවේ 1987 මැයි දින තහනම කඩමින් ජීවිත 2ක් බිලිගත් මැයි දින ද්විත්ව ඝාතන පිළිබඳ පරික්ෂණය පැවැත්වීමට ආණ්ඩුවට සිදුවූයේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කල අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. ලෙස්ලි ආනන්දලාල් සහ කිත්සිරි මෙවන්ගේ මරණ පරික්ෂණ 1987 මැයි මස 3දා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එස්.එල්. සල්ගාදු විසින් පවත්වනු ලැබූ අතර එම ඝාතන වලට බලපෑ වෛද්‍ය හේතු ඇතුළත් පර්යේෂණ වාර්තාව 1987 මැයි 4වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මැයි දින ද්විත්ව ඝාතන පරික්ෂණ 1987 මැයි 14වැනිදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ජී.එල්.එම්.ද සිල්වා ඉදිරියේ විභාග විය.  මෙහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස් අමරසේන පෙනී සිටි අතර මියගිය ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ වෙනුවෙන් බාල තම්පෝ, සරත් විජේසිංහ සහ පියසේන දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටියහ. මියගිය සරසවි සිසු කිත්සිරි මෙවන් රණවක වෙනුවෙන් ජනාධිපති නිතිඥ රංජිත් අබේසූරිය, සරත් විජේසිංහ, ලසන්ත වික්‍රමතුංග සහ ජනප්‍රිය පේදුරුහේවා යන නිතිඥවරුන් පෙනී සිටියහ.  එම මැයි දින සිද්ධිය සියැසින් දුටු සහ අනතුරුව පැන නැගුණු සියළු සිද්ධි මාලාවන් වාර්තාකල එකම ජනමාධ්‍යවේදියා වූයේද ලියුම්කරුය.

අදාළ පරික්ෂණ කොමිසම දින 30කට ආසන්න කාලයක් රැස්වී මැයි දින මරණ පරික්ෂණ සාක්ෂි විභාගය පවත්වන ලදී. එම මරණ පරික්ෂණයන්හි සාක්කි විභාගයන්ගේ අවසානය වූයේ 1988 මාර්තු 28වැනිදාය. පරික්ෂණ මාස 9ක් තිස්සේ විභාගයට ගත්තේය. සාක්ෂි සටහන් පොත පිටු 1,800කි. පරික්ෂණය අවසන් වූයේ 1988 අගෝස්තු 2වැනිදාය. මෙහි තවත් එක් තීරණාත්මක අවස්ථාවක් වූයේ සාක්ෂි උපුටා දක්වමින් නීතිඥ දේශන පැවැත්වීමට විරෝධය දැක්වීමය. මැයි දින ඝාතන 2 පිළිබඳව මහාධිකරණ සාක්ෂි විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරු සිල්වා කියා සිටියේ පොලිසිය වෙනුවෙන් සාක්ෂි දුන් දහදෙනාගේම සාක්කි පිළිගත නොහැකි බවය. එයට හේතුවක් ලෙස මහාධිකරණ විනිසුරු දැක්වූයේ පොලිසිය කලබල අවස්ථාවේදී කිසිම විටක නාරහේන්පිට අභයාරාමයට ඇතුළු වූයේ නැතැයි ප්‍රකාශ කලද රජයේ සහකාර රස පරික්ෂකගේ වාර්තා අනුව වෙඩිතබා ඇත්තේ අඩි 10ක පමණ දුරකින් බව තහවුරු වී ඇති බවය. හදිසි නීති රෙගුලාසි අංක 55 වගන්තිය යටතේ මෙම මරණ පරික්ෂණයේ අවසන් නිගමන සහ පරික්ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලදී. අවසානයේ එයද හමස් පෙට්ටියට ගිය මරණ පරික්ෂණ නිගමන ඇතුලක් තවත් එක් වාර්තාවක් පමණක් බවට පත්විය.

ලාංකීය දේශපාලන ව්‍යාපාරයේ සම්ප්‍රදායක ගමන්මඟ වෙනස්කල තීරණාත්මක සිදුවීමක් ලෙස 1987 මැයි දින තහනමට එරෙහිව කල අරගලය හැදින්විය හැකිය. ලාංකීය රැඩිකල් භික්ෂූහුද, ශිෂ්‍ය ව්‍යාපාරයද, සටන්කාමී කම්කරුවෝද එයට එරෙහිව නැගී සිටියහ. මර්ධනකාරි එජාප ආණ්ඩුවට එරෙහිව ඇරඹූ දෙවන වෙඩිමුරයද එය විය. ඉන් ඇතිවූ උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි ප්‍රබල තරංග මාලාවන් ජන සටනට ගෙන ආවේ නව ජවයකි. කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන්වැද අවසානයේ සිය දිවි පුදකරමින් මිහිකත වැළඳගත් 1940 ජනවාරි 10 ගෝවින්දන්, 1947 ජුනි 5 වී කන්දසාමි, 1953 අගෝස්තු 12 හර්තාලයේදී මාතුපාල, අල්විස්, රබෙල්, පියසේන, වික්‍රමසේන, සාදිරිස්, නිකලස් සහ පෙරියතම්බි, 1980 ජුනි 5 රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ දෙද්දුවගේ සෝමපාල මෙන් 1987 මැයි 1වැනිදා ඝාතනයට ලක්වූ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ ලෙස්ලි ආනන්ද කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ තෙවන වසර සිසු කිත්සිරි මෙවන් රණවකද ඉතිහාසයට එක්වී හමාරය.

ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]

තව කොටසක් ලබන සතියේ…

20 Responses to “87 මැයි දින තහනමට එරෙහිව ජීවිත 2ක් දිවිපුදා අළු නොවූ අරගලය-ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 95 කොටස”

  1. Dilrook Says:

    I disagree with the writer that some of those died (1987-90) fighting for the rights of workers. If so their timing was totally wrong. From 1986 to 1990 Sri Lanka faced multiple challenges economically, politically and militarily. Everyone had to make sacrifices. Most sacrificed their living conditions, economic conditions and hopes temporarily during this time.

    An Indian army invaded the nation and the Colombo government was powerless on many fronts. In 1989 the economic growth rate went negative mostly due to troubles created by the JVP making a bad situation worse.

    Strangely, the government didn’t cave in and workers found conditions acceptable after 1989. The economy grew and jobs became plentiful (than before).

    A more farsighted and careful approach avoiding confrontation would have saved so many young precious Sinhala lives. I blame all parties to the unrest (including the government), their behind the scene instigators and criminals that killed or tortured for the miserable time period. These events must be avoided at all cost.

  2. Ancient Sinhalaya Says:

    How do they do that? How do they get away with murder every time?
    Catholic-run UNPatriotic party get Sinhalese police, Sinhalese tri forces to kill Sinhalese. Nobody
    noticed it was Sinhalese lives they want to destroy.

    It is obvious from the 30-year old long war UNPatriotic party did not want to end since catholic
    tigers of tamil drealam were killing Sinhalese. So why stop it? Nobody could see the motives behind
    prolonging the war. Are Sinhalese really really stupid? We have to admit we are! All those years nobody
    pointed out why the catholic-run UNPatriotic party brutally massacred Buddhists jvpers and didn’t want
    to hurt the catholic tigers of tamil drealam. Not even after attacking Sri Maha Bodhi and Sri Dalada Maligawa
    killing pilgrims. Not even after the massacre of Buddhist monks in Aranthalawa. Catholic tigers of tamil drealam
    killed/hurt 0 priests, damaged 0 churches. Did those Sinhala modayas paused for a moment and wondered why?
    No! Did Sinhala modayas paused for a moment and wonder why staunchly catholic countries like norway, italy,
    uk, us, argentina, brasis etc. supported catholic tigers of tamil drealam? Even archbishop two three of south africa started shouting from roof tops thousands of miles away? Did those Sinhala modays know hitler pira(mala)paharan, tamil selvan, anton balasinyo, etc were catjholics? Obviously not? That’s how stupid we are. Even we say this time and again, there are still a lot of Sinhala Buurowo around and believe catholic-run media’s propaganda. Don’t prove
    Sinhalaya modaya again and again. Think if you have a brain Sinhala buurowan who supports this Buddhist-killing
    party. Remember Soma Thero? Can you figure out who was behind it?

    To those Sinhala buurowo, pol pot ponil is a saint. They can’t remember 60,000 Buddhist jvpers or more than
    100,000 Buddhist civilians (including monks, children and women), forces’ personnel, policemen and policewomen
    sacrificed by the catholic run UNPatriotic party in order to destroy Buddhist population in Sri Lanka. Lk alugosu porisada sent 600 policemen to ltte bullet. Just like that. Pol pot ponil grassed millennium city intelligent officers
    to ltte to expedite their cause. He couldn’t wait to give half the country to his catholic buddy hitler pira(mala)paharan. To them, pol
    pot ponil is a saint. Those Sinhala buuruwan should read Batalanda report to see how catholic traitor chief pol pot ponil
    and his catholic policemen brutally killed Sinhalese in the camp. These UNPatriotic party supporting Sinhalese
    really are buuruwos!

  3. Fran Diaz Says:

    We agree with Ancient Sinhalaya.
    In Sri Lanka, it is always the Sinhala (Buddhists) who pay dearly in terms of lives. The GoSL of those times (1970s & 80s) never invited the JVP for talks. As a result, frustrations build up and violence happens.
    In contrast, five rounds of talks happened with the LTTE, with no positive results.

    * The JVP fought for better basic needs.
    * The LTTE was fighting for much more – the Tamil Caste Wars imported from Tamil Nadu, plus a Separate State, Eelam, encouraged by ex-Colonists.

    Given that :
    Some 500 yrs of pro Colonial attitudes still continue with some leaders, especially those leading the present GoSL. The Cold War period since the end of WW II (1945) till 1991 played its part in continuing to divide within (divide & rule) especially the Colonised nations, even after so called Independence. This was due to Labor in such countries following the Communist or Socialist ideals.

    We can hardly expect Labor to follow Capitalist ideals …. ? They will naturally follow Socialist ideals in any part of the world.

    In any country, only a few people are truly talented Entrepreneurs to suit the purely Capitalist plan. Most people in the masses are either Govt clerical workers, Agricultural workers, or laborers, etc.
    Thus society gets divided, and the ‘divide & rule’ falls into place with Fascist type governments.

    One would think that DEMOCRATIC Governments are geared for the needs of the masses and not just to serve the needs of the wealthy. It is also the responsibility of the masses to keep numbers down to suit the resources of the country through Family Planning & Birth Control, which ought to be offered as a free service to adults via any GoSL.

    That kind of approach to life would add up to a responsible Democracy, from both govt as well as from the masses.

    So long as the UNP follows a mostly Capitalism appraoch, and the other parties follow a more Socialist approach, there will be trouble in Lanka, with the ‘divide & rule’ in place, much to the delight of neo-Colonists.

  4. Fran Diaz Says:

    NB:

    – The First insurrection (early 1970s, Mrs B’s time) by the JVP was due to Unemployment problems.
    – The Second insurrection by the JVP was due to the imposing under Duress of the 13-A by India (late 1980s, JRJ’s time).

    Both times, NO talks were held by the GoSL.

  5. Christie Says:

    JVP was funded by India and Indian colonial parasites. JVP killed Sinhalese and they themselves who are Sinhalese got killed.

  6. Fran Diaz Says:

    Christie,

    I doubt that Indians funded the JVP. At the time of the JVP led by Rohana Wijeweera, there were five classes held for the JVP students. One class was about INDIAN Expansionism. Also, the late 1980s second insurrection was in protest about the 13-A which was imposed by INDIA under duress on the then JRJ govt.
    So the JVP was not with the INDIAN agenda.

    Perhaps a person who knows more about the funding aspects can enlighten us.

  7. Fran Diaz Says:

    Another point to note is that the JVP’s first insurrection took place in 1971, at which time the island nation was still called Ceylon, and was yet under DOMINIAN status to Gt Britain, even though Independence was granted in 1948, afer WW II ended in 1945.

    It was only in 1972 that Ceylon was named Sri Lanka and the Dominion status was removed, and Lanka became a RE-PUBLIC. Sri Lanka continues as a member of the Commonwealth.

    Lesson Learnt seems to be to never get re-Colonised.

  8. Christie Says:

    සින්හලයේ වම නතිනම් සමාජවඩය පටන්ගත්තේ ඉන්දියානු පරපෝසිතයන්ය. 1927දී මොහන්දාස් කරම්චාන්ඩ් තමයි මුලපිරුවෙ.

    ඇන් ඇම් වගේ අයතමයි ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපුන අපේ මොල හෝදපු උන්.

  9. Dilrook Says:

    In 1971, it was the SLFP government that killed close to 20,000 Sinhala youth. UNP did it in 1989.

    JVP didn’t fight for anyone’s basic needs. Its leaders were living in luxury while poor Sinhala youth died. JVP was invited to Round Table Discussions but it opted to avoid it. A long period of surrender was given. Except a few, most saw it as a weakness. Victims of the JVP exceeded 6,000 civilians by July 1989 which is more than Sinhala civilians killed by the LTTE until then.

    Decapitation, forced curfews, hanging, genital mutilation, killing political opponents, dismemberment, election boycott (1988 election boycott enforced by the JVP mainly in the South helped Premadasa win with an overall voters’ turnout of just 55%), killing Buddhist monks, destruction of the electricity infrastructure and bombing the parliament are some acts of terror it did. Strangely all JVP’s victims were Sinhala Buddhists! Not many Tamils or Muslims suffered from JVP terror.

    JVP seems to have learnt the lesson and with the elimination of its iconic leaders, entered the democratic mainstream.

  10. Dham Says:

    Current JVP still consider Wijeweera as the leader. This means they don’t consider Wijeeweera as a man hiding in a bungalow pretending to be Attanayaka and conducting terrorist activities whilst the youth die for them as cowardly. This is the very basic flaw of current JVP even though they appear to be on the common man’s side, finding frauds with governments, accusing both parties ( which is reasonable).
    They should give up Wijeweera syndrome if they are to be accepted by people.

  11. Christie Says:

    Dilrook you are right, Indian funded JVP killed Sinhalese and they themselves got killed who were Sinhalese. Non of the Tamil JVPeers got killed. If it was only a few Tamil JVP got killed mainly by opponents of the JVP and the Government.

    Wijeweera got money from Colombo Indian Merchants. He went to hide among his protectors the Indian colonial parasites.

    I think Noel Mudalige alias Kumar, Kumar Gunaratnam, aliasA R M Dayal, alias Dakon alias Kumar etc etc was once a body guard of Wijeweera.

  12. Fran Diaz Says:

    Dilrook,

    Thank you for response re the JVP.

    As far as we know, in 1971, the JVP uprising was over Unemployment problems. No talks were held, as far as we know. The JVP by then had taken to the Peking Wing and were not with the Soviet Wing, as Wijeweera had switched sides, and Wijeweera was not allowed to enter Russia to continue his studies after his return to Lanka due to illness.
    We also do not know anything about the ‘living in luxury’ part by JVP leaders – it was only in the late 1980’s that Wijeweera had some property Upcountry. It was the JRJ govt that was lenient at the start with the JVP, not the Mrs B govt.

    I personally think that the fact that Sri Lanka was still a Dominion under Britain had a lot to do with no talks being held during the first Uprising by the JVP.

    I am not condoning the violence by the JVP. I am stating that talks ought to have been held, right from the start. I am also stating that the whole JVP matter must be looked at with honesty and clarity if we are to find lasting solutions to the problems in Lanka.

    To tell the truth, I myself as a young person in the 1970s, had grave mistrust and fear of the JVP and their activities. It is time to understand why they did what they did and lay the matter to rest.

    What do you think of the two reasons stated in the internet articles for their two uprisings – i.e. the first due to Unemployment and the second due to INDIA imposing the 13-A under Duress on the JRJ govt ?

  13. Dilrook Says:

    The opposite of what Fran says is true in 1971.

    It was the SLFP government that selectively used the British connection in 1971. While it charged JVP activists for rebelling against the queen (this charge was possible because Sri Lanka was under the ultimate rule of the queen until 1972), it quickly realised this will give them access to the protection of the Privy Council. Then the authority of the Privy Council was removed by an act of parliament hurriedly in 1971. Thanks to the fear of the Privy Council by the SLFP government at the time of the insurrection, many JVP activists (and other suspects) managed to save their lives. This was not available to them in 1989.

    The JVP leader was living in luxury even at the time of his studies in a Soviet university. Facilities and the quality of education available to him was an extreme luxury to almost all Sri Lankans then. He was exceptionally intelligent and was going to complete his medical studies in record time (not to mention he was younger than 18 when he completed advanced level exam). He would have served the nation and people better had he kept his dream of becoming a doctor alive and made good use of the very rare opportunity given to him.

    JVP and SLFP had an understanding at the 1970 election not to contest against the SLFP, which would have helped the UNP. This helped the SLFP win the 1970 election despite winning an overall lesser percentage of votes than the UNP. Had the JVP fielded own candidates (in Sinhala majority areas), UNP would have won in 1970. JVP suddenly launched an assault on April 5, 1971 without any warning to the government or attempting to diffuse tensions peacefully. It was getting prepared for this for a very long time (Alles, AC). Had it followed open channels of communication before trying such violent action, many lives could have been saved. Unlike the LTTE’s war (1976 to 2009), the JVP violent act was not prolonged. Although unemployment and lack of political representation (among others) contributed to the frustration, ‘revolution’ against the state was what the JVP did after some of its leaders were brainwashed to do so in the Soviet Union. Similar events happened in other developing countries as well.

    In 1980s, the UNP government invited the JVP to Round Table Discussions, which the JVP ridiculed and rejected. Later, Sri Lanka Progressive Front (SLPF), including Ariya Bulegoda, held discussions with the government for an amicable de-escalation of the situation. However, the JVP was adamant it was going to ‘win’ what it called the ‘people’s struggle’. In 1994, JVP contested under the SLPF ticket won 1 seat in parliament.

    In addition to headstrong JVP leaders, the SLFP and UNP governments, politicians including self-styled “revolutionists” including Colvin, Gunawardanas (Viplavakari LSSP leader and dynasty), the Sangha and the civil society must have done much more to save these young lives. They all failed in their responsibility. Some opposition parties were hoping to capitalise on the lives lost to capture power (which they did in 1977 and 1994).

    JVP showed tremendous success once it entered the democratic mainstream for good. Although it lost its way since 2010, it was a deciding factor at the 2015 presidential election. JVP voted 544,000 votes at the 2015 General Election. Had Sirisena not received this vote bank in January 2015, he would not have won the election.

    As the two top leaders of the JO avoid blaming India for ETCA in strong terms, and fail to take a stronger stand against IMF, Wigneswaran and other crucial nationalist issues, the JVP is gaining ground once again at the expense of the JO. JVP will certainly foil JO’s attempt to win the next general election as a result. If JVP leaders adopt a more hard-line nationalist stand, if they can, they can totally foil the JO as both appeal to the Sinhala Buddhist vote base (in addition to traditional SLFP and UNP with a very strong presence within the community).

    Similarly the TNA (a coalition of parties formed by the LTTE in 2000 contesting as ITAK) keeps winning around 15 seats in parliament. Democratic means must be used at all times. Resorting to violence to gain political rights (and to supress opposition political rights) can never be justified.

  14. Fran Diaz Says:

    Dilrook,
    thank you for response.

    ——–

    Let us examine some more how such an organisation such as the JVP came about to a Buddhist country.

    The resultant truth that comes out is that the RURAL Sinhala Buddhists were neglected right through the some 500 yrs of Colonial rule.

    The JVP is a result of that neglect, isn’t it ?

    Earlier, prior to the advent of Colonists, the use of Land in Sri Lanka was on a different basis. Lanka was mainly an Agrarian Society. The use of Land was that the people could grow produce but without ownership of land. The Buddhist Temples were gifted land (Nindagam) by the kings, but the people could use the land with no deeds to ownership. Some kind of Common Law usage was in place, where someone could use parts of the land and take its produce.
    However, after the advent of Colonists, Deeds of Ownership came in (Roman Dutch Law with some British Common Law).
    The British brought in the Land Ordinance to then Ceylon under the Queen of Gt Britain & the Empire.

    With the use of Land removed from the Rural People, there was a large void in terms of earning a living. The new laws brought in by foreigners with guns & foreign religions were alien to the local ways. The void created by taking away the Land from People is yet to be filled. Dr Sudath Gunasekara has written many an article to the Lankaweb about the land taken away from the Kandyan Peasants by Colonists for their vast plantations, the loss felt to this day.

    Wijeweera himself came from a poor background. His family home is still there in Kottegoda, Matara. I have seen it, passing by on our way on Galle Road. It is a very small house by the road.

  15. Fran Diaz Says:

    contd ….

    Dr S.A. Wickremasinghe was a friend of Wijeweera’s father. His father fell ill after being attacked by political rivals and young Wijeweera was sponsored (probably by Dr S.A.W., to go to Moscow to do studies in Medicine). Yes, he was a bright student and got a distinction in the Russian language, and completed 3 yrs of Medical School, whilst also getting a distinction in Political Science. He returned to Lanka due to illness and switched to the Peking Wing. Russia did not allow Wijeweera’s return to there for studies.

    Not much had been done for the rural folk during SWRD times, other than restoration of the Sinhala Language. Thus the birth of the JVP. They unfortunately followed the rough and tough ‘take over’ instructions from the two Communist countries in the region.

    I am looking at the plight of the rural Sinhala/Buddhist youth who have been massacred twice in large numbers.

  16. Fran Diaz Says:

    contd. ….

    I have never heard of that the JVP was invited for TALKS BY THE UNP. If I am mistaken, I apologise. Mrs B never invited the JVP for talks. In fact, sometime in the early 1980s a top cop told us that many files had been submitted to the Mrs B govt on the JVP activities, but NO action had been taken by the Mrs B, Marxist Coalition. Cannot help but feel that the Colombo land owning Marxists did not encourage early action – but I may be wrong. For some reason, the unrest was allowed to grow and over 400 young persons killed by govt forces.

    I am writing in so that such incidents never happen in Lanka. We have known the Sinhala/Buddhist villagers to be mostly decent, simple people.
    Killing rural Sinhala/Buddhists in large number : No one of importance protests. The only VIP who went to Geneva to protest was Mahinda Rajapakse. What an irony – today, the ‘Rathu Elephants’ wing of the JVP is against MR !!

    (Note: my computer kept sending in parts of the write up even before I pressed the Submit space – may be because I was typing fast – sorry !).

  17. Fran Diaz Says:

    Correcting error : 4,000 to 5,000 JVP rural youth were killed by the Mrs B govt.

  18. Dilrook Says:

    Sirima’s SLFP had an understanding with the JVP at the 1970 election to defeat the UNP. That gave enough encouragement to negotiate, if JVP opted. JVP opted for the then fashonable “revolution” as it succeeded around the world from Vietnam to Latin America. The onus was on the JVP to make attempts to reach out to the government. Its secret conduct made it even more difficult. Obviously they decided on the violent “revolution” and giving the government a hint would have foiled it. That may explain why they never reached out to the government.

    You are wrong on JR and Premadasa. They reached out to the JVP many times (I have given these details above). JVP leaders vowed not to “betray” their cause to the government.

    In addition to headstrong JVP leaders, the SLFP and UNP governments, politicians including self-styled “revolutionists” including Colvin, Gunawardanas (Viplavakari LSSP leader and dynasty), the Sangha and the civil society must have done much more to save these young lives. They all failed in their responsibility.

    Once the rebels were being defeated, there was no motivation for the government to go for peace talks. This was same with the LTTE. Such talks were held when the LTTE had the upper hand (1985, 1987, 1989, 1994, 2001-06).

    It is accepted that ordinary Sinhalese, Tamils and Muslims all had grievances thanks to colonial plunder. This is a recurring theme in all colonial subjects around the world. A small section of both Sinhalese (less than 0.5%) and Tamils (less than 2%) resorted to violence in 1971 and 1976 to 2009, and failed. Muslims on the other hand were very clever to avoid such armed rebellion/war against the state and thrived. As a result they suffered least casualties and also supported by a generally higher population growth rate, Muslim population percentage increase from around 7% to 9% during this time.

    If not for Sinhala Only in 1956 (and reasonable use of Tamil Nadu language – both these came into being from the Official Language Act of 1956), the 1971 JVP insurrection would have succeeded. By Sinhala Only, people’s participation in state affairs increased from a dismal 4% to over 75%. In other words, most people participated in state affairs (though unsatisfactory due to the poverty of the country). Had it remain how it was, most Sri Lankans would be shut out of the state and they would have backed up the JVP to topple the government through the insurrection. This is what happened in some Asian and particularly African countries.

    The lesson learnt is, never to resort to violence and violent defiance contrary to national security interests. Those who don’t resort to violence and violent defiance contrary to national security interests, thrive. In wide contrast, what happened in 1956 was a bigger revolution, a perfectly peaceful one. If at all, we need this type of “revolutions”.

    Don’t ignore the electoral strength of the democratic JVP. As the two top leaders of the JO avoid blaming India for ETCA in strong terms, and fail to take a stronger stand against IMF, Wigneswaran and other crucial nationalist issues, the JVP is gaining ground once again at the expense of the JO. JVP will certainly foil JO’s attempt to win the next general election as a result. Both parties vye for the rural Sinhala Buddhist vote.

    The JVP has learnt the lesson. It is a waste of time to dispute that.

  19. Dham Says:

    Cannot agree more with Dilrook. 1956 was the ONLY revolution, peaceful and effective.

    2009 is the 2nd one not peaceful but very effective. However that effectiveness was destroyed within months by idiotic Pandams who resorted to award kingship and resorted to worship. This could well be orchestrated by those being worshipped but I have no proof of that.

    A similar revolution to 1956 is badly needed now. If JVP can initiate that I will certainly join them. However, one of my prerequisites is to drop Wijeweera worshipping which may never happen.

  20. Fran Diaz Says:

    Dilrook,

    thank you for additonal information.

    ——-

    I am glad you agree with me on the ill effects of Colonisation on the Rural Youth of Lanka. The aspect of POVERTY and lack of EMPLOYMENT due to LAND ACQUISITION & NEW LAWS brought in by COLONISTS (particularly the BRITISH), must be emphasised further to show the importance of LAND in a small country such as Sri Lanka, and never to make similar mistakes again.
    At this point, I would like to emphasize the idea of the UNP led Yahap to give 5,000 acre lots on 99 yr leases to Foreigners. A similar tragedy of yore in the making here !

    Though you have given some information about some attempts by the then UNP to have talks with the JVP, I have serious doubts about those efforts. There was NO publicity given to such efforts, if they were ever made. Moreover, as you say yourself, the Colombo ‘Revolutionists’ such as Colvin etc were English educated, landed proprietors and not true “Revolutionaries” at all. They were not of the Dr S.A. Wickremasinghe calibre. Also, Dr S.A. Wicks was not for violence. No real help/guidance ever came from the Colombo Marxists for the cause of the poor and unemployed rural youth of Lanka. Thus they were left to their own rough methods to deal with the ongoing problems.

    Mrs B’s SLFP lost the Elections to the UNP because of the crass manner in which they handled the JVP youth and also ruined the Economy. Basic needs of food, clothing etc were not available during her tenure in office. That was our personal experience and needs no comments.
    In my opinion, the UNP too handled the JVP matterbadly. The UNP was ultra pro-west as well as for the Capitalist type of Economy. In those days, due to the ongoing Cold War (1946-1991) the different Economic ideologies really mattered. The UNP under JRJ, to their credit, completed the Mahaweli Project, FTZ project and the Ports projects.
    The JVP cadre of those times saw no hope with the UNP, even if they made lame attempts at ‘talks’. I later thought that Wijeweera tried to emulate the Che Gueverra type of image.

    I state again that I do not condone Violence of any type. However, how small countries of Economic importance (due to Ports and strategic location in the Indian Ocean) get caught up in world politics, like it or not, and how Lanka govts must seek to protect and shield the PEOPLE of the country, particularly the Youth, from such ill effects in the future, is imperative.
    The JVP tragedy took place TWICE, the root cause being Colonisation of Lanka and Land being taken away from the People, depriving them of a sense of Security and wellbeing as well as Employment.

    To me the First Lesson Learnt here is NEVER to allow COLONIZATION of Lanka. It is the Colonists who brought the tragedy of the JVP to Lanka. It is pertinent to say that the tragedy of the LTTE was also brought to Lanka by Colonists.
    Colonists want to USE the land and the People for the gain of Colonists – they do not care how it is done or the costs to the Nations they invade.

    The Second Lesson here is that methods of Negotiation & Talks with protesting groups, and Laws must be put in place, to prevent such tragedies in the future.

    We need a trusted and mature leadership in govt., not a govt led by a person who participated in torture chambers for the JVP at Batalanda. Bad feeling there.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress