නලින් ද සිල්වා සහ ජාතික ව්‍යාපාරය
Posted on May 2nd, 2016

ජානක වංශපුර

මේ ලිපිය ආචාර්ය නලින් ද සිල්වා මහතා පසුගිය වසර තිහ පමණ කාලය පුරා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ඉටුකල සේවය පිළිබඳව පූර්ණ විග්‍රහයක්වත් ඒ වෙනුවෙන් ඒ මහතාට දැක්වෙන උපහාරයක්වත් නොවේ. මේ ලිපියෙන් උත්සාහ කෙරෙන්නේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ලබාදුන් බුද්ධිමය දායකත්වයේ යම් වැදගත් ලක්‍ෂණයක් ඉස්මතු කිරීමටය.

එතෙක් කොටි ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා රජයන් විසින් ගත් ක්‍රියාමාර්ග නව මගක් ගත්තේ අනූවේ දශකයේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන හරහා බටහිර රාජ්‍යයන්ට මෙරට දේශපාලනයට අත පෙවීම සඳහා ඉඩ කඩ ලබාදීමෙන් පසුවය. චන්ද්‍රිකා කුමාරතුංග දෙමළ ප්‍රශ්ණය දුටුවේ ඇගේ මිය ගිය ස්වාමියාගේ මහජන පක්‍ෂයේ රෝස පාට වාමවාදී ඇසිනි. චන්ද්‍රිකාගේ දැක්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිංහල බෞද්ධ පදනමට විරුද්ධවූවා පමණක් නොව ඊට වෛරද කලේය. රජයේ මේ ආකල්ප බටහිරුන්ට ශ්‍රී ලංකාවට අත පෙවීමට ආරාධනාවක් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ බටහිරුන් නෝර්වේ රජය හරහා දෙමළ ජාතිවාදයට සෘජුවම ආධාර උපකාර කිරීමත්, සාම ගිවිසුම් ගැසීමට රජයට බල කෙරීමත්, ඒ හරහා කොටි තවත් ශක්තිමත්වී හමුදාවන්ට දරුණු ප්‍රහාර එල්ල කිරීමත්ය. 1994 සිට 2005 දක්වාවූ දුර්දාන්ත කාලය තුල චන්ද්‍රිකාගේ අසමත් බටහිර ගැති නායකත්වය හේතුවෙන් දෙමළ ප්‍රශ්ණය උග්‍රවූවා පමණක් නොව රටේ ආර්ථිකයද කඩා හැලුනු බව දැන් අප දනිමු.

1994දී චන්ද්‍රිකාට ශ්‍රිලනිපයේ ජනාධිපති අපේක්‍ෂකත්වය නොදිය යුතුව තිබිනි. ඊට වඩා සුදුසු මෙරට දේශපාලන සංස්කෘතියට ගැලපෙන ශක්තිමත් ප්‍රබල නායිකාවක් ශ්‍රිලනිපයට සිටියේය. ඒ සිරිමාවෝය. අවාසනාවකට ශ්‍රීලනිපේ නායකයින් සහ ඔවුන්ට උපදෙස්දුන් උගතුන් බහුතරය සිරිමාවෝගේ සුදුසුකම සහ ශක්තිය අවතක්සේරු කලහ. ඒ අවස්ථාවේදී ජාතික ව්‍යාපාරය තුල සිරිමාවෝ මැතිණිය ජනාධිපති අපේක්‍ෂක කල යුතුයැයි හඬක් නැගුවේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. සිරිමාවෝ මැතිණිය එදා රාජ්‍ය බලය සියතට ගත්තේ නම් කොටි ත්‍රස්තවාදය ඒ ධූර කාලය තුලම නිම කරන්නට බොහෝ දුරට ඇයට හැකිවන්නට ඉඩ තිබිනි. එසේ වූවා නම් ත්‍රස්තවාදය නිසාවූ ජීවිත හානිය අවම කරගන්නට ඉඩ තිබිනි. බටහිරුන්ගේ අත පෙවීම නතරවී ඉංදියාවත් බටහිරත් මෙන්ම චීනයත් සමඟත් සාම්‍යයන්සේ සම්බන්ධතා ඇතිකරගන්නට ඉඩ තිබිනි. එසේවූයේ නම් අද වෙනවිට අපට මෙරට ශක්තිමත් ආර්ථිකයක් සහ රාජ්‍යයක් ගොඩනඟා ගන්නට තිබිනැයි අනුමාණ කල හැකිය. 1994දී ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමේදී මෙරට දැවෙන ජාතික ප්‍රශ්ණයවූ දෙමළ ප්‍රශ්ණයේදී ඒ ඒ අපේක්‍ෂකයා කෙසේ ක්‍රියා කරනු ඇත්ද යන්න අනුමාණ කල යුතුව තිබිනි. ආචාර්ය නලින් ද සිල්වා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනී සිටියේ ඒ මහතාට සිරිමාවෝගේත් චන්ද්‍රිකාගේත් අතීතය සහ වර්තමානය පිළිබඳ අවබෝධයකින් යුතුව ඔවුන්ගේ අනාගත නායකත්වය පිළිබඳව පුරෝකථනය කල හැකිව තිබුනු නිසා විය යුතුය. අවාසනාවකට ආචාර්ය නලින් ද සිල්වාට තිබුනු දුර දැක්ම ජාතික ව්‍යාපාරයේ සිටි බොහෝ උගතුන්ට එකල නොතිබිනි.

අද ජාතික ව්‍යාපාරයේ උගතුන් දෙමළ ජාතිවාදයක් ගැන කථා කලද අනූව දශකය වෙනවිට මෙරට මුල් තැනක් ලැබුනේ දෙමළ ජාතියට සිංහලුන්ගෙන්වූ අසාධාරනය පිළිබඳ කථා බහය. මෙරට උගතුන් දෙමළ ප්‍රශ්ණයට පිළිතුරු සෙවුවේ ඒ පදනම මතය. 1995 දෙසැම්බර් මස ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා යන කෘතිය ඉදිරිපත් කරමින් ආචාර්ය නලින් ද සිල්වා මහතා දෙමළ ප්‍රශ්ණයට විකල්ප දේශපාලන කථාවක් නිර්මාණය කලේය. එනම් සිංහලුන් දෙමළ ජනයාට කල කරන අසාධාරනයක් නැත, ඇත්තේ දෙමළ ජාතිවාදයකි එහි පදනම ඉංග්‍රීසීන් විසින් වෙල්ළාල ප්‍රභුන් යොදා ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට ඓතිහාසිකව හිමි තැන අහිමි කිරීමය යන කථාවය. ක්‍රමයෙන් සාමාන්‍ය සිංහලුන් මේ කථාව පිළිගත්තේ පොදුවේ සිංහලුන් ජාතිවාදී වන නිසා නොව ඒ කථාව ඔවුන්හේ සිතුම් පැතුම් හා සමපාතවූ නිසාය. දෙමළ ජාතියට සිංහලුන්ගෙන් අසාධාරනයක් වී නම් කොටි ත්‍රස්තවාදීන් විසින් උතුරේ ගෙනගිය වාර්ගික ශුද්ධකරණයත් ඊළම දෙමළ ජනතාවගේ නිජබීම යන්නත් මෙරට දේශපාලනය තුල සාධනීය වන්නට ඉඩ තිබිනි. එසේවී නම් මහින්ද රාජපක්‍ෂ රජයටවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි වනු ඇත. අවසානයේ රාජපක්‍ෂ රජයට කොටින් පරාජය කිරීමට හැකිවූයේ තමන් දෙමළ ජනයාට අසාධාරනයක් කර නොමැත යැයි පොදුවේ විශ්වාස කල සිංහලුන් තම ජාතිය වෙනුවෙන් සිය දරුවන් සහ සැමියන් හමුදාවට බැන්ඳවූ නිසාය.

මෙරට දේශප්‍රේමී උගත්තු පොදුවේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුනද එය දෙමළ ජාතිවාදයේ අංගයක් ලෙසත් එහි ඓතිහාසික ගලා ඒමත් එහි බටහිර රාජ්‍යයන්ගේ වැඩ කොටසත් සංගතව දුටුවේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. මහින්ද රාජපක්‍ෂ රජය කොටින්ට එරෙහිව කල මෙහෙයුමේ නොනිල දේශපාලන පදනම ඒ දැක්ම විය. නමුත් සිංහල සමාජය ඒ ස්ථාවරයට ගෙන ඒම සඳහා ආචාර්ය නලින් ද සිල්වා දශක දෙකකට වැඩි කාලයක් වෙහෙස විය. රනිල් වික්‍රමසිංහත් (2002, CFA) චන්ද්‍රිකා කුමාරතුංගත් (2004, PTOMS) එකිනෙකා පරයමින් කොටි ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගැසූ අවධිය වෙනවිටත් ජාතික ව්‍යාපාරයේ සමහර උගත්තු පවා කොටින්ට කුමක් හෝ දිය යුතුය යන මතය දැරූහ. නමුත් මේ සැම ගිවිසුමක්ම කුණු කුඩයට දැමිය යුතුයැයි ඉතා නිරවුල්ව සහ නිර්භයව එක දිගටම ප්‍රකාශ කලේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. ඒ ගිවිසුම් පිළිබඳව ඔහුගේ ස්ථාවරය හුදෙක් අවස්ථාවට අනුව ගොතන ලද්දක් නොව දෙමළ ජාතිවාදය පිළිබඳව සංගත දැනුම් පද්ධතියක් මත පදනම්වූවක් වීම ඔහුගේත් සෙසු දේශප්‍රේමී උගතුන්ගේත් වෙනස විය.

2005 ජනාධිපතිවරණයේදී ජාතිකත්ව පදනමකින් මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීම ජාතික ව්‍යාපාරයේ අවශ්‍යතාව විය. නමුත් සුළු ජාතීන්ගේ ඡන්දය නොමැතිව ජනාධිපතිවරණයක් දිනිය නොහැකිය යන මතය එකල ස්ථාපිතවී තිබිනි. ඒ සඳහා සුළු ජාතික පක්‍ෂ සමඟ සංධානවලට යෑම සාමාන්‍ය දේශපාලන සිරිතවී තිබිනි. නමුත් ඒ මතය බිඳලමින් ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවසූයේ සිංහල ඡන්දයෙන් 65% ක් ලබා ගත හැකිනම් ඡන්දය දිනිය හැකි බවය. එය ශ්‍රීලනිප ඡන්ද ව්‍යාපාරයේ ආකල්පීය වෙනසකට තුඩු දිනි. සිංහලුන්ගේ ප්‍රශ්ණය ඇමතු මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දීත් සහ 2010 දීත් ජනාධිපතිවරණ ජයග්‍රහණය කලේය.

කොටි පරාජය කල නොහැකිය යන මතය මෙරට ස්ථාපිත කරන ලද්දේ එන්ජීඕ හරහා ක්‍රියාත්මකවූ බටහිර රාජ්‍යයන්ගේ අවශ්‍යතා සඳහා පෙනී සිටි මෙරට හා විදෙස් උගතුන්ය. එය මිත්‍යාවක් බව ආචාර්ය නලින් ද සිල්වා අවධාරනය කලේය. කලක් ගතවුනද සිංහලයෝ ක්‍රමයෙන් ඒ බව අවබෝධ කරගත්හ.

2009 මැයි මාසයේ කොටි දෙමළ ජනතාව නන්දිකඩාල් වෙරලට සිර කරද්දී සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සඳහා හමුදා මෙහෙයුම් නතර කල යුතුය යන මතය පැන නැගුනි. නමුත් යුධකාමියෙක් යැයි තමාට එල්ලවූ චෝදනා නොතකමින් හමුදා මෙහෙයුම් කිසිම හේතුවක් නිසාවත් නතර කල යුතු නැතැයි පැවසූවේ ජාතික ව්‍යාපාරයේ වෙන කිසිවෙක්වත් නොව ආචාර්ය නලින් ද සිල්වා මහතාය. යම් හෙයකින් හමුදා මෙහෙයුම නතරවූයේ නම් ප්‍රභාකරන්ගේ දිවි ගලවා ගෙන යාමට බටහිර රාජ්‍යයන් සූදානම්ව සිටි බව දැන් අපි දනිමු. එසේ වූවා නම් යහපාලනය රජයේ ආශිර්වාද මැද ප්‍රභාකරන් නැවත මෙරටට පැමිණෙනු දැක බලාගන්නට තරම් අප අවාසනාවන්ත වීමට ඉඩ තිබිනි.

කොටි පරාජයෙන් පසුවද බටහිරුන්ගේ බලපෑම නතර නොවෙන බවත් ඔවුන් රාජපක්‍ෂ වරුන්ට සහ රණවිරුවන්ට දඬුවම් පමණුවන බවත් ආචාර්ය නලින් ද සිල්වා මහතා පුරෝකතනය කලේ 2009 දීමය. අද බටහිරුන් යහපාලන ආණ්ඩුව ඒ සඳහා යොදවා ගන්නා අයුරු අපි අත් දකිමින් සිටින්නෙමු. නමුත් ඒ මහතා මේ බව පවසන වනවිටත් බටහිරුන්ගේ බලපෑම පිළිබඳව මෙරට සමහර දේශප්‍රේමීන් සිතුවේ හුදෙක් අසාධාරන කමක් නැත්නම් කරුණු හරි හැටි අවබෝධ නොකර ගන්නා වැරදි තීරණයක් නැත්නම් දෙමළ ඩයස්පෝරාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා කෙරෙන්නක් ආදී වශයෙනි. නමුත් වසර සියයකට වඩා දිවෙන දෙමළ ජාතිවාදයත් ඊටත් වඩා කාලයකට එහා දිවෙන බටහිර අධිරාජ්‍යවාදයත් එසේ තේරුම් ගත නොහැකිය. එය තේරුම් ගැනීම සඳහා සමස්ථ දෙමළ-සිංහල-ඉංග්‍රීසි සංස්කෘතික-දේශපාලන ක්‍රියාවලියම අළලා ප්‍රවාදයක් තිබිය යුතුවිනි. ආචාර්ය නලින් ද සිල්වා විසින් එය නිර්මාණය කර තිබිනි.

මහින්ද රාජපක්‍ෂ රජය පෙරලීම සඳහා විවිධ වසන්ත ගෙන එනු ලැබිනි. මේවා බටහිරුන් විසින් ගෙන ආ අරාබි වසන්තවල අනුකරණ විය. ඒ දුටු වහාම ඒවාගේ යටි අරමුණු හෙලි කලේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. උදාහරණයක් වශයෙන් ඉසෙඩ් අගය ගණනය කිරීමේ යම් දෝශයක් නිසා උසස් පෙළ සිසුන්ටවූ අසාධාරනයක් පදනම් කරගෙන උසස් අධ්‍යාපන ඇමතිටත් ඒ හරහා මහින්ද රාජපක්‍ෂ රජයටත් විශාල බලපෑමක් කිරීමට සූදානමක් තිබිනි. ඒ වසන්තය සඳහා මූලිකත්වය ගත්තේ ජවිපෙයය. නමුත් එය උසස් අධ්‍යාපන ඇමතිගේ වරදක් නොව රජයට උපදෙස් දුන් විශේෂඥයින්ගේ වරදක් බවත් අගවිණිසුරු තුමියගේ නියෝගයක් නිසා ඒ වරද තවත් අවුල් සහගතවූ බවත් පහදාදුන් ආචාර්ය නලින් ද සිල්වා මහතා ඒ වරද නිවැරදි කරන ආකාරයක්ද යෝජනා කරන ලද්දේ එවකට සිටි උසස් අධ්‍යාපන ඇමති වරයා පුද්ගලිකව තමන්ට සුහදශීලී නොවුනු වාතාවරණයකය. ඒ මහතා ෆූටා රතුපස්වල ආදී සිදූවීම් වලදීද එහි යටි අරමුණ හෙලිදරම් කරමින් රජය ආරක්‍ෂා කිරීමට කටයුතු කලේ මහින්දට කඩේ යනවා යන පුද්ගලික අවමානයද නොසලකා හරිමින් බව අප මතක් කල යුතුය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයෙන් පසුවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ඒ මහතා අත තබා ගත යුතුයැයි නිර්දේශ කලේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. මහින්ද රාජපක්‍ෂ නායකත්වය අතහැරි විට මහින්ද කල ලොකුම මෝඩකම ලෙස ආචාර්ය නලින් ද සිල්වා එය හැඳින්වීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය තුල මාස කිහිපයකින් ඒ බව තේරුම් ගැනීමට අපට හැකිවිනි. පසුගිය මහ මැතිවරණයට මහින්දවාදීන් වෙනම පක්‍ෂයකින් තරඟ කල යුතු බව ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. එය නොපිලිපැදීමේ ආනිසංස 2016 මැයි රැලිය සංවිධානය කරන මහින්දවාදීන් විසින් මේ ලිපිය ලියන මොහොතේද අත්විඳිමින් සිටියි.

 

තිස් වසරක කාලයක් තිස්සේ ජාතික ව්‍යාපාරය තුල ආචාර්ය නලින් ද සිල්වා සිදුකල බුද්ධිමය මැදිහත්වීම් වල සුවිශේෂ බවක් ඇති බව පැහැදිලිය. අන් උගතුන් යමක් සිදුවූවායින් පසුව එය වෙන් කරගෙන විහ්‍රහ කරන අතරේ ආචාර්ය නලින් ද සිල්වා මහතා කලේ අතීතයත් වර්තමානයත් අළලා සමස්ථ සමාජ-දේශපාලන ක්‍රියාවලිය හැකිතාක් දුරට සංගතව තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. එය පදනම් කරගනිමින් ඔහු අනාගතය පිළිබඳව පුරෝකථනය කලේය, ප්‍රශ්ණ වලට විසඳුම් ඉදිරිපත් කලේය. දේශපාලන විචාරයේත් බුද්ධිමය නායකත්වයේත් වෙනස අනාගතයට මඟ පෙන්වීමට හැකිවීමය. ජාතික ව්‍යාපාරය තුල ආචාර්ය නලින් ද සිල්වා මහතා මග පෙන්වන්නෙක් විය.

අනාගතයට මඟ පෙන්වමින් ප්‍රශ්ණ විසඳීමට නම් සමස්ථය දැකීමට හැකි විය යුතුය. හතර මං හංදියක රථ වාහන තද බදයක් ඇතිවී වාහන සිරවී ඇති අවස්ථාවක් සලකන්න. එක් එක් වාහනයක රියදුරාට දැකිය හැක්කේ තමන්ගේ හතරවටේ සිටින අනිකුත් රථවාහන පමණය. ඔහුට කල හැක්කේ ඒ දැකීම උඩ තමන්ගේ රථය පැදවීමටය. නමුත් තනි රියදුරන්ගේ දැක්මට අනුව ක්‍රියාකර සමස්ථ තද බදය ලිහිල් කිරීමට නොහැකිය. ප්‍රශ්ණය විසඳිය හැක්කේ හතර මං හංදියේ ඇති සියලු වාහන වල පිහිටීම සහ ගමන දකින පොලිස් නිළධාරියාටය. ජාතික ව්‍යාපාරයට අවශ්‍ය තද බදය අස්සේ තමන්ගේ රථය මුදවා ගැනීමට වලිකන රියදුරන් නොව සමස්ථය දකින පොලිස් නිළධාරීන්ය.

ජානක වංශපුර

11 Responses to “නලින් ද සිල්වා සහ ජාතික ව්‍යාපාරය”

  1. Senevirath Says:

    මෙවැනි ලිපි සියගණනින් අවශ්ශ්‍යය .ඇත්තටම නලින් නොසිටියානම් ජාතික ව්‍යා පාරයක් නොමැති තරම්ය .එකාබ ධ්ධ විපක්ෂයේත් නිරවුල් ජාතික ම තවාදයක් නැත . නලින් මේ බව ප්‍රසිද්ධියේම කියා ඇත .එයවටා බටහිර ගත්තෝ වාදී බැඳගෙන ඇත . ජානක ඔබට ස්තුතිය් නැහැ නැහැ ඔබට පින් .

  2. Senevirath Says:

    correction
    VAADI

  3. Dham Says:

    ජානක වංශපුර,

    Please don’t write පට්ට පල් බොරු.

    “රනිල් වික්‍රමසිංහත් (2002, CFA) චන්ද්‍රිකා කුමාරතුංගත් (2004, PTOMS) එකිනෙකා පරයමින් කොටි ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගැසූ අවධිය වෙනවිටත් ජාතික ව්‍යාපාරයේ සමහර උගත්තු පවා කොටින්ට කුමක් හෝ දිය යුතුය යන මතය දැරූහ.”

    2002 – President – CBK and Prime minister – RW
    2004 – president – CBK and Prime minister – MR

    If PTOMS belongs to CBK, CFA should also belong to CBK.
    If CFA belongs to RW , PTOMS should belong to MR, not CBK.

    It is true than CBK was the mastermind of PTOMS but it was Mahinda Rajapakse who tabled PTOMS in the parliament who was also infected with කොටින්ට කුමක් හෝ දිය යුතුය යන මතය. He supported CBK in peace process in many ways and he continued dialogue with LTTE after becoming President.

    Also not true to say “ජාතික ව්‍යාපාරයේ සමහර උගත්තු පවා කොටින්ට කුමක් හෝ දිය යුතුය යන මතය දැරූහ.” If you meant “MR” as “ජාතික ව්‍යාපාරයේ සමහර උගත්තු ” then it is true. It is the politicians who spread this “මතය”. People like Sobhitha Thero never compromised ජාතික ව්‍යාපාර.

  4. Dham Says:

    PTOMs of MR did more harm than CFA of RW. This is the truth. You ask Nalin , he will agree.

  5. Dham Says:

    I will consider the Nations greatest betrayals as 1987 and 2009.

    In 1977, JR was give a clean house with 5/6 majority. He could have made our country a heaven by now if he managed well.
    He did the right thing in 1987 and almost finished the war. Many Sinhala lives lost ( not as many as 2009) but another 1 inch to go to finish it off. India threatened him and possible he was scared India would invade as per threats. If he stood firm and finished the LTTE that time, we could have saved many Sinhala lives ( and Tamil lives too).

    In 2009 MR finished the war. Similar to JR he did not risk his life or his son’s lives, he was safe in bunker, safer than JR was. Nevertheless he gave leadership remarkably specially at the end stages. World wide terrorism , 9/11 , was an advantage he had.
    But since 2010 it was his party times, he went rampage and started to destroy all the advantages gained. LLRC was totally unwarranted. Spending huge amount of money on Tamils not required. Selling the country to Wahabis was a huge betrayal. But unlike JR , his fear was not invasion by India or another power, his fear was personal.

  6. Dham Says:

    There is no other great Nationalist comparable to Nalin. If MR listened to him we are 1000 times better off by now. Nalins only weakness is hanging on to MR, still, despite him being ignored. He should spend his time to take the lead or create another new leader.

  7. janaka wansapura Says:

    I am not sure what Dham is complaining about in my letter. Neither CBK nor RW were masterminds of anything. The west forced them to PTOMS and CFA respectively. MR’s role in them, if there was, is irrelevant to my topic; which is what NdeS did.

  8. Dham Says:

    Janka,
    I am sure you are not a baby.
    Voters are not answerable to the west. Actually “the west” is the one irrelevant. Those leaders who listen to west ignoring the dangers are called betrayers.
    MR tabled the PTOMS in the parliament and you said it is CBK’s PTOMS.
    Ranil tableled the CFA and you called Ranil’s CFA.
    In other words CBK, Ranil and MR are responsible for PTOMS and CFA.
    You can’t deliberately exclude MR.
    The west is irrelevant to your topic, but identifying of betrayers to Nalin’s nationalism is relevant.

  9. janaka wansapura Says:

    You are right about this : “There is no other great Nationalist comparable to Nalin”

  10. Ratanapala Says:

    There is no question at all. Nalin is the quintessential patriot. He has expressed what ails our nation without fear or favour. He has personally suffered for his endeavour. As long as Sinhala Buddhists are deprived of their due recognition in favour of minorities there will be unsettled politics in Sri Lanka. The end result is in favour of the minorities.

    In Sri Lanka Sinhala Buddhists are neglected big time. Like lambs to slaughter they are becoming silent witness of their own demise. Very soon they will not have any land to call their own. Minorities are attacking systematically and in an organised way with funds to boot- the North, the East, the Hill country and all economic centres.

    The time to look at saviours is at an end. Sri Lanka needs a mass movement to prevent it from becoming another Sudan, another Yugoslavia, another Libya, another a Iraq, another Afghanistan, another Syria and another Ukraine. Individuals have left us askance at the end. We expected much more from MR after the war. He simply wasted many strategic initiatives, which he should have taken after the war – including keeping the LTTE front from taking part in popular elections. More on this later.

  11. Dham Says:

    This “ජාතික ව්‍යාපාරය” is a noble struggle, in recent times pioneered by Nalin.
    We don’t need lies to give energy to a noble struggle.
    We don’t need to worship useless Gods to give vigour to this struggle.
    As Ratnapala said we need a mass movement now. We cannot activate mass movement when some people have hijacked the movement for personal benefits.
    We must identify the dishonest false “patriots” appearing as main stakeholders of “ජාතික ව්‍යාපාරය”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress