මැයි දෙවනදා  නැවත හැරී බලනතෙක්………………..
Posted on May 2nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

 

මේ වන විට දිවයිනේ විවිධ ස්ථානවල, මැයි දින සැමරුම පිනිස ජනතාව පෙල ගැසෙති. වැරදීමක් ! පෙල ගස්වති. එමෙන්ම මැයි දිනයට අයිතිවාසිකම් කියන්නට දඟලන ඇත්තෝ බොහෝය. සමහරු මෙය තවත් දේශපාලන රැලියක් ලෙස පවත්වන අතර තවත් සමහරු විවිධ උදාහරණ ගෙන දක්වමින් තමන්ට මිස අනිත් අයට මැයි දිනය සමරන්නට අයිතියක් නැති බව පවසති. රජය පාර්ශ්වයෙන් එන අය නම් කතා කරන්නේ තනිකරම විකාරය. මන්ද ඔවුන්ට ඇති ප්රධානතම ඉලක්කය නම් තම මැයි රැලිය සාර්ථක කරගැනීම නොව කිරුළපන මැයි රැලිය අසාර්ථක කිරීමය.

 

මෙම විකාර රූපී නාටකයේ අලුත්ම ජවනිකාවන් කිහිපයකි. ප්රධානතම එක නම්ඒකාබද්ධ විපක්ෂයයන වචනය භාවිතා නොකරන ලෙස ජනමාධ් ආයතනවලට දැනුම් දුන් ජනමාධ් අමාත්යාංශ ලේකම්ගේ ලිපියයි. මාධ් නිදහස රැකගැනීමටලු ! නීතීඥවරයෙකු වන මෙම තැනැත්තාගේ අදහස, මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්ව රජයක් පිහිටුවා ඇති නිසාත්, වෙනම විපක්ෂයක් ඇති නිසාත්, ඒකාබද්ධ විපක්ෂය නමින්, ශ්රීලනිප යේ කොටසකට පවතින්නට බැරි බවය. ඉතින් ඔහු මාධ් වලට පවසන්නේ මේ නම භාවිතා කරමින් මෙවන් වැරදි ක්රියා මාර්ග වලට අනුබල නොදෙන ලෙසයි. එනම් මොහුගේ අදහස ඉතිරි සන්ධානයේ මන්ත්රීවරු ටිකත් බලහත්කාරයෙන් හෝ රජයට ඇදගත යුුතු බවද?

මෙතැන ඇති යටි අදහස නම් ඒකාබද්ධ විපක්ෂයේ මාධ් හමු ආවරණය නොකරන ලෙසට ජන මාධ් ලවා සහතික වීමයි. මොහු දන්නා මාධ් නිදහස මෙයද? ජනමාධ් ඇමති, මෙම ලිපිය නිකුත් කිරීම  පිලිබඳ තමා නොදන්නා බවත්, කෙසේ වෙතත් එය නියෝගයක් නොව ඉල්ලීමක් පමණක් බවත් පවසා   ලිස්සා ගියේය. කෙසේ වුවද මෙවැනිඉල්ලීම්තුලින් මාධ් නිදහස පමනක් නොව අදහස් දැරීමේ අයිතිය උල්ලංඝනය වී යයි. ජනමාධ් ඇමතිවරයා පවසන පරිිදි මෙය අමාත්යංශ ලේකම්ගේ වුවමනාවට වූ දෙයක් නම්, ලේකම්වරයා ඉටු කරන්නේ අර පැරණි රජ කතාවක එන රජුගේ ඇඟේ වැසූ මැස්සාට කඩුවෙන් පහර දුන් වඳුරාගේ භූමිකාවමය.

 

2015 ජනවාරියේ දී සිදුවුනා යැයි කියන්නේවිප්ලවයක්නම් එය සැබෑම විප්ලවයකි. ශ්රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති සහ මහ ලේකම් යන දෙදෙනාම එකා වන්ව එක්සත් ජාතික පක්ෂය දිනවන්නට ක්රියාකලේ මේ යුගයේය. ශ්රීලනිප ලේබලය යටතේ හිඳිමින්, තනතුරු කෙරෙහි ඇති කෑදර කමින් එජාප රජයේ ඇමතිකම් ලබාගෙන, හිස පාත් කරගෙන නිවට වී සිටින කණ්ඩායම මිතුරන් ලෙසත්, ඊට එක් නොවී තම ප්රතිපත්ති (කුමන ඒවා හෝ වේවා ) මත ක්රියාකල පිරිස පක්ෂයේ සතුරන් ලෙසත් හංවඩු ගැසුනේ මේ යුගයේය. මනාප ලැයිස්තුවේ ඉහලම සිටින පුද්ගලයින් ඉවත්කර, අවම මනාප ලබා ගත් පිරිසකට එම ආසන සංවිධායක කම් ලබාදී, මනාප ප්රකාශ කරන ජනතාවගේ සිතුම් පැතුම් තුල මහා පෙරලියක් අපේක්ෂා කරනුයේ මේ යුගයේය. යුද්ධය අවසන් කර, උතුරු නැගෙනහිර නිදහස්ව, අලුතින් ඉදිකල දුම්රියවල නැගී සංහිඳින්නට යන ගමන් එම කාර්යභාරය ඉටු කල පුද්ගලයාගේ පතුරු අරින්නේ මේ යුගයේය. අතුරුගිරිය මිලේනියම් සිටි පාවාදීම, ඊනියා අවබෝධතා ගිවිසුම් තුලින් ත්රස්තවාදීන්ට දරදිය ඇදි අගමැතිවරයා යුද්ධය ජයගත් පුද්ගලයාට සෝපාහාසයෙන්දුටු ගැමුණුයයි පවසමින් විනෝද වන්නේ මේ යුගයේය. කියනවා නම් මෙම ලැයිස්තුවට එක්විය යුතු දේ බොහෝය.

 

මේ නාඩගමේ අලුත්ම අංගය නම් ඇමතිවරයාගේ අනුදැනුමෙන් තොරව අමාත්යංශ ලේකම්ගේ හිතු මනාපයට තහනම් නිවේදන නිකුත් කිරීමයි. මේ නම් සැබෑම විප්ලවයකි !

 

ශ්රීලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායක, ආසන සංවිධායකයන් කිහිප දෙනෙකුගේ තනතුරු අහිමිකර, වෙනුවට අලුත් සංවිධායකයින් පිරිසක් පත් කලේය. ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ තම පක්ෂයේ ප්රතිපත්ති වලට අනුකූලව ක්රියා නොකරයි නම් එවන් අයට තම පක්ෂයේ තනතුරු දැරිය නොහැකි බවයි. නමුත් මෙහි සැබෑ අරමුණ කිරුළපන මැයි රැලියට සහභාගි වීමට අපේක්ෂා කරන සියලු ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන්හට කරන අනතුරු ඇඟවීමකි. හරියට එදා 1980 දී ජුලි වර්ජකයින්ට රැකියා අහිමිකල ජේ ආර් පැවසූඅලියා ගේ හොඬවැල සෙලවීමේකතාව මෙනි.

 

මේ පක්ෂ ප්රතිපත්තිය කුමක්ද? ඔහු 2015 ජනවාරියේ දී සිදු වූ බව කියන ඊනියා විප්ලවයේ ප්රධාන කොටස් කරුවෙකි. එදා මෙෙත්රීපාල සිරිසේන ජනාධිපති බවට පත් වූ පසු, එකට ආසන 42 ක් පමණක් හිමිව සිටි එජාප නායකයාට අගමැති තනතුරත්, ඉන් අති බහුතරයකට ඇමති තනතුරුත් ලබා දී, ඔවුන්ගේ රාජ් බලය ස්ථාපිත කර, ඔවුන්ට අගෝස්තුවේ පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්රහණය බන්දේසියේ තබා පිලි ගැන්වීමට විශාල භූමිකාවක් ඉටුකල අයෙකි. ඊලඟට තම පක්ෂයේ සිටි දුර්වල කොඳු නාරටි ඇති පිරිස හඳුනාගෙන ඔවුන්ට රටේ ලෝකේ නැති ඇමතිකම් මවා දී එකම පක්ෂයේ කොටසක් නිවට නියාලුවන් බවට පත්කර, ඉතිරි කොටස සමග හතුරුකම් නිර්මාණය කර භේද භින්න කලේ මොහුය. අද වන විට සමහර එජාප ඇමතිවරු, සන්ධාන ඇමතිවරුන්ට ප්රසිද්ධියේ කතා කරනඅපතයාවැනි වචන ඇසූ  විට මෙය මනාව පිලිබිඹු වේ. ඉතින් මේ පුද්ගලයා පවසන ශ්රීලනිප ප්රතිපත්ති මේවාද? ඔවුන් බලයට පැමිනියේ පසුගි රජයේ දූෂණ වංචා ගැන මහා හඬක් නගමිනි. දැන් මොවුන් කරන්නේ එයම නොවේද? අවුරුද්දට නෑගම් යන්නට හෙලිකොප්ටර්, ඤාති සංග්රහ, දූ දරුවන්ගේ දේශපාලන බලය අවභාවිතාවන් ! සේවකයන් 300 ක් පමණ සිටින කෘෂිකර්ම අමාත්යංශයට විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව මාසික කුලිය රු. කෝටි දෙකහමාරකට වඩා ගෙවමින් අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙන්නේ මොහුය. අතරම ගොවීන්ගේ පොහොර සහනාධාරයත් කප්පාදු කරමිනි. ඔහු පවසන පක්ෂ ප්රතිපත්ති මේවා විය යුතුය.

 

මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර අපූරු කතාවක් කලේය. සුපුරුදු පරිදි ඔහුද කතා කලේ කිරුළපන මැයි රැලිය ගැනයි. පෙර යුගයේ සිටි දූෂිතයින්ව ලං කරගන්නට තම රජය කටයුතු නොකරන බවයි. ලං කරගෙන සිටින හරිය ඉහටත් උඩින් බව ඔහුගේ බලයෙන් (හෝ කිරුළපන භීතිකාවෙන්) අන්ධ වූ ඇසට නොපෙනේ. ඔහුතම රජයකියා හඳුන්වන්නේ එජාපය ගැන පමනක් සිතාද, නැතිනම් දුමින්ද දිසානායකලා කියන සම්මුතිවාදී රජය ගැනද? කෙසේ වුවද වත්මන් මහබැංකු අධිපතියාගේ පැටිකිරිය ජනතාවට රහසක් නොවේ. ඊලඟට ඔහු සඳහන් කරන ගාල්ලේ මැයි රැලියේ සංවිධායක කවුද? මේ නමගිය දූෂිතයෙකු හා චණ්ඩියෙකු වන සජින් වාස් ගුණවර්ධනයි. වත්මන් සරළ ජනාධිපතිට, මේ පුද්ගලයා බ්රිතාන්යයේ මහ කොමසාරිස්ගේ කණට ගැසුවත්, අලි පැටව් ලඟ තබා ගත්තත්, හෙලිකොප්ටර් යානා අයිති කරගන්නට තරම් මුදල් ඉපයූවත් ප්රශ්ණයක් නැත. ඕවා ගැන ප්රශ්ණ තිබුනේ බලයට පැනගන්නා තෙක් පමනි. පසුගිය ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වූ විට සිංගප්පූරුවේ රෝහලකට ඇතුලත් වූ ඔහු යලි මෙරටට රිංගාගත්තේ කෙසේද, කිසිදු කරදරයකින් තොරව ජනාධිපති සහ අගමැති ඇතුලු රජයේ අනුග්රහය ලබමින් වැජඹනේනේ කෙසේද? මේවා අසන්නට කෙනෙක් නැත. ඇසුවාට වැඩකුත් නැත

 

ඒකාබද්ධ විපක්ෂයද සටන අතහරින පාටක් නොපෙනේ. 77-94 කාලයේ තිබූ එක්සත් ජාතික පක්ෂ රජයේ කල්ක්රියාව අනුව මෙවර මැයි දිනයේදී මොනවායින් මොනවා වෙයිද කියා කිව නොහැකිය.

 

මේ මෑතකදී එජාප ඇමති කබීර් හෂීම් බ්රිගේඩියර් ජානක පෙරේරාගේ ඝාතනය පිලිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලීය. එල්ටීටීඊ බෝම්බකරුට එන්නට ඉඩ සැලසෙන පරිදි ආරක්ෂාව ලිහිල් කර තිබූ බව පවසමිනි. මෙය කාලෝචිත ඉල්ලීමකි. මන්ද දැන් ඔවුනුත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ලිහිල් කරන බවට ඉඟි පල කරන බැවින්ය

 

නමුත් මේ සමගම ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය පිලිබඳව මතකයට නැගෙයි. ගැනද යලි සෙවිය යුතුය. 1993 අප්රේල් 23 දා එම ඝාතනය සිදුකලා යැයි කියන, සයනයිඩ් ගිල මියගිය  පුද්ගලයාගේ සිරුර අසල මුගලන් මාවතේදී පසුදින හමුවිය.  පුදුමය කියන්නේ ඔහු මිනීමරන්නට පැමින තිබුනේ තම ජාතික හැඳුනුම් පතත් රැගෙනය. එය තිබුනේත් ඔහුගේ සාක්කුවේ නොව ඔහු අසල බිම වැටීලු. සමහර විට සියදිවි හානි කරගන්නට පෙර අවසන් වතාවට තම මුහුණ බලන්නට කැඩපතක් නොතිබූ නිසා හැඳුනුම්පතේ සේයාරුව දෙස බැලුවා විය යුතුය. එකල රජය විසින් ජනතාවට පැවසූ මේ මුග්ධ අඳබාල කතාවන් මේ වේදනාකාරී සිදුවීම් මැද වුව කදිම විහිලු සැපයීය. එමෙන්ම ගාමිණී දිසානායක ඇතුලු පිරිසගේ ඝාතනය. මේවා සිදුවූයේ කවුරුන් විසින් ආරක්ෂාව ලිහිල් කල නිසාද? ආර්. ප්රේමදාස ඝාතනය ! එය සිදුවූයේ මැයි 1 දිනකමය. මේ සියල්ල ගැනම අපක්ෂපාතී පරීක්ෂණ අවශ්යය. මේ ඝාතන සිදුවුනේ එජාප පාලන සමයේය.

 

1994 දී පමන නිකුත් වූ රාවය පුවත්පත් බලන්නට ජාතික ලේඛණාගාරයේ ඉඩ ප්රස්ථාවක් ඇත්නම්, එහි එකල රාවය ප්රධාන කතෘ වික්ටර් අයිවන් විසින් කොටස් දෙකකට ලියා පල කරන ලද ලිපියක් සොයාගත හැකිවනු ඇත. එහි ලියා ඇත්තේ එකල ආර්. ප්රේමදාසගේ මූලස්ථානය වූ සුචරිතයේ සිට ඔහු සමග දුරකථනයෙන් නිතර කතාබහ කල නාඳුනන පුද්ගලයෙකු පිලිබඳවය. සැම විටම මැදියම් රැයේ කථා කරන්නට පුරුදුවී සිටි මේ තැනැත්තා ඔස්සේ සුචරිතයේ සිට දියත් වූ බොහෝ රහසිගත සැලසුම් ගැන වික්ටර් අයිවන්ට දැනගත හැකිවූ බව එහි කියවේ. 1993 අප්රේල් 30 දා රාත්රී කතාකල තැනැත්තා, පසුදින මහා ව්යසනයක් සිදු වීමට කටයුතු සැලසෙමින් තිබෙන බව පවසා ඇත. වික්ටර් අයිවන් තම ලිපිය අවසන් කර තිබුනේ එදායින් පසු කිසි දිනෙක යලි එම කටහඬ නොඇසුන බව සඳහන් කරමිනි.

 

ඉතින් මේ කරුණම ඉතා සැක සහිත නොවේද? එජාප රජයක් තිබියදීම එජාප ජනාධිපතිවරයා ඝාතනය වීම !

 

මේ සියලු කරුණු සැලකූ විට, මෙවර මැයි රැලියේ දී කුමකින් කුමක් වේද කියා නෙත් අයාගෙන බලා සිටින්නේ හරියට සන්ත්රාසය කැටිවූ චිත්රපටයක් බලා සිටිනවාක් මෙනි. මන්ද දැන් බලයේ සිටින්නේ ඉතා විශිෂ්ඨ ගනයේ භීෂණ ඉතිහාසයකට උරුමකම් කියන පිරිසක් බැවිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress