මෙන්න පට්ට හොරු…අහෝ මුන්ට රැවටුන ජනතාව…!!!
Posted on May 2nd, 2016

Courtesy Lankanews.org

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වසර පහක කාලයකට රුපියල් කෝටි අනූහයක කුලී පදනම මත ලබාගැනීමට තිබූ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා කැබිනට්‌ අනුමැතිය “හිමිව” තිබෙන බව (28 දා) ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබිණි.
මුලින්ම දිව්‍ රුම් දුන් දා ඊට වැය කළේ රුපියල් 3000 පමණක් යැයි ,ජනතාව රැවටූ මේ යහපාලන මුග්ධයන් 

දැන් මේ මාස 16 ක් පිරී යාමට මත්තෙන් කුලි සඳහා පමණක් කෝටි ගණන් වැය කරති.
වියදම් හා නාස්‌තිය අඩුකරනවා යෑයි කියා මේ යහපාලන ආණ්‌ඩුව අමාත්‍යාංශයක්‌ කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යැමට දරා ඇති වැඩිම මුදල මෙය වන්නේය. එළැඹෙන මැයි පළමුවැනිදා කම්කරුවන්ගේ දිනයයි. ඊට පසුදින එනම් 02 වැනිදා සිට රටේ ජනතාව තව තවත් බෙල්ල ළඟටම හිර කරනු පිණිස වැට්‌ බද්ද වැඩි කිරීමට නියමිතව ඇත. වැට්‌ වැඩි කරන්නේ රටේ ආර්ථික අර්බුදයක්‌ ඇති නිසා බව කියන්නේ ආණ්‌ඩුවේම උදවියයි. රට ඒ කියන තරම් ආර්ථික අර්බුදයක සිටින බව කියන ඇමැතිවරු රටේ ජනතාවට ගල්පැළෙන බොරු කියමින් නාස්‌තියට දූෂණයට පාරවල් කපන්නෝය. අප තේරුම්ගත යුත්තේ මෙන්න මේ ඇත්ත කතාවය.
පසුගිය අප්‍රේල් 20 දින පැවැති කැබිනට්‌ මණ්‌ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වූයේ එම ගොඩනැඟිල්ලට අනුමැතිය ලබාදීම කැබිනට්‌ මණ්‌ඩලය ප්‍රතික්‌ෂේප කළ බවය. (එම ගනුදෙනුව කැබිනට්‌ මණ්‌ඩලය විසින් නවතා දමා තිබූ බව) මේ දෙවතාවේම එම ප්‍රකාශයන් සිදු කළේ කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාය. ඒ මොහොතේ මුදල් රාජ්‍ය ඇමැතිවරයාද එම ප්‍රකාශය අනුමත කළේය. දැන් රටේ ජනතාවට ඇත්ත කුමක්‌ද, බොරුව කුමක්‌ද යන්න ගැන පැටලිලි ස්‌වභාවයක්‌ හටගනී. ඇත්තම කතාව නම් කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා බොරු කී බවය. අප්‍රේල් 20 වැනි දින එම ගනුදෙනුව නැවත දමා ඇතැයි කියන විටත්, එනම් අප්‍රේල් 08 වැනිදා එම ගනුදෙනුවට අදාළ ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යාංශය අත්සන් තබා ඇත.එදිනම රුපියල් මිලියන 590 ක්‌ වූ පළමු ගෙවීම ගොඩනැඟිල්ල හිමි පෞද්ගලික ව්‍යාපාරිකයාට ගෙවා තිබේ. කුමක්‌ හෝ තක්‌කඩිකමක්‌ සිදුව ඇති බවට ඊටත් වඩා සාක්‌ෂි අවශ්‍ය නැත. ජනතාවට කොළේ වසා ගැහීමට යහපාලනයේ කවුරු කවුරුත් පෝලිම් ගැසී සිටින බවද ඔප්පු වී හමාරය.

හොර රාජිතයාගේ මාධ්‍ය හෙළුව….!!!
කැබිනට්‌ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වී ඇති ආකාරයට අඩුමිලට ගොඩනැඟිලි ලබාගැනීමේ හැකියාවක්‌ නැති බවත් පෞද්ගලික අංශයේ තක්‌සේරුව රජයේ තක්‌සේරුවට වඩා වැඩි බවත් සඳහන්ය. මේ සියල්ල කිතුලට නැග්ග මිනිහාගේ කතාය. ජනතාවට මේ කතා කීම කිසිසේත් වලංගු නැත. නාස්‌තිය, දූෂණය අඩුකරනවා යෑයි කියමින් බලයට පැමිණි ආණ්‌ඩුවක උදවියට අඩු මිලට ගොඩනැඟිල්ලක්‌ සොයාගන්න බැරිවීම පුදුමයට කාරණයකි

පසුගිය ආණ්‌ඩුව කරන ලද එවැනි ගොඩනැඟිලි මිලදී ගැනීම්, බද්දට ගැනීම්, තොග පිටින් ජනතාවට ඉදිරිපත් කළ මේ ආණ්‌ඩුවේ කිසිවෙකුට හෝ මෙවැන්නක්‌ කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැති බව අපි විශ්වාස කරමු. මේ ගනුදෙනුව ගැන කතා කළ මුල සිටම මෙය සිදුවන්නේ සාමාන්‍යයෙන් කෙරෙන ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති වලට පටහැනිව බව සඳහන් විය. ඒ අනුව මේ සඳහා මිල ගණන් කැඳවීමක්‌ කර නැත. ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කර නැත. මේ ගොඩනැඟිල්ල මිලදී ගැනීමේදී විචක්‌ෂණයකින් තොරව කටයුතු කර ඇතැයි කියන්නේ අප නොව විගණකාධිපතිවරයාය. කැබිනට්‌ ප්‍රකාශක මහත්වරු කියන පරිදි අඩු මිලට ගන්නට ගොඩනැඟිලි නෑ කියන කතාවට හොඳම උත්තරයක්‌ විගණකාධිපතිවරයාම දී ඇති බව අපි මතක්‌ කර දෙමු. විගණකාධිපතිවරයා කියන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්‌ටයාර එකක පමණ භූමි භාගයක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව තිබියදී එහි ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට කටයුතු නොකර ගොඩනැඟිලි කුලී වශයෙන් පමණක්‌ රුපියල් කෝටි එකහමාර බැගින් වසර 5 ක්‌ සඳහා දල වශයෙන් රුපියල් මිලියන 958 ක්‌ කුලී ගෙවීමට එකඟවීම හා තරගකාරී මිල ගණන් පදනම් කර ගැනීමකින් තොරව ගන්නා ලද මෙම තීරණය විචක්‌ෂණභාවයකින් තොර බවය

වියදම් හා නාස්‌තිය අඩුකරනවා යෑයි කියා මේ යහපාලන ආණ්‌ඩුව අමාත්‍යාංශයක්‌ කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යැමට දරා ඇති වැඩිම මුදල මෙය වන්නේය. එළැඹෙන මැයි පළමුවැනිදා කම්කරුවන්ගේ දිනයයි. ඊට පසුදින එනම් 02 වැනිදා සිට රටේ ජනතාව තව තවත් බෙල්ල ළඟටම හිර කරනු පිණිස වැට්‌ බද්ද වැඩි කිරීමට නියමිතව ඇත. වැට්‌ වැඩි කරන්නේ රටේ ආර්ථික අර්බුදයක්‌ ඇති නිසා බව කියන්නේ ආණ්‌ඩුවේම උදවියයි. රට ඒ කියන තරම් ආර්ථික අර්බුදයක සිටින බව කියන ඇමැතිවරු රටේ ජනතාවට ගල්පැළෙන බොරු කියමින් නාස්‌තියට දූෂණයට පාරවල් කපන්නෝය. අප තේරුම්ගත යුත්තේ මෙන්න මේ ඇත්ත කතාවය.

lankanewsorg

3 Responses to “මෙන්න පට්ට හොරු…අහෝ මුන්ට රැවටුන ජනතාව…!!!”

  1. Ancient Sinhalaya Says:

    Yampalla-in-chief pol pot ponil aka Tom Pachaya’s few pachas in the last few weeks.

    We will make all the houses palaces in the country.
    This is during the electricity crisis when people not
    having electricity for hours. Maybe palaces with no lights?

    We will create 1 million jobs by July 2016.
    All virtual jobs!

    We will save the country from the income from the Port City.
    This is a man who bragged to stop the project when they get elected since it was a waste of money.

    This Katin Bathala kola hitwannna captain is only good at telling tom pachan and killing Sinhalese
    Buddhist youths!

    Shameless Tom Pachaya!
    Yama palla in chief is destined for hell after death since he is doing and done so much bad in this life!

  2. Dham Says:

    හොර රාජිතයා පමණක් නොව​, හොර සිරිසේනයා, හොර සිරිපාලයා, හොර සජින් වාස් , හොර චම්පිකයා හොර ම‍ර්විනයා , හොර දුමින් ද යා මහින්ද ගේ හොරුමය​.
    හොරකම් කෙසේ වෙතත් 2009 සිංහල ජීවිත පූජාවෙන් ලබාගත් මහා ” ජාතික ධනස්කන්ධය​” විනාශ කිරීමට සමාව දිය නොහැක​.

  3. Kumari Says:

    Dham, you keep on telling money wasted by Mahinda. If the FCID could not come up with anything for the past 16 months, atleast can you please provide us with some concrete evidence. The whole country is waiting for this. Sirisena said in road construction projects 90% was pilfered, now Sirisena’s Yahapalaya government is offering double the 100% price of Mahinda for scaled down roads.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress