වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි දින රැලිය – ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සිදුකළ කථාව
Posted on May 2nd, 2016

lanka C news

යුද්ධය අවසන් කොට 7.5%ක ආර්ථික වර්ධන වේගයක් සහිතව ඉදිරියට ගිය රට, අද බම්මන්නන් දෙදෙනෙකු විසින් බදාගෙන කෝලම් මඩුවක් බවට පත්කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක‍්‍රීඩංගණයේදී ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැති වැඩකරනා ජනතා ඒකාබද්ධ මැයි රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අද තිබෙනවා මැයි රැලි කිහිපයක් කැම්බල් පිටියේ තිබෙන්නේ ‘කැප කරන්නන්ගේ මැයි රැුලිය.’ මම නම් මේක දකින්නේ කැත කරන්නන්ගේ මැයි රැලිය ලෙසයි. 2015 ජනවාරි 08 වැනිදා ඉදන් ලස්සනට තිබුණු රට ආපස්සට දාපු රැුල අද රාජ්‍ය බලය උපරිමයෙන් යොදාගෙන, සල්ලි බෙදලා කැම්බල් පිටියේ පවත්වන්නේ රට තවත් කැත කිරිමේ මැයි රැුලියක්. තවත් රැුලියක් තිබෙනවා ගාල්ල සමනල ක‍්‍රීඩාංගණයේ. මම දන්නා විදියට අතීතයේ මේ ක‍්‍රීඩාංගණය පාව්ච්චි කළේ හරක් ගාල් කරන්න. ඔන්න අවුරුදු ගණනකට පස්සේ, ආයෙත් එතැන අද ඒ වැඬේ පටන් අරගෙන තිබෙනවා. රතු අලි පැටව් ඉන්නවා මේ කිට්ටුව බී.ආර්.සී. පිට්ටනියේ. රතු අලි පැටවුන්ගේ නායකයා උතුරු අයර්ලන්තයේ මාසයක නිවාඩුවක් ගත කරලා ඊයේ සවස ඇවිත් තිබෙන්නේ. අද දෙනවා ඇති කට උල් කරන් ‘මහින්ද රාජපක්‍ෂ’ කියමින්. රතු අලි පැටව් හිතන්නේ තාම මේ රට පාලනය කරන්නේ මහින්ද රාජපක්‍ෂ කියලයි.

‘ආණ්ඩුවට ඇත්ත අභියෝගය එල්ල කරන තැන’

අද මේ ආණ්ඩුවට ඇත්ත අභියෝගය එල්ල කරන තැන කොතැනද? සිරිසේනගේ ගාල්ලෙද? වික‍්‍රමසිංහගේ කැම්බල්ද? රතු අලි පැටියාගේ බී.ආර්.සී ද? නැහැ. මේ පරගැති ආණ්ඩුව, අධිරාජ්‍යගැති ආණ්ඩුව, ජනතා ද්‍රෝහී ආණ්ඩුව එලවන ජනතා බලය රොද බැඳ ගත්තු එකම තැන කිරුළපන. දහසක් බාධා මැඩගෙන මෙතැනට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ඔබ සැමට මා හිස නමා ආචාර කරනවා.

‘වහල්ලූ සහ හිවල්ලූ’

පළාත් පාලන මැතිවරණය කල් දමනවා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සම`ග සෙල්ලම් කිරීමක්. ජනතාවගේ පරමාධීපත්‍ය බලය කොල්ලකන ආණ්ඩුවකට ඉන්න දීලා බලන් ඉන්නවාද? පාරට බැහැලා එලවනවාද? ඔව්ෟ පාරට බැහැලා එලවිය යුතුයි. ගොවියාට ලැබුණු පොහොර සහනාධාරය කැපුවා, අලූතෙන් රාජ්‍ය සේවයට බැෙ`දන අයට විශ‍්‍රාම වැටුප් අයිතිය කැපුවා. සමෘද්ධි සහනාධාරය කපන්න දැන් පිඹුරුපත් සකස් කරලා ඉවරයි. ‘ශ‍්‍රී ලන්කන්’ ගුවන් සේවය ‘පාඩුයි’ කියමින් විකුණන්න හදනවා. මේ ගුවන් සේවයට අලූතින් ගුවන් යානා 03ක් එකතුවීමට නියමිතව තිබියදීයි මෙසේ විකුණා දමන්න හදන්නේ. තමන්ගේ ගුවන් සේවයට අලූතින් ගුවන් යානා තුනක් එකතු වෙන්න නියමිතව තිබියදී ඒක විකුණා දමන්නේ මොන ගොනාද? දැන් ගුවන් සේවය විකුණා දමලයි මේ ආණ්ඩුව විකුණා දැමීමේ ක‍්‍රියාදාමය ආරම්භ කරන්න හදන්නේ. 2001 දෙසැම්බර් සිට 2004 අපේ‍්‍රල් දක්වා කාලය තුළ රනිල් වික‍්‍රමසිංහ පාලනය රාජ්‍ය සේවය කප්පාදු කළා. රාජ්‍ය සම්පත් විකුණා දැම්මා. දැන් නැවත ඒ ‘සෙල්ලම’ පටන් අරන් තිබෙනවා. සිරිසේන මහත්තයා කියනවානේ මෙතැන ඉන්නේ ‘වහල්ලූ’ කියලා. මෙතැන ඉන්නේ ‘වහල්ලූ’ නම් සිරිසේන මහත්තයා ගාව ඉන්නේ හිවල්ලූ. අන්න ඒ හිවල්ලූත් එක්ක තමයි මේ ආණ්ඩුව මේ පරගැති ගමන යන්නේ.

‘එට්කා එනවා’

ජුනි මාසයේදී එට්කා ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා. මේ ගිවිසුමෙන් ඉන්දියානුවන්ට සේවා ක්‍ෂේත‍්‍රයේ ශ‍්‍රී ලාංකික ආයෝජකයකුට තිබෙන අයිතියම ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, සේවා ක්‍ෂේත‍්‍රයේ රැුකියා වෙළඳපොළ ඉන්දියානුවන්ට විවෘත වෙනවා. ඉන්දියාවේ විරැකියාව මිලියන 400කට වැඩියි. මෙයින් 2%-3%ක් ආවත් අපේ දරුවන්ගේ රැකියා ටික අහිමි වෙනවා. ඒ වගේම ශ‍්‍රමයේ මිල පහත වැටෙනවා. අද කුලී වැඩක් කරන අයකුත් රුපියල් 1500-2000ක් ඉල්ලනවා. අනාගතයේදී ඒ මිල බහිනවා. බත් පැකට්ටුවටත් වැඩ කරන ඉන්දියානුවන් මෙරටට පැමිණේවි.

‘දේශද්‍රෝහී ආණ්ඩුවක්’

ඊළ`ගට දෙමුහුන් යුද අපරාධ අධිකරණය එනවා. ‘අපේ රටේ හමුදාව යුද අපරාධ කළා. ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කළ යුතුයි’ කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙනවිත් එක සම්මත කරපු ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව. ඒකට අත්සන් තැබුවේ මංගල පින්සිරි සමරවීර විදේශ ඇමතිවරයා. තමන්ගේ රටේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට තම අත්සන යෙදූ ලෝකයේ එකම විදේශ ඇමතිවරයා තමයි මේ පින්සිරි. තමන්ගේ රටේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හදන්න අත ඔසවපු දේශද්‍රෝහී ආණ්ඩුවක් අද තිබෙන්නේ.

‘විජයග‍්‍රහණයට වෛර කරන ආණ්ඩුවක්’

අපි රටක් විදියට අවුරුදු 30ක් තිස්සේ බැට කාපු ම්ලේච්ඡු, ජාතිවාදී බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරදවලා විජයග‍්‍රහණය ලැබුවේ 2009 මැයි 19 වැනිදා. එතැන් පටන් අපි රටක් විදිහට මැයි 19 වැනිදා ඒ විජයග‍්‍රහණය සැමරුවා. මේ පාර සිරිසේන – වික‍්‍රමසිංහ දේශදෝහී ආණ්ඩුව ඒ අභිමානවත් සමරුව නතර කරලා. එදාට මොකක්ද බජව්වක් දාන්න සූදානම් වෙනවාලූ.

‘වැරදිකාරයා හමුදාවලූ’

පසුගියදා විපක්‍ෂනායක සම්බන්දන් මහත්තයා හමුදා කඳවුරකට කඩා පැන්නා. දැන් සම්බන්දන් මහත්තයා වෙනුවෙන් අගමැති වික‍්‍රමසිංහ කියනවා ‘සම්බන්දන් හමුදා කඳවුරකට ගිහිල්ලා තිබෙන්නේ ඒ ගොල්ලන්ගේ ඉඩම් බලන්න’ කියලා. එතකොට දැන් හමුදාව තමයි වැරැද්ද කරලා තිබෙන්නේ අනුන්ගේ ඉඩම් අල්ලන් ඉදලා. මේක තමයි අද සිද්ධ වෙන්නේ. හමුදාවට එරෙහිව මේ අය චෝදනා පත‍්‍රයක් සකස් කරමින් ඉන්නවා. උතුරෙන් සම්පූර්ණයෙන් හමුදාව ඉවත් කරලා, දෙමළ ජාතිවාදී, බෙදුම්වාදයට ඕනෑ විදියට නටන්න දෙන්නයි හදන්නේ.

‘සහජීවනය කියන්නේ කුමක්ද?’

මෙහේ මුස්ලිම් පල්ලියක්, හින්දු කෝවිලක් ජේසුස් වහන්සේගේ ප‍්‍රතිමාවක් හදනකොට කවුද විරුද්ධ වෙන්නේ? නමුත් අද මේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලි යාපනයේ නාගදීපයේ බුදු පිළිමයක් හදන්න දෙන්නේ නැහැ. සහජීවනය කියන්නේ එක ජාතිවාදයකට උඩ පිනුම්, බඩ පිනුම් ගහන්න දීලා අනෙක් මිනිස්සු ඔක්කෝම අතපය හකුළන් බලන් ඉන්න එකටද? නැහැ. සහජීවනය කියන්නේ සියලූ දෙනා ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින එක, සෑම ආගමකටම තිබෙන අයිතිය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින එක. උතුරේ, නැගෙනහිර, දකුණේ හෝ බස්නාහිර යන කොතැනක වුණත් සියලූ ජනතාවගේ ගෞරවයට සහ නිදහසට තිබෙන අයිතිය ආරක්‍ෂා කරන එක. අද උතුරේ සිංහල මිනිස්සුන්ව ගම්වලින් එලවනවා. ඒ අහිංසක මිනිස්සුන්ට කන්න දෙයක් නැති කරලා අවතැන්වූවන්ගේ තැනට අද මේ ආණ්ඩුව විසින් ඇද දමලා තිබෙනවා. මේ ගැන කථා කරපුවාම අපට කියනවා ‘ජාතිවාදීන්‘ කියලා. උතුරේ ජාතිවාදීන්ට ඒ අහිංසකයන්ව එලවන්න පුළුවන්. එහෙම එලවනවා කියන මිනිහා විතරයි ‘ජාතිවාදී’ වෙන්නේ. මේක පුදුම සහජීවනයක්. ගාල්ලෙන් යන බස් එකට යාපනයේදී විදුරු කුඩු වෙන්න ගල් ගහනවා. ගල්වලින් ගහලා බස් එකේ විදුරු කුඩුපට්ටම් කරන එක සහජීවනයට බාධාවක් නොවෙයිලූ. ඒ ගැන රටට කියන එක සහජීවනයට බාධාවක්ලූ.

‘බම්මන්නෝ දෙදෙනා සහ කෝලම් මඩුව’

අද මේ රට හැම පැත්තකින්ම සතුරු වටලෑමකට ගොදුරු වී තිබෙනවා. ආර්ථිකය දවසින් දවස කම්බස් වෙනවා. හෙට ඉදන් බදු පෝරියල් එක පටන් ගන්නවා. ජනාධිපතිවරයා කියනවා, ‘වැට් එක මේ විදියට වැඩි වෙනවා කියලා මම දැනන් හිටියේ නැහැ. මම ඒක දැනගත්තේ පත්තරෙන්’ කියලා. කැබිනට් මණ්ඩලයේදී වැට් ගැන කථා කරන කොට එතුමා හිතන්න ඇති ‘මේ කථා කරන්නේ වැට් 69 ගැන’ කියලා. පස්සේ පත්තරේ යන කොට තමයි දැන ගෙන තිබෙන්නේ ‘එදා කැබිනට් එකේ කථා කරලා තිබෙන්නේ වැට් බද්ද ගැනනේ’ කියලා. අනේ අපේ වාසානාවට පහළ වුණු ජනාධිපතිතුමෙක්. මාධ්‍යවේදී සහෘදයිනි පත්තර වෙලාවට ගහලා මුල් පිටපත එතුමාට යවන්න. නැත්තම් එතුමා මේ රටේ සිදු වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. (ජනතාවගේ සිනා) යුද්ධය අවසන් කරලා, මේ රට 7.5%ක ආර්ථික වර්ධන වේගයක් සහිතව වේගයෙන් ඉදිරියට ගියා. නමුත් අද මේ බම්මන්නෝ දෙන්නෙක් ඒක බදාගෙන විහිළු සපයන කෝලම් මඩුවක් බවට පත් කරලා ඉවරයි. මේ විදියට අද විනාශ කරන්නේ තමුන්නාන්සේලාගේ දරුවන්ට අනාගතයේදී දියුුණු කිරීමට තිබෙන රට.

‘ජන සටනට පණ පොවමු’

ඒ නිසා අපි ජන සටන අරඹන්න ඕනේ. වැඩකරන ජනතාව සම`ග එකතු වෙලා එට්කා ගිවිසුමට එරෙහිව ලක්‍ෂ ගණනින් පාරට බැහැලා මේ ආණ්ඩුව යටත් කරන්න ඕනේ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හිතාගෙන ඇති මාධ්‍යට තර්ජනය කරලා එහෙට. මෙහෙට බඩ හොලවලා මොනවාහරි කියපුවාම මිනිස්සු බය වෙයි කියලා. අපි ජනතාවට කියනවා ‘බටලන්දට බය කරන්න බැරි වුණු මේ රටේ ජනතාව, වික‍්‍රමසිංහ මහත්තයාගේ පාට්වලට බය කරන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ’ කියලා. ඒ හින්දා මේ අභියෝගය, අපි, ඔබ සැම භාර ගනිමු. එට්කා නතර කරන සටන පටන් ගනිමු. අපේ අයිතිවාසිකම්, සුබසාධන කප්පාදුවට එරෙහි සටන, රාජ්‍ය සම්පත් විකුණා දැමීමට එරෙහි සටන, රණවිරු දඩයමට එරෙහි සටන, දේශපාලන දඩයමට එරෙහි සටන පටන් ගනිමු. ඒ ජන සටන වෙනුවෙන් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පාරට බැසිය යුතුයි. ඒ වෙනුවෙන් රොද බැඳ ගනිමු.

‘මහින්ද සටන අතහරින්නේ නැහැ’

ඒකාබද්ධ විපක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තිබෙනවා. එතුමා සටන අත හරින්නේ නැහැ. ඒ නිසා මේ දවස්වල ආණ්ඩුව ජප කරන මන්තරය තමයි ‘ ඕං රීං තාජුඩීන් වර වර…’ කියන එක. එක කාලයක් යෝෂිත රාජපක්‍ෂව ඉලක්ක කරගෙන ‘තාජුඩීන් වර වර’ කිව්වා. පස්සේ බලපුවාම තාජුඩීන් මැරුණු දවස්වල යෝෂිත ඉඳලා තිබෙන්නේ පිටරට. ඊට පස්සේ මැයි දිනය ඉලක්කකර ගෙන මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආරක්‍ෂාව ඉවත් කරන්න බැලූවා. ඒකත් හරි ගියේ නැහැ. ඔන්න දැන් නාමල් රාජපක්‍ෂ ඉලක්කකරගෙන ‘තාජුඩීන් වර වර’ කියනවා. ආණ්ඩුව හදපු මුල්ම කතාව තමයි, ‘යෝෂිතගේ පෙම්වතිය සම`ග තාජුඩීන්ගේ සම්බන්ධයක් තිබුණා. ඒ නිසා තාජුඩීන් මරා දැම්මා’ කියන එක. දැන් කතාව තමයි ‘නාමල් රාජපක්‍ෂ සහ තාජුඩීන් අතර එක්තරා ක‍්‍රීඩා සමාජයක් සම්බන්ධයෙන් තිබුණු තරගය නිසා තාජුඩීන් මරා දැම්මා’ කියන එක. එක මිනියයි කතා දෙකයි. ඉන්දියාවේ මසාලා චිත‍්‍රපටයකවත් නැහැ මේ වගේ ජෝක්. අපි දන්නවා නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ඕ.අයි.සී මහත්තයාගෙන් ටයිප් කරගෙන ආපු ලියවිල්ලකට අත්සන් ලබා ගත්තු බව. එයාගේ සාක්‍ෂියට නොවෙයි, නාමල්ගේ සහ ගෝඨාභයගේ නම දාපු ටයිප්කරගෙන ආපු ලියවිල්ලකටයි අත්සන් ගත්තේ. අපි කියනවා ‘මේ රටේ අධිකරණය ස්වාධින නම්, මේ තක්කඩිකම, දේශපාලන දඩයම නතර කරන්න පියවර ගන්න ඕනෙ’ කියලා, අපි සූදානම් වෙන්න ඕනෙ මේ පාපතර දඩයම නතර කරන්න.

මාතෘභූමිය ආරක්‍ෂා කරන සටන, දඩයම පරදන සටන ඔබේ සටනයි. ඒ සටන වෙනුවෙන් රොඳ බැඳ ගනිමු. පාරට බහිමු. සිරිසේන – වික‍්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන සටන අපි මෙතැන සිට අරඔමු. ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය ලැබේවා! යෝධ බල, යෝධ විර්යය ලැබේවා! මාතෘභූමියට ජයෙන් ජයම වේවා! කියා ප‍්‍රාර්ථනා කරනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

 

One Response to “වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි දින රැලිය – ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සිදුකළ කථාව”

  1. ranjit Says:

    Great work Wimal.You are the strength to the opposition movement led by MR and the rest. Keep it up we the ordinary people will be always behind you. Long live my land of birth.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress