අගමැතිගේ රජ ගෙදර කවටයා භූමිකාව
Posted on May 6th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

අපගේ ‘වටිනා’ ඡන්දය ලබාගෙන රජ ගෙදරට යන ඔටුණු නොපලන් රජවරු හෙවත් පාර්ලිමේන්තු නියෝජිතයින් රඟ දැක්වූ තවත් නාඩගමක් නොබෝදා ජනතාව වෙත ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී සිදුවූ ගුටි ඇන ගැනීම සම්බන්ධව හැරී බලත්දී අගමැති ප්‍රමුඛ රජයේ පිලිකුල් සහගත ආකල්ප සහ හැසිරීම් වඩාත් පැහැදිලිව විද්‍යමාන වේ.

මේ හබයට නිමිත්ත වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිලිබඳව, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නැගූ ප්‍රශ්ණයකි. එම ප්‍රශ්ණයට නිමිත්ත වූයේ මැයි මස 2 දා සිට හිටපු ජනාධිපතිට ලබාදී තිබුනු හමුදා ආරක්ෂාව ඉවත් කිරීමයි. එම ඉවත් කිරීමට නිමිති වූ කරුණු කාරණා බොහෝ තිබේ. ආසන්නතම සිද්ධිය නම් ඒකාබද්ධ විපක්ෂය මගින් කිරුළපන දී පවත්වන ලද මැයි රැලියයි.

මෙම කිරුළපන මැයි රැලිය කඩාකප්පල් කරන්නට තමන්ට කල හැකි සියලු දේ කල රජය, අවසානයේ තම ඔඩොක්කුවට වැටී, පෙත්තප්පුලා මෙන් කියවන ජන අප්‍රිය නියෝජිතයින් ලවා එම රැලිය අවතක්සේරු කරන්නට යොදාගත හැකි සියලු ආකාරයේ ප්‍රකාශයන් කරවූහ. හුණ්ඩු, සේරු ගැන ද ඇසිනි. මේ සියල්ලෙන් නැවත නැවතත් ගම්‍ය වන්නේ, මෙවන් පුද්ගලයන් සතුව ඇති, ජනතා පරමාධිපත්‍යය කෙරෙහි වූ අවතක්සේරුවයි. නැතිනම් නොදැනුවත්භාවයයි. ඔවුන් මේ දේවල් කියමින් තමන්ගේ ස්ථාවරත්වය ඒත්තු ගන්වා ගන්නට හදන්නේ ජනතාවට නොව තමන්ටමය. එවන් උත්සාහයක් දරන්නේ තම යටි සිතට තම අස්ථාවරත්වය දැනී යන කල්හිය.

එජාප මැයි රැලියේ දී අගමැති රනිල් වික්‍රමසිංහ ‘කාඩ්බෝඩ් දුටු ගැමුණු’ කෙනෙකු ගැන සඳහන් කලේය. ඊට පෙරදින පැවති සම්මන්ත්‍රණයකදී ද ඔහු ඉතාම උපහාසාත්මක ස්වරයෙන් මේ දුටු ගැමුණු කතාව පැවසීය.

දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාව පෙලූ ඒ බිහිසුණු යුද්ධය වත්මන් අගමැතිවරයාට විහිලුවක් වී ඇති බව පෙනේ. එය එකම රටක ජාතීන් දෙකක් අතර ගැටෙමින් ඇදී ආ බරපතල ප්‍රශ්ණයකි. එදා එල්ටීටීඊ ය පහර දුන්නේ ඔබ මොන ජාතියේද මොන පක්ෂයේද අසා නොවේ. පාසලට යාමට නිවෙසින් එලියට බසින දරුවා, රැකියාවට, කඩ පිලට යාමට නිවෙසින් එලියට බසින දෙමවුපියන් යලි නිරුපද්‍රිතව නිවසට ලඟාවේදෝ යන අවිනිශ්චිත බව පිරුනු භීෂණ සමයකි ඒ ගෙවී ගියේ. එක අතකට, 80 දශකය අග භාගයේදී, වසර 3 ක් වැනි කෙටි කාල සීමාවක් ඇතුලත සිවිල් ජන ජීවිතය මෙවන්ම වූ  භීෂණකාරී අගාධයකට ඇද දැමූ ක්‍රියාවලියේ එක් කොටස් කරුවකු වූ රනිල් වික්‍රමසිංහ වැන්නවුන්ට මෙය තවත් එක සෙල්ලමක් සේ පෙනීම පුදුමයක් නොවේ.

මැයි 3 දා පාර්ලිමේන්තුව තුල සිදු වූ සියල්ලටම ප්‍රධානවම වගකිව යුතු වන්නේ අගමැතිවරයාය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔහුගෙන් ඇසූ පැනයට පිලිතුරු දීම ඔහු සරත් ෆොන්සේකාට භාර කලේ තම සුපුරුදු සෝපාහාසාත්මක වදන් රටාවම භාවිතා කරමිනි. ඊට පිලිතුරු දීමට නැගී සිටි සරත් ෆොන්සේකා තමා අත ඇති කොලයක් බලමින් කතා කිරීම තුල මෙම ප්‍රතිචාරය සිතා මතා සැලසුම් කල එකක් බවට දෙස් දෙයි. මෙම පැනයට පිලිතුරු දීමට ජාතික ආරක්ෂාව පිලිබඳ රාජ්‍ය ඇමතිවරයාට හෝ පොලිස් ඇමතිවරයාට පවරන්නට ඉඩ කඩ තිබිනි. නමුත් ඒ වෙනුවට රනිල් කලේ, කිසිදු වග විභාගයකින් තොරව ඔහේ වාචාල කමට වචන මුදා හරින සරත් ෆොන්සේකාට එය පවරා එතුලින් මහා වියවුලක් සෑදීමයි.

මේ ගැන කතා කල ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා, සරත් ෆොන්සේකා හිටපු හමුදා ප්‍රධානියා නිසා මේ පිලිතුරු සැපයීම ඔහුට භාර දුන් බව කීවේය.ඒ අනුව සලකා බලන කල බුද්ධ ශාසනය ගැන නගන ප්‍රශ්ණ විජේදාස රාජපක්ෂට නොව අතුරලියේ රතන හිමිට භාරදිය යුතුය. යම් යම් නීති පිලිබඳ ප්‍රශ්ණ පැමිනෙන විට සභාවේ සිටින සියලුම නීතීඥ වරුන් නැගී සිටිය යුතු නේද? අනේ මෙවන් බොළඳ හේතු දැක්වීම් ! ඊලඟට එස්. බී. දිසානායක වැන්නවුන් ඉදිරිපත් වූයේ හිටපු ජනාධිපතිනිය, චන්ද්‍රිකාගේ ආරක්ෂාව පිලිබඳව කරුණු දැක්වීමටය. චන්ද්‍රිකාට එවන් ආරක්ෂාවක් දුන්නේ නැතිලු ! මේ ටික කාලයට මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමේ ලා ඉටු කල වැඩ කොටස මේ උදවියට අමතකව ඇත. චන්ද්‍රිකාගේ පාලන සමයේ යුද්ධය ඇදී ගිය හැටිත්, මහින්දගේ පාලන සමයේ යුද්ධය ඇදී ගිය හැටිත් විස්තර කිරීමට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප නව ආසන සංවිධායක වරයෙකු ලෙස පත්වීමක් ලද ජේ. ආර් ජයවර්ධනගේ මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන පැවසූයේ, යුද්ධය ජයගත හැකි වුනේ තම සීයා හැදූ ව්‍යවස්ථාව නිසා බවයි. එහි ද ඇත්තක් තිබේ. කෙසේ වෙතත් විවිධ ජනාධිපතිවරුන්ගේ කාල සීමාවන්හිදී, ඔය කියන ව්‍යවස්ථාවෙන් පැවරුන විධායක බලතල මගින් යුද්ධයේ සීමා මායිම් නිර්ණය කල අයුරු අපි පැහැදිලිව දුටුවෙමු. එල්ටීටීඊ සංවිධානයට අවශ්‍ය අවි ආයුධ, සිමෙන්ති කන්ටේනර් පිටින් සැපයීම හෝ ජයග්‍රහණය අත පොවන මානයේ ඇති යුද්ධය එක අණ කිරීමකින් නතර කර ආපසු හැරවීම හෝ සොල්හයිම්, අකාශි වැනි ජාත්‍යන්තර නියෝජිතයින්ගේ එක ඉඟියකින් එල්ටීටීඊ ය ඉදිරියේ දණින් වැටීම ඒ ඒ කාලවල විධායක බලය අත දැරූ තැනැත්තාගේ කශේරුකාවේ ස්වභාවය අනුව තීරණය විය. නමුත් හොඳට හෝ නරකට විධායකයේ වචනය අවසාන තීරණය විය. මේ පිලිබඳව වඩාත් පැහැදිලිව දන්නවා ඇත්තේ සරත් ෆොන්සේකාය. මන්ද ඔහු ඔය සියලුම සේනාධිනායකයන් යටතේ සේවය කර ඇති නිසාය.

තමාට අගමැතිකම ලැබුන සුලු ඇසිල්ලකින් ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි අංශය පාවා දී, එල්ටීටීඊ ය ට භූමියෙන් කොටසක් පවරා දී, අවබෝධතා ගිවිසුම් ගැසූ රනිල්ට නම් මේ යුද ජයග්‍රහණය විහිලුවක් සේ පෙනීම පුදුමයක් නොවේ. තමන්ට ඔටුණු පලඳවන්නට කුමර කුමරියන් නැතැයි කීවත් අද වන විට ජේ ආර් ගේ මුණුපුරා ද දේශපාලනයට පිවිස සිටී. නමුත් රනිල් කරදර වන්නේ කුමකටද? තමාත්, ඇඹේනියත් නැති කලෙක මොන මොන එවුන් රට කෑලිවලට කඩා ගත්තත් ඔහුට ප්‍රශ්ණයක් නැත.

හිටපු ජනාධිපතිට ජීවිත තර්ජනයක් නැතැයි පවසන්නේ කෙසේද? අද අන්තර්ජාල සමාජ වෙබ් අඩවි හරහා සංසරණය වන වීඩියෝ ක්‍රීඩාවක් වෙයි. එහි මහින්ද රාජපක්ෂ ගේ කාටූන් රුවක් තනා එයට තමා කැමති පරිදි වධදීම සිදු කෙරේ. මෙය කාගේ උවමනාවට කෙරෙන දෙයක්ද? මෙවන් දෑ නිර්මාණය කරන සහ පරිහරණය කරන මිනිසුන්ගේ සිත් තුල ඇති වෙෙරය මෙයින් පැහැදිලිවම පිලිබිඹු වේ. ඉතින් මෙවන් දේ ව්‍යාප්තව යද්දී, වෙෙරය පෙරදැරිව සේදෙන හිස් මොල ඔස්සේ හිටපු ජනපතිගේ ජීවිතය අනතුරකට ලක්වීම පිලිබඳව දිශානතියකට යොමු නොවේ යයි කාට නම් සහතික විය හැකිද?

මහින්ද රාජපක්ෂට කාඩ්බෝඩ් දුටු ගැමුණු ලෙස අපහාස කරන්නට පෙර, තමා වෙතින් පිලිබිඹු වන කාඩ්බෝඩ් වීරයාගේ චරිතය රනිල් වික්‍රමසිංහ අවබෝධ කරගත යුතුය. එක්කෝ ඔහු කපටිය. නැතිනම් කුහකය. නැතිනම් ඒ දෙකමය. ඔහුට අවශ්‍ය වූයේ ජනතාවගේ හෙලා දැකීමට ලක් වූ ජනාධිපතිකම ඩැහැ ගැනීමට වෙනත් ඉත්තෙකු යොදවා, නිකම්ම අගමැති කමට රිංගාගෙන, ව්‍යවස්ථාව වෙනස්කර, විධායක බලතල පාර්ලිමේන්තුවට පවරාගෙන එය තමා සතු කර ගැනීමය. පාර්ලිමේන්තු ඉතිහාසයේ තමන්ගේ නම ලියා තැබීමටය. ඒ සඳහා ඔහු භාවිතා කල ක්‍රමවේදයේ දී ඔහුගේ දැලට ජනාධිපති ලොකු මාලුවා පමනක් නොව, ඇමෙහි දැවටුන ආහාර පොදට ලොබ බැඳි විවිධ ප්‍රමාණයේ මාලුන් රැසක් අසුවිය. අවසානයේ එක්සත් ජාතික පක්ෂයට තිබෙන ප්‍රධානතම අභියෝගය වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙකඩ කර දියකර හැරීමේ ක්‍රියාවලියට අත්පොත් තැබීය. සටනකට ඍජුව ඉදිරිපත් වීමට පසුබාන අන්දමේ වූ, රනිල් සතු කාඩ්බෝඩ් චරිතය ඔහුගේ දේශපාලන ඉතිහාසයේ විවිධ සන්ධිස්ථානවල දී දැකගත හැකිය.

ඔහුට හරි යන්නටම අසු වූ තැනැත්තා සරත් ෆොන්සේකා ය. බලයට ආශා කරන, ඉන් ක්ෂණික අන්ධ භාවයට පත්වන චරිතයක් වූ ඔහු, තමා අදින නූලට කදිමට නටන බව රනිල් දනී. මේ ප්‍රශ්ණයේදී ද ප්‍රේක්ෂක ජනයාගේත්, ඒකාබද්ධ විපක්ෂයේත් කෝපය එල්ල වූයේ සරත් ෆොන්සේකා වෙතය.

ගෝඨාභය රාජපක්ෂ තමන්ටම බෝම්බයක් ගසාගත් බව තම කතාවේදී සරත් ෆොන්සේකා පැවසීය. ඔහුගේ මතයට අනුව, තමන්ම හානියක් කර ගත්තොත් මිස, මහින්ද රාජපක්ෂට හානි කරන්නට කිසිවෙකුට අවශ්‍යතාවයක් නොමැත. ඒ අනුව බැලුවොත් සරත් ෆොන්සේකාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් ඔහු විසින්ම සැලසුම් කලා වත්ද? ක්‍රියා අනු පිලිවෙලෙහි යම් අත්වැරැද්දක් නිසා එය ඔහු ද හසුවන සේ පිපුරුවා වන්නටත් පිලිවන. මන්ද ඔහු පවසන අන්දමට 2010 දී ඔහු ව අත්අඩංගුවට ගත් පසු රඳවා තබා තිබුනේ දරුණු ත්‍රස්තවාදීන් සමගය. නමුත් ඔහු කිසිදු උපද්‍රවයකින් තොරව එලියට ආවේ, ගෝඨාභය සහ මහින්ද සම්බන්ධයෙන් ඉදිරිපත් කරන න්‍යාය ඔහුට ද අදාල වන නිසා විය යුතුය.

මේ වන විට රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරුතා බොහෝය. ඒවායින් ගොඩ ඒම පසෙක තබා අගමැති විසින්ම මෙවැනි ප්‍රහසන නාට්‍ය රචනා කර රඟ දක්වයි නම්, අපට කිව හැක්කේ කුමක්ද? එක අතකින් වැට් බද්ද ඉහල ගියේය. ඒ ඔස්සේ ජනතාව මත සෑහෙන බරක් පැටවිනි. යම් යම් භාණ්ඩ වගර්‍ කිහිපයක මිල ඉහල යාමක් සිදු නොවන බව රජය නිවේදනය කලේය. නමුත් ඊලඟ දිනයේ රූපවාහිනී නාලිකාවන් ඔස්සේ කතා කල ආහාර අලෙවි කරන සංගමයක ප්‍රධානියෙකු කීවේ පවතින තත්වය අනුව තමන්ට සමහර ආහාර වගර්‍ වල මිල ඉහල දැමීමට සිදුවන බවයි. ඒ අතරම පසුගිය රජයට එරෙහිව මැතිවරණ ව්‍යාපාර වලදී යොදා ගත් ප්‍රධානතම මාතෘකාවක් වූ සිල් රෙදි නඩුවද ඉවත ගියේය. නමුත් මේ කලබගෑනි තුල ජනතාවට එවන් පුවත් ඇසී නොඇසී ගියාක් වැන්න.

දැන් දැන් මේ රටේ තත්වය මෙයයි. ඒ අතර ලබන මාසයේ එක්ටා ගිවිසුම කරලියට එනු ඇත. ජනතාවගේ විරෝධය එල්ල වූ සහ පසුගිය මැතිවරණය දිනා ගන්නට වත්මන් පාලකයින් භාවිතා කල ව්‍යාපෘතීන් එකින් එක යලි හිස ඔසවයි.

මෙවන් නාටක දෙස බලා හිඳින ජනතාව යලි පියවි ලෝකයට එන විට, සිදු විය යුතු හානි සිදුව තිබෙනු ඇත. එබැවින් මේ තුට්ටු දෙකේ ජවනිකාවන් ජනතාව නොමග යවන්නටම සැලසුම් කරන ලද ඒවාමදැයි සැකයක් මතු වේ.

1978 න් පසු පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරු 5 දෙනෙක් ආවා ගියෝය. දැන් සිටින්නේ 6 වැන්නාය. ඔවුන් අතරින් මහින්ද රාජපක්ෂ අඩු තරමින් මහා මිනිස් ජීවිත කන්දරාවක් බිලිගත්, රටටම හිසරදයක්ව තිබූ යුද්ධය අවසන් කලේය.

එබැවින් රනිල් වික්‍රමසිංහ මතකයේ තබා ගත යුතු එක දෙයක් ඇත. විපක්ෂ නායකයා වශයෙන්, යුද්ධය පැවති සමයේ ඔහුට ද රජයෙන් යම් ආරක්ෂාවක් හිමිව තිබිනි. කිසිදු ආරක්ෂාවක් සහතික කල නොහැකිව තිබුනේ, එදිනෙදා ඉටු නොකර සිටිය නොහැකි අන්දමේ ගමන් බිමන් හා වැඩ කටයුතු සඳහා ඔබ මොබ යන්නට සිදු වූ පොදු ජනතාවටයි. ‘මායිම්’ ගම්මාන වල පණ බයේ ගැහෙමින් ජීවත් වූ ජනතාවටයි. තම දරුවන් සන්නද්ධ කණ්ඩායම් විසින් උදුරාගෙන යද්දී නිකම්ම බලා ඉන්නට සිදු වූ, හම්බ කරන සබ්බ ලෙහෙව්වම කප්පම් ලෙස ත්‍රස්තවාදීන්ට ගෙවන්නට සිදු වූ සාමාන්‍ය ද්‍රවිඪ ජනතාවටයි. යුද්ධය කොතෙක් දුරට කලොත් හොඳද යන්න පිලිබඳව අවිනිශ්චිත භාවයට පත්ව සිටි, එජාප සහ චන්ද්‍රිකාගේ පාලන සමයන්හිදී ‘බිලී බෝයිස් ‘ යන නම් පටබැඳ තිබූ හමුදා සෙබලුන්ටයි. යුද්ධය නිමවීමත් සමගම මේ සියලු ජන කොටස් සැනසීමක් ලබන්නට ඇත්තේ දේශපාලන භේදයකින් තොරවය.

මේ සියලු කරුණුත්, 2015 ජනාධිපතිවරණයේ දී ලද ප්‍රතිඵල දෙසත් බලන කල්හි තවමත් රටේ ලක්ෂ 58 ක ජනතාව මහින්ද රාජපක්ෂ ට සලකන්නේ කාඩ්බෝඩ් වීරයෙකුට මෙන් නොවන බව රනිල් වික්‍රමසිංහ සිහි තබා ගත යුතුය.

එපමනක් නොසෑහේ. වගකිව යුතු රජයක අගමැතිවරයා ලෙස, තම දෙකයි පණහේ විකට චරිතයෙන් මිදී, වැදගත් මහත්මයෙකු ලෙස හැසිරීමට පටන් ගන්නේ නම් කාලෝචිතය.

6 Responses to “අගමැතිගේ රජ ගෙදර කවටයා භූමිකාව”

  1. Kumari Says:

    Theja, Ranil is a mental case. Have you watched any of his interviews? I find them very painful to watch, he never answers any question. Sarath Fonseka is just like a dog. He is a reflection of his master. When he was with Mahinda he was capable of great feats. Now under Ranil he is showing the shameless side that we didn’t know he had (he is serving the master just as expected by Ranil ).

  2. Ananda-USA Says:

    Kumari,

    Ranil is not the only mental case here; Gonseka is another borderline lunatic and a very dangerous conniver.

    If as Gonseka claims, Gotabhaya engineered his own bombing, we should ask whether Gonseka engineered his bombing also?

    The PRIMARY reason why Ranil has hired Gonseka is not to sling mud at the Rajapaksa family, but to use his connections in the MILITARY for protection against any military coup-de-etat against his UNP Govt in the future. Given that there were allegations of a Gonseka inspired coup-de-etat against the MR/UPFA Govt in the aftermath of the general election when Gonseka ran for President, Ranil is securing PROTECTION for himself and the UNP against any future opposition to them by the Military.

    There are WHEELS WITHIN WHEELS where Gonseka is concerned; he is a very dangerous man without any SCRUPLES.

  3. NAK Says:

    Stupid people of Sri lanka….have chosen a pambaya and a jester to run the country.

    P.S. jokes the jester cracks are not funny though he himself laughs!

  4. Ancient Sinhalaya Says:

    Pol pot ponil is a wolf in sheep’s clothing. He pretends to be a clown, underneath he is a die hard catholic
    who is hell bent in destroying Buddhism and the Sinhalese race. His heart is with the west. He worships
    them. That’s why he wanted to celebrate portuguese invasion of us by inviting them over here. That’s
    how treacherous he is. But to some Sinhala modayas he is a saint.

    He and his party managed to get rid of nearly 250,000 Buddhists by massacring jvpers and prolonging
    the war for over 30 years. He even gave half the country to his catholic buddy hitler pira(mala)paharan.
    When it didn’t work out, he grassed millennium city intelligent officers to catholic tigers of tamil drealam to
    expedite the cause. Still a lot of Sinhala modayas don’t see or understand his true colour. No wonder we
    are called Sinhala modayas.

    He prefers being portrait as a clown. Then he can carry out his murderous,
    treacherous agenda of destroying Buddhism from Sri Lanka. UNPatriotic party supporting Sinhala modayas
    do you have more brain cells than an amoeba, not to see through this traitor? Wonder for a moment why
    catholic-run UNPatriotic party didn’t want to kill the real terrorists even after attacking Sri Maha Bodhiya and
    Sri Dalada Maligawa killing scores of pilgrims. Remember catholic tigers masaccred Buddhist monks? Also wonder for a moment why the catholic tigers of tamil
    drealam didn’t kill a single priest or damaged a single church. Only thing we can think about these UNPatriotic
    party supporting Sinhalese are they are JAATHI DHROHEEN OR BRAINLESS XXXX.

    Brainless traitors please use the following links to see the handiworks of your Sinhalese-murdering,
    Buddhism-destroying UNPatriotic party.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankagrid.com/soma-thero/

    http://www.pinsiri.com/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

  5. jay-ran Says:

    During the past one and a half years of YAHAPALANAYA or THE YAKAAGE PALANAYA period, what I have noticed very correctly are these:
    1) THERE ARE FEW JOKERS IN THE PARLIAMENT UNLIKE IN GOOD OLD ARENA!!!
    2) No ONE JOKER IS,BATALANDA RANIL WICKREMASINGHA!!!
    3) No TWO JOKER IS PERERA WHO CHANGED HIS SIR NAME TO “KIRIELLE” WHICH IS HIS WIFE’S NAME????

    Pl read the past PARLIAMENT PROCEEDENGS TO SEE WHETHER I’M RIGHT OR WRONG???

  6. Dham Says:

    They are not jokers but power hungry, greedy , heartless evil people ( including GOD OLD ARENA mongrels).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress