මහින්දව විවේචනය කළ සරත් ෆොන්සේකාගේ කෙරුවාව මෙන්න…
Posted on May 10th, 2016

www.mahinda.info

[1]. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිත ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පුහුණු හමුදා කණ්ඩායම ඉවත් කළේ මන්දැයි දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසුවේය. ඊට නිසි පිළිතුරක් ලබා දෙනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළේ සුපුරුදු මෝඩ විහිළු සිදුකර පසුව සරත් ෆොන්සේකාගේ නම සඳහන් කරමින් ඔහුට පිළිතුරු දීමේ අවස්ථාව ලබා දීමයි.

මෙහිදී සරත් ෆොන්සේකාට මහින්ද රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවේදී විවේචනය කිරීමට හේතු 6 ක් අනුවම කිසිදු සදාචාරයක් නොමැත. ඒවානම්,

(i). සරත් ෆොන්සේකා යනු පසුගිය 2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වී, ජනතාව විසින් ප්‍රතික්ෂේප වී පසුව ජන මතයට පා පහර දෙමින් හොර පාරෙන් පාර්ලිමේන්තු පැමිණි අයෙකි. ඔහුගේ සමස්ත ප්‍රජාතන්තතවාදී පක්ෂය” ම ඔහු ඉදිරිපත් වූ කොළඹින් ලබා තිබුණේ ඡන්ද 5238 ක් පමණි. [මූලාශ්‍රය: මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය slelections.gov.lk]

(ii). සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට පත් වූයේ එජාපයෙන් වුවද ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ එජාපයට විකල්පව තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” මගිනි. වෙන්ත් පක්ෂයකින් මැතිවරණයට තරග කර පරාජය වී නැවතත් තවත් පක්ෂයකින් පාර්ලිමේන්තු ඒම යහපාලනයක් නොවේ.

(iii). තමන්ගේ සමස්ත පක්ෂයටම කොළඹින් ඡන්ද 5,238 ක් ලබා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සරත් ෆොන්සේකා එජාප ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නේ, එජාපයෙන් ඔහුට වඩා ඡන්ද විශාල වශයෙන් ලැබූ දේශපාලඥයින්ගේ අවස්ථාව අහිමි කරමිනි.
රෝසි සේනානායක මනාප 65320 , මංජු ශ්‍රී අරංගල මනාප 56359 , ලෙනාර්ඩ් කරුණාරත්න මනාප 48273 , උපුල් ශාන්ත සන්නස්ගල මනාප 40194 , එස් ඒ කුහවර්ධන් මනාප 39293 , නිරෝෂන් පාදුක්ක මනාප 34175 [මූලාශ්‍රය: adaderana.lk] සරත් ෆොන්සේකා යනු ඉහත පුද්ගලයන්ට වඩා වැදගත් අයෙක් නම් එජාපයෙන්ම ඡන්දයට ඉදිරිපත් කළ යුතුව තිබුණි. එසේ නැතිව හොර පාරෙන් පාර්ලිමේන්තු ඒම යහපාලනයක් නොවේ.

(iv). සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් පදවිය ලැබීමත් සමග ඔහු නිල ඇඳුම් අඳින හමුදා නිලධාරියෙක් බවට යළිත් පත් වී තිබේ. පහත පින්තූරය බලන්න. හමුදා නිල ඇඳුම් අඳින හමුදා නිලධාරියෙක් හොර පාරෙන් පාර්ලිමේන්තු පැමිණ වාඩි වීම මගින් ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට කැළලක් වෙමින් හමුදාව දේශපාලනීකරණය කර ඇත.

(v). එදා දිනෙෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රශ්නය යොමු කළේ අග්‍රාමාත්‍යවරයා ටයි. අග්‍රාමාත්‍යවරයාට අදාල කරුණ ගැන පිළිතුරු දීමට නොහැකිනම් ඒ ගැන පිළිතුරු දීමට අදාල විශය භාර අමාත්‍යවරයාට යොමු කළ යුතුය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය එයයි. එසේත් නැතිනම් සරත් ෆොන්සේකාව ආරක්ෂක අමාත්‍ය කළ යුතුව තිබුණි.

නමුත් අපට තොරතුරු ලබා දෙන පාර්ශවයක් තහවුරු කළේ රනිල් වික්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකාට ආරක්ෂක ඇමති කම නොදී, හමුදාව ගැන මෙලෝ හසරක් නොදන්නා තම බෑණා පොඩ්ඩ වන රුවන් විජයවර්ධනව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය බවට පත් කළේ සරත් ෆොන්සේකාව එජාපයේම බහුතරයක් නායකයින් විශ්වාස නොකරන නිසා බවයි. එනිසා ඔහුට ප්‍රාදේශීය සංවර්ධන ඇමතිකමක් සහිතව මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව බාර දී තිබේ.

(vi). ලෝක ඉතිහාසයේ හමුදා මූලස්ථානයක් තුළදී සතුරන් අතින් බරපතල තුවාල ලැබූ එකම හමුදාපතිවරයා සරත් ෆොන්සේකා ය. හමුදා මූලස්ථානය යනු හමුදාවක හදවත යි, ආරක්ෂාකාරීම ස්ථානය යි. පාබල හමුදාවට අණ දීමට හැකි හමුදාපතිව සිටියදී සිය මූලස්ථානයේදී ආරක්ෂා වෙන්න බැරි වුණ සරත් ෆොන්සේකාට, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ගැන කතා කිරීමට සදාචාරයක් නොමැත.

 

[2] හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සරත් ෆොන්සේකා විසින් සාධාරණීකරණය කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සහයට සිටින නෙවිල් වන්නිආරච්චි මහතාගේ අධ්‍යාපන සුදුසකම් පමණක් ගැන කතාකිරීමෙන්, මුළු බළකායේම සිටින නිලධාරීන් සහ කමාන්ඩෝ භටයන් සමස්තයක් වශයෙන් කිසිදු අධ්‍යාපනයක් නොලත් අය ලෙස පෙන්වා දීමෙන්ය.

මෙම විශේෂ ආරක්ෂක සමුහයේ අණදෙන නිලධාරී, කනල් මහේන්ද්‍ර ප්‍රනාන්දු යනු සන්නද්ධ බලකා රෙජිමේන්තුවට (ආමඩ් කෝ) අයත්, වසර 15ටත් අධික කාලයක් යුධ ක්‍රියාන්විතවල නිරතවූ, වීර වික්‍රම විභූෂණ, රණවීර පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම යනාදී යුධ බිමෙහි දැක්වූ වීරත්වය සඳහා විශිෂ්ට සම්මාන ලැබූ, හමුදා බුද්ධි අංශයේ අත්දැකීම් ඇති, ඉන්දියාව, ප්‍රංශය වැනි රටවලින් විශේෂ සමීප ආරක්ෂා පුහුණු ලැබූ නිලධාරියෙකි. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරා යුධ හමුදාවට බැඳුනු කැඩෙට් නිලධාරියෙකි. ඔහු යටතේ සිටින අනෙක් මේජර් වරුන්ද, උසස්පෙළ හදාරා කැඩෙට් නිලධාරීන් වශයෙන් යුධ හමුදාවට බැඳී ඇති අතර, ඔවුන්ද වසර 10ට අධික කාලයක් යුධබිමේහි ක්‍රියාන්විත වල සටන්කර, මෙරට හා විදේශ රටවලින් විශේෂ ආරක්ෂක පුහුණුවීම් ලැබූ, අත්දැකීම් සම්භාරයක් ඇති සුවිශේෂ නිලධාරින්ය. ඔවුන් යටතේ සිටින කමාන්ඩෝ භටයන්ද යුධබිමේ දස්කම් පෑ, වීරත්වයෙන් අතිවිශිෂ්ට සේවාවක් තම මාතෘභූමියට ඉටුකළ රණවිරුවන්ය. මෙවැනි දැනුම් සම්භාරයක් හා අත්දැකීම් වලින් පරිපුර්ණ රණවිරුවන්, සරත් ෆොන්සේකා විසින් අවමානයට හා අවතක්සේරුවට ලක් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස පෙන්විය හැක.

කොළඹ හමුදා මූලස්ථානය තුළදීවත් ආරක්ෂා වෙන්න බැරි වුණ සරත් ෆොන්සේකාව යුද්ධයේ උච්ඡතම අවස්ථාවේදී කිලිනොච්චි ගෙනගොස් යහතින් නැවත කොළඹ ගෙනාවේ මේජර් නෙවිල් මහතා ඇතුළු රණවිරුවන් විසිනි. එදා තම ජීවිතය රැක දුන් රණවිරුවාට අද මෙසේ මඩ ගසයි.

මීට පෙර ජනාධිපති ආරක්ෂක අංශය, පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් මෙහයවූ කාල වකවානු වලදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන් මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මියගිය අතර, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය එවැනිම ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලැබුවේය. නමුදු, යුධ හමුදාවට අයත් ජනාධිපති ආරක්ෂක සමුහයට අයත් මෙම නිලධාරීන් හා භටයන් විසින්, යුද්ධය උත්සන්න කාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කිසිම උවදුරකට ලක් නොකර, ඔහුගේ ජීවිතය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර, තම යුතුකම ඉහලින්ම ඉටු කළේය. ඔවුන් විසින් මෙරට සංචාරයේ පැමිණි පාප් වහන්සේ, චාල්ස් කුමරු, තායිලන්ත කුමරිය, චීන, පකිස්තානු, පලස්තීන ජනාධිපතිවරුන්, ජපානයේ අග්‍රාමාත්‍ය, කටාර්හි එමීර්තුමා යනාදී නායකයන් රැසකගේ ප්‍රභූ ආරක්ෂාවද ලබාදී තිබේ.

තම ජීවිතය පරදුවට තබා, රට ජාතිය වෙනුවන් කැපවී, විශිෂ්ට සේවාවක් ඉටුකරන මෙවැනි වෘත්තීමය නිලධාරීන්ට හා භටයන්ට, යුධ හමුදාවේ හිටපු හමුදාපතිකෙනෙකු විසින්, පටු දේශපාලනික න්‍යායන් නිසා අපහාසයට හා උපහාසයට ලක් කිරීම ඉතා පහත් ක්‍රියාවකි.

 

[3]. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කළ වෙඩි නොවදින මෝටර් රථයකට දුර සිට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බැවින් එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේම සැලැස්මක් බව සරත් ෆොන්සේකා චෝදනා කළේය. හිටපු ආරක්ෂක ලේකම් වරයා ගමන් ගන්නේ කුමන ආකාරයේ රථයකද, එය පාරේ නවත්වන්නේ කොතනක දැයි ත්‍රස්තවාදීන් දැන සිටියේ නැත.

එසේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගමන් කළ බීඑම්ඩබ්ලිව් මෝටර් රථය වෙඩි නොවදින එකක් වුවද කිලෝ 40 ක අධිබල ක්ලේමෝ බෝම්බයකට එය ඔරොත්තු නොදේ. එසේම සරත් ෆොන්සේකාගේ මඩ චෝදනාව අනුව සිතුවත් ජීවිතේ අනතුරේ දා ගනිමින් තමන්ටම බෝම්බයක් ගසා ගැනීමෙන් ලබා ගත හැක්කේ කුමක්ද? ප්‍රභාකරන්ට එරෙහිව නඩු දමා වන්දි ගැනීමට ද?

අනික් අතට හමුදා මූලස්ථානය තුළටම පැමිණ සරත් ෆොන්සේකා ගමන් කළ මෝටර් රථයකට ප්‍රහරයක් එල්ල කළ බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ කොටියාව නිදහස් කිරීමට ඉල්ලීම ගැනනම් සාධාරණ සැකයක් මතු වෙයි. [මූලාශ්‍ර වීඩියෝව]

ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිදුකරන ලද පැහැදිළි කිරීම මෙලෙසයි.

 

[4]. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේදී මන්ත්‍රීවරයෙක් බැවින් එතුමාට මන්ත්‍රී ආරක්ෂාව ප්‍රමාණවත් බව සරත් ෆොන්සේකා පවසයි. එනමුත් හිටපු ජනාධිපතිවරයා යනු ලෝක ඉතිහාසය තුළදී ගුවන්යානා සහ සම්බැරීන් තිබූ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් සහමුලින්ම පරාජය කිරීමට අණ දුන් සේනාධිනායකවරයා ය. වත්මන් ආණ්ඩුවෙන් හිරේ සිටි දරුණු කළු කොටි නිදහස් කරද්දී හිටපු ජනාධිපතිවරයාට කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වී ඇති ජීවිත තර්ජනය තව තවත් වැඩි වෙනවා මිස අඩු නොවේ. හිරේ සිටි කොටින්ගෙන් තර්ජන තිබෙන්නේ යුද්ධයට අණ දුන් සේනාධිනායකවරයාට මිස, උතුරේ හමුදා කඳවුරු ගලවා දමන, අධි ආරක්ෂිත කලාප ඉවත් කරන වත්මන් නායකයින්ට නොවේ. එසේනම් මෙතෙක් කාලයක් හිටපු ජනාධිපතිවරයාව නිරුපද්‍රිතව රැක ගත් වඩාත් විශ්වාසවන්ත හමුදා භට පිරිස ඉවත් කිරීම මගින් හිටපු ජනාධිපතිවරයාව කොටින්ගේ ගොදුරක් බවට පත් කර තිබේ.

විදෙස්ගත කොටින්ගේ වෛරීසහගත උද්ඝෝෂණයක්

 

[5]. බැරැක් ඔබාමා වගේ නායකයින්ට පොලිසියේ ආරක්ෂාවෙන් ඉන්න පුළුවන්නම් මහින්දට බැරි ඇයි” යනුවෙන් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය මගින් සරත් ෆොන්සේකාට හමුදාපතිවරයෙක්ට තියා පාසල් දරුවෙකුට ඇති විදෙස් රටවල් ගැන දැනුමවත් තිබේ දැයි සැක මතුවෙයි.

ඔබාමාට පමණක් නොව ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට ජීවිත කාලය පුරාම ආරක්ෂාව ලබා දෙන්නේ පොලිසියෙන් නොව United States Secret Service” මගිනි. [source: wikipedia] . ජනාධිපතිවරුන්ගේ ජීවිතාරක්ෂක නිලධාරීන් ලෙසට එයට සම්බන්ධ කරගන්නේ ඇමරිකාවේ වන Delta Force, US Navy Seal, US Army Special Force, US Army Rangers, Naval Special Warefore Unit වැනි අංශ වල අති විශිෂ්ට දක්ෂතා දැක්වූවන් වය.

 

[6]. තමන් තනියම යුද්ධ කළා කියමින් වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව විවේචනය කරන සරත් ෆොන්සේකා එදා කිව්වේ මෙලෙසයි.

මෑතකදී චන්ද්‍රිකා කුමාරතුංග මිය පැවසූයේ යුද්ධයෙන් 75% ක් ඉවත් කළේ ඇය බවත් ආයුධ ගෙනාවේ ඇය බවත් ය. එනමුත් ඇය විශ්‍රාම යද්දී සරත් ෆොන්සේකාට සේවා දිගුවක් ලබා නොදුන්නේය. එසේම සරත් ෆොන්සේකා නිසාම යුද්ධය අවසන් කළානම්, චන්ද්‍රිකා කුමාරතුංග මියගේ වසර 10 ක පාලන කාලය තුළ මේ දෙදෙනාට එකව ත්‍රස්තවාදය අවසන් කිරීමට බැරි වූයේ ඇයි?

 

[7]. නමුත් ඊට මාස කිහිපයකට පසුව සරත් ෆොන්සේකා කීවේ වෙනත් කතාවකි. යුධ භූමියේ ඉන්න අයට නොයෙක් වැරදි උපදෙස් දීල තියෙනවා අවස්ථාවෙන් අවස්ථාවට. ඒවා ගැන මාධ්‍යවේදීන් යුධ භූමියේ හිටපු අය දැනගෙන ඉඳලා තියෙනවා. ඒ මාධ්‍යවේදීන් ප්‍රකාශ කරපු දේවල් තමයි අපි කියලා තියෙන්නේ, ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුණත් වෙඩි තියන්න…” – සරත් ෆොන්සේකා

යුධ හමුදාවේ ඉහලින් එන නියෝග ඉතාමත් රහසිගතය. ඒවා යුධ භූමියේ සිටින වාර්තාකරුවන්ට අහන්න ලැබෙන්නේ නැත. ඒ අනුව සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය කිසිදු පදනමක් නැති බව පැහැදිළිය. නමුත් ඔහුගේ ප්‍රකාශය පදනම් කරගනිමින් අදටත් අපේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් යුධ අපරාධ චෝදනා එල්ල වෙයි.

The White Flag Incident” was heavily featured in a UN report which not only upheld the credibility of war crimes allegations against the Sri Lankan government and led to the launch of a full investigation, but called into review the UN’s actions at the end of the war as well. [source: wikipedia.org/wiki/White_Flag_incident] (සනීපයි නේද?)

එවන් බරපතල චෝදනාවක් තිබියදී සරත් ෆොන්සේකා හමුදාව පාවාදීමට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ කටයුතු මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවැත්වූවානම් එය අධිකරණයට ඇඟිලි ගැසීමක් ලෙස නම් වීමට ඉඩ තිබුණි. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඇති බලතල ප්‍රකාරව සරත් ෆොන්සේකාව කළින් නිදහස් කිරීමත් සිදුකළේය. පළි ගැනීමේ චේතාවක් තිබුණානම් එම වරප්‍රසාදය සරත් ෆොන්සේකාට ලැබෙන්නේ නැත.

 

[8]. සුදු කොඩි කතාවෙන් නොනැවතී ඔහු පැවසූයේ පුදුකුඩි ඉරිප්පු හි ඉස්පිරිතාලයකට වැරදීමකින් මෝටාර් දැමූ බවයි. කොටින්ගේ එම මඩ චෝදනාව ඔප්පු කරගැනීමට කිසිදු සාක්ෂියක් නොමැතිව තිබියදී සරත් ෆොන්සේකා විසින් සිදුකළ දෙවන පාවාදීම එයයි.

 

[9]. සරත් ෆොන්සේකා පැවසුවේ ප්‍රභාකරන් ඔහුගේ දරුවන්ගෙන් පළි ගත්තේ නැති බවත්, ප්‍රභාකරන්ට ප්‍රතිපත්ති තිබූ බවත්” ය.

එනමුත් එදා මානුෂික මෙහෙයුම යද්දී සරත් ෆොන්සේකාගේ දරුවන් කොටි පිස්තෝල කල්ලියෙන් අරක්ෂා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් එම දරුවන්ව විදෙස්ගත කළ නිසා බව මොහු අමතක කර තිබේ.

නමුත් අකාලයේ මිය ගිය තම පුතුගේ මළ කඳ දෑතේ හොවාගෙන විලාප තබන ඒ කැබිතිගොල්ලෑවේ තාත්තා වගේම, ප්‍රභාකරන් නිසා තම දරුවන් අහිමි වූ අම්මලාට තාත්තලාට දැන් මොනවා හිතෙනවා ඇතිද?

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “මහින්දව විවේචනය කළ සරත් ෆොන්සේකාගේ කෙරුවාව මෙන්න…”

  1. Ancient Sinhalaya Says:

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankagrid.com/soma-thero/

    http://www.pinsiri.com/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

    Catholic-run UNPatriotic party didn’t want to end the war since catholic tigers were killing Buddhists. Look at the
    last pic. in this article. Also remember Sri Maha Bodhi attack and the Sri Dalada Maligawa attacks.
    Terrorists killed 0 priests and damaged 0 churches. UNPatriotic party supporting Sinhalese, where are your
    eyes, where are your brains, where are your ears? Jaathi Dhroheen to support this Buddhist-killing party!
    Ranil WickramaSinhalakiller!
    Shame on you to support the murderous gang. Buddhist jvp burn in tyres. Catholic tigers given half the
    country to rule!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress