ආගම හා සංස්කෘතිය
Posted on May 14th, 2016

නලින් ද සිල්වා

අපේ අරමුණ ඕල්කට් බුද්ධාගම ගැන තරමක් විස්තරාත්මක ව සාකච්ඡා කිරීම ය. මේ ලිපි ඒ සඳහා හැඩ ගැස්වීමක් වෙයි. අද අපට ප්‍රශ්නයක් වී ඇත්තේ ඊනියා උගතුන්, ඇතැම් ජාතිකවාදීන් ද ඇතුළුව, සිංහල බුද්ධාගම වෙනුවට ඕල්කට් බුද්ධාගම අනුගමනය කිරීම ය. දේශපාලනඥයෝ සම්මත උගතුන්ට පිටින් යෑමට අකමැති වෙති. දේශපාලනඥයන් බාගෙට (අර්ධ වශයෙන්) නොව මුළුමණින් ම සිංහල බුද්ධාගම අනුගමනය කරන්නේ නම් අපේ රටේ ප්‍රශ්න බොහෝමයකට විසඳුම් සොයා ගත හැකි ය. අඩුම තරමෙන් ප්‍රශ්න කවරේ දැයි තේරුම් ගත හැකි ය. අද ඊනියා දෙමළ ප්‍රශ්නයක් ඇතැයි සැලකෙන්නේ දේශපාලනඥයන් සිංහල බුද්ධාගම පූර්ණ වශයෙන් අනුගමනය නොකරන බැවිනි. බොහෝ දෙනා නොදන්නා අනගාරික ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර වූ මතගැටුම සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම අතර වූ වෙනසෙහි ප්‍රතිඵලයකි. ඕල්කට්තුමා සීකීමයෙන් පැමිණි මහින්ද හිමියන් මෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය වැළඳ නො ගත්තේ ය. මෙරට ඊනියා උගත්තු ඕල්කට්තුමා ගැන දනිති. වයස්ගත ගැමියෝ මහින්ද හිමියන්ගේ නිදහසේ කවි දනිති. තරුණ භික්‍ෂූන් වහන්සේට ඒ කවි මතක් කර දිය යුතු ය.

උගතකු නොවන මට ආගමක් ඇත. ඒ සිංහල බුද්ධාගම ය. ඒ මගේ සංස්කෘතිය ද වෙයි. මා උගතකු නොවන බැවින් මට දෙවියන් ඇතැයි යනුවෙන් ගැනීමටවත් දෙවියන්ගෙන් උපකාරයක්් ගත හැකි නම් එසේ ගැනීමටවත් බාධාවක් නැත. අවාසනාවකට මට වර්ධනය වූ ආධ්‍යාත්මික ශක්තියක් නැත. එබැවින් ආධ්‍යාත්මික ව දැනුම සංස්කරණය කිරීමට, නිර්මාණය කිරීමට මට නො හැකි ය. මෙහි නිර්මාණය යන්න දෙවියන් වහන්සේගේ නිර්මාණය සමග පටලවා ගත යුතු නො වේ. ඒ හේතුවෙන් මට ද බටහිරයන් මෙන් ප්‍රවාද නිර්මාණය කිරීමට සිදු වී ඇත. ඒ මා බටහිරයන්ගෙන් ඉගෙන ගත් ප්‍රධාන ම කරුණ ය (ඇතැමුන් කෙසේ කීවත් මා බටහිරයන්ගේ සියල්ල ප්‍රතික්‍ෂෙප කරන්නේ යැයි කිසිම තැනක සඳහන් කර නැත). එහෙත් මට ඔවුන්ගේ චින්තනයෙහි, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි, ප්‍රවාද නිර්මාණය කිරීමට නො හැකි ය. මට බටහිර වි්‍යාඥයකු වීමට නොහැකි වූයේ එබැවිනි. මට ප්‍රවාද නිර්මාණය කළ හැක්කේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ව ය.

ආගමක් යනු කුමක් දැයි නිර්වචනය කිරීම පසුවට කල් තබමු. බුදුදහම එසේ නොවූවත්, බුද්ධාගම ද ඇතුළු ආගම් ද දැනුම් පද්ධති වෙයි (බුදුදහම හා ඕනෑම බුද්ධාගමක් අතර වෙනසක් වෙයි). ආගම් බිහිවන්නේ ද සංස්කෘතියක යම් චින්තනයක් පදනම් කරගනිමිනි. නැතහොත් චින්තන විප්ලවයක් කරමිනි. විප්ලවය යනු ලේ හලාගන්නා දෙයක් යන හැඟීම ඇති කළෝ මාක්ස්වාදීහු ය. බුදුන්වහන්සේ ද විප්ලවයක් කළහ. ඒ චින්තන විප්ලවයකි. එළඹෙන වෙසක් සමයෙහි දී ඒ චින්තන විප්ලවය මෙනෙහි කරමු. චින්තන විප්ලවයක් සමග සංස්කෘතිය ද වෙනස් වෙයි. චින්තන විප්ලවයක් නොමැති ව වුව ද ආගමක් මගින් සංස්කෘතිය වෙනස් කළ හැකි ය. මෙහි ඇත්තේ චක්‍රීය චින්තනයකි. ආගමක් සංස්කෘතියක බිහිවිය හැකි අතර ආගමෙන් සංස්කෘතිය වෙනස් කෙරෙයි. මේ කාරණය ප්‍රශ්නයක් වන්නේ රේඛීය චින්තනය අනුගමනය කරන්නන්ට ය. කිකිළිය ද බිත්තරය ද යන්න සිංහල බෞද්ධයන්ගේ නොව බටහිරයන්ගේ ප්‍රශ්නයකි. අපේ ශිෂ්‍යයන්ට එවැනි ප්‍රශ්නවල ඇති ව්‍යාජය කියා දිය යුතු ය. වෘත්තයකට, රවුමකට, අවශ්‍ය නම් සංවෘත වක්‍රයකට, ආරම්භයක් හෝ අවසානයක් හෝ නැත. එසේත් නැත්නම් අවසානයත් ආරම්භයත් එක ම ලක්‍ෂ්‍යක වෙයි.

බටහිර ක්‍රමයට දවස රාත්‍රී දොළහට අවසන් වී පසු දවසේ ආරම්භය සිදුවන්නේ රාත්‍රී දොළහයි නැනෝ තත්පරයකට (ක්‍ෂණයකට) පසුව ද එසේත් නැත්නම් දවස රාත්‍රී දොළහට නැනෝ තත්පරයකට (ක්‍ෂණයකට) පෙර අවසන් වී පසු දවස රාත්‍රී දොළහට ආරම්භ වන්නේ ද යන්න දැනගැනීමට මගේ මුණුබුරන්ට අවශ්‍ය විය. එකී අවසානයත් ආරම්භයත් එකවිට රාත්‍රී දොළහට සිදුවන බව තේරුම් ගැනීමට තරම් චක්‍රීය චින්තනයක් ඔවුන් සතු විය. පෙර දවසේ අවසානය ම පසු දවසේ ආරම්භය වෙයි. බටහිර විශ්වවේදයේ (චඔසමඔලඔගය) විශ්වයට ආරම්භයක් ඇත. එය බිග් බෑන් (මහා පිපිරුම) යනුවෙන් හැඳින්වෙයි. සිංහල බෞද්ධ විශ්වවේදයේ විශ්වයට ආරම්භයක් නැත. ඇතැම් විද්‍යාත්මක බෞද්ධයන්ට අනුව බටහිර විශ්වවේදය බෞද්ධ විශ්වවේදය ම වෙයි!

මේ අතරක් නැති වීම අපේ චින්තනයෙහි වැදගත් ලක්‍ෂණයකි. ක්‍ෂණයක් ඇත්නම් ඒ කෙතරම් කුඩා වුවත් එහි පැවැත්මක් ගැන කියැවෙයි. එනම් ආත්මවාදී වෙයි. ක්‍ෂණවාදයට ප්‍රශ්නයක් වන්නේ එහි ය. බටහිරයන්ට ශූන්‍ය වූ ක්‍ෂණයක්, අතරක්, නැත. ඔවුහු බටහිර ගණිතයේ දී මෙන් සීමාවේ දී ශූන්‍ය කරා එළඹෙන අතර, අන්තර, ගැන කතාකරති.

සංස්කෘතීන් එකිනෙක මුණගැසීමේ දී සිදුවන්නේ කුමක් ද? එය දැනුම තවත් සංස්කෘතියක දැනුමට එකතුවීමේ දී ද සිදුවෙයි. දැනුම යනු සංස්කෘතියක එක් කොටසක් පමණකි. දැනුම ගැන කතාව මගේ ලෝකය කෘතියෙහි සඳහන් වෙයි. සංස්කෘතියක් ද ක්‍රම හතරකින් වෙනස් වෙයි. එය තවත් සංස්කෘතියක් සමග මුණගැසීමෙන් සිදුවිය හැකි ය. එහි දී එක් සංස්කෘතියක යම් අංගයක් අනෙක් සංස්කෘතිය මගින් ආරෝපණය, අනුකරණය, අවශෝෂණය යන තුනෙන් එකක් හෝ කිහිපයක් හෝ කෙරීමෙන් සිදුවිය හැකි ය. මේ එකක්වත් නිසා ඇතිවන්නේ සංස්කෘතියෙහි වෙනස් වීමකි. එය අස්වාභාවික නො වේ. අවශෝෂණයෙහි දී පමණක් ඒ වෙනස්වීම සංගත ව කෙරෙයි. අනෙක් අවස්ථා දෙකෙහි එය අසංගත ව සිදුවිය හැකි ය. එබැවින් ම ඕනෑම සංස්කෘතියක ඒ ඒ අංග අතර අසංගතභාවයන් දැකිය හැකි ය. එය සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් විශේෂිත නො වේ. අද චීන සංස්කෘතියෙහි මේ අසංගතබව වෙන කවරදාටවත් වඩා කැපී පෙනෙන ආකාරයකට සිදුවෙයි. සංස්කෘතියක් වෙනස්වන හතරවැනි ක්‍රමයෙහි දී ඒ සංස්කෘතිය මගින් ම යම් යම් නව අංග ඇති කෙරෙයි.

යම් සංස්කෘතියක ආගමක් තවත් සංස්කෘතියකට බලයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ හඳුන්වාදීමේ දී ද දෙවැනි සංස්කෘතිය වෙනස් වෙයි. දෙවැනි සංස්කෘතියෙහි ආගමක් ද අනුරූප ව වෙනස් විය හැකි ය. මෙරට මූල සිංහලයන්ගේ බුද්ධාගම මහින්දාගමනයෙන් පසුව වෙනස් වී ඇත. එමෙන් ම ඕල්කට්තුමාගේ පැමිණීමෙන් පසුව සිංහල බුද්ධාගම ද වෙනස් වී ඇත. ඇතැමුන් අතර එය වෙන ම බුද්ධාගමක් වී ඇත්තේ ඕල්කට් බුද්ධාගම ලෙස ය. ඕල්කට් බෞද්ධයන් ඕල්කට්තුමා පැමිණීමට පෙර සිටිය ද ඒ සංවිධානාත්මක ආගමක් බවට පත්වූයේ එතුමාගේ පැමිණීමෙන් පසුව ය.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 මැයි 11

28 Responses to “ආගම හා සංස්කෘතිය”

  1. Dham Says:

    Never heard about ඕල්කට් බුද්ධාගම.
    Budhdha said Dhamma as only one taste, like ocean being always salty. Why not taste that and live this short life without harming oneself and others ?
    To me , I doubt all theories of modern science including ‘big bang’. Darwin’s පරිණාමවාදය is the worst.
    However, let those believers of everything of so called ‘science’ trust every lie comes out daily basis.

  2. NeelaMahaYoda Says:

    සිල්වා මහතානෙනි.

    “එකී අවසානයත් ආරම්භයත් එකවිට රාත්රී දොළහට සිදුවන බව තේරුම් ගැනීමට තරම් චක්රීය චින්තනයක් ඔවුන් සතු විය”.

    මෙය සමපූර්නයෙන්ම අසත්යයකි. කාලය කිසිදිනෙක අතිච්ඡාදනය (overlap) නොවේ. කරුණාකර පොඩිදරුවන්ට බොරු අසත්ය න්යායන් ඉගැන්වීමෙන් වැලකීසිටින්න.

    “බටහිර විශ්වවේදයේ (cosmology) විශ්වයට ආරම්භයක් ඇත. එය බිග් බෑන් (මහා පිපිරුම) යනුවෙන් හැඳින්වෙයි. සිංහල බෞද්ධ විශ්වවේදයේ විශ්වයට ආරම්භයක් නැත”.

    මෙය සමපූර්නයෙන්ම අසත්යයකි. සිංහල බෞද්ධ දර්ශනය අනුව සෑම දෙයක්ම නැසෙනසුලුය (අනිත්ය). සිංහල බෞද්ධ විශ්වවේදයේ අනුව විශ්වයට අරම්භයක්ද අවසානයක්ද ඇත. මෙය සූත්රරපිටකයේ දීඝනිකායේ 27වෙනි සූත්රයවන අග්ගඤ්ඤ සූත්රයේ සදහන්ව ඇත.

    Please stop all these odd theories before people call you Pacha Silva

  3. NeelaMahaYoda Says:

    In the past twenty years, new optimism about the relevance of Buddhism (Abhidhamma) to cognitive science has been expressed by a number of established researchers.

    Nalin, you should stop your infamous theory that Buddhist philosophy is diagonally opposing the modern science.

    The conceptual roots of this modern trend is particular focus on selfhood (no-self), embodiment and meditation. The latter contains three distinct points of contact, the introduction of first person methods, neuroscientific research of meditation, and using meditation in psychotherapy. In particular it taps on a growing discontent with the Cartesian outlook on the self and its place in the world. However, while Buddhism and cognitive science both reject a similar notion of substantial selfhood (No self), what they offer in return is different.

    A hundred years ago, Eastern influence on Western thought was perhaps most evident in the realms of philosophy and literature, as seen in the writings of American Transcendentalists like Thoreau and Whitman. [1] However, the seminal psychologist William James recognized the value of studying the psychological ideas inherent in Buddhist philosophy. When the Buddhist spokesman Dharmapala attended one of James’s lectures at Harvard, James was quoted as having said to him, “Take my chair. You are better equipped to lecture on psychology than I, ” and after one of Dharmapala’s own lectures, James declared, “This is the psychology everybody will be studying twenty-five years from now.” [2] James often drew on Buddhist cosmology when framing perceptual concepts, such as his term “stream of consciousness,” which is the literal English translation of the Sanskrit vinnana-sota, a Buddhist metaphor for the impermanent nature of the mind (anitya). In the landmark text Varieties of Religious Experience, James also breaks new ground for modern psychology by addressing the functional value of meditation. [3]

    1 Rick Fields, How The Swans Came to the Lake: A Narrative History of Buddhism in America. 3rd ed. (Boston: Shambala, 1992).
    2 David Scott, “William James and Buddhism: American Pragmatism and the Orient,” Religion 30 (2000): 335.
    3 William James, Varieties of Religious Experience. (1902; New York: Viking Penguin, 1982).

  4. Dham Says:

    NMY,
    “එකී අවසානයත් ආරම්භයත් එකවිට රාත්රී දොළහට සිදුවන බව තේරුම් ගැනීමට තරම් චක්රීය චින්තනයක් ඔවුන් සතු විය”.

    Nalin ,here , is referring to his grand children. Why is it a lie ? He was not claiming an ‘overlap’.

  5. NeelaMahaYoda Says:

    Dham

    According to the concept of time, which is also agreed in the Buddhist philosophy in conceptualising past, present and future, at 12 mid night it is still yesterday and at 12 + dt (t+dt) it is today where dt can be any fraction of second or a nano second. Or any time fraction which can be defined by observer’s capability to differentiate a moment.

    When he says “එකී අවසානයත් ආරම්භයත් එකවිට රාත්රී දොළහට සිදුවන බව…..පෙර දවසේ අවසානය ම පසු දවසේ ආරම්භය වෙයි. it means an overlap or it happens simultaneously.

  6. NeelaMahaYoda Says:

    Dham

    You need to see this subtle difference if you need to study the fascinating concept of “stream of consciousness,” in the Abhidhamma, specially consciousness pertaining at the time of death where it explains the mechanism through which one’s consciousness transferred from one birth to other.

  7. Dham Says:

    NMY,
    I tend to agree with him on that, but it is just a definition and either way can be defined.

    Yes. I did study Abhidhamma and Chitta Veethi too, although I generally understood the concept as I said before I did not value it that much.
    However, I listened to 7 cassettes of ‘Nivana’ by Katukurunde Gnananda thero and he described it well. I will have a another look later.

    I will come back with some questions at a later date.

  8. Senevirath Says:

    nmy නලින් කියා ඇත්තේ අතරක් නැති බවය අතිච්චාදනයක් ගැන කියා නැත . සුත්‍රයේ ගතාව උපුටා දක්වන්න පිටුව හෝ අංක නොවේ —-

  9. Senevirath Says:

    බෞද්ධ විශ්වවේදයේ ඇත්තේ එක යුගයක සන්කොචනය වන තවත් යුගයක ප්‍රසාරණය වන විශ්වයක් ගැනය ආරම්භයක් හෝ අවසානයක් නැත එය ප්‍රසාරණය වෙමින් සංකෝචනය වෙමින් චලනක යෙදෙය් .ප්‍රවාද වෙනස් වෙන නවීන විද්‍යාවෙන් අභිධර්මය තේරුම් කිරීම ඇති භයානකය් බුදු දහම අකාලිකය් පරම සත්‍යයය් වෙනස් නොවේ එහි සිද්ධාන්ත හෝ ප්‍රවාද හෝ කොටින්ම දහමේ අංශුමාත්‍රයක් වත් කිසිකලෙකත් වෙනස් නොවෙය ඉතින් කුමට මේ නවීන විද්‍යාව බුදු දහම ගැන කියන්න

  10. charithsls Says:

    Nalin, I agree with you in that there is no beginning or end to the world in Buddhism & we ‘ve incessant cycles of births & deaths & one can say the only ‘end’ is Nirvana. People are fascinated by science & no wonder all our progress & luxuries are as a result of it. Some comments here are hard to believe & wonder whether are genuine Buddhists. Science & Buddhism are chalk & cheese do not try to look at Buddhism through science.

  11. NeelaMahaYoda Says:

    Senevirath

    If you google Agganna sutta you will get about ten sites where various English translations of Aganna sutta are published.
    Here are some of the sites;
    http://www.urbandharma.org/pdf/AggannaSutta.pdf
    Columbia University site
    http://www.columbia.edu/itc/religion/f2001/edit/docs/aggannasutta.pdf
    https://suttacentral.net/dn
    In this site Agganna sutta is published in 17 languages including sinhala and english

  12. Ananda-USA Says:

    Charithsls,

    It is not just fascination, but NEED.

    NEED, they say, is the mother of INVENTION.

    And INVENTION is the mother of SCIENCE.

  13. charithsls Says:

    Ananda, need for what? A better life, isn’t that in our terms, invention for what? A better life, so science for what? A better life! (Life is Dukkha in Buddha’s terms!).

  14. Senevirath Says:

    need = greed

  15. Senevirath Says:

    ආනන්දය මෙහි එව බලව නව නිපැයුම් තන්හාව වර් ධනය කරය් එහි කෙල වරක් නැතසසර දිගුවේ .

  16. Senevirath Says:

    nmy කරුණාකර අපකෙරෙහි අනුකම්පාවෙන් පාඨයක් දෙකක් ගෙනහැර දක්වන්න හැකිනම් සිංහලටත් පරිවර්තනය කරන්න සමහර විට අපි බොහෝ දෙනෙකුට වැරදිලාද දන්නේනහ වැරදිනම් නලිනුත් නිවැරදි කර ගනිය් .

  17. NeelaMahaYoda Says:

    සෙනවිරත්

    සිංහලෙන් ලියනලද අග්ගඤ්ඤ සූත්රය මෙතැනින් බාගන්න

    https://suttacentral.net/si/dn27

  18. NAK Says:

    I think prof. Nalin is right.
    The end of the previous day and the begining of the following day occurs at the same moment.
    There is no overlap or there couldn’t be a gap of even a fraction of a nano second which then becomes a part of the second day.

  19. Senevirath Says:

    nmy සුත්‍රයට අනුව —-වාසේස්ට …….”’යම්හෙයකින් ධීර්ග කාලයක් හුගේ ඇවෑමෙන් මේ ලෝකය වැනසේද ……..” එබඳු කාලයක …. ”” සඳහනි වැ නසුනේ තිබු දෙයකි. එහෙම නිතර සිදුවෙන්න ඇති නේද

  20. NeelaMahaYoda Says:

    කාමලෝකයේ සිට බලනවිට මේක බොහොම කලාතුරකින් සිදුවන දෙයක් උවත් චාතුර්මහරාජිතයේ හෝ යාමයේ හෝ තුෂිත ලොකයේ සිට පෙනෙන්නේ නිතර සිදුවන දෙයක් හටියටයි.
    පහත දක්වා තිබෙන චිත්‍රපටය බලන්න.

    End of the Universe – Full Documentary (720p HD)

    https://www.youtube.com/watch?v=vfdBrADQKKs

    අග්ගඤ්ඤ සූත්රය ගැන විද්යාඤ්නයින් පුදුමවන්නේ අද ඔවුන් සොයන්නා දේ බුදුරජානන් වහන්සේ අවුරුදු 2600 කට ප්‍රතමයෙන් කිය ඇතිනිසායි. අන්න ඒ නිසායි අග්ගඤ්ඤ සූත්රයට මේසා විශාල ප්‍රසිද්දියක් ලැබී ඇත්තේ.

    සූත්ර පිටකයේ පටිසම්බිදාමග්ගයේ සදහන්වෙන බුදුරජානන්වහන්සේට තිබුනා ඌ ඥාන 73නින් පලමුවෙනි ඥානය වන සුතමය ඥානයේ පලවෙනිකොටස වන සුතමය අභිඥෙය වත් නොලබා ඇති නලින් වැනි අයගෙන් බුදුදහම බේරාගැනීම ඔබෙත් අපෙත් යුතුකමකි.

    බටහිර ජීවත්වන අපි නවීන විද්යා වට හැමවිටම විරුද්දවන කතෝලික මූලධර්මවාදීන් ගැන අපි හොදාකාර දනිමු.
    නලින් ගැනද අපට ඇත්තේ මෙවැනි මූලධර්මවාදීන්ගේ කුලියට කහින්නෙක්ද යන සාදාරණ සැකයෙකි.

  21. Senevirath Says:

    nmy දිව්‍ය ලෝකත් කාම ලෝක නොවෙයද

  22. NeelaMahaYoda Says:

    Senevirath

    වැරදීමක්
    “කාමලෝකයේ මිනිස්භවයේ සිට බලනවිට” යනුවෙන් නිවැරදිකලයුතුය
    දේවලෝක හයත් කාමලොකයට අයිතිය

  23. Dham Says:

    Charithsls,
    ” (Life is Dukkha in Buddha’s terms!).” – again may I ask you where you found Buddha saying so. Find that sutta and read properly taking the context correctly.

    I am sure you heard of jathipi Dukkha, jara, Marana , …etc Dukkha very common, but when and where Buddha said “Life is Dukkha” ?
    Obviously life is not Dukkha all the time. There is joy , there is happiness as well.
    So people find these NEEDs to get away from (otherwise Dukkha moments) and invent things and reduce physical suffering to some extent. Even mental suffering they learn from Buddha and preach as if science discovered it.
    Praphakaran brought Dukkha to a lot of people, a living hell. MR got rid of that, didn’t he ? He brought peace happiness temporarily.
    Buddhism is a living Dhamma. There is nothing to hide.

  24. Dham Says:

    NMY,
    Reading අග්ගඤ්ඤ සූත්රය , I found the main aim of the Sutta is not to disclose how world systems erupt and end but to explain to the two ascetic that the original Bharmana attitude and beleifs are wrong, lies and misleading. Buddha quotes “එම පුරාණ ලොකොත්පත්ති වංශ කථාව මෙසේ ඇති විය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.”. So it is a known වංශ කථාව but Buddha expands on it. To me I am not fascinated by it but how appropriately Buddha explains to the two Brahmanas.

  25. Dham Says:

    Friends,
    Is this not in line of Nalin’s thinking as well ? here he talks about contrast between back and white Christian thinking and Buddhism.
    Achan Sumedho’s recent visit – Australia

    “https://vimeo.com/166288097”

  26. Senevirath Says:

    nmy නලින් කතෝලික මුලධර්මවාදීන්ට කුලියට කහින්නේක්දය් ඔබ සකකරනබව කියන්නේ නලින් මේවා ගැන වසර තිස් ගණනක සිටම කියන දේ නොදැනද දැනගෙනත් පහර ගැසීමට අවශ්‍ය නිසාද නලින්ගේ මුහුණු පොතේ සහ වෙනත් පොත් පත් වලත් පත්තර ලිපිවලත් කාලය වෙබ් අඩවියෙත් මේ මුලධර්ම ගැන නලින් නොයෙක් විට විවේචනය කර ඇත . නලින් තරම් එළිපිට මේවා විවේචනය කල කෙනෙක් නැත ඔබ මේවා කියෙව්වා නම් ”’සාධාරණ සැකය ”” සාකල්‍යයෙන්ම අසාධාරණ සැකයක් ”” බව දන ගත යුතුය විටෙක නලින් ”’කල්ට් ” කාරයෙකය් කියය් . ”’ආභිධර්මිකයෝ එසේ විය යුතු නොවේ
    ලෝකයේ මුලක් අගක් ඇත්ද නැත්ද යන ශාස්ත්‍රීය කරුණ ගැන වාද කිරීම එකකි එහෙත් මඩ ගැසීම අනෙකකි
    ඔබ කියන පරිදි ලෝකයට ආරම්භයක්ද අවසානයද ඇත්නම් ”’මෙය චක්රීයයය් අගමුල නොසොයන්න නිශ්ඵලය් ”’ ආදී අදහස් බුදුහිමියන් දේශනා කරයදා අප අසා ඇත්තේ එසේය . ඔබේ අදහසින් පෙනෙන්නේලොව ගැන කිතුනු චින්තනයත් බොදු චින්තනයත් එකය් කියනවා ලෙසය්. මෙය ත් කාට හෝ ”’කුලියට කහීමක් ”යය කවුරු හරි කිව්වොත් ඔබ දෙන පිළිතුර මොකක්ද ..
    දහම් අයද නිහඬ

  27. Dham Says:

    සෙනෙවි,
    නීල.ම.යෝ විරුද්ධ නවීන විද්‍යාවට බැනීම සහ අමුතු බුද්ධාගමක් ගැන කතා කිරීම ගැනයි. මගේ 1 වැනි කොමෙන්ට් එකේත් කී පරිදි බුදු දහම එකම රසයකි. මූලධර්ම හරිනම් කවුරු කීවාද කියා ප්‍රශ්නයක් මට නැත​. නිවන යනු දිවිනසා ගැනීම යයි කියන මෝඩයින්ට තදින් පිලිතුරු දෙමි.මට නලින්ගේ වටිනාකම තියෙන්නේ සිංහලයාගේ අයිතිවාසිකම් ගැන ඔහුගේ ප්‍රයත්නය නිසා පමණකි.

  28. NeelaMahaYoda Says:

    සෙනෙවි,

    නලින් ක්‍රිස්තියානි මුලධර්මවාදීන්ට කුලියට කහින්නේක් බවට මම සැකකරන්නේ පහත සදහන් කරුනු මතයි;

    1. බෞධ ධර්මයට පටහැනි කිසිම සංකල්පයක් නවීන විද්යාවෙන් ඉදිරිපත් නොවුනත් නලින් විසින් වර්ෂ ගනනාවක් තිස්සේ ක්‍රිස්තියානි මුලධර්මවාදීන්හා සමානව නවීන විද්යාවට එරෙහිව චින්තනයක් ලංකාවේ ගොඩනැගීමට වෙරදැරීම.

    2.බෞධ ධර්මයට අනුව “අනත්ත” යන සත්ය අවබෝද කල හැක්කේ සෝවාන් මාර්ග ඵලයට පිවිසෙන්නා වූ සක්‌කාය දිට්‌ඨි යන සංයෝජනය ප්‍රහීන කිරීම සඳහා පිළිපන් පුද්ගලයා බවත් විස්තරකර ඇතත් නලින් ඔහුගේ චින්තනය මේ සත්ය මත ගොඩනැගීම්ට තැත් කිරීම,

    3.බෞධ ධර්මය කුලයට, ජාතියට, ජම්ම්යට හා සමේ වර්නය අනුව බෙදීමට තැත් කිරීම

    යන කරුනු අනුවයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress