හරසර සහ පරස්පර
Posted on May 14th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

 

දූෂණ විරෝධී සමුලුවට සහභාගී වීමට ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන එංගලන්තයට යාම සහ උගන්ඩාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උගන්ඩාවට යාම මේ දිනවල සියල්ලන්ගේම අවධානය ඇදගත් පුවත්ය. සුපුරුදු පරිදි සමාජ වෙබ් අඩවි තුල යම් පිරිස් තම තමන්ගේ මතය අනුව විවිධ අදහස් පලකර තිබිනි.

 

විශේෂයෙන් අවධානයට ලක් වූ පෝස්ටර දෙකක් විය.

මෙෙත්රී එංගලන්තේමධ්යම ලන්ඩනයේ බිග්බෙන් සහ තේම්ස් නදිය ආදී සුවිශේෂ දසුන් සහිත ඡායා රූපයකි.

මහින්ද උගන්ඩාවේකලු අප්රිකානුවන්ගේ ගෝත්රික නැටුමක ඡායා රූපයකි.   එහි පහලින්සුදුස්සට සුදුසු තැන ලැබිල වගේයන්න සටහන් වී ඇත.

ඊලඟ පෝස්ටරය – ‘මහින්ද උගන්ඩාවට, මෙෙත්රී බ්රිතාන්යයටමෙන්න වෙනසලෝකේ පිලිගැනීමකාටද ආඩම්බර

ඡායාරූප වල මෙෙත්රී සුදු කාන්තාවකට අතට අත දෙයි. මහින්ද කලු කාන්තාවක් සමග සෝපාවක හිඳගෙන සිටියි.

මෙම පෝස්ටර් දෙකේම පැහැදිලි අරමුණ මහින්ද රාජපක්ෂට මඩ ගැසීමයි.

 

සිතන්න ! ලෝකේ පිලි ගැනීමමේ පෝස්ටර නිර්මාණකරුවන්ට අනුව උගන්ඩාව ලෝකයට අයත් රටක් නොවේ. නොඑසේ නම් උගන්ඩාව ගණන් ගත යුතු නැති රටකි. එම ගණන් ගැනීම මනින මිම්ම කුමක්ද?

සුදු කාන්තාවක් හෝ පිරිමියෙකු සමග අත අල්ලාගෙන සිටීම මහා උජාරු වැඩකි. කලු කාන්තාවක් හෝ පිරිමියෙකු ලඟ හිඳ ගැනීමත් ලැජ්ජාවකි. ඊට ලෝකේ පිලි ගැනීමක් නැත. එංගලන්තේ යාම මහා ඉහල දෙයක් වන අතර අප්රිකානු රටකට යාම ලැජ්ජා විය යුතු දෙයකි. වරක් ඇමති සජිත් ප්රේමදාස මෙවැනිම කතන්දරයක් පැවසුවේ මහත් උපහාසයෙනි. පසුගිය රජය සබඳතා පැවැත්වූයේ රුවන්ඩාව, බුරුන්ඩි වැනි රටවල් සමග වන අතර තම රජය ඇමරිකාව, එංගලන්තය ඇතුලු යුරෝපා රටවල් හා සබඳතා පවත්වන බව එදා ඔහු කීය.

 

පලමු කාරණය නම් ඇමරිකාව, එංගලන්තය හෝ අනිකුත් යුරෝපා රටවල් අද ශ්රී ලංකාවට මේ තරම් සලකන්නේ ඇයි? ඔවුන් ශ්රී ලංකාවේ යුද්ධය පැවති සමයේ සිදු වූ දේ ගැන මනින්නේ දෙමල ඩයස්පෝරාවේ අර්ථකතනයට අනුවයි. චැනල් ෆෝ හි කිලිං ෆීල්ඩ් වැනි චිත්රපට තැනුනේ නිසාය. දශක තුනක් තිස්සේ ඇදී මේ යුද්ධයේදී ඔවුන්ගේ අනුකම්පාව යොමු වුනේ ද්රවිඪ ජනතාව වෙත පමනි. රජයේ ප්රචාරන යාන්ත්රණයේ තිබූ අඩුපාඩු නිසා මේ යුද්ධයේදී හානි සිදු වූ අනිකුත් ජන කොටස් පිලිබඳව අදහසක් ලෝකයට නොවීය. අද පවා ශිවාජිලිංගම්ලා ජන සංහාර සතියක් සමරද්දී, දකුණේ සමරන්නේ රණවිරු සතියකි. මේ යුද්ධයට මැදිව සංහාරය වූ සාමාන් ජනතාව සමරන්නට කෙනෙකු දකුණේ නොමැත. එබැවින් අනාගතයේදීවත් වසර 30 යුද්ධයේදී සංහාරය වූ දකුණේ සිවිල් ජනතාව පිලිබඳ අදහසක් ලෝකයා වෙත ලැබේවිදැයි සැක සහිතය.

 

මේ බටහිර රටවල් මහින්ද රාජපක්ෂට අකමැති ඔහු යුද්ධය අවසන් කල නිසාය. එකල බටහිර රටවල් අපට ප්රශ්ණ ඇති කරද්දී රුසියාව, චීනය වැනි දැවැන්තයින් අප වෙනුවෙන් නැගී සිටි බව අප අමතක නොකල යුතුය. එසේ නම් බටහිර රටවල් රනිල්ට හෝ මෙෙත්රීට කැමති අනිවාර්යයෙන්ම පක්ෂය අනුව පමනක් නොව ප්රතිපත්ති අනුවත් ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂට ප්රතිවිරුද්ධ දිශාවේ සිටින නිසාය. ඉතින් ඒකීය රටක් ගැන සිතූ මහින්ද ඔවුන්ට සතුරකු සේ පෙනෙන අතර, ෆෙඩරල් ක්රමයට අරඅඳින රනිල්මෙෙත්රී බාන ඔවුන්ගේ මිතුරන් සේ සලකති. ඔවුන් පානා ලීලයේ තේරුම එයයි. මහින්ද රාජපක්ෂ පාලන සමයට පෙර යුග වලදී ඔය ජාත්යන්තරය කියන පදයට නටන්නට සිදු වූ රාජ් නායක නායිකාවන්ට යුද්ධය අවසන් කිරීම සිහිනයක් විය. එල්ටීටීඊ සංවිධානයේ ප්රචාරක වීඩියෝ පට නරඹන විට ඔය බටහිර නියෝජිතයන් ප්රභාකරන්ට හරසර දැක්වූයේ ඔය හා සමානවම බව පැහැදිලිව දැකිය හැක. එකම වෙනස එදා ප්රභාකරන් බටහිර රටවල නියෝජිතයින් හමුවීමට නොගිය අතර, වෙනුවට මේ පිරිස් ජාත්යන්තර පොලිසියේ අවධානයට ලක් වූ , හිටපු ඉන්දීය අගමැති, ශ්රී ලංකා ජනාධිපති ඇතුලු විශාල මිනිස් ඝාතන රැසකට වගකිව යුත්තා වූ , ලොව බොහෝ රටවල් තුල (සමහර විට තම රටවල් තුල පවා ) තහනම් කරනු ලැබ තිබූ ත්රස්තවාදී සංවිධානයක නායකයා වූ මේ පුද්ගලයා හමුවීමට ඔහු සිටින තැනට පැමිනීමයි.

 

කෙසේ වුවද රනිල්මෙෙත්රී ප්රතිපත්ති සහ න්යායයන්ට අනුව විශේෂයෙන්ම ජාතිවාදය පිටු දැකිය යුතුය. එහි කිසිදු වරදක් නැත. අපි සියල්ලෝම ශ්රී ලාංකිකයෝ වෙමු. එබැවින් ශ්රී ලංකාව තුලඅපේ මිනිස්සුකියා කොටසක් මෙන්මඅපේ ප්රදේශකියා කොටසකුත් තිබිය යුතු නොවේ. මෙම ප්රතිපත්තිය අවංකව ක්රියාත්මක වේ නම් එය අගය කල යුතුය.

 

එසේ නම් මේ පෝස්ටර් නිර්මාණය කරන පිරිස නියම රනිල්මෙෙත්රීවාදීන් ලෙස ජාතිවාදය හෙලාදැකිය යුතු වේ. නමුත් අද ඔවුන් ජාතිවාදය වෙනුවට වර්ණභේදවාදය කරපින්නාගෙන සිටින බව පෙනේ. එංගලන්තයට දෝත් මුදුන් දී වඳින ඔවුන්, උගන්ඩාව වැනි අප්රිකානු රටවල් පහත් කොට සලකති. මෙය රනිල්මෙෙත්රී ප්රතිපත්තිවලට එකඟද? මේ නිර්මාණකරුවන් තුල දක්නට ඇති පරස්පර විරෝධී බව තුල තමන් කරන දේ පිලිබඳ වැටහීමක් ඔවුන් තුල වේද යන්න සැක සහිතය.

  

ඇත්ත වශයෙන්ම එය එසේමය. ප්රංශයට ත්රස්ත ප්රහාරය එල්ල වූ විට තම ෆේස්බුක් ගිණුම් ප්රංශ කොඩියේ පැහැයෙන් වර්ණ ගැන්වූ ලෝකයා අප්රිකානු රටවල ජනතාව එවන් ප්රහාර නිසා බුරුතු පිටින් මිය යද්දී නොදුටු ලෙසින් සිටින්නේ මිනිසුන්ගේ ජීවිතවල වටිනා කමක් ඔවුන් නොදකින නිසාය. අද බුරුන්ඩියේ සිදුවන්නේ එදා 80 දශකය අග භාගයේදී ශ්රී ලංකාවේ සිදු වූ පරිදිම වූ ජන සංහාරයකි. බලන විට අප කවුරුත් එක වල්ලේය.

 

එදා 80 දශකය අග භාගයේදී සා භීෂණයකින් අප රටේ දකුණ වෙලා ගනිද්දී, අද ද්රවිඪ ජනතාව ගැන කඳුලු සලන මානව හිමිකම් සංවිධාන හෝ ජාත්යන්තරය වෙනුවෙන් කට ඇරියාද? සිදුවීම් ජාත්යන්තරය සැලකුවේ අභ්යන්තර ප්රශ්ණයක් ලෙසය. 1994 දී රුවන්ඩාවේ හුටු සහ ටුට්සීන් අතර සිදු වූ සමූල ඝාතන සිදුවීම් වලදී ඔවුන් ක්රියාකර තිබුනේ මෙවැනිම ආකාරයකිනි. එසේ නම් අප රටේ ඇති වූ ජාතිවාදී ප්රශ්ණය දෙස ඔවුන් මේ කෝණයෙන් බැලුයේ කෙසේද? ඊට මැදිහත්වීම තම කාර්යභාරයේ කොටසක් ලෙස සැලකුවේ කෙසේද? පිලිතුර පැහැදිලිය. ඔවුන් දෙමළ ජනයාගේ ඊලම හෙවත් ස්වයං පාලන අයිතිය පිලිගන්නා නිසාය. දෙමළ ජනතාව, ශ්රී ලාංකික නොව වෙනම ජන කොටසක් සේ සලකන නිසාය. එසේ නම් නොඅනුමානවම ජාත්යන්තරයේ අරමුණ වනු ඇත්තේ එම ඉල්ලීම් දිනා ගැනීමට සහය වීමයි

 

80 දශකයේදී මෙසේ නැති වූ මිනිස් ජීවිත ගැන, භේදයකින් තොරව මිනිස් ජීවිත ලෙස සිතුවා නම්, ඔවුන් රනිල් ඇතුලු එජාපය හරසරින් පිලිගනීවිද? ජාත්යන්තරයද පක්ෂග්රාහීය. එදා ඔවුන් ශ්රී ලංකාව දෙස බලන්නට ඇත්තේ අද  බුරුන්ඩිය දෙස බලන අයුරින්මය. එනම් දණින් පහල! සාමාන් ජනතාව වටහා ගත යුත්තේ මෙයයි. මෙවන් හරසර ඔවුන් පුදන්නේ රනිල්ට හෝ මෙෙත්රීට නොව තමන්ට කීකරු කර ගත හැකි වේ යැයි සිතන රූකඩ වලටය. මෙය හරසර පිදීමක් නොව ඇන්දවීමකි.

 

මෙෙත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා, බ්රිතාන් අගමැති ඩේවිඩ් කැමරන් ඉදිරියේ තම රටේ දූෂණ වංචා නැති කරන බවට සහතික විය. අද සියල්ලන්ගේ කතා බහට ලක්ව ඇතිපැනමා පේපර්ස්වල කැමරන්ගේ පියා වන, ඉයන් කැමරන්ගේ නම සඳහන් වෙයි. එම සමාගමේ කොටස් තමාට පිය උරුමයෙන් ලැබුන බවත්, ඔවුන් එම කොටස් 2010 දී විකුණා දැමූ බවත් ඔහු පවසයි. ඔහුට මවගෙන් ලැබුනු පවුම් ලක්ෂ කිහිපයක ත්යාගයක් ගැනද සඳහන් වෙයි. කෙසේ වුවද මෙසේ ඉපැයූ මුදලින් තමා ලද ප්රතිලාභ පිලිබඳව ඔහු පිලි ගත්තේය. අද ඔහු ජනතාවගේ කෝපයට බඳුන්ව සිටී. අප ජනාධිපති දූෂණ නතර කර ප්රගතිය පෙන්වන්නට පොරොන්දු වන්නේ මෙවන් පුද්ගලයන් ඉදිරියේය.

 

එමෙන්ම පසුගිය මැයි 5 වනදා පැවති එක්සත් රාජධානියේ පලාත් පාලන මැතිවරණයේදී කැමරන්ගේ පක්ෂය පසුබෑමට ලක් වූ අතර ලන්ඩන් නගරාධිපති ධූරය කම්කරු පක්ෂ අපේක්ෂකයා වූ සාදික් ඛාන් නම් ආසියානු සම්භවයක් සහිත මුස්ලිම්වරයකු අතට ගියේය. ඔහුගේ ප්රධානතම ප්රතිවාදියා වූ කොන්සවෙටිව් පක්ෂ අපේක්ෂක සැක් ගෝල්ඩ්ස්මිත්ගේ ඡන්ද ව්යාපාරය තම පක්ෂය තුල පවා විවේචනයට බඳුන් වූයේ එහි දක්නට තිබූ ජාතිවාදී ස්වරූපය නිසායි. නමුත් මේ තත්වය කැමරන්ට කිසි ලෙසකත් ගැටලුවක් වූයේ නැත. අපේ නායකයින් දෙමළ ජනතාවට සාධාරණය ඉටු කරන්නට පොරොන්දු වනුයේ මෙවන් පුද්ගලයන්ඉදිරියේය.

   

ඉතින් මෙසේ පොරොන්දු ගන්නන් පිලිබඳව මේ පෝස්ටර් කරුවන් මෙතරම් උදම් අනන්නේ කුමකටද? පැහැදිලිවම සුද්දන් නිසාය. ඕනෑම රටක ඕනෑම සමුලුවකට එන රාජ් නායකයෙකු පිලි ගන්නේ හරසරිනි. එය සාමාන් සිරිතක් මිස අප ජනාධිපතිට පමණක් ලැබුනක් නොවේ. මෙවන් අවස්ථාවකට තම රට තුල ප්රචාරය ලබා දෙන්නේ අදාල දේශපාලකයාගේ මාධ් ඒකකයයි. ඔවුන්ගේ රාජකාරිය තම ස්වාමියාගේ ප්රතිරූපය හැකි තරම් පුම්බාලීමය. මෙතුලින් දේශපාලකයා මෙන්ම අසන නරඹන පිරිස් අන්දනු ලැබේ. මෙවන් පෝස්ටර එවන් ඇන්දවීම්වල ප්රතිඵලයයි

 

කෙසේ වුවද මහින්ද රාජපක්ෂට සහ ඔහුට සහය පල කරන පිරිස් ජාතිවාදීන් ලෙස හංවඩු ගැසූ මේ පිරිස ඉබේටම වර්ණභේදවාදීන් බවට පත්ව ඇත. එවිට දෙගොල්ලන්ම සිටින්නේ එක ගොන්නේය. මන්ද ජාතිවාදය මෙන්ම වර්ණභේදවාදයද, මනුෂ්යත්වය පරදා ඉස්මතු වන ම්ලේච්ඡත්වයේ ලක්ෂණ වන බැවිනි

  

සුද්දෙකු තම ජනාධිපතිගේ අත ඇල්ලීම ඔය තරම් ආඩම්බර වීමට කරුණක් නම් එය ලියූ තැනැත්තාගේ අත ඇල්ලුවා නම් කුමකින් කුමක් වනු ඇත්ද? මින් පිලිබිඹු වන්නේ ඔවුන්ගේ යටත්විජිතවාදී මානසිකත්වයයි. අප්රිකානු රටවල් වරින් වර යටත් කරගෙන සිටි සුදු යටත්විජිතවාදීන් පිලිබඳව මේ පිරිස් තුල අවබෝධයක් නැතිවා වන්නට පිලිවන. මිනිසුන් අතර භේද භින්නකම් වපුරා, ඔවුන් තම උපන් බිමේම වහලුන් බවට පත්කල, භූමිවල සම්පත් සූරාගෙන තම රටවල් සැප පහසුව ගොඩ නැගූ යටත් විජිත වාදීන් එම රටවල්වල සංස්කෘතික වටිනාකම් වලට කල හානිය ඉමහත්ය. එබැවින් මෙසේ බටහිර රටවලට ආවඩන්ට පෙර ලෝක ඉතිහාසය ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.

 

අද මෙවන් හරසර පෑම තුලින් කරන්නේ, එදා සිදුකල ආක්රමණයන්ම වෙනත් මුහුණුවරකින් අප රට වැනි 

රටවලට රැගෙන ඒමයි. මේවාට කීකරු වී යටත් වීම තුලින් සිදුවන්නේ, මුලින් එක මේසයේ ඉඳගෙන කෑවායැයි උජාරු බස් දොඩා, පසුව කාපුවා දිරවාගන්න නොහැකිව ගොඩ වෙදුන් සොයා යාමටය. රනිල්ලා චීනය පසුපස ගියේ න්යාය ඔස්සේය

 

බටහිර රටවල්වල අරමුණු ගැන අවබෝධයෙන් සිටීම කාට කාටත් වැදගත්ය. , අපට අපේ රට තුල කරන්නට හෝ නොකරන්නට බල කරන බොහෝ දේ ඔවුන් කරන කියන දේ සම්බන්ධව අදාල නොවන බැවිනි. මෙතෙක් ඇසු දුටු කරුණු කාරණා අනුව බටහිරයන්ගේ න්යායහබකෙන් බැරි නම් කෙමනෙන්බව පැහැදිලිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress