පොඩි සේකර
Posted on May 18th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

පොඩි සේකර කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ සේවය කල උපස්ථායකවරයෙකි. ඔහුගේ පුතුන් දෙදෙනා හමුදාවේ සේවය කලහ​. 1996 දී රිවිරැස ක්‍රියාන්විතයේදී ඔහුගේ පුතෙක් ජීවිතක්‍ෂයට පත් වූයෙන් අප මළගමට ගියෙමු. පොඩි සේකරගේ පුතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු වූ අතර මරණින් පසු ලාන්ස් කෝප්‍රල් තනතුරට උසස් කොට තිබුනි.

ඔහුගේ දේහය මිනී පෙට්ටියක බහා පොඩි සේකරගේ කුඩා නිවසේ සාලයේ තැන්පත් කොට තිබුනේය. ඔහුගේ මුහුණ අසාමාන්‍ය ලෙස කළු පැහැතිය​. එය ලාභ එම්බාම් වර්ගයක් නිසා මතු වන්නකි. කොළ පැහැති නිල අැඳුමේ එක් උර පටියකි. කළුවී ගිය දෑත්  පිටත​ට පෙනීම වැලැක්වීම සඳහා මිනියට අත්වැසුම් පළඳා තිබුණි. හිස ප්‍රදේශය වෙළුම් පටියකින් වෙලා තිබූ නිසා අර්ටිලරි පහරකින් හෝ වෙඩි පහරකින් මස්තිෂ්කය තුවාල වීම නිසා මරණය සිදු වන්නට ඇතැයි මම සිතුවෙමි.

podisekara

එදින සවස මිනිය ඔසවන බව අප සමග ගිය රෝහලේ ඩිස්පැන්සරිය භාර රන්ජිත් මට කීවේය​. අප පොඩි සේකර හමුවී අපගේ කණගාටුව ප්‍රකාශ කලෙමු. ඒ අතරවාරයේ පොඩි සේකර ගේ බිරිඳ අඞනවා අපට ඇසුනි. ” අනේ මගේ දෙයියා තව පැය කීයද ඔය මූණ බලන්ට තියෙන්නෙ කියා ඇය කීවාය​. දරුවෙකු මිය ගිය පසු දේහයද මවකට වටී. තවත් පැය කීපයකින් පසුව මිනිය ඔසවනු ලැබේ. මිනී පෙට්ටිය වැසීමෙන් පසුව ඇයට පුතාගේ මුහුණ මතකයක් පමණි.

සර් කොල්ලා ආබාධිත වෙලා ආව නම් ඒත් කමක් නැහැ, මට පුලුවන් කොල්ලගේ වැඩ කරන්ට​. ඒත් බලන්ට සර් කොල්ලා අවේ පෙට්ටියේනේ මෙසේ කියමින් පොඩි සේකරද ඇඞුවේය​. අප ගොළු වූයෙමු.

ඊලාම් යුද්දය විසින් බිලිගත් තරුණ ජීවිත කොතෙක් ද ? මේ මරණයන් නිසා උතුරේ හා දකුනේ කඳුලු සැලූ දෙමාපියන්ට කිසි දින ශාන්තිය ලඟා නොවනු ඇත​. ඔවුන්  ළමුන් ගේ සැමරුම් මත ජීවත් වෙනු නිසැකය​.

පොඩි සේකර ගේ පුතාගේ මරණයෙන් වසර ගනනාවකට පසුව මම මයි බෝයි ජැක් නම් චිත්‍රපටය දුටුවෙමි. එය සත්‍ය සිද්ධියක් මත පාදක වූ චිත්‍රපටයකි. පළවන ලෝක යුද්ධයේදී ලේඛක රැඩ්ය​ඩ් කිප්ලිං  තම පුතා වූ ජැක් බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳී ජර්මානුන්ට එදිරිව සටන් කිරීමට පොලඹවයි. බටහිර පෙරමුනේදී ජැක් වෙඩි වැදී මිය යයි. නමුත් ඔහු ක්‍රියාන්විතයේදී අතුරුදහන්වූ අයෙකු බවට හමුදාව විසින්  රැඩ්ය​ඩ් කිප්ලිංට දැණුම් දේ. එහෙත් ලුතිනන් ජැක් මිය ගිය අයුරු දුටු  ඔහුගේ පුතාගේ ඒකකයේ සිටි සෙබලෙක්  පසුව ඔවුන්ට සත්‍ය පවසයි.

පුතාගේ මරණින් පසු රැඩ්ය​ඩ් කිප්ලිං සහ බිරිඳ විශාදියකට ලක් වෙති. ඔවුන් සැමදා ජීවත් වන්නේ යුද්දයෙන් මළ පුතාගේ අතීත සැමරුම් වලිනි. පොඩි සේකර කිසිදා රැඩ්ය​ඩ් කිප්ලිං හෝ  ලුතිනන් ජැක් ගැන අසා නැතුවාට සහතිකය​. එහෙත් රැඩ්ය​ඩ් කිප්ලිං සහ  පොඩි සේකර අතර මම යම් සමානත්වයක් දකිමි. ඔවුන් දෙදෙනාම  යුද්දයෙන් මළ තම දරුවන් නිසා ශෝකයට පත් වූවෝ වෙති. ඔවුන් දෙදෙනාම ජීවිතයේ ඉතිරි කාලය ගත කලේ මේ අතීත සැමරුම් සමගය​.

වෛද් රුවන් එම් ජයතුංග

3 Responses to “පොඩි සේකර”

  1. Kumari Says:

    Thank you for writing about a war hero. I am lighting a candle for all our heroic men and women. In my calculations our terrorist war was much greater than 2nd world war to the west. . Second world war lasted only six years, ours thirty years. The whole world and entire parliaments of the fighting countries supported the war effort. For us the entire world (the so called International Community ) and some members of our own parliament did their best to stop the win.

    Our war heroes deserve a special mention in the world history. Jayawewa! Theruwan Saranai. May the departed have peaceful Samsaric journeys and attain Nirvana.

  2. Dham Says:

    How could we insult these heroes like පොඩි සේකර who donated their children to save the country by we ourselves indulging in highest possible ‘low comforts’ of the world after paying 1 lakh compensation ?
    Where are the hearts ? Where is that tear drop ?
    We should pay respect by sacrificing our every ‘comfort’ today and think of them there Ranaviru children. Think of what they wanted to achieve and help towards that goal. It cannot be done by voting ANY known political figure ANYMORE.

  3. cwije Says:

    Rudyard K was a different kind of White man who was sympathetic toward colonized people. In 1899 he wrote the essay, the white man’s burden. May be his son’s death had an influence on his change.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress