පෙරදිගට ගමනක් – 15-මහාවංශ අටුව කඩලා …
Posted on May 21st, 2016

වරුණ චන්ද්‍රකීර්ති

අනුරාධපුර යුගයේ ඉඳලා මෑතක් වෙන කල් තමන් පිළිබඳ ව සිංහලයන් අතර රජ කළ අදහස් ගොන්න හඳුන්වන්න පුළුවන් මහාවිහාර මතවාදය” කියලා. මේ මහාවිහාර මතවාදයෙන් තමයි අපි කවුද, අපි බෞද්ධ වුනේ කොහොම ද, අපේ බුද්ධාගම මොකක්ද, අපේ වීරයෝ කවුද, අපේ හතුරෝ කවුද වගේ බොහෝ දේවල් අපිට තේරුම්කරලා දෙන්නේ. මහාවංශාදී ඉතිහාස පොත්වල, අටුවා-ටීකා පොත්වල, කාව්‍ය සංග්‍රහ ආදී සාහිත්‍ය ග්‍රන්ථවල මේ මතවාදය විවිධාකාරයෙන් ප්‍රකාශ කෙරෙනවා. විජය, පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, ගැමුණු, ධාතුසේන, මහසෙන්, විජයබාහු, පරාක්‍රමබාහු, රාජසිංහ, විමලධර්මසූරිය වගේ රජවරු ගැන අපි අගයකරන්නේ මේ මතවාදයෙන් දැනුම්වත්වෙලා ඉන්න හින්දා. විජයාගමනය, මහින්දාගමනය, දුමින්දාගමනය, ගැමුණු – එළාර යුද්ධය, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම, අටුවා ලිවීම වගේ සිදුවීම් අපි තෙරුම්ගන්නේ මේ මතවාදයෙන් කියැවෙන කරුණුවල උදව්වෙන්. අපේ මේ මහාවිහාර මතවාදය තහවුරුකරන්න පුළුවන් පුරාවිද්‍යාත්මක, සාහිත්‍යමය සාක්‍ෂි සෑහෙන ප්‍රමාණයක් හඳුනාගෙනත් තියෙනවා. මේ දේවල් අපි හැමෝ ම වගේ දන්න හින්දා ඒ ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ.

කොහොම හරි මේ මතවාදයේ පිහිටෙන් ජාතියක් විදිහට අපි එකතුවුනා. කොහොමත් දහස් ගණනින් මිනිස්සු එකතුවෙන්නේ විවිධ අදහස්, විවිධ මතවාද වටා. නෑදෑකම්, යාළුකම් වටේ එකතුකරන්න පුළුවන් බොහොම ටික දෙනයි. ගුරු-ගෝල සම්බන්ධකම් වටේ වුනත් එහෙමයි. ඒත් ඉතාමත් ප්‍රචලිත, ශක්තිමත්, ආකර්ෂණීය මතවාදයක් තියෙන කොට ඒ වටා මිනිස්සු ලක්‍ෂ ගණනින්, කෝටි ගණනින් වුනත් එකතුකරන්න පුළුවන්. ඉතින් ඕනෑ ම ජාතියකට මේ වගේ අධිපති මතවාදයක් උවමනා වෙනවා රැකෙන්න. ඒ වගේ ම ඉදිරියට යන්න. හතුරු ආක්‍රමණ ඇතිවෙන කොට මිනිස්සු තමන් ගේ ජීවිතේ පවා පරදුවට තියලා සටන්කරන්නේ මේ වගේ මතවාදවලින් ඒ අය ව එකතුකරලා, ඒ වගේ වෙලාවට කරන්න ඕන මොනවා ද කියලා තේරුම්කරලා දීලා තියෙන හින්දා. අදාළ පෙර ආදර්ශ පවා ඒ විදිහට මිනිස්සුන් ගේ හිස් තුළට කාවද්දලා තියෙනවා. විසම, එකිනෙකා එක්ක ගැටෙන ලෝකයක මෙහෙම දේවල් කරන එකේ වැරැද්දක් නෑ. එහෙම නැතිනම් ඒ විදිහේ ශක්තිමත් මතවාදයක් නැතිව දුර්වල වෙලා, විසිරෙන ජාතියක ඉරණම හොයාගන්න පුළුවන් වෙන්නේ පස්සේ කාලේ ලියැවෙන ඉතිහාස පොත්වල විතරයි.

ඉතින් අපිටත් ඒ විදිහේ ඉතා ශක්තිමත්, ආකර්ෂණීය අධිපති මතවාදයක් තිබුණා. අදටත් අපේ සමාජය ඇතුළේ ඒ අදහස්වලට සැළකිය යුතු තැනක් තියෙනවා. තවත් වැදගත් කාරණයක් කියන්න ඕන. මේ විදිහේ කිසි ම මතවාදයක් වෙනස් නො වී, පෙර සිට පැවත එන විදිහට ම තියෙන්නේ නෑ. ඒවා කාලෙන් කාලෙට තව තව අදහස්වලින්, අත්දැකීම්වලින් පෝෂණය වෙනවා. ඒ වගේ ම, සමහර වෙලාවට අලුත්, පවත්නා තත්ත්වයන් එක්ක ගැලපෙන්නේ නැති, එහෙම නැතිනම් ඉදිරියට යන්න බාධාවක් වෙයි කියලා හිතෙන අදහස් මේ මතවාදයෙන් අයින්කරන්නත් මකලාදාන්නත් වෙනවා. එහෙම නැති ව මතවාදයක සංගත බව, වැඩ ගත හැකි බව රැකගන්න බෑ. මිනිස්සු විවිධාකාර මතවාද හදාගන්නේ ඒවා ගැන කියවා කියවා ඉන්න නෙවෙයිනේ. ඒ මතවාදවලින් වැඩගන්න. ඉතින්, කාලෙන් කාලෙට මතවාදයක වෙනස්කම් කරන්න සිද්ධවෙන්නේ ඒ හින්දා.

මතවාදයක වෙනස්කම් සිදුකරන්න පුළුවන් ඒක තව තවත් පෝෂණය කරන අර්ථයෙන්. ඒක වර්ධනය කරන අර්ථයෙන්. ඒ හින්දා තමයි අපි කියන්නේ මාක්ස් ගේ මතවාදය ලෙනින් විසින් පෝෂණය කළා කියලා. හැබැයි මාක්ස් කියපු ඒවා ඒ විදිහට ම ලෙනින් පිළිගත්තේ නෑ. ඒත් අන්තිමේ දී මාක්ස්-ලෙනින් මතවාදයක් හදාගන්න ඒ වෙනුවෙන් පෙනී හිටින අයට පුළුවන් වෙලා තියෙනවා. ඒ මතවාදයෙන් වැඩක් වෙලා තියෙනවා ද කියන එක වෙන ම කතාවක්. වැදගත් කාරණේ තමයි ලෙනින් තමන් ගේ අදහස් ඒ මතවාදයට එකතුකරද්දී මාක්ස් එක්ක ගැටුණේ නෑ. මාක්ස් ව හෙළා දැක්කේ නෑ. එයා කිව්වා තමන් මාක්ස් ගේ අදහස් හිස මුදුණින් පිළිගන්න බවත් ඒවා තව තවත් වර්ධනය කරන බවත්. එහෙම කිය කියා තමයි ඒක වෙනස් කළේ. මේ විදිහේ වෙනස්කම් ජාතියකට අයත් අධිපති මතවාදය ඇතුළේ පවා කරන්න වෙනවා. තව තවත් අලුත් අදහස් ඒකට එකතුකරන්න සිද්ධවෙනවා. ඒකට බලපාන ප්‍රධාන ම කාරණය තමයි අර කලින් කියපු විදිහට ඒ මතවාදයේ වැඩ ගත හැකි බව රැකගැනීමට තියෙන මූලික අවශ්‍යතාව.

තවත් දෙයක් අපි තේරුම්ගන්න ඕන. කිසි ම මතවාදයක් අංග සම්පූර්ණ නෑ. මේ මතවාද කියන්නේ බුදුවරු, රහතන්වහන්සේලා විසින් හදපු ඒවා නෙවෙයිනේ. මේ හැම දෙයක් ම අපි වගේ පෘථග්ජන මිනිස්සුන් ගේ වැඩ. ඉතින් අපේ මතවාද ඇතුළේ විවිධාකාර අඩුපාඩු, අපැහැදිළි තැන් තියෙන එක ගැන පුදුමවෙන්න ඕන නෑ. ඉතින් මේ ලේඛකයා විසින් මහාවිහාර මතවාදය” කියලා අඳුරගන්න මතවාදයේත් ඒ වගේ අඩුපාඩු තියෙනවා. එහෙම නැතිනම්, ඒ විදිහේ අඩුපාඩු තියෙනවා කියලා අපිට පේනවා. මොකද අපි මේ දේවල් දිහා බලන්නේ අපේ දැනුම මුල් කරගෙනනේ. තම තම නැණ පමණින්නේ. මුලින් ඒ අදහස් සංග්‍රහ කළ කෙනා ඒවා කිව්වේ මොන අදහසින් ද කියලා සමහර වෙලාවට අපිට හිතාගන්න බෑ.

මේ කාරණේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි අපේ වංශකතාවල තියෙන යක්කු” ගැන අදහස. අපේ රටේ හිටපු යක්කු ගැන මහාවංශය යම් යම් කරුණු කියනවා. මුලින් ම අපේ බුදුහාමුදුරුවෝ සත්‍යාවබෝධයෙන් නවවැනි මාසයේ දී මහියංගනයට වැඩමකරලා, අහසේ වැඩ ඉඳළා යක්කුන් ව බයකරලා ගිරිදිවයිනට පිට මං කළා කියලා කියනවා. ඊ ළඟට, විජයාගමන කතාව කියද්දී කුවේණි ගැනත්, ඇය ගේ වර්ගයා ගැනත් කියනවා. ඊට පස්සේ පණ්ඩුකාභය කතාව කියද්දි, ඒ කාලයේ හිටිය චිත්‍රරාජ, කාලවේල වගේ යක්කු ගැනත්, ඔවුන් ගේ පිරිවර ගැනත් කියනවා. මේ යක්‍ෂ කතාව දැන් ඉන්න අපිට එච්චර පැහැදිළි නෑ.

ඉතින් දැන් දැන් මේ යක්කු ගැන විවිධාකාර අර්ථදැක්වීම් ඉස්සරහට එනවා. මේ විදිහට කරුණු තේරුම්කරන අය මුලින් ම උපකල්පනය කරනවා ඒ හැම යකෙක් ම ඒ කාලයේ අපේ රටේ හිටිය, අපේ සමහර අය දැන් යක්‍ෂ” කියලා හඳුන්වන ජනවර්ගයට” අයිති මිනිස්සු කියලා. ඉතින් එහෙම උපකල්පනය කරන අපේ අයට හිතාගන්න බෑ බුදුහාමුදුරුවෝ කළා කියලා කියන වැඩේ. බුදු කෙනෙක් කොහොම ද ඒ වගේ වැඩක් කරන්නේ? එහෙම වුනා නම්, ඒක එත්නික් ක්ලීන්සිං” – ඒ කියන්නේ ජනවර්ගයක් මුලිනුපුටා දැමීමේ, වැඩක් නෙවෙයි ද? හැබැයි අපි අදත් පිරිත් එහෙම කියලා අපේ ගෙවල්වල ඉන්නවා කියලා හිතන යක්කු, පෙරේතයෝ වගේ අය ව එළවනවා. අපි පිරිත්වලට බුද්ධ මන්ත්‍ර කියලාත් කියනවා. මේක අපේ සංස්කෘතියට කිඳා බැහැලා තියෙන ආගමික විශ්වාසයක්. බුදුහාමුදුරුවෝ මුල් වෙලා ගිරිදිවයිනට පිට මං කළා කියලා කියන්නේ එහෙම යක්කු පිරිසක් කියලා හිතන්න බැරි ද?

එතකොට කුවේණි? මෙන්න මේ ප්‍රශ්නයට තමයි එක එක අය එක එක විදිහේ උත්තර දෙන්නේ. කුවේණි සහ ඇගේ පරපුර ගැන පැහැදිළි විස්තරයක් මහාවංශය කියන්නේ නෑ. ඉතින් ඒ ගැන ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව දැන් කාලේ ඉන්න අය අතර වගේ ම, ලන්දේසි කාලේ දී රාජාවලිය” ලියද්දිත් මතුවෙලා තියෙන බව පැහැදිළියි. ඒ හින්දා, ගිරිදිවයිනට පිටමං කරපු යක්කුන්ගෙයි, කුවේණි ගේ පරම්පරාවයි අතර සම්බන්ධයක් පෙන්වන්න රාජාවලිය කතුවරයා කටයුතුකරනවා. එදා යකුන් යග්ගිරිදිවයිනට ඇරිය දා ඉතිරි වුණු යක්කු තම්මැන්නා වනය සැඟවී සිට ලග්ගල ලොග්ගල උන්නාහ” කියලා රාජාවලිය කියනවා. ඒත් මහාවංශාදී පොත්වල එහෙම දෙයක් කියන්නේ නෑ. ඒ පොත්වලින් කියැවෙන විදිහට බුදුහාමුදුරුවෝ මේ රටේ හිටිය හැම යකෙක් ම ඒ රම්‍ය වූ ගිරිදිවයිනට” යවලා තියෙනවා.

දැනට පිළිගන්න විදිහට අපේ පැරැණි ම වංශකතාව තමයි දීපවංශය. ඒ ග්‍රන්ථය ලියැවිලා තියෙන්නේ විජය ගේ පැමිණීමෙන් අවුරුදු හත් අටසීයකට විතර පස්සේ. ඊටත් පස්සේ තමයි මහාවංශය ලිව්වේ. ඒ වෙද්දී විජය ඇවිල්ලා අවුරුදු නවසිය පනහකටත් වඩා ගතවෙලා. ඉතින් මේ කුවේණිලා ගැන කියන කතාව ඒ තරම් පැහැදිළි ව නොකියැවෙන එක ගැන පුදුමවෙන්න ඕනත් නෑ. කොහොම වුනත්, මේ රටට ආපු විජය කිසියම් ආකාරයක ආරවුලකට මුහුණ දුන්න බව පැහැදිළියි. ඒ ආරවුලට සම්බන්ධ වුනු අනෙක් පාර්ශ්වය යක්කු කියලා නම්කරන්න වංශකතා කතුවරු ක්‍රියාකරලා තියෙනවා. එහෙම ලියලා තවත් අවුරුදු 1100 ක් විතර ගතවුනා ම රාජාවලිය කතුවරයා ඒ යක්කු මේ රටෙන් ගිරිදිවයිනට පිටමංකරපු යක්කුත් එක්ක සම්බන්ධකරනවා. ඊට පස්සේ තවත් අවුරුදු තුන්සීයක් විතර ගතවුනා ම හෙළ හවුලට සම්බන්ධවෙලා හිටපු අය ඒ යක්කු ඔක්කොම විජය එන්න කලින් මේ රටේ හිටිය සිව්හෙළයට” අයත් යක්‍ෂ ගෝත්‍රික මිනිස් පිරිසක් කියලා කියන්න පටන්ගන්නවා. හෙළ හවුල මේ වැඩේ පටන්ගන්න කලින් සිව්හෙළය කියලා සංකල්පයක් අපේ රටේ තිබුණේ නෑ. ඒ ගැන පස්සේ කතාකරන්න පුළුවන්.

දැන් කොහොම හරි හෙළහවුලේ මේ සිව්හෙළ සංකල්පයට ලොකු පිළිගැනීමක් ලැබිලා. ඒ උඩ තවත් අලුත් මතවාද දෙකක් ගොඩනගලා. මෙයට පෙර ලියූ ලිපි දෙකෙන් කිව්වේ ඒ මතවාද දෙක ගැන. ඒ, අදහස් අපිට රාවණා මතවාදය” කියලාත්, ජන්බුද්දීප මතවාදය” කියලාත් නම්කරන්න පුළුවන්. මේ මතවාද දෙක ම යම් යම් ආකාරයෙන් හෙළහවුලේ සිව්හෙළ සංකල්පය පිළිගන්නවා. ඒ මත පිහිටලා විජයාගමනයට පෙර මේ රටේ හිටිය හෙළ ජාතියක් ගැනත්, මහින්දාගමනයට පෙර මේ රටේ තිබුණු හෙළ බුද්ධාගමක් ගැනත් කරුණු කියනවා.

රාවණා මතවාදය තහවුරුකරන්න මහාවංශාදී ලේඛනවල තියෙන අපැහැදිළි යක්‍ෂ කතාත්, ජයවර්ධනපුර යුගයේ විතර ඉඳලා අපේ සාහිත්‍ය පොත්වල තියෙන රාම-සීතා කතාත්, අපේ ජනවිඥානයේ තියෙනවා කියලා හඳුනාගෙන තියෙන කතාත්, සීතාඑළිය – රාවණාඇල්ල වගේ ස්ථාන නාමත් යොදාගන්නවා. රාමායනයත්, ලංකාවතාර සූත්‍රයත් සේවනයකරනවා. තව තව පර්යේෂණත් කරනවා. දැන් දැන් අපේ සිංහල හපන්කම් බැබිලෝනියාවේත්, ලතින් ඇමෙරිකාවේ තිබුණු ඉන්කා ශිෂ්ටාචාරයේ මුල්වලත් තියෙනවා කියලා හඳුනාගෙන ඉවරයි. ජන්බුද්දීප මතවාදය තහවුරුකරන්න වංශකතාදියේ තියෙන යක්‍ෂ කතාවලට අමතර ව, ඒ මූලාශ්‍රවලින් ම හඳුනාගෙන තියෙන බුද්ධ චරිතය, අශෝකාදී රජවරුන් ගේ කටයුතු, අනෙකුත් සිදුවීම්, ඒ වගේ ම ස්ථාන නාමාදිය නවමු ආකාරවලින් අර්ථදක්වනවා. ඊට අමතර ව ත්‍රිපිටකයේත්, අටුවා ටීකා පොත්වලත් දඹ ගස්, කුස තණ වගේ දේවල් හොයනවා. අලුතින් හදලා තියෙන ඉන්දියාව කියන රටේ” සිතියම – ඒ කියන්නේ 1947 න් පස්සේ ඇඳපු සිතියම ඇරගෙන ඒක වටේ කොටුවක් ඇඳලා, බුදුරජාණන්වහන්සේ වැඩසිටියා කියලා කියන මධ්‍ය ප්‍රදේශය ඒකේ විකර්ණ කැපෙන තැන තියෙනවා ද කියලා බලනවා. ඉතින් එහෙම බැලුවා ම පේනවා මහාවිහාර මතවාදයෙන් කියන්නේ බොරු කියලා.

ඉතින් දැන් මහාවංශ මිථ්‍යාව” ගැන අපේ අයත් කතාකරන්න පටන් ඇරන්. මහාවිහාර මතවාදය හරහා අපිට ගිල්ලවලා තියෙන්නේ අශෝක හදපු බුද්ධාගම. අනුබුදු මිහිඳු මහා රහතන්වහන්සේ කියන්නේ ඒ ආක්‍රමණිකයා ගේ නියෝජිතයෙක්. ගැමුණු කියන්නේ ඒ මතවාදයෙන් රැවටිලා අපේ රටේ තිබුණු හෙළ බුද්ධාගමේ ලකුණු මකලා දාපු කෙනෙක්. මහාවිහාර මතවාදයට ගැලපෙන විදිහට වෙහෙර විහාර හදපු කෙනෙක්. අනගාරික ධර්මපාල කියන්නේ සුද්දොත් එක්ක එකතුවෙලා බුද්ධ චර්යාවට සම්බන්ධ වන්දනීය වූ ස්ථාන ඉන්දියාව කියන රටේ” තහවුරුකරන්න මුල්වෙච්ච ද්‍රෝහියෙක්. මෙන්න මේ වගේ අදහස් තමයි දැන් අපි අතර පතුරවිමින් තියෙන්නේ. අපේ ජාතිය එකතුකරපු, ඉදිරියට මෙහෙයවපු මතවාදය දැන් අභියෝගයට ලක්වෙලා ඉවරයි. ඉතින් අපි දැන් අධිපති මතවාදයක් නැති ජාතියක් බවට පත්වෙමින් ඉන්නවා.

වරුණ චන්ද්‍රකීර්ති෴

8 Responses to “පෙරදිගට ගමනක් – 15-මහාවංශ අටුව කඩලා …”

  1. NeelaMahaYoda Says:

    අනගාරික ධර්මපාල කියන්නේ සුද්දොත් එක්ක එකතුවෙලා බුද්ධ චර්යාවට සම්බන්ධ වන්දනීය වූ ස්ථාන “ඉන්දියාව කියන රටේ” තහවුරුකරන්න මුල්වෙච්ච ද්රෝහියෙක්. මෙන්න මේ වගේ අදහස් තමයි දැන් අපි අතර පතුරවිමින් තියෙන්නේ. අපේ ජාතිය එකතුකරපු, ඉදිරියට මෙහෙයවපු මතවාදය දැන් අභියෝගයට ලක්වෙලා ඉවරයි.

    නමුත් මේවගේ බොරු ප්රචාරය කරන්නෙ බොහොම කීපදෙනෙක්.ඔය ජාතිහිතයිෂි කියන චින්තන කාරයොයි ඔහොම කියන්නේ. ඒ විතරක් නෙමෙයි මුන් දැන් කියනව මහායාන බුද්ධාගම, තේරවාද බුද්ධාගම, බටහිර බුද්ධාගම, ඕල්කට් බුද්ධාගම, විද්යාත්මක බුද්ධාගම, තම්බයියා බුද්ධාගම, ගණනාථ බුද්ධාගම කියල බුද්ධාගම කැලි කෑලි වලට බෙදිලයි කියල. මුන් දන්නෙනෑ බුද්ද ධර්මය කියන්නෙ චතුරාර්ය සත්ය සහ ආර්ය අෂ්ටාන්ගිඛ මාර්ගය මිස ඔයිට වඩා වෙන දෙයක් නෙමෙයි කියල. මහායානයේ කියෙව්වත් තේරවාද කියෙව්වත්, බටහිර බුද්ධාගම කියෙව්වත්, ඕල්කට් කියෙව්වත්, විද්යාත්මක බුද්ධාගම කියෙව්වත්, තම්බයියා කියෙව්වත්, ගණනාථ කියෙව්වත් කියන්නෙ එකම බුද්ධාගමේ තියන දර්ශනයයි.

    ඔයනම් හදන්නේ කතෝලික පල්ලියේ සල්ලිවලට බුද්ධාගම විනාශ කරන්න හදන කූට වෑයමයි.

  2. Dham Says:

    ධ‍ර්මපාල තුමා ද්‍රෝහියෙක් කියන්නේ කවුද ? මරක්කලයෝ විය යුතුයි. කරුණා කර මේවා නිවැරදිව හෙලිකරන්න​.
    කැප්ප්ටිපොල හිසගසා දැමීමට මොහොතකට පෙර ” ජන්බුද්ද්වීපයේ ඉපදේවා”යි පැතුවා ද ?

  3. NeelaMahaYoda Says:

    ජාතියන්තර NGO උදව්වෙන් සෝවාන් ඵලයට පැමිනියායි කියගන්නා මීරිගම පරමනිබ්බාන ධර්මයතනයයේ වැඩවසන මීවනපලානෙ සිරි ධම්මාලංකාර සහ ඔහුගේ ආවතේව කාරයනුත්, දිට්ඨි විසුද්ධිය ලබාගෙන ආත්ම දෘෂ්ටිය දුරු කරගත්තායි කියන්නා වූ නලින් සිල්වා නැමති වයෝවෘධ විශ්රාම ලත් විශ්වවිද්යාලයක ගුරුවරයෙකු සහ ඔහුගේ ආවතේව කාරයනුත් එකතුවීතමයි මෙවැනි කථා පතුරවන්නේ.

    There is a strong propaganda drive in Sri Lanka by some radical Sinhala academics who are also all out to create an atmosphere to dissuade and discourage unsuspecting Sinhala only educated village lads from learning science.

  4. Dham Says:

    NMY,
    Have any of them said ධ‍ර්මපාල තුමා ද්‍රෝහියෙක් ? If so can you give me some reference please.

  5. NeelaMahaYoda Says:

    Contact මීවනපලානෙ සිරි ධම්මාලංකාර and get his publications package You will find what he is after. Read between lines what Nalin is writing on his face book and on the website Kalaya.

  6. Dham Says:

    “Don’t hate me just because I’m not what you want me to be. Don’t hate me because I’m not who you are. I am me and I am honest. I stand by my friends and my friends stand by me.”
    -Christ Gale

  7. Senevirath Says:

    ජාතික චින්තනයේ නිර්මාතෘ වශයෙන් ධර්මපාල තුමා අගයන කෙනෙක් නලින් ද සිල්වා

  8. NeelaMahaYoda Says:

    නලින් සිල්වා මහතා බුද්ධාගමට විද්යාත්මක ප්රවේශයක් දීමට විරුද්ධ ය. එහෙත්, ප්රජානන විද්යාව ක්ෂේත්රයට බුද්ධාගම හඳුන්වා දීමට වූ පළමු පුද්ගලයා ධර්මපාල තුමා විය. එමනිසා නලින් සිල්වා ධර්මපාල තුමාට විරුද්ද බව අමුතුවෙන් කිවයුතුනැත. පහත සඳහන් දේ කියවා තේරුම්ගන්න බලන්න

    Buddhism has been perceived as an ally of science from as early as the 19th century, and continues to be so today. In 1893, the Buddhist scholar and reformer Anagarika Dharmapala spoke to an American audience about Buddhism which is «free from theology, priestcraft, rituals, ceremonies, dogmas, heavens, hells» and is «a scientific religion… which is in harmony with geology, astrology, radioactivity and reality».

    When the Buddhist spokesman Dharmapala attended one of James’s lectures at Harvard, James was quoted as having said to him, “Take my chair. You are better equipped to lecture on psychology than I, ” and after one of Dharmapala’s own lectures, James declared, “This is the psychology everybody will be studying twenty-five years from now.” [1] James often drew on Buddhist cosmology when framing perceptual concepts, such as his term “stream of consciousness,” which is the literal English translation of the Sanskrit vinnana-sota, a Buddhist metaphor for the impermanent nature of the mind (anitya). In the landmark text Varieties of Religious Experience, James also breaks new ground for modern psychology by addressing the functional value of meditation. [2]

    (1) David Scott, “William James and Buddhism: American Pragmatism and the Orient,” Religion 30 (2000): 335.
    (2) William James, Varieties of Religious Experience. (1902; New York: Viking Penguin, 1982).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress