ෆෙඩරල් විසඳුමට පෙරාතුව…..
Posted on May 22nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

2009 සැප්තැම්බර් මාසයේදී උදය දේවි දුම්රියේ නැරඹුම් මැදිරියේ ආසන වෙන් කරවාගත් අපි මඩකලපුව බලා ගියෙමු. එහි ලඟාවන විට රාත්‍රී 7 පමන විය. පසුදා උදෑසන, උදේ ආහාරයෙන් පසු මඩකලපු නගරය පුරා ඇවිදිමින් කල් ගෙව්වෙමු. අපව නවාතැනට හැරලූ ත්‍රිරෝද රථ රියැදුරාගේ සිට අපට මගතොට හමු වූ බොහෝ ද්‍රවිඪ ජාතිකයන් අප දෙස ආගන්තුක බැලුම් බැලූ මුත්, ඒ කිසිදු අහිතවත් කමකින් නොවීය. මඩකලපු කොටුව තුල විනෝද චාරිකාවල යෙදුනු සිංහල ජනතාව බොහෝ සිටි අතර සිංහල – සිංහල පිරිස් මුහු වනවාට වඩා, එතැන සිටි ද්‍රවිඪ ජනතාව ඒ සියලු දෙනා සමග සාමකාමීව සහ විනෝදකාමීව කතාබහේ යෙදුනේ ප්‍රදේශය පිලිබඳ තමන් දත් දේ නොදත් අයට කියා දෙමිනි.

පසු දා අප වාකරේ හරහා වෙරුගල් බලා ගියේ සාමාන්‍ය බස් රියෙනි. ඒ බස්රියේ සිටි ද්‍රවිඪ කාන්තාවන් අසුන් වල තදබද වෙමින් අප හට ඉඳගන්නට ඇරයුම් කලේත්, අපේ හිස, අත් ස්පර්ශ කරමින් තමන්ට හැකි ආකාරයට අප දකුණේ කොහි සිටද කියා ඇසුවේත් දයාබර සිනා පාමින්ය. වෙරුගල්වලදී එහි තිබූ කුඩා තේ පැන් හලකින් තේ පානය කල අපට වැටහී ගියේ අප ඒ පෙදෙසට අමුත්තන් බව දැනුනත් අපව සූරා කන්නට මේ මිනිසුන්ට කිසි ලෙසකත් අවශ්‍ය නොවූ බවය.

ආපසු එන ගමනේදී වාලච්චේනදී බසයට ගොඩවුනේ තරුණ තරුණියන් කණ්ඩායමකි. මොවුන් තුල තිබූ නිදහස් බව හා ප්‍රීතිය ඔවුන්ගේ සිනා කතා තුලින් පැහැදිලිව දිස්විය. ඔවුන් එක්ව ගී ගැයූ අතර, අනිකුත් මගීන්ද විටෙක අත්වැල් අල්ලමින් සිනා මුසුව ඔවුන් කල කී දෑ දරා ගත්හ. මේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් බව කෙනෙකු වෙතින් අපට දැන ගන්නට ලැබුනි.

ඒ වන විට නැගෙනහිර යුද ග්‍රහණයෙන් මිදී වසරකට මඳක් වැඩි කලක් ගතව තිබිනි. එම ජනතාව තුල වූ නිදහස් සාමකාමී හැඟුම් මේ දින කිහිපය තුල අප මනාව හැඳින ගතිමු. අප මුලුමනින්ම ඒ පෙදෙසට අමුත්තන් වූ අතර, සිටියේ අප සිවු දෙනා පමනි. නමුත් අප හා ගණුදෙනු කල ආකාරයේදී ඒ මිනිසුන් අපව සිංහලයන් ලෙස පිටස්තර ගනයට ලා සැලකූ අයුරක් කෙසේවත් නොදුටිමු.

වසර 20 ට ආසන්න වෘත්තිමය ජීවිතයේදී විවිධ වූ ප්‍රජාවන් අතර ගැවසීමෙන් ලද අත්දැකීම් අනුව, අපට හුරු පුරුදු සිංහල ජනයා අතර ගැවසෙනවාට වැඩි වෙනසක් මෙහිදී මට දැනුනේ නැත. එකම වෙනස දැනුනේ භාෂාව පමනි.

නමුත් එදා ඔවුන් අතරේ මම විශේෂිත යමක් දුටුවෙමි. එනම් යුද්ධය අවසන්ව තිබූ ඒ සමයේ ඔවුන් විඳි මානසික නිදහසයි. එසේ නොවී නම් විශ්ව විද්‍යාල සිසුන් අර විදියට ගී නොගයනු ඇත. මේ මිනිසුන්ගේ සිත් තුල අප කෙරෙහි වෙෙරයක් වී නම් ඔවුන් අප හට එවන් හිතවත් කමක් පානු නැත. ඒ අවදිය වන විට ඔවුන්ගේ එදිනෙදා ජීවන ප්‍රශ්ණ විසඳී තිබිනි යැයි කිව නොහැකිය. ඔවුන් බොහෝ දෙනෙකු ලඟ දිලිඳු බව කැපී පෙනුනි. නමුත් තත්වය එලෙස වන්නට ඇත්තේ අපටත් දැනුනු, ඔවුනුත් පෙලූ ප්‍රධානතම ගැටලුව වූ ‘යුද බිය’ නිමා වූ අලුතම නිසා වන්නට පුලුවන.

එසේ නම් කල් ගත වත් දී ඔවුන්ට අපව පිටස්තරයින් ලෙස පෙනෙන්නට වූයේ කෙසේද? දැන් ඔවුන්ගේ සිත් වලට ෆෙඩරල් පාලනයක අවශ්‍යතාව රිංගවා තිබේ.

මෙවර මැයි 19 වන දින ශ්‍රී ලංකාව පෙලූ යුද්ධයේ නිමාව සනිටුහන්කල දිනය සැමරීමට රජයට එතරම් අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනුනි. ‘විජයග්‍රහණය’ යන්න තහනම් වචනය බවට පත්විය. යුද්ධය සිදුවුනේ අප රට තුලම බැවින් විජයග්‍රහණයක් ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණක් බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.අප එසේ ලැජ්ජා වෙද්දී උතුරේ ජන සංහාර සතියක් සැමරීමට කටයුතු කල ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා, තමන් නොවැම්බර් මස මහාවීර සතියද සමරන බව පැවසීය. ඒ අනුව ශිවාජිලිංගම්, කරුණාසේනගේ ලැජ්ජාව සාධාරණීකරනය කලේය. මෙහිදී එල්ටීටීඊ සංවිධානය විසින් සංහාරය කෙරුනු නිරායුධ සිංහල, මුස්ලිම් ජනතාව මෙන්ම වරින් වර ප්‍රභාකරන්ගේ පිරිස් අතින් සංහාරය කෙරුනු අනිකුත් ද්‍රවිඪ සංවිධාන සාමාජිකයින්ද, නිරායුධ ද්‍රවිඪ ජනයාද ශිවාජිලිංගම්ට මෙන්ම කරුණාසේනටද අමතක විය. ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කලේ එල්ටීටීඊය ආරම්භයේ සිටම අනුගමනය කල සහ අවසන් අදියරේ දී පැහැදිලිවම සිදුකල සිවිල් ජනතාව මිනිස් පලිහක් සේ යොදා ගැනීමේ ක්‍රමවේදය මුලුමනින්ම අමතක කර දමා ත්‍රිවිධ හමුදාව මතට පමනක් වරද පටවා ගැනීමයි.

මෙවර යාපනේ විශ්ව විද්‍යාල සිසුන් විසින් ජන සංහාර සතිය සැමරුවේ ඊළාම් සිතියම පෙරටුවේ තබාගෙනය. එනම් ඔවුන්ගේ එකම අභිප්‍රාය මෙම බිම් කොටස තමන්ටම කියා ලියා ගැනීමයි. දශක 3 ක් තිස්සේ ඔඩු දිවූ ප්‍රශ්ණයක් මේ මිනිසුන්ගේ සිත් තුලින් අකා මකා දැමීම පහසු කරුණක් නොවේ. නමුත් සංහිඳියාව නියම විදියට සිදු වන්නට නම් තම පසුගිය වැරදි දෙපිරිසම අවබෝධ කරගත යුතුය. දේශපාලනිකව විසඳා ගතයුතු වූ ප්‍රශ්ණයක් 80 දශකය මුලදී යුද්ධයක් ලෙස පුපුරා හැලෙන්නට හේතු වූ කරුණු අමතක කර, යුද්ධය නිම කල තැනැත්තාට දෙස් දෙවොල් තැබීම තුලින් සංහිඳියාවක් අපේක්ෂා කල නොහැකිය. ‘ද්‍රවිඪ ජනතාවට විශේෂිත වූ ගැටලු’ ගැන සඳහන් කරන උතුරු නැගෙනහිර දේශපාලකයන්, මෙම ගැටලු මොනවාද යන්නත්, ඒවා සාමාන්‍ය සිංහල මිනිසුන්ගේ ගැටලු ගැටලුවලින් වෙනස් වන්නේ කෙසේද යන්නත් පැහැදිලිව විග්‍රහ කර නොපවසති. පවසන එකම දේ මේ ‘විශේෂිත ගැටලු’ වලට එකම පිලියම ස්වයං පාලන අයිතිය ලබා ගැනීම පමනකැයි කියාය.

2005 දී පමන සාමය ගොඩනැගීම සම්බන්ධව යම් ආයතනයක් මගින් පවත්වන ලද වැඩ මුලුවක් වාර්තාකරණයට මට අවස්ථාවක් ලැබිනි. ඊට සහභාගි වූ එක් අයෙකු වූයේ එවකට ටැමිල් නෙට් වෙබ් හි සංස්කාරක සිවරාම්ය. ඔහු පැමින සිටි පිරිසට මෙම ජනවාර්ගික ගැටලු ව අර්ථ දැක්වූ අයුරුය මේ. සරළව කිව්වොත් මේ ශ්‍රී ලංකාව, බහුතරය සිංහල, සිංහල ආණ්ඩුව, ඉඩම් වැඩි කොටස සිහලයන්ට, හමුදාව සිංහල, රැකියා සිංහලයන්ට, සියලු වරප්‍රසාද සිංහලයන්ට ආදී වශයෙනි. සභා තොමෝ මෙය ඉස් මුදුනින්ම පිලිගත්තා විනා කිසිදු ප්‍රශ්ණයක් නැගුවේ නැත. මට අදාල රාජකාරිය වාර්තාකරණය වූ නිසා මසිතට පැමිනි ගැටලු මටම සීමා කර ගැන්මට සිදුවිය.නමුත් මෙම අර්ථ දැක්වීම තුල මා දුටුවේ ද්‍රවිඪ ජනතාව තුල සිංහලයන්ගේ සමාජ ක්‍රමය පිලිබඳව ඇති නොදැනුවත්කම හෝ දැන ගන්නට ඇති නුවුවමනාවයි.

මම සාම විශේෂඥයකු නොවෙමි. නමුත් ප්‍රජාව අතර වසර ගනනාවක් ගත කිරීම හා විවිධ පෙදෙස්වල කල්ගත කිරීමෙන් මා දුටුවේ එකම දෙයකි. එනම් උප්පැන්නයේ සිංහල බෞද්ධ යයි සඳහන්ව තිබුනත් කිසිදු අයුරකින් වරප්‍රසාද නොලද, ගිණිය නොහැකි තරම් වූ ජනතාවක් තම උපන් බිමේ අසරණව කල් ගෙවන බවයි. ඉඩම් අඟලකට හිමිකම් නැත. ගොවිතැනට පොහොර ටික ගත නොහැකිය. උපාධිධාරීන්ට පවා රැකියා නැත.අනාගතය අවිනිශ්චිතය. රජයේ කාර්යාලයකින් වැඩක් කරගත නොහැක.දරුවනට පාසලක් ලබා ගන්නට හෝ ලැබුන පාසලට අඛණ්ඩව දරුවා යවා ගන්නට දෙමව්පියන්ට බැරිය. නිදහස් සෞඛ්‍ය සේවයක් කියා තිබුනත් ජනතාව රජයේ රෝහල් වල හෝ පුද්ගලික චැනල් සේවාවල පෝලිම් ගැසී දුක් විඳිති. ගමට යන්නට බස් නැත. පාරවල් නැත. වල් අලි කරදරය. ජීවන වියදම අහස උස නිසා එදා වේල පිරිමසා ගැනීමට මහා සටනක් කරන්නට සිදුව ඇත. ඒ තුල නීති විරෝධීව යමක් උපයා ගන්නට තල්ලු කරන සමාජ ක්‍රමයක් ඇත.අවිධිමත් සංවර්ධන කටයුතු, ඉදිකිරීම්, කැලෑ පාලු කිරීම්, පස් කැපීම් ආදී ක්‍රියාවන් නිසා ඇතිවන ස්වභාවික ව්‍යසනයන් බොහෝය. දේශපාලකයින්ගේ ආශීර්වාදය ඇතිව කෙරෙන මෙවන් ක්‍රියාවන්හි දුර්විපාක විඳින්නේ සාමාන්‍ය ජනතාවයි.

මේ අනුව බලනකල සිංහල බෞද්ධ වූ පමනින් ඔවුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද?

පසුගියවර රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි අවධියේදී එල්ටීටීඊ ය සමග අත්සන් කල අවබෝධතා ගිවිසුමෙන් පසු එහි නායක ප්‍රභාකරන් කැඳවූ ප්‍රසිද්ධ පුවත් පත් සාකච්ඡාවක් විය. මෙහිදී කිලිනොච්චියට යන මග දෙපස, ඊට පැමිනෙන පිරිසට සුභාශිංසනය කරමින් කොඩි වැනූ ජනතාව ඔබට මතකද? දුක් විඳීමෙන් කණාටු වූ හීන්දෑරි සිරුරින් යුතු ඔවුන්ගේ විඩාබර මුහුණු පිබිදුනේ දිරා ගිය දත් සහිත මුව විවර කල සිනාවෙනි. නමුත් කිලිනොච්චියේ මාධ්‍ය සාකච්ඡාව පැවති ස්ථානයට ගිය විට එහි සිටි ප්‍රභාකරන් ඇතුලු එල්ටීටීඊ තානාන්තරධාරීන්ගේ පෙනුම කෙසේ වීද? මහත දෙහෙත සිරුරු. කලු කන්ණාඩි පැලඳි පැහැපත් මුහුණු. සාඩම්බර පෙනුම ! දේශපාලකයින් හා බහුතරයක් වූ පීඩිත පන්තියේ ජනතාව අතර වෙනස බාහිර පෙනුමින් පවා පෙනේ. මෙය උතුරටත්, දකුණටත් එකසේ අදාලය.

අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරු බවට පත්ව, කලින් කලට මතුවන විවිධ ප්‍රශ්ණ ඔස්සේ පීඩා විඳින, චන්ද කාලයට මහත් වටිනාකමක් ලැබෙන, අනිත් දිනවලදී හපයක් සේ ඉවත දැමෙන ජනතාව රටේ කොයි දිග්බාගයේත් එක වැනිය.

එබැවින් සංහිඳියාව ඇති කරන්නට නම් පලමුව මේ ජනකොටස් වලට එකිනෙකා ගැන අවබෝධයක් ලබා ගැන්මේ අවස්ථාව සැලසිය යුතුය.

වගර්‍ සැතපුම් 22 000 ට මඳක් වැඩි වූ මේ කුඩා දිවයින මෙහෙයවන්නට විශාල කැබිනට්ටුවක් වෙයි. එනම් විවිධ විෂයයන් 45 ට වැඩි ප්‍රමාණයක් සඳහා ඇමතිවරුත්, ඔවුන්ට සහය වන්නට නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු මෙන්ම පලාත් සභා මැති ඇමතිවරුද, පලාත් පාලන ආයතනවල මැති ඇමතිවරුද ආදී වශයෙන් අක්මුල් බෙදී ගිය දැවැන්ත දේශපාලන ව්‍යූහයක් ඇත. ‘දේශපාලනය’ යන වචනයේ අර්ථය දන්නේ නම් රටේ සතර දිග් භාගයම නිසි පරිදි සංවර්ධනය කරන්නට ඔවුන්ව පහසුවෙන් මෙහෙයවිය හැක. සැබෑව නම් මෙම පිරිසට තම බලය හා වරප්‍රසාද තහවුරු කර ගැන්මේ අභිප්‍රාය හැර ජනතාව ගැන වගවීමක් නොමැති කමයි. මෙය උතුරු නැගෙනහිර දේශපාලකයින්ටත් අදාලය.

ෆෙඩරල් විසඳුම් දෙන්නට ශ්‍රී ලංකාව ඉන්දියාව තරම් විශාල රටක් නොවේ. එසේ ෆෙඩරල් දී තිබියදීත් ඉන්දියව තුල ඒ ඒ ප්‍රාන්ත වල මිනිසුන් කා කොටා ගන්නා අයුරු පැහැදිලිව දැකගත හැක. ගුජරාටීන් හා පන්ජාබීන් අතර නොහොඳ නෝක්කඩුකම්ය. තමිල්නාඩු ජනතාව අනිත් කිසිවකුට දිරවන්නේ නැත.

එමෙන්ම තමිල්නාඩුව තුල ඇති ප්‍රශ්ණ රාශිය ජයලලිතා ෆෙඩරල් ක්‍රමයෙන් විසඳා තිබේද? ඇති නැති පරතරය, කුල භේද, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රශ්ණ, මිනිසුන්ගේ විනය ! මේ සියල්ල දෙස බලන විට ජයලලිතලා ප්‍රකෝටිපතීන් වූවා විනා ෆෙඩරල් ක්‍රමය තුල සාමාන්‍ය ජනයාට ලැබුන දෙයක් වේද?

ඉතින් අපගේ දැවැන්ත කැබිනට්ටුව කාර්යක්ෂම කර මුලින්ම ඔය විශේෂිත ප්‍රශ්ණ, එනම් ඒවා දකුණේ පීඩිත පන්තියේ ජනතාවගේ ප්‍රශ්ණවලට වඩා වෙනස් නම්, ඒකීය රටක් තුල මේ සියල්ල විසඳා ගන්නට බලනවා නම් වඩා සුදුසුය. එසේ නොමැතිව ෆෙඩරල් ක්‍රමය තුල තවත් ආලාපාලු දේශපාලන සංස්කෘතියක් බිහිවීමට වඩා වැඩි යමක් සිදුවනු නැත.

One Response to “ෆෙඩරල් විසඳුමට පෙරාතුව…..”

  1. Ancient Sinhalaya Says:

    Sinhalese Buddhists are the doormats of Sri Lanka. No deshapaluwa comes to help them. Those deshapaluwo
    only remember them during election time only. The day after they are forgotten. For the plight of the Sinhalese
    Buddhists UNPatriotic party are responsible.

    Traitor UNPatriotic party have always divided the Sinhalese and make the minorities king makers. Every time
    the traitors come to power, they have made sure to make everything possible to please them so their vote
    is guaranteed. Then they will only need some Sinhala modayas to vote for them and they will be in a win win
    situation. So UNPatriotics say one or tom pachas and those traitor Sinhala modayas believe every word and vote
    for them.

    Look at some of the tom pachas of greatest tom pachaya ever in Sri Lanka. Pol pot ponil wickramasinhalakiller
    said he is going to make every house a palace in Sri Lanka. This is during the power cuts.
    Then he said recently he is going to create 10 lakhs jobs by July. Then he said he will develop the port city
    and finance the whole country with the profits from that project. This is the man who said he will stop all
    the Chinese projects in Sri Lanka only to crawl there in all four.

    With a bit of brain, any idiot can understand thse
    are all tom pachas. But not some Sinhala modayas. So murderous tom pachaya keep destroying Sri Lanka without
    a care in the world. Sinhalese themselves have to be blamed for their plight. The still can’t see the true colours
    of these traitor deshapaluwan.

    Anybody with an iota of love for Sri Lanka would have dumped the UNPatriotic party for good after alugosu (to Sinhalese only) thambi mudiaynse put foundations to break up Sri Lanka by signing 13 with traitor india. But not
    some Sinhala modayas. Today 350 mile long island have president, pm, ministers, state ministers, deputy
    ministers, chief ministers, pradeshiya saba ministers etc. etc. You can’t walk 20 feet without bumping into one
    of those thieves. What these deshapaluwan do is plunder and plunder the little resources we have. Imagine
    these thives, and all the way down to his peon will be thieving. That is how politics in Sri Lanka. So UNPatriotic
    created the cancer to destroy Sri Lanka. Now the two sets of foreigners, tamils and mussies waiting get their piece
    of Sri Lanka and enjoy it. Only place helpless Sinhalese have left is to jump into the sea. We have to thank
    Sinhalese hating, Sinhalese murdering, Buddhism hating, Sri Lanka hating UNPatriotic party, the cancer of Sri
    Lanka politics. The tragedy is still a lot of Sinhala modayas think it is so fashionable to be called an UNPer.

    Latest project by the UNPatriotics is to build houses for estate tamils with indian aid so that UNPatriotic voter
    base will expand. Same time build more houses in the north east as well with indian aids. So that way UNPatriotics
    know their voter base will expand. Little these traitors know, that they are actually making the drealam map
    bigger and bigger. Who cares about Sri Lanka? That’s the UNPatriotic party’s agenda. Thambi mudiaynse put the
    foundations. So we carry on without a care in world to break up Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress