වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේදී
Posted on May 24th, 2016

 වෛද් රුවන් එම් ජයතුංග 

2006 වසරේදී කැන්සාස් හි තිබෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක් වන වොෂ්බර්න් විශ්ව විද්‍යාලය විසින් මට පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය ගැන දේශනයක් පැවැත්වීමට ආරාධනා කරන ලදි. මේ අනුව මම වොෂ්බර්න් විශ්ව විද්‍යාලයට ගියෙමි. එහිදී එම විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්‍ය ඩේවිඩ් ප්‍රවෝස් විසින් මාව පිලිගෙන මා පිලිබඳව කෙටි හැඳින්වීමක් කරන ලදි. විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම  විශ්ව විද්‍යාලයේ ආචාරියවරුන්  සහභාගි වූ එම දේශනය පුරා පැයක් මා විසින් පැවැත්වූයෙමි.

එම දේශනයේදී පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය බටහිර ලෝකය විසින් සොයාගත් කාංසාමය රෝගී තත්වයක් නොව එය බෞද්ධ ජාතක කතා වලද සඳහන් වූ රෝගී තත්වයක් බවත් තවද ශ්‍රී ලංකාවේ රජ කෙනෙකු වූ පළවන රාජසිංහ රජු පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතා රෝගී ලක්‍ෂණ පෙන්වන ලද බවත් සාධක සහිතව පෙන්වා දුන්නෙමි.

washburn1

washburn2

With Professor David Provose – Washburn University Kansas

දේශනයෙන් පසු විශ්ව විද්‍යාලයේ සිසුන් මෙන්ම මහාචාර්‍යවරුද මගෙන් ප්‍රශ්න ඇසුවෝය​. එක් මහාචාර්‍යවරයෙක් විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් විසින් රචිත ස්කාඩ්ස් මයින්ඩ්ස් පොතේ දැක්වෙන පරිදි  ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ නිශ්පාදනයක්දැයි අැසීය​. එහෙත් මගේ පිළිතුර වූයේ ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකාවේ මිලිටරිවාදයේ පමණක් නොව දෙමළ ජාතිවාදයේත් දෙමළ ස්වෝත්තමවාදයේත් අවස්ථාවාදී දේශපාලනයේත් නිෂ්පාදනයක් බවත් ය. එම  පිළිතුරට උක්ත මහාචාර්‍යවරයා ප්‍රසාදය පළ කලේය​.

මගේ දේශනයෙන් පසු එම විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු වූ බාලී චෑං මාව විශ්ව විද්‍යාලය පුරා ගෙන ගොස් සිසුන් අධ්‍යාපනය ලබන අයුරු පෙන්වීය​. වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් නිතරම වාද විවාද කර ගනිති එහෙත් අපගේ විශ්ව විද්‍යාල වල දක්නට තිබන අන්දමේ ප්‍රාථමික වානරයන් මෙන් අතින් පයින් පොලු මුගුරු වලින් කරන වාද මේ විශ්ව විද්‍යාලයේ නොමැත​. එසේම සිසු සිසුවියන් අනෙකාගේ අයිතියට ගරු කරති. අපගේ විශ්ව විද්‍යාල වල මෙන් නවක වද , මානසික කායික පීඩාවන් කිරීම් මේ භූමියේ මම නොදුටුවෙමි. අධ්‍යාපනික වශයෙන් මේවා සුගති භූමීන්‍ වෙති.

යම් දිනෙක අපගේ විශ්ව විද්‍යාල පද්දතිය ආකල්පමය වශයෙන් පොහොසත් කැන්සාස් හි වොෂ්බර්න් විශ්ව විද්‍යාලය වැනි මට්ටමකට  එනු ඇතැයි මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.එහෙත් ඒ යුගය උදා වන විට මා ජීවතුන් අතර සිටීද කියා මට සැකය​.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress