‘ප්‍රොටොකොල්’ දුස්රාව
Posted on May 27th, 2016

ධර්මන් වික්‍රමරත්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයේ පැවැත්වෙන ජී හතේ සමුළුවට සහභාගිවිමට ගියේය. නැගෙනහිර මහ ඇමති මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් ශ්‍රි ලංකාවේ රණවිරු පරපුරටම ‘චී’ හතෙන් සැලකුවේය. දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගෙන තිබූ නැගෙනහිර පළාතේ බහුතර ප්‍රදේශයන් මුළුමනින් මුදාගෙන නිදහසේ හුස්ම ගන්නට අවස්ථාව ලබාදුන් ආරක්ෂක හමුදාවන්ට නිග්‍රහ කරන මහ ඇමතිවරයෙක් සිටින නැගෙනහිර වැනි පළාත් සභාවකට පොලිස් බලතල ලැබුණහොත් සිදුවන්නේ මහා විනාශයක් බව දැන් පැහැදිලිය. ප්‍රොටොකොල්(ධුරාවලියේ අනුපිළිවෙල) නාටකය මාරය. සහජීවනය හමාරය.

dharman27051601

නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු සහ ඇමරිකන් තානාපති ඉදිරියේ නාවික හමුදාවේ සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරි කපිතාන් රංජිත් ප්‍රේමරත්නට ප්‍රසිද්ධියේ නින්දා සහගත ලෙස බැන වැදිණි. මහ ඇමතිවරයා අතපය විසිකරමින් දඟලන විට එහි සිටි පාසැල් දැරියකගේද මුහුණේ අත වැදිණි.  තිස් වසරක ත්‍රස්තවාදීන්ගේ දරුණු යුද්ධය මුළුමනින්ම නිමාකල රණවිරුවන් ලෝකය ඉදිරියේ නිවට නින්දිත තත්ත්වයකට එමගින් ඇදදමන ලදී. නැගෙනහිර මහ ඇමතිවරයා බලයෙන් උමතුව හැසිරෙමින් නින්දා අපහාස කරන විට අදාළ නාවික උසස් නිලධාරියා ජනයා ඉදිරියේ රජයේ සහ හමුදාවේ ගෞරවය රැකගැනීම සඳහා නිහඬව හික්මීම විදහාපෑය. මව්බිමට අදරැති සැමට මෙන්ම සමස්ථ රණවිරුවන්ටද  මහ ඇමතිවරයාගේ නින්දිත හැසිරීම පිළිබදව ඇතිවුයේ දුකකි. එමෙන්ම කෝපයකි. ඒ පරිභව කළේ පෞද්ගලික ඔහුට නොව සමස්ථ රණවිරුවන්ට වීම හේතුවෙනි. සාමාන්‍ය නාවික සෙබළෙක් එම සිද්ධියට මුහුණ දුන්නානම් ඇතැම්විට  හොද හොද සෙල්ලම් බලාගත හැකිව තිබිණි. ඉන්දු ලංකා ගිවිසුම ‘ප්‍රොටොකොල්’ බලහත්කාරය යොදා ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීම හේතුවෙන් ඉන්දිය අගමැති රජිව් ගාන්ධිට නාවික හමුදාවේ බල නැවි(ගුවන් විදුලි කාර්මික ශිල්පි) රත්ගම පදිංචි විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බඳෙන් 1987 ජුලි 30වැනිදා හොදින් සලකපු හැටි කිසිවෙකුට තවමත් අමතක නොවේ.

ඉවසීම නිවටකමක්යැ’යි කිසිවෙකු සිතිය යුතු නැත. ඉවසීම පසුව මහා අසිනි වරුසාවක් බවටද පත්වන අවස්ථා ඇත. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට දේශපාලඥයෙකුට එරෙහිව ත්‍රිවිධ හමුදාව අසමසම තීරණයක් මැයි 26 ගනු ලැබීය. ඒ අනුව ත්‍රිවිධ හමුදාවට අයත් යුධ, නාවික සහ ගුවන් කඳවුරුවලට නැගෙනහිර මහඇමති මුස්ලීම් කොංග්‍රසයේ නසීර් අහමඩ්ට ඇතුළුවීම තහනම්ය. එමෙන්ම මහ ඇමති නසීර් සහභාගිවන සියළුම උත්සව නියෝජනය නොකිරීමටද ත්‍රිවිධ හමුදාව තිරණය කර තිබේ. විරෝධාර රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් එවන් එඩිතර තීරණයක් ගත් ත්‍රිවිධ හමුදාපතිවරුනටද ජාතියේ ප්‍රණාමය නිතැතින් හිමිවනු නිසැකය.

‘යහපාලනය’, සහජීවනය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියන නසීර් අහමඩ් නැගෙනහිර මහඇමති තනතුරට පත්වූයේද ‘යහපාලන’ ආණ්ඩුව පත්වීමෙන් පසු හතර මහා නිධානයක් ‘පිනට’ ලැබීමෙනි. නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවති 2012 සැප්තැම්බර් 8 වැනිදා එහි පළාත් සභා මන්ත්‍රී ආසන 37න් ආසන 22ක් දිනා ගත්තේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් ආණ්ඩුව තුළ ගොනුවූ හවුල්කාර පක්ෂය. ඒ අනුව ශ්‍රිලනිප ඇතුළු සන්ධානයේ සුළු පක්ෂවලට ආසන 14ක්ද මුස්ලීම් කොංග්‍රසයට ආසන 7ක්ද, විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණට ආසන 1ක්ද හිමිවිය. විපක්ෂයේ පක්ෂ වශයෙන් තරඟකල දෙමළ ජාතික සන්ධානයට ආසන 15ක් හිමිවූ අතර එහි විපක්ෂයේ ආසන 11 දෙමළ ජාතික සන්ධානයටද, ආසන 4ක් එජාපයටද හිමිවිය. මහ ඇමති ධූරය හිමිවූයේ ශ්‍රිලනිප සමන්තුරෙයි සංවිධායක අබ්දුල් මජීඩ්ටය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් 2015 ජනවාරි 8වැනිදා පත්වීමෙන් පසු නැගෙනහිර පළාත් සභාවේ බලතුලනය වෙනස් වූයේ මුස්ලීම් කොංග්‍රසය, එජාපය සහ ද්‍රවිඩ සන්ධානයේ සහයෝගය ඇතිව පාලනය ලබාගැනීමෙනි. එම කණ්ඩායමට ශ්‍රිලනිප නෛතික සභාපති මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන් වසන්ත ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක්ද එක්විය. වර්තමාන මහඇමති මුස්ලීම් කොංග්‍රසයේ නසීර් අහමඩ් එම තනතුරට පත්වී ඇත්තේ එජාපය, දෙමළ සන්ධානය සහ ශ්‍රිලනිප නෛතික පිලේ(මෛත්‍රී පිල) සහාය ඇතිවය. කලින් 2012 සැප්තැම්බර් 8 සිට 2015 පෙබරවාරි 15 දක්වා මහ ඇමති වශයෙන් කටයුතු කල අබ්දුල් මජීඩ් මෙවැනි ගැටුම් ඇතිකර ගෙන රණවිරුවන්ට හෝ රාජ්‍ය නිලධාරින්ට කිසිදා කැනහැලිකම් කළේ නැත.

නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුද වේදිකාවේ සිටියදී ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාර ඔස්ටින්ගේ ක්‍රියාපිලිවෙත පිලිකුල් සහගතය. මධ්‍යම ආණ්ඩුවේ නැගෙනහිර පළාත් ප්‍රධානියා වශයෙන් ආණ්ඩුකාරවරයා එහිදී මහඇමති නසීර්ගේ අත සහ පිට අතගා ඔහුට හූමිටි තැබුවා මිස ආණ්ඩුකාරයා ලෙස සිය පෞරුෂය විදහා මහත්තයෙකු ලෙස ප්‍රතිචාර දැක්වුයේ නැත. මෙයට පෙර නැගෙනහිර ආණ්ඩුකාරවරුන්වු ලෙෆ්ටිනන් ජනරාල් නලීන් සෙනෙවිරත්න, කීර්තිධර සිවිල් සේවක ලයනල් ප්‍රනාන්දු, ප්‍රවිණ නළු ගාමිණී ෆොන්සේකා, මේජර් ජනරාල් අශෝක ජයවර්ධන, හිටපු ඇමති ටිරෝන් ප්‍රනාන්දු සහ  රියාල් අද්මිරාල් මොහාන් ජයවික්‍රම වැනි අය දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය උණුසුම්ව පැවති අවස්ථාවන්හි පවා කටයුතු කලද මෙවැනි දුර්වල හැසිරිමක් කිසිදා පෙන්නුම් නොකලේය. ආරක්ෂක අමාත්‍යාංශයේ කලක් ලේකම්ව සිටි ඔස්ටින් ප්‍රනාන්දු 2001දී කොටි නායක ප්‍රභාකරන්ට තෑගි දීපු ආකාරය සහ කොටි දේශපාලන අංශ ප්‍රධානි පුලදේවන්ගේ කරට අතදාගෙන ඇපල් පාර්සලයක් දුන් අයුරු සිහිපත් කරන විට මෙවර හැසිරීම පිළිබඳව රටට එතරම් පුදුමයක්ද නැත. මෙදා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි එදා සන්ධාන ආණ්ඩුවේද වතුර බෙදන ජල සම්පාදන මණ්ඩලයේ සභාපති විය. රණවිරුවන් වෙනුවෙන් ආරක්ෂක ලේකම් ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නේ කුමක්දැයි රටම බලා සිටී.

වරෙක ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ ආධාරකරුවෝ මන්නාරම අධිකරණයට ගල්ගසා හූ කියා ඉදිරිපිට ටයර් පුළුස්සා උද්ඝෝෂණයක් කලහ. ඇමතිවරයාද ඔහුගේ දුරකථනයෙන් විනිසුරුවරයෙකුට බලපෑම් කල බවටද චෝදනා එල්ල විය. මෙම අවනීති ක්‍රියාපටිපාටියට එරෙහිව මන්නාරම් අධිකරණය ඉදිරිපිටදී නීතිඥවරු විරෝධතා දක්වමින් පෙළපාලිද ගියහ. අවසානයේ ඇමති රිෂාඩ් කණගාටුව පළ කළේය. විල්පත්තුවේ අක්කර දහස් ගණනක් අනවසරයෙන් එළි පෙහෙලිකර මුස්ලීම් ජාතිකයින් පදිංචි කිරීමේ මහා පරිමාණ සැලසුමක්ද ඇස් පනාපිට රටේ ජනතාවට රූපවාහිනියෙන් දැක ගැනීමට හැකිවිය. ජවිපෙ ලාල් කාන්තලාද, සජීව චාමිකරලා ඉදිරියට දමාගෙන එයට විරෝධය පළකළහ. රජ ගෙදරද මේ පිළිබඳව පරිසරවේදීන්ගේ විරෝධය විමසීමේ සාකච්ඡාවක් පැවැත්විණි. නමුත් අවසානයේ ‘යහපාලන’ ආණ්ඩුවෙන් විල්පත්තු විනාශය හැර සිදුවූ දෙයක් නැත.

ඇමති රිෂාඩ්ගේ සොයුරු පළාත් සභා මන්ත්‍රීවරයා මන්නාරමේ පිහිටි ලක්ෂ 240ක් පමණ වටිනා අක්කර 40ක් හොර ඔප්පු සාදා විකුණා ඇති බවට චෝදනාවක්ද විය. ඇමති රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයිතියැයි කියනු ලබන ඉඩම් අක්කර 3,000ක විස්තර මාධ්‍ය මගින් අනාවරණය කළේය. නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් එම ඉක්බාල් විසින් සහතික කරන ලද එම ගනුදෙනු වල සමස්ථ ප්‍රකාශිත අවම වටිනාකම රුපියල් කෝටි 24කි.

ලැජ්ජාකාරි ලෙස හැසිරුණු නැගෙනහිර මහඇමතිවරයා නියෝජනය කරන මුස්ලීම් කොංග්‍රසයේ පදනමේ දර්ශනය වනුයේ ඉන්දියාව දෙකඩකර පකිස්ථානය නමින් වෙනම මුස්ලීම් රාජ්‍යයක් බිහිකිරීමට මූලිකවූ ඉන්දිය මුස්ලීම් ලීගයේ ප්‍රධාන න්‍යායචාර්යව සිටි රහමන් අලි චෞද්රිගේ අන්තවාදී බෙදුම්වාදී දර්ශනය වේ. මුස්ලිම් කොංග්‍රසය මගින් 2003දී එළිදුටු ඔලුවිල් ප්‍රකාශනය හරහා කූටප්ප්‍රාප්ති වන්නේ ලංකාවේ නැගෙනහිර කලාපයේ වෙනම ඉස්ලාමිය රාජ්‍යයක් හෙවත් ‘නසරිස්ථානයක්’ දිනා ගැනීම සඳහා සංකල්පීය වශයෙන් මුස්ලීම් සමාජය පෙළගැස්සවීමය. මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘ සහ වරාය ඇමති ඒ. එච්.එම්. අශ්රොෆ් විසින් චන්ද්‍රිකා ආණ්ඩුවේම වියදමින් 1996දී ප්‍රකාශිත මුස්ලිම් උරුමය පොත් පෙල මගින් ගොඩනඟන ලද අතිශය සාවද්‍ය මුස්ලිම් ඉතිහාසය හරහා නිර්මාණය කරගත් නැගෙනහිර ඊනියා මුස්ලිම් නිජබිම් සංකල්පය ‘නසරිස්ථානය’ යථාර්ථයක් කර ගැනීමට ඔවුන් පාදක කරගනු ඇත. දෙමළ ඊළාම් නිජබිම් සංකල්පයටද පාදක වූයේ 1736දී ලන්දේසින්ගේ අනුග්‍රහයෙන් ලියවුණු ව්‍යාජ ඉතිහාස ග්‍රන්ථයකි. 

නැගෙනහිර මහ ඇමතිවරයා රටේ පිළිගත් පොදු නීති පවා අභියෝගයකට ලක්කරමින් ඔවුන්ගේම අන්තවාදි නිති ක්‍රියාත්මක කිරීමට වෙරදැරීම හුදකලා සිද්ධියක් ලෙස සැලකිය යුතු නොවේ. කල්මුනේ කේන්ද්‍රකරගනිමින් මුස්ලීම් පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාගැනිමේ ඉලක්කයද ‘නසරිස්ථානයට’ පාර කැපීමකි. රහමන් අලි චෞද්රිගේ ‘සෆිස්ථානයට’ අයත් වන්නේ බේරුවල සිට පුත්තලම, විල්පත්තුව හා මන්නාරම් වෙරළබඩ කලාපයයි. වෙනම කලාපයක් ගොඩ නැගීමටනම් නිශ්චිත භූමියක් සහ සංස්කෘතික අන්‍යතාවයක් සහිත ජනගහණයක් සිටිය යුතුය. විල්පත්තු රක්ෂිතය ආක්‍රමණය කර වයඹ දිග වෙරළ තීරය අත්පත් කරමින් සැලසුම් සහගතව ඉස්ලාමීය ජනපදකරණය බිහිකරමින් සිටින්නේ ඒ සඳහාය.

නැගෙනහිර පළාතේ පමණක් නොව මුළු රටේම සිංහලයින් සහ මුස්ලීම්වරුන් අතර චිරාත් කාලයක සිට හොද සම්බන්ධයක් තිබේ. යම් යම් අවස්ථාවල එය සංවිධානාත්මක පිරිස් විසින් කල ක්‍රියාකාරකම් නිසා බිඳ වැටුණද ඒවාට දෙපිරිසම වගකිව යුතුය. මුස්ලීම්වරු ශ්‍රී ලංකාව කිසි දිනක ආක්‍රමණය නොකල අතර ඔවුන් ගෙන් බහුතරයක් පැමිණියේ වෙළෙඳ  ගණුදෙනු සඳහාය. සිංහල රජවරුන් රටේ ආරක්ෂාව සඳහා උපක්‍රමික ස්ථානවල මුස්ලීම් ගම්මාන පිහිටුවීමටද අතහිත දුන්හ. මාවතගම සහ මාවනැල්ල වැනි ස්ථානද නැගෙනහිර මුදුතීරය අවට සිටින මුස්ලීම්වරුන්ගේ සංක්‍රමණයද සිදුවූයේ ඒ අයුරිනි. නැගෙනහිර මහ ඇමතිවරයාගේ මෙම ක්‍රියාපිළිවෙතින් සිංහල මුස්ලීම්  සමඟියටද එල්ලවන්නේ බලවත් පහරකි.

‘යහපාලන’ ආණ්ඩුව පාසැල් සිසුන්ට වසර ගණනාවක් අඛණ්ඩව නොමිලේ දෙනු ලැබූ නිල ඇඳුමටද ගේමක් දුන්නේය. ඒ වෙනුවට නිල ඇඳුම් තිළිණපත් නමින් අලුත් උප්පරවැට්ටියක් හදුන්වා දුන්නේය. එහිදී සිසුන් වාර්ගිකව වෙන් කළේය. සෑම මුස්ලීම් ශිෂ්‍යාවකටම ෆර්දා(හිස ආවරණය) සමඟ නිල ඇදුම සඳහා රුපියල් 800ක් ලබාදුන්නේය. හිස ආවරණය නොමැතිව නම් මුස්ලීම් ශිෂ්‍යාවන්ට ලැබෙන තිලිණපත රුපියල් 600කි. මුස්ලිම් නොවන ශිෂ්‍යාවකට ගවුම් රෙදි සදහා ලැබුණේ රුපියල් 400කි. ළමා සාරි රෙදි සදහා නම් රුපියල් 800කි. ළාමා සාරි රෙදි අදින්නේ ලංකාවේ අනුරාධපුරයේ පාසලක් පමණි. සංහිදියාව දොරේ ගලාගෙන යන නිසා කිසිවෙකු මේවා ගැන නෝ කථාය.

මේ අල්ල පනල්ලේ ආර්ථික කළමනාකරණයේ බැරකම වහගන්න ‘යහපාලන’ ආණ්ඩුව කෝටි ගණන් වැයකර මාධ්‍යයන්හි වෙළෙඳ දැන්වීම් දමනු ලැබේ. මෙය ජාතික අපරාධයකි. ‘යහපාලන’ ආණ්ඩුව පාලනය කරන වසර එකාමාරක කාලය තුළ රටට සිදුකර ඇති ව්‍යසනය ළමයෙකුට වුවද තේරුම් ගත හැකිය. වර්තමානයේ රටේ ණය බර රුපියල් බිලියන 285කින් වැඩිවී ඇත්තේ 2015 වසරේ රුපියලේ අවපාතයන් ඉහළ යාමෙනි. එම මුදළ එසේ වැඩිවූයේ එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ 2015 ජනවාරි 8වැනිදා දක්වා තිබූ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව තිබූ රුපියල් 133 වර්තමානයේ රුපියල් 150 දක්වා වැඩිවීමෙනි. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ගෙවිය යුතු බැවින් සිදුව ඇති මේ අර්බුදයට වගකිව යුත්තේ ‘යහපාලන’ ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය වේ.

කොළඹ රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පියගැටපෙළ මතදී 2005 ජුනි 1දා සුරූපි තරුණියක්වූ ඉවෝන් ජොන්සන් ඝාතන සිද්ධියට වැරදිකරුවී මරණ දඬුවම හිමිවූ ජුඩ් ෂර්මන්තට ජනාධිපති සමාව යටතේ ඔහුගේ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා ලිහිල් කර තිබේ. ඒ අනුව ඒ සිරදඬුවම ලිහිල් වී තව වසර කිහිපයකින් ඔහු නිදහස් වනු ඇත. දංගෙඩියට යන රණවිරුවන්ට නැති සමාව ඔවුනට ලැබී ඇත. එජාප ආණ්ඩුව මගින් 70 දශකයේ අවසාන භාගයේදී වෛද්‍ය පෝල්ගේ දියණිය දූෂණයකර අභියාචනයෙන්ද වරදකරු බවට තහවුරුවූ ගෝනවල සුනිල්ට සමාව ලබාදී සති කිහිපයකින් නිදහස්කර සාම විනිසුරු පදවියකින්ද පුද දෙනු ලැබීය. ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව ලැබුණේ කවර හේතුන් මතදැයි අදටද අභිරහසකි.

ගංවතුරට ලක්ෂ 3ක පමණ පවුල්වල සාමාජිකයින්ට හානි සිදුවිය. විවිධ සහනදීමට ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ පකිස්ථානය ඉදිරිපත් විය. ‘යහපාලනයේ’ මුරබල්ලා බවට පේවී සිටින ඇමරිකාව විපතට පත්වූ එක් අයෙකු වෙනුවෙන් දුන් මුදල සසඳන කල එය රුපියල් 17.50ක් විය. ගංවතුරෙන් විපතට පත්වූවන්ට රුපියල් 10,000ක සහනාධාර මුදලක් ලබාදෙන බව කීවද තවමත් එය ලැබී නැත. ගංවතුර බැසගිය පසු නිවෙස් සෝදා පවිත්‍ර කිරීමටද විශාල නල ජලය ප්‍රමාණයක් වැයවන අතර ආණ්ඩුවේ අලුත් වැට් බද්ද සමඟ එම ජලය සඳහා බිල්පත ගෙවූවිට සහනාධාරයෙන් අඩක් ඉවරය.

පාලකයින් වසර 6කට නොව දවස් 6කට පත්කර ගත්තද බුද්ධිමත්ව සිතා බලා පත්කර ගත යුතුය. ‘යහපාලන’ ආණ්ඩුවේ මෙවැනි වැඩවලට වගකිව යුත්තේ ආණ්ඩුවේ ජනතා විරෝධී ‘කොකනට් සහ කිංකොකනට්’ වැඩවලට කොන්දේසි විරහිතව සහායදෙන පනික්කි කණ්ඩායම්ය. ඔවුන්ගේ ඇක්ටින් මාර්කටින් වැඩ නිසා ඕනෑම මඩක් ගාගෙන ඇග සෝදා ගැනීමට ‘යහපාලන’ ආණ්ඩුවට ඉඩකඩ ලැබී ඇත. එහෙත් එයට කරුමය ගෙවිමට සිදුව ඇත්තේ රටේ ජනතාවටය. මෙය අසූව දශකයේ පරණ එජාප යුගයටම පිවිසීමට තැබෙන පියවරක් බව පැහැදිලිය. හත්වරක් දීග ගිය ගැහැණිය අටවන වතාවටද තවත් මිනිසෙකු සමඟ මධුසමය ගතකිරීම එතරම් කැලඹීමකට හේතුවක්ද නොවනු ඇත.(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

2 Responses to “‘ප්‍රොටොකොල්’ දුස්රාව”

  1. Dham Says:

    All previous Muslim pets have joined the LTTE Palanaya and have become KINGS in various areas.

    Opposition is now pretending like a BABAs who are so generous and pure to serve us.

    What guarantee are they giving us if they are elected instead ? Can they promise us directly they will not accept රිෂාඩ් බදුර්දීන් , HackHim and all other racists of SLMC ? These crooks do not have a single Sinhala letter on their web site. How can they even claim they are not racists ?
    “http://www.slmc.org/”

    Problem is WE DO NOT HAVE A OPPOSITION now.

  2. Ancient Sinhalaya Says:

    Sri Lanka Multiplying Community aka mussies breed like xxxx then fill up all mussie schools to the rafters.
    Then the overflow starts to creep into Sinhalese schools quietly and slowly slowly fill them as well. While all these
    happening our deshapaluwan turn a blind eye for their votes. STOP GIVING FREE EDUCATION AFTER 2 CHILDREN
    TO STOP THIS MULTIPLYING. HOW ABOUT BANNING THE MUSSIES FROM SINHALESE SCHOOLS? IF WE CAN’T
    GO TO MUSSIE SCHOOLS, THEY SHOULDN’T BE ABLE TO COME TO OUR SCHOOLS. But we can’t expect anything
    to support helpless Sinhalese with these traitor deshapaluwan at the moment.

    We’ve just seen how these ungrateful xxxx treated our brave armed forces. When they were being chased away and murdered by hitler pira(mala)paharan our brave soldiers sacrificed their lives to save the mussies. Now the same xxxx kick those brave soldiers back. Sinhalese have
    become a joke, a door mat in Sri Lanka and worldwide thanks to traitor Sinhalese deshapaluwan and the
    traitor UNPatriotic party. Anything in support of them from these traitor YAMA PALLAN is very very very very unlikely.

    Traitor Sinhalese please google Buddhist heritage of the following countries.
    Iran
    afganisthan
    pakesthan
    bangladesh
    maldives
    malaysia
    indonesia
    to how the mussies multiplied and multiplied and took over those countries within a few hundred years
    after arriving in those countries.

    Sri Lanka, Thailand and Mynmar is in the firing line from Multiplying Community and the way it is going Sri Lanka
    going to join the list of former Buddhist countries very soon.

    While most Sinhalese couples working and struggle to bring up one child mussies doing businesses and wife or wives staying at home happily breeding. So automatic birth control for the Sinhalese and happy multiplying for the
    mussies.

    With the ever increasing voter base, mussies are slowly but surely taking over the country, like they
    did to those countries I previously mentioned. Traitor Sinhalese go and shop in their shops to make matters
    even worse for the Sinhalese. Sinhalese in Sri Lanka are doomed! The only Buddhist monks used to protest about the
    mussie taking over. But they quickly branded them over as racists and got their way. With the Sinhalese hating,
    Buddhism destroying, Sri Lanka hating catholic-run UNPatriotic party at the driving seat, mussies and tamils
    know anything is possible.

    Mussies meanwhile saying yapila maathiya yemada koranawa will slowly but surely destroying Sri Lanka
    and the Sinhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress