වසන්තයේ මල්
Posted on June 7th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

වසන්තය! වසන්තය! — හැර ගියේ ඇයි සබද
මුලාවුන ජන මනසඋදාකල මේ වෙනස
දකින්නට, බැහැ සබදවිදින්නට බැහැ සබද
යලි හනික වඩිනු මැනනිවන්නට මේ පවස

මෙත් නමින් පැමිණි යක්පරපුරම මැඩලන්න
සෙත් පිරිත් ගයමු අපිජනයිනේ මෙහි එන්න
වෙනස දැන් පන්නන්නවසන්තය කැදවන්න
සියලු අවි අර ගන්නමහ මගට ඔබ එන්න

සෙත් පිරිත් ගායනාමුලු රටම කළඹනා
ජන මනස පිබිදුනාහිරු කිරණ මතු උනා
තුරු ලතාවන් සැමාමල් වලින් සැරසුනා
ජනගෙ මුව මත සිනාවසන්තය ලග එනා

වසන්තය ලග එනාවසන්තය ලග එනා
වසන්තය ලග එනාවසන්තය ලග එනා
ගයමු බැතියෙන් පෙමානටමු සතුටින් සැමා
වසන්තය ලග එනාවසන්තය ලග එනා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress