සාලාව කඳවුර පිපිරීමේ රහස ගම්මන්පිල හෙලි කරයි..
Posted on June 7th, 2016

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

රාජා භවතු ධම්මිකො

කොස්ගම ශාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් නිවා දැමිය නොහැකි ගින්නක් ඇති වුණා.  එයින් විපතට පත් සියළු දෙනාට අපේ සංවේගය. අපි ආණ්ඩුවට කියනවා නොසැලකිල්ල කියන පදනම යටතේ හමුදා නිලධාරින්ට දඩුවම් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මොකද හමුදා නිලධාරින් ඉන්නේ ආතතියෙන්. අපිට දැන ගන්න ලැබුණා නිලධාරින්ගේ නොසැලකිල්ලෙන් මෙය සිදුවුණා ද කියලා සොයා බලන්න පරික්ෂණ කරන්න යනවාය කියලා. තමන්ට අපහාස කරපු අයට තමන්ගේ හමුදා කදවුරට අරාධනා කරලා සංග්‍රහ කරන්න කියලා නියෝග ලැබෙනවා, තමන් සමග සටන් කල සටන් සගයන් හිර ගෙවල් වල දුක්විදිනවා, අපේ රණවිරුවන් ජිවිත පුජාවෙන් අල්ලාගත්ත බිමි, අපාය මාර්ග ස්ථාන බලලා පිහිටවපු හමුදා කදවුරු ඉවත් කරමින් තියෙනවා. විශාල පරිශ්‍රමයකින් අල්ල ගත්ත කොටි නායකයින් නිදහස් කරනවා. ඒක නිසා ඔවුන්ගෙ නොසැලකිල්ලෙන් මෙය සිදුවුණා ද කියලා හොයන්න මේ ආණ්ඩුව අයිතියක් නෑ මොකද ඔවුන් දැඩි ආතතියකට පත් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව නිසා.

අපි මාස තුනක් නියඟයෙන් පීඩා වින්ඳා.  ඊ ළඟට කඳුකරයේ ජනතාව පස් යට වැලලෙන විට පහතරට ජනතාව ජලයේ ගිලුනා.  දැන් කවදාවත් නොවුණු පන්නයේ ගින්නක්.  හදිසි අනතුරු මිනී මැරුම් නොසිතූ ලෙස ඉහළ ගිහින්.  ආසියාවේ පාරාදීසිය කියූ මේ රට දැන් ආසියාවේ කඳුළු බිඳුව වෙලා.  අපේ මුතුන්මිත්තෝ විශ්වාස කලේ පාලකයින් අධාර්මික වන විට රට විපතට පත් වෙනවා කියලා.  ඒ නිසා අපි දෑත් එකතු කරලා ප්‍රාර්ථනා කරනවා රාජා භවතු ධම්මිකො!

ජොන් බාස් මේක දන්නවා නම් කියාවි නුසුදුසු අය රට පාලනය කරන නිසා තමයි මේ සියළු ප්‍රශ්න.  වහාම ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි කියලා.

ලොව ජය ගත්තා නම් ප්‍රතිලාභ කෝ?

මේ ආණ්ඩුවේ නායකයින් නිතරම පම්පෝරි ගහන කාරණයක් තමයි ඔවුන් ලොව ජය ගත්තා කියන එක.  ජනපති සහ අගමැති තරගයට විදේශ සවාරි යනවා.  අගමැති ලෝක ආර්ථික සමුළුවට යන විට ජනපති ජී7 යනවා.  ලෝක නායකයෝත් පෙල ගැසී ලංකාවට එනවා.  මේ නායකයෝ දිනා ගත්තා කියන ලෝකයෙන් රටට ප්‍රයෝජනයක් තිබෙනවා ද?

ජාත්‍යන්තර සබඳතා හරහා රටකට ලැබෙන ප්‍රතිලාභ ගණනාවක් තිබෙනවා.  අපනයන ඉහළ නැගීම, විදේශීය රැකියා අවස්ථා ඉහළ නැගීම, විදේශ ආයෝජන ඉහළ නැගීම සහ රටට තෑගි ලෙස ලැබෙන මුදල් නැතිනම් ප්‍රදාන වැඩිවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.  මෙම ආණ්ඩුව විසින් 2015 වසර සඳහා නිකුත් කළ මහ බැංකු වාර්තාව අරන් බලමු මෙය මම හදපු එකක් නෙවෙයි මේ ආණ්ඩුවේ විශ්වාසිම රජයේ සේවකයා වන අර්ජුන් මහෙන්ද්‍ර මහ බැංකු අදිපති විසින් සිය අත්සන යොදා මුදල් ඇමතිවරයාට බාර දුන් වාර්තාව. මේ වාර්තාව අනුව ලොව දිනූ ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව කොහොමද?

  • 2013 දී ඩොලර් මිලියන 10,394ක් ව තිබූ අපනයන ආදායම 2014 දී මිලියන 11,130 දක්වා ඉහළ ගොස් 2015 දී මිලියන 10,505 දක්වා පහත වැටුණා.
  • 2013 දී 293,218ක් ද 2014 දී 300,703ක් ද වූ විදේශීය රැකියා ගණන 2015 දී 263,307ක් දක්වා පහත වැටුණා. එය 2010න් පසු වාර්තා වුණු අඩුම විදේශීය රැකියා ගණනයි.
  • 2014 දී ක් වූ ඩොලර් මිලියන 894ක් වූ සෘජු විදේශ ආයෝජන 2015 දී 681ක් වුණා. රාජපක්ෂවරු කොමිස් ඉල්ලන බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට අකැමැති විදේශීය ආයෝජකයෝ එජාප ආණ්ඩුවක් එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බවට එජාප නායකයින් විසින් විපක්ෂයේ සිටි සමයේ කළ ප්‍රකාශ දැන් පුස්සක් වෙලා.
  • 2014 දී ලංකාවේ කොටස් වෙළඳපොලට රුපියල් බිලියන 22ක විදේශීය ආයෝජනයක් ගලා ආ නමුත් 2015 දී බිලියන 4.4ක ආයෝජනයක් කොටස් වෙළඳපොලෙන් ඉවත් කර ගත්තා.
  • 2014 බිලියන 10.6ක් වූ ප්‍රදාන ලැබීම බිලියන 5.3 දක්වා පහත වැටිලා

අපනයන ආදායම ඇදගෙන වැටිලා නම් ලැබුණු විදේශ රැකියා ගණන අඩු වෙලා නම් විදේශීය ප්‍රදාන නැතිනම් තෑගි ලෙස ලැබුණු මුදල් අඩු වෙලා නම් විදේශීය ආයෝජන ඇදගෙන වැටිලා නම් ඔය දිනා ගත්තා කියන ලෝකයෙන් ලැබුණු ප්‍රතිලාභය කුමක්ද?  අවසානයේ දී වෙලා තිබෙන්නේ අපේ නායකයෝ ඒ රටවල ගිහින් කාලා බීලා විනෝද වෙලා එනවා.  ඒ නායකයෝ අපේ රටට ඇවිත් කාලා බීලා විනෝද වෙලා යන එක විතරක් නේද? රැජිනජනපතිට අත්වැසුම් ගලවා අතට අත දීමේ දී ජනපතිතුමාට දැනුනු සනීපය රටට දැනිලා නෑ නේද?

ගෝඨාභය ශ්‍රිලනිපයේ නියෝජ්‍ය නායක ධුරය බාර ගත යුතුද?

ජෝන් සෙනවිරත්න ඇමතිතුමන් ගෝධාභය රාජපක්ෂ මැතිතුමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක කම භාරගන්න ආරාධනාවක් කර තියෙනවා.  ජොන් සෙනවිරත්න මැතිතුමන් හදවතින්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ආදරය කරමින් සද්භාවයෙන් මේ කතාව කිව්වා කියා මා සිතනවා.

නමුත් ගරු ජෝන් සෙනවිරත්න මැතිතුමනි මෙතැන තියෙන ප්‍රශ්නය වෙන දෙයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පක්ෂ භේදයකින් තොරව කණ්ඩායම් භේදයකින් තොරව ජාතික නායකයෙක් ලෙස ඔබතුමන්ලා පිළිගත් එක ගැන අපි සතුටුවෙනවා.

ගෝඨාභය මහතා ජාතික නායකයෙක් බවට පත්වූයේ කොහොමද? එතුමන් උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ නිසා.  ලංකාවේ නගර අලංකරනය කල නිසා. පාතාලය සම්පූර්ණයෙන්ම මර්ධනය කර නිදහසේ ව්‍යාපාර කරගෙන යන්න කටයුතු කළ නිසා.

නමුත් ගෝඨාභය මහත්තයාට නියෝජ්‍ය නායකත්වය බාරගන්න කියන පක්ෂයේ දැන් සිටින නායකයාගේ ප්‍රධානත්වයෙන් පවතින මේ ආණ්ඩුව යටතේ ගෝඨාභය මහතා රටට ගෙනා ජයග්‍රහණවලට සිදුව තියෙන්නේ කුමක්ද?

රණවිරුවන් අත්අඩංගුවට ගනිමින් , ත්‍රස්තවාදීන් නිදහස් කරමින්, දේශපාලඥයන්ට ප්‍රසිද්ධියේ අපහාස කරන්නට ඉඩ සලස්වමින්. උපාය මාර්ගිකව පිහිටුවා ඇති හමුදා කදවුරු එම ස්ථානවලින් ඉවත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට ලබාදුන් ජයග්‍රහණ මේ ආණ්ඩුව විසින් ආපසු හරවමින් තිබෙනවා. ඒ වගේම  කොළඹ අනවසර ඉදිකිරීම් නැවත අරබමින්, පදික වේදිකාවල නැවත අනවසර වෙළදාම් පටන් ගනිමින් , කුණු කදු නගරය පුරා ඇති කරමින් එදා එතුමන් අලංකාර කළ නගර අද මේ ආණ්ඩුවෙන් අවලස්සන කරමින් සිටිනවා.  දේශපාලන අනුග්‍රහය අද නැවතත් පාතාලයට ලැබෙමින් පවතින නිසා පාතාලය හිස ඔසවමින් සිටිනවා.

2 Responses to “සාලාව කඳවුර පිපිරීමේ රහස ගම්මන්පිල හෙලි කරයි..”

  1. Christie Says:

    පුපුරන අවි ගබඩාවල නෙමේ කුනුවලකයි තියන්නෙ ගොඩනැගිලි අස්සෙ නෙමෙයි.. මෙය ඉතා සන්වේදනාත්මක සිදුවීමක්.

    Poverty and violence is rising among the Sinhalese subjects while the Indian colonial parasites are making hay while the Indian Empire shines.

  2. plumblossom Says:

    This article is absolutely correct. The Colombo harbour and for that matter the Hambantota Harbour too should be within 20km of an army camp which possess MBRLs. I am almost certain that there is RAW or LTTE involvement when it comes to this fire at the army storage facility at Kosgama. I am almost certain that the US imperialists and countries who support them such as the US, the EU, Canada, Norway and Sweden alone with India wants to weaken Sri Lanka’s defences in order to scare Sri Lanka into submission. For that, weapons belonging to the Sri Lankan Forces must be destroyed. It is these same countries who insist that the Sri Lankan Forces leave the North and the East. We should not forget that the UNHRC resolution called for the restructuring of the Sri Lankan Armed Forces. The UK has appointed a retired UK Army General stationed in New Delhi for this purpose i.e. to get the Sri Lanka Forces to leave the North and the East. The strategy of Sri Lanka should be to state categorically once and for all that the North and the East is not only an integral part of Sri Lanka but also part of the historical homeland of the Sinhala Buddhists (as well as all the others peoples who live there) and that the Sri Lankan Forces will never leave the North and the East or anywhere else in Sri Lanka, ever. RAW involvement can be strongly suspected in this blast at the Kosgama Army Storage Camp. Sri Lanka should not only strengthen its Army surveillance units but also train new trainees in surveillance. The Sri Lankan Forces should have a separate strategy section with a dedicated team studying the potential threats from potential and actual enemies such as RAW, LTTE, India, US, UK, EU, Canada, Norway, Sweden etc. and device plans to avoid any potentially adverse plans of theirs to weaken Sri Lanka’s defences. Unfortunately internal spies and adversaries cannot be counted out. I feel that Ranil, CBK, Sirisena, Mangala and even Ravi (if he has some deals with regard to defence contracts), the Defence Secretary etc. are all suspect and any one of then could be aligned with RAW, India, the US, the UK, EU etc. They are already extremely subservient to RAW, India, the LTTE, the US, the EU, UK, Canada, Norway, Sweden etc. The INGOs and NGOs who depend on thousands of dollars is also suspect. So the Sri Lankan Forces should immediately ensure that all their camps, bases, equipment is extremely secure, set up a strategy section and study all actual and potential enemies, increase surveillance of actual and potential enemies and most importantnly never, ever, ever leave the North East or for that matter any part of Sri Lanka. Also provide maximum security to Colombo Harbour, Hambantota Harbour, all power plants, all airports, all oil and gas storage facilities, the entire Trincomalee, Colombo City, all important communication facilities etc.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress