අළු මතින් නැගිටින්න මිතුරණේ!
Posted on June 9th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

සාලාවේ හමුදා කදවුර, දවා අළු කර හමාරය. ගිනි දළු බුර බුරා අහසට නැගෙන විට, කදවුර අවට ගම්වාසීන්ව එකාවන්ව සංවිධානය කර විනාශයෙන් එහාට මෙහෙයවන බලවේගයක් නිර්මාණය විය. ඒ බලවේගය, කදවුරු රැකවලුන් හැර කිසිදු ගම්වාසියෙක් බිල්ලට ගත්තේ  නැත. මුළු ජීවිත කාලය පුරාම හරි හම්බකර ගොඩනගා ගත් සියළුම දේපල දැවී අළුවී ගොස් හෝ කැඩී බිදී ගොස් විනාශව ඇත. ඔබ සියල්ලන්ම ඉදිරියේම ඇත්තේ එකම එක ගැටලුවකි. ඒ යලි අප සිටි තත්වයට ගොඩ එන්නේ කෙසේද යන්නයි

මේ සිතුවිල්ල තුල අසරණව සිටින ඔබව බුර බුරා නැගෙන ආවේගයන් විසින් යොමුකරවන්නේ විනාශයේ දිසාවට මිස සංවර්ධනයේ හෝ යලි ගොඩනැංවීමේ දිසාවට නොවන බව පලමුව වටහා ගන්න. මේ වනවිට විනාශය සිදුව දින 4ක් ගතව ඇත. ඔබට ඉටු කිරීමට කටයුතු රාශියක් ඇති මේ මොහොතේ ඔබ සතු වටිනාම සම්පත කාලය බව වටහා ගන්න. කාලය විනාශ නොකරමින් සාමූහිකත්වය රැක ගනිමින්,  විනාශව ගිය පලාතක අළු මතින් නැගී සිටීමේ වගකීම ඔබ සතුව ඇත. එය කල යුතුවාක් මෙන්ම කල හැකි දෙයක් බවට සිතට ගන්න. සැබවින්ම එය කල හැකිය.

negatinna

සාමූහිකව එකවර නැගී වාසස්ථාන වලින් පලාගොස් දිවි ගලවා ගත් ඔබට යලි නැතිවූ සියල්ලක්ම ලබා ගතහැකි වන්නේද සාමූහිකත්වය තුලින්මය.
A.
1.ඔබේ වාසස්ථාන විනාශව ඇති නිසා ඔබට වාසස්ඨාන ප්රශ්නයක් පැන නැගී ඇත.
2. ඔබගේ ව්යාපාර විනාශව ඇති නිසා ඔබට ජීවත් වීමට ආදායම් ප්රශ්නයක් නිර්මාණව ඇත.

3.ඔබගේ ඇදුම් පැලදුම් ගිනිබත්ව ඇති නිසා ඔබට ඇදුම් පැලදුම් සම්බන්ධව ප්රශ්නයක් පැන නැගී ඇත.

  1. ඔබගේ ජල මූලාශ්ර විනාශව ඇති නිසා ඔබට විශාල ජල ප්රශ්නයක් නිර්මාණව ඇත.
  2. ඔබගේ යානවාහන විනාශව ඇති නිසා, ඔබට ගමනා ගමනය සම්බන්ධ ප්රශ්යක්ද මතුව ඇත.

6.දූ දරුවන්ගේ පොතපත විනාශව ඇති නිසා, දරුවන්ගේ අධයාපන කටයුතු සම්බන්ධව අර්බූදයක්ද නිර්මාණව ඇත.

ඉහත දක්වන ලද්දේ කෙටි කාලීනව වහාම විසදා ගතයුත මූලික කරුණු හයයි.

දෙවනුව දිගු කාලීනව,

B.

  1. විනාශවී ගිය වාසස්ථාන ගොඩනැංවීම.
  2. විනාශවී ගිය ව්යාපාර යලි ගොඩනැංවීම.
  3. ජල සම්පාදන කටයුතු ගොඩනැංවීම කිරීමට සිදුවිය යුතුව තිබේ.

මේ මහා විනාශයට මේ ජනතාවගෙන් කිසිවෙකු වගකිව යුතු නැතිබැවින් මේ සියළුම වගකීම් රජය විසින් දැරිය යුතුය.
C.
1.මෙය විශේෂ සිදුවීමක් බැවින්ද මෙම ප්රතිනිර්මාණ කටයුතු සදහා අදාලව මෙහෙයුම් ඒකකයක් හමුදා කදවුරට ආසන්නව ඉන් පරිබාහිරව පිහිටවිය යුතුය.
2.මේ විනාශයන්ට බරපතලව මුහුණ දෙන්නේ පවුල් 500ක් නම්. ඔවුන් ජීවත්වූ සමාජ පදනමට සරිලන ආකාරයේ නිවාස සදහා යන පූර්ණ වියදම නැතිවූ නිවාස ගොඩනංවනතෙක්ම රජය විසින් දැරිය යුතුය.

3.ඔවුන් සිය ජීවිතය ගෙන යෑම සදහා වියදම් කල මුදල තමන්ගේ ව්යාපාර ගොඩනංවන තෙක් රජය විසින් සම්පූර්ණයෙන්ම දැරිය යුතුය.

  1. ඔවුන්ගේ යාන වාහන හා වඅයාපාරයන් ගොඩනැංවීමේ කටයුතු වලට රජයේ පූර්ණ දායකත්වය හිමිවිය යුතුය.

5.ඔවුනට ඇදුම් පැලදුම් ලබා ගැනීම සදහා විශේෂ වන්දි මුදලක් ලබාදිය යුතුය.

6.ජල මූලාශ්ර සියල්ලක්ම රජය විසින් පිලිසකර කරදිය යුතුය.

  1. දුවන්ගේ අධ්යාපන කටයුතු ආරම්භ කිරීමට ඇවැසි සියල්ලක්ම වහාම ලබාදිය යුතුය.

දැන් පීඩාවට පත්වූ ජනතාවටද ඉටු කිරීමට විශාල වැඩ කොටසක් ඇත. ඉහත සදහන් කල සියල්ලක්ම අනිවාර්යෙන්ම රජයෙන් ජනතාවට ලබාදිය යුතු අතර, ඒවා නිකම්ම ජනතාවට ලබාදීමට තරම් අපගේ රජයන් ධාර්මික නොවේ. එබැවින් ජනතාව බුද්ධිමත්ව දැනුමෙන් සන්නද්ධ විය යුතුය. සදහා සූදානම්ද විය යුතුය. තමන්ට හිමිවිය යුතුදේ සම්බන්ධව තමන් තුල අවබෝධයක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. අනුව ජනතාව,

  1. සංවිධානගත විය යුතුය.

2 කෙටිකාලීන අවශ්යතා සදහා ලයිස්තුවද එහි වටිනාකමද සකස් කර ගත යුතුය.

 

උදාහරණයක් වශයෙන් එම ලැයිස්තුවේ අනුපිලිවෙල මෙසේය.

  1. වාසස්ථායක මාසික කුලිය.      රු 20,000.00
  2. මාසිකව පවුලේ නඩත්තුව රු 30,000.00

   නිවාස ගොඩනංවා දෙන තෙක් මාසිකව පවිලකට ඇවැසි මුදල රු 50,000.00යි

ක්ෂණිකවියදම් සදහා එනම් ඇදුම් මිලදී ගැනීම හා පාසල් උපකරණ සදහා රු 75,000.00

මේ අනුව විනාශවූයේ ගෙවල් 500ක් නම් රජයට ක්ෂණික වියදම් සදහා එනම්

ඇදුම් හා පාසල් උපකරණ සදහා රු 3,75,00000 (රුපියල් තුන්කෝටි හැත්තෑපන් ලක්ෂයක) මූලික වියදමක් දැරීමට සිදුවේ.

තවද  සියලුම ගොඩනැගිලි සාදා දෙනතුරු සියලුම පවුල් නඩත්තුව සදහා මාසිකව රජයට, 2,50,00000.00 (රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක) මාසික වියදමක් දැරීමට සිදුවේ.

විනාශව ගිය නිවාස රජය විසින් ගොඩනංවා දෙන බවට ප්රකාශ කර ඇති බැවින් සදහා වියදම් ඇස්තමේන්තු සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම අදාල නොවන බැවින් එම ඇස්තමේන්තු සකස් කරන විදිය අදාල නොවේ.

වැදගත්ම කටයුත්ත වන්නේ මේ සකස් කරන ලද ලේඛණයන් සංවිධාන ගතව, නිවැරදිව සකස් කිරීම, තමන් ලගත් සංවිධානය සතුවත් පිටපතක් තබාගෙන සියලුම දෑ සංවිධානය විසින් බලධාරීන්ට භාරදීමයි.

අළු මතින් නැගී සිටින්නට ඔබ වෙනුවෙන් අපට කල හැකි හැම දෙයක්ම අප කරන්නෙමු.

අළු මතින් නැගිටින්න මිතුරණේ! !             

 

One Response to “අළු මතින් නැගිටින්න මිතුරණේ!”

  1. NeelaMahaYoda Says:

    ජනතා විරෝධය මැද කොස්ගම සාලාව අවි ගබඩාව හැදුවේ චන්ද්‍රිකා..
    June 10, 2016 at 3:00 pm | lanka C news
    ජනතා විරෝධය මැද කොස්ගම සාලාව අවි ගබඩාව හැදුවේ චන්ද්‍රිකා..
    පසුගියදා පුපුරා ගියා කොස්ගම ශාලාව හමුදා කඳවුර එම ස්ථානයේ ඉදි කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.namal-fix

    ඇය විසින් එම තීරණය ගෙන ඇත්තේ ඉහල හමුදා නිලධාරීන්ගේ උපදෙස් පවා නොතකමින් බව පවසන මන්ත‍්‍රිවරයා එහි අවි ගබඩාව ඉදි කරන විට දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරුන්ද ඇතුළු ප‍්‍රදේශයේ ජනතාවද දැඩි ලෙස විරුද්ද වූ බව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress