අරාලි තුඩුව
Posted on June 12th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

අරාලි තුඩුවට මා ගියේ 2005 වසරේදී වෛද්‍ය බළකායේ කපිතන්වරයෙකු සමගය​.  අරාලි තුඩුව ප්‍රකට ස්ථානයකි. කයිට්‌ස්‌හි අරාලි තුඩුවේදී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු හමුදා නිලධාරීහු නව දෙනකු (මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියාර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් ආරියරත්න, ඒ. පළිපහන, එම්. ආර්. ස්‌ටීවන්, අසංග ලංකාතිලක, සී. බී. විඡේපුර, එන්. එස්‌. අල්විස්‌ )  1992 අගෝස්‌තු 8 වැනිදා  ඔවුන් ගමන් කළ ලෑන්ඩ් රෝවර් රිය බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් මරුමුවට පත් වූහ.මේ නිලධාරීන් අරාලිපොයින්ට්‌ වෙත ගියේ මීලඟට ඇරඹීමට නියමිතව තිබූ ජයකීර්ති” මෙහෙයුමට සහභාගි වන හමුදා සේනාංක අරාලිපොයින්ට්‌ සිට කලපුව ඔස්‌සේ යාපනය අර්ධද්වීපයට යවන අන්දම පිළිබඳව සැලසුම් කිරීමටය. 

arali

අරාලි තුඩුවේදී බිම් බෝම්බයකට අසුවූ ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් ගමන් ගත් ලෑන්ඩ් රෝවර් රියට සමාන ආදේශක  මම දුටුවෙමි. ලෑන්ඩ් රෝවර්  රථය බෝම්බය නිසා ඇඹරී ගොසිනි. එම නිසා එදා සිදුවූ ස්ඵෝටනය ගැන මා අනුමාන කර ගත්තෙමි. එය බිම් බෝම්බයක් ද නැතහොත් ලෑන්ඩ් රෝවර්  රථයට ඇටවූ බෝම්බයක්ද කියා තවමත් කිසිවෙකු නොදනී. සත්‍ය අප කෙරෙන් බොහෝ ඈතය​. බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ. ආර්. වයිට්‌ නිගමනය කල පරිදි  මෙය බිම් බෝම්බයක්‌ නොව බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයකි 

මට ලලී කොබ්බෑකඩුව මහත්මිය හමු වූ අවස්ථාව මතක් වේ. මට ඇය හමු වූයේ ඇයගේ නිවසේදීය​. ජෙනරාල් කොබ්බෑකඩුව ගේ මරණය ගැන කථා කල ඇය අවසානයේදී ” ඔවුන්ට ඩෙන්සිල් ගේ නැග එන ජනප්‍රියතාව දරා ගැනීමට නොහැකිව ඔහුව ඝාතනය කලා කීවාය​. ලලී කොබ්බෑකඩුව මහත්මිය ඔවුන් කියා හැඳින්වූයේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය නොවේ.ඔවුන් යනු කවරහුද ?  

මේ භූමියේදී මාගේ පාසල් මිතුරෙකු වූ ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලකද මිය ගියේය​. අසංග ලංකාතිලක මා සමග නවය සහ දහය යන ශ්‍රේනි වල   එකම පන්තියේ ඉගෙන ගත්තේය​. අප  අසංගට මාමා සහ මුචලින් ද කියා නම් පටබැඳ තිබුනි. ඔහු දක්‍ෂ ක්‍රීඩකයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු නාවික හමුදාවට බැඳුනේය​. ඔහුගේ මරණයට වසරකට දෙකකට පමණ උඩදී මා නිවාඩුවට ලංකාවට ආවිට අප දෙදෙනා හමුවී ගන්ස් ඔෆ් නැව්‍ රෝන් චිත්‍රපටය නැරඹූවෙමු. එය අපගේ අවසන් හමු වීමයි. ඉන් වසර බොහෝ ගනනකට පසු කොලඹ කනත්තේදී මම ඔහුගේ සොහොන දුටිමි.

වෛද් රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress