සරසාලේ මහා සටන
Posted on June 14th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

2005 වසරේ මම ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සාජන්වරයෙකු සමග මම හමුදා ඩබල් කැබ් රථයකින් යාපනයේ ගමන් කරමින් සිටියෙමි.

“සර් මෙන්න මෙතනදී තමයි  2000 දී අපේ කොල්ලෝ එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක රිවස් කලේ . එදා එල්.ටී.ටී.ඊ එකේ ඇටෑක් එක සාර්ථක උනා නම් යාපනේ වැටෙනවා හමුදාවේ 40,000 කගේ ජීවිත අණතුරේ  ”

sarasale

සරසාලේ එක් ප්‍රදේශයක් පෙන්වා සාජන්ට්වරයා මට කීවේය​.

සරසාලේ මහා සටන සිදුවූ ස්ථානය දෙස මම බැලුවෙමි. මෙම සටන ඊලාම් යුද්දයේ තීරණාත්මක වූ සටනකි.මට මොස්කව් නගරය ආසන්නයේ තිබෙන ජර්මන් හමුදාවේ යුද ටැංකි නවත්වන ලද ස්ථානය සිහිපත් විය​. එම ස්ථානය පසු කොට ජර්මන් හමුදාවට මොස්කව් නගරයට ඒමට රතු හමුදා භටයෝ ඉඩ දුන්නේ නැත​.

සරසාලේ  යුද්දයේදී හමුදාවේ සොල්දාදුවන් ජීවිත පුදා සටන් කලහ​. හමුදා සොල්දාදුවන් වැටුපට සේවය කරන්නන් කියන පුද්ගලයන් මට හමුවී තිබේ. එහෙත් ඔවුන් සරසාලේ සටන දුටුවේ නම් මේ අදහස වෙනස් කර ගනු නියතය​.

සරසාලේ සටන පරාජය වූවානම් හමුදාවන්ට සිදුවනුයේ යාපන අර්ධද්වීපයේ හමුදා ඉවත් කිරීම යටතේ පැමිණෙන ඉන්දියානු නැව් වලට නගින්නය.  නැතහොත්  කොටි අතින් මැරුම් කෑමටය.

අලිමංකඩ කඳවුර වැටීමෙන් පසු  ප්‍රභාකරන් යාපනයට මහා ප්‍රහාරයක් එල්ල කලේය​. ඒ වන විට ජනධිපතිනී චන්ද්‍රිකා යාපනයෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ඉන්දියාවට කතා කර තිබුනි. මෙම අවස්ථාවේදී කොපමණ වැරදි සහ චෝදනා තිබුනද ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ එයට විරුද්ධව වී හෙලිකොප්ටරයකින් යාපනයට ගොස් හමුදාවට කතා කොට ඉදිරියේ එන කොටින් ගේ ප්‍රහාරයට මුහුණ දීමට ඔවුන්ව සූදානම් කලේය​.  ඊට ජෙනරාල් ජානක පෙරේරා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාවට නායකත්වය දුන්හ​. එසේම ජෙනරාල් සීවලී වනිගසේකරගේ සේනාංකයන්ද ප්‍රභාකරන් ගේ නොනවතින රැල්ල යාපනය දෙසට ඇදී ඒම ප්‍රමාද කලේය​.

මේ කාලයේදී පලාලි රෝහලේ තත්වය දරුණු විය . දිනපතා තුවාලකරුවන් රෝහලට ගෙන එනු ලැබීය​. පලාලි රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය කර්නල් රන්ජන සෙනෙවිරත්න මහතා  තමා පලාලි රෝහලේ ශල්‍යකර්මයක් කරමින් සිටියදී කොටින් ගේ අර්ටිලරි වැටුණු ශබ්ද ඇසුනු බවත් ඒ මහා අර්ටිලරි හඞ නිසා එක් හෙදියක් ශල්‍යකර්මය අවස්ථාවේදී සිහි නැතිව ඇද වැටුනු අයුරුත් පසුව මා සමග කීවේය​.

මලිත් ජයතිලක ලියූ ‘අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව‘ නමැති කෘතියේ මෙම අවස්ථා ගැන වඩාත් හොඳින් විස්තර කරයි. මේ අවස්ථාවේදී හිටපු හමුදාපති ජෙරී ද සිල්වා මහතා පකිස්ථානයෙන් මල්ටි බැරල් යන්ත්‍රයක් ගෙන්වීමට උපකාරී විය​. එය යාපනයේ ටයර් හංදියේ තබා ක්‍රියාත්මක කරනු ලැබීය​. එමගින් හමුදාවේ මොරාල් එක ඉහල ගියේය​. අවසානයේදී සෙබළුන් ගේ ධෛර්‍යය සහ චෙක්‌ රාජ්‍යයේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මගින් ප්‍රභාකරන් ගේ නොනවතින රැල්ල පරාජය කරනු ලැබීය​.

සරසාලේ මහා සටන ගන්නෝරුව සටන මුල්ලේරියාව සටන මෙන් ඉතිහාසයට එක් විය යුතු මහා සටනකි.

2 Responses to “සරසාලේ මහා සටන”

  1. Hiranthe Says:

    Thank you Dr. Ruwan for the valuable article.

    As long as Yahap in the driving seat, nothing of this sort will not add to the history!

    For them the turning point of the history is Sirisena’s “HOPPERS” night betrayal. He will be termed as a hero.

    It is sad but the truth is bitter

  2. Kumari Says:

    Thanks. I have heard that Chandrika was in London talking to the LTTE and phoned Anuruddha Ratwatte to stop the forward march. But, Ratwatte refused to take orders and continued the battle.

    As Hiranthe suggests, LTTE’s top hero is not even Prabhakaran but our Pambaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress