“ෆෙඩරල් සංහිඳියාව” : සම්මන්ත්‍රණය ජුනි 23දා කොළඹදී
Posted on June 17th, 2016

යුතුකම සංවාද කවය

නිදහසින් පසුව පත් වූ සියළුම ආණ්ඩු විසින් දෙමළ ජනතාව සැලසුම් සහගතව ජාතිඝාතනය කළ බවට සහ මෙරට ෆෙඩරල් රාජ්‍යයක් විය යුතු බවට යෝජනා සම්මත කර ගනිමින් දෙමළ ජනතාව තුළ සිංහලයන් කෙරෙහි වෛරය වැඩෙන ආකාරයට උතුරු පළාත් සභාව ජාතිවාදී බෙදුම්වාදය පෝෂණය කිරීමේ න්‍යාය පත්‍රයකට කටයුතු කරමින් සිටින්නේය.

මේ ජාතිවාදී ප්‍රවණාතාවයන්ට පිළිතුරු දෙනු වෙනුවට රටේ නායකයින් සිදු කරමින් සිටින්නේ ඒ ජාතිවාදය පෝෂණය කරන, දකුණට පමනක සංහිඳියා බණ දේශනා කරන අයුක්ති සහගත ස්ථාවරයකය.
අනෙක් පසින් නව ව්‍යවස්ථාක් හරහා අප රට කඩා බිඳ දමන ෆෙඩරල් රාජ්‍යායක් සඳහා අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ කිරීමට සූදානමින් සිටී.

Invite

දැයේ දූ දරුවන්ට , අනාගතයේ එකිනෙකා මරාගන්න කාලකණ්නි දේශයක් බිහිවීම වැලැක්විය හැක්කේ මේ ෆෙඩරල් මර උගුලෙන් අප ගැලවුනහොත් පමණි.
ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ මාලාවක පළමුවැන්න “ෆෙඩරල් සංහිඳියාව” නමින් මේ මස 23 වන දින (ජුනි 23 වන බ්‍රහස්පතින්දා ) සවස 3.30 ට මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරනු ලබන මෙහි මුලසුන අතිපූජ්‍ය ඇල්ලේ ගුනවංශ නාහිමියන් විසින් හොබවන අතර ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා , නීතීඥ කළ්‍යානන්ද තිරාණගම සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් විසින් වෙසෙසි දෙසුම් පවත්වනු ඇති.

ඒ සබුද්ධික කතිකාවතට සහභාගීවන ලෙස සංවිධායක කමිටුව විසින් සියළු දෙනාටම ආරාධනා කර සිටී.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
https://www.facebook.com/yuthukama

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress