ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමේ සැලසුමක්
Posted on June 21st, 2016

මාධ්‍ය නිවේදනය – දූෂණ විරෝධී පෙරමුණ

හදිසියේ ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගමේ විධායක සභාපතිවරයා සමඟ  අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනෙකු  ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබී ඇත.

මිලියන 1700 ක ලාභයක් ලැබූ ටෙන්ඩර් ප්‍රදානයකින් පසුව හදිසියේම මෙවැනි තත්වයක් ඇතිවීම බලවත් සැකයට තුඩු දෙන කරුණක් වන බැවින් මේ පිළිබඳව  වැඩි අවධානයක් යොමු කිරීමට දූෂණ විරෝධි පරමුණ තීරණය කර ඇත. 2016 වසර සඳහා  ලිට්රෝ සමාගමට ගෑස් සැපයුම් කරුවන් තෝරාගැනීස සඳහා වන ටෙන්ඩරය 2016 මැයි 27 වනදා විවෘත කිරීමත්, ජුනි මස 1 වන දින සිට අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමත් පසුපස යම් කුමන්ත්‍රණකාරී බලවේගයක් ක්‍රියාත්මක බව පෙනී යයි.

තාක්ෂණ හා වාණිජ ඇගයීම් කමිටුව සහ අමාත්‍යංශ නිලධාරීන් ඉදිරියේ  විධිමත් ලෙස සිදුකල මෙම ටෙන්ඩර් ප්‍රදානය නොරිස්සූ යම් යම් බලවතුන්ට උවමනා වී ඇත්තේ තමන්ට අවනත කරගත හැකි අධ්‍යක්ෂ මණ්ඩලයක්  ලිට්රෝ සමාගමට පත්කිරීම බව පෙනේ.

එමෙන්ම 27% ක කොටස් ලිට්රෝ  ගෑස් සමාගමට හිමි සිනෝ ලංකා ආයතනයට අයත් ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉදිකිරීම් හිතවතුන්ට ලබාදෙමින් එම හෝටලය කුණු කොල්ලයට විකිණීමේ සූදානමකුත් පවතී.

එබැවින් මේ පිළිබඳව කරුණු වහාම සොයා බලා ඉදිරියේදී සිදුවීමට නියමිත අක්‍රමිකතා වළක්වාලමින් යහපාලනය ස්ථාපිත කිරීමට ජනතාවට දුන් පොරොන්දු ඉටකිරීමට පියවර ගන්නා මෙන් දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටියි.

 

One Response to “ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමේ සැලසුමක්”

  1. Christie Says:

    Ask the Indian colonial parasites and the Indian Empire for help.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress