ඩීමන් ආනන්ද ගේ පොත්
Posted on July 1st, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

පාසල් යන කාලයේදී ඩීමන් ආනන්ද  ගේ පොත් කියවීමට අප උනන්දුවක් දැක්වූයෙමු. ජේම්ස් බණ්ඩා 009 නඩු නැත උසාවි නැත ; නීතිය ඇසට ඇසක් , උණ්ඩයට උණ්ඩයක් යන වැකි සහ ඔහුගේ මුවග රැඳුනේ චේරූට් වර්ගයේ සුරුට්ටුවකි යන විස්තර වර්ණනා අප සිත් ගත්තේය​.

කෙසේ නමුත් මම මේ පොත් බැලුවේ හොරෙනි. මරදානේ දුමින්ද එරන්ද කලෙයිමගල් සමාගමෙන් රුපියලට එකයි පණහට ගන්නා මෙම පොත් අතිනත යයි. එසේම අනෙකුත් ළමුන් සමගද මාරු කොට අප ඩීමන් ගේ පොත් බැළුවෙමු. සමහර විට පාසල අසල ප්‍රභාත් කඩේද ඩීමන් ආනන්ද  ගේ පොත් මෙන්ම ධර්ම ශ්‍රී කල්දේරාගේ  ලන්දේසි හටන , සුසිල් ප්‍රේමරත්න ගේ මරු පිම්ම , වැනි පොත් තිබේ. දහවල් ආහාරය සඳහා දෙන මුදල් ඉතිරිකොට අප මේ පොත් ගන්නෙමු.

deeman

වරක් සෞඛ්‍යය පාඩමේදී මම පාඩමට සවන් දෙන බව පෙන්වමින් කළවා උඩ ඩීමන් ආනන්ද ගේ ඔපරේෂන් ටයිගර් යන ජේම්ස් බණ්ඩා පොත රඳවාගෙන හිස පහත් කරගෙන කියවූයෙමි. අපට සෞඛ්‍යය ඉගැන්වූ ශ්‍යාමා ටීච හෙවත් ශ්‍යාමා ධර්මරත්න මහත්මිය මගේ අමුතු හැසිරීම දැක බඩුත් එක්ක හොරු අල්ලා ගත්තාය​. ඉන්පසුව ජේම්ස් බණ්ඩා පොත රාජසන්තක කරන ලදි.

මම දින ගනනාවක් ශ්‍යාමා ටීච ගේ පුතා වූ සිදත් ධර්මරත්න වෙත ගොස් ඔපරේෂන් ටයිගර් යන ජේම්ස් බණ්ඩා පොත යළි ලබා ගැනීමට අසාර්ථක උත්සහයකද නිරත වූයෙමි. ඉන් පසුව මම ඩීමන් ගේ පොත් කියවූයේ ආරක්‍ෂක විධි විධාන යොදා ගනිමිනි.

අපගේ නිවස ආසන්නයේ ජීවත් වූ චන්දන ජයවර්ධන ඉහල පංතියක සිටි ආනන්දේ  සිසුවෙකි. ඔහු ලඟ ඩීමන් ගේ පොත් ගනනාවක් තිබූ අතර වරක් ඔහු ඒවා මට දුන්නේය​. මම මේ නිධානය රැගෙන ගෙදර ආවෙමි ඉක්බිතිව ඒවා දෙමාපියන් ගෙන සඟවා තියාගෙන එකින් එක වැසිකිලියේදී කියවූයෙමි. (චන්දන ජයවර්ධන ගම්පෙරලිය චිත්‍රපටයේ තිස්සගේ ළමා කාලය නිරූපනය කල නළුවා විය.​ ඉන්පසුව ගල්කිස්ස හෝටලයේ විධායකයෙකු වූ ඔහු වර්තමානයේදී කැනඩාවේ ජෝජ් බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ හෝටල් කළමනාකරණය පිළිබඳව මහාචාර්‍යවරයෙකි )

චන්දන ජයවර්ධන මට දුන් පොත් අතර   ඩීමන් ගේ වවුලා නම් කතා පොතක් ද විය​. ඩ්‍රැකියුලා ආශ්‍රයෙන් ලියා තිබූ මෙම පොතේ ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන් ජොනතන් හාකර් මෙන් වවුලා යන ලේ උරා බොන අමනුශ්‍යයා හඹාගෙන යයි. මෙම පොත කියවීමේදීමට භීතියක් ආවේය​. වඩාත්ම බිය දැනුනේ මිය ගිය අනුරුද්ධිකා මිනී වලෙන් නැගිට එන විස්තරයටය​.

ඩීමන් ගේ ගොපළු කතාද මට ප්‍රිය විය​. ඩීමන් ලියූ  හොඳ නරක සහ කැත මිනිසුන් පොත ක්ලින්ට් ඊස්ට්වුඩ් රඟපෑ ගුඩ් බෑඩ් ඇන්ඩ් ද අග්ලි යන චිත්‍රපටය අනුසාරයෙන් බව මම දැනගත්තේ  පොත කියවීමෙන් පසු කාලයකට පසුවය​.
ඩීමන් ගේ පොත් කියවීමෙන් පසුව අප පුස්ථකාලයේ තිබූ ජී.බී සේනානායකගේ, කුලසේන ෆොන්සේකාගේ පොත්  කියවූයෙමු. ඒවාට තහංචි නොවීය​.

2002 වසරේදී මම අධ්‍යාපන ප්‍රතිකාර නමින් පරියේශන පොතක් ලියූවෙමි. මෙම පොතෙන් ළමුන් ගේ අධ්‍යාපන ගැටළු වලට බලපාන වෛද්‍ය   විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක කරුණු මම සාකච්ඡා කලෙමි. මේ සඳහා   අධ්‍යාපන ගැටළු පෙන්වූ ළමුන් 600  අධික ප්‍රමාණයක් මම පරික්‍ෂා කලෙමි. මට පෙනී ගිය  පරිදි කියවීමේ   දුබලතා කියවීමේ ඌණතා බොහෝ අධ්‍යාපන ගැටළු ඇති කරන ලදි.

මගේ අදහස අනුව අපගේ පරම්පරාවේ කියවීමේ දුබලතා කියවීමේ ඌණතා මග හරවාගැනීමට ඩීමන් ආනන්දගේ පොත් ඉවහල් විය​. 2002 – 2003 අතර කාලයේදී මම ඩීමන් ආනන්ද මහතාට දුරකථනයෙන් කතා  කොට මේ බව කීවෙමි. බොහෝ විචාරකයන් අතින් විවේචනයට ලක් වූ   තමන් සාහිත්‍ය සේවයක් කර තිබෙන බව දැනගන්නට ලැබීම සතුටක් බව එතුමා මට කීවේය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 Responses to “ඩීමන් ආනන්ද ගේ පොත්”

  1. rohanana Says:

    Thanks for this which reminds me about me. This great writer who inspired most of us those days to read books. When I was reading your experiences I was wondering whether you are writing about me as they are very very similar.

  2. aravinda Says:

    James Banda is 019, not 009. I have all these books from 1960s. They cost 25 to 35 cents each.

    Dracula was translated by Chandra Anagiratna. I purchased from a bookshop in Maradana.

    In 1960s, and early 70s, large number of underground books were published in Maradana, Panchikawatta and Punchi Borella. They were available, under the counter, from small grocery shops around that area. I remember two shop locations in Mariakade and Paranawadiya. I even came across Makuna, a Sinhala translation of celebrated French adult novel. Those were the days.

  3. . Says:

    Ruwan Says;
    Aravinda do you have Vavula book ? can you email me please my email is : ruwanmjayatunge@gmail.com

  4. NAK Says:

    I too was a Deman fan in my teens and we even had a fan club and library of the books that Dr. Jayatunga referred to.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress