සීමාවාසික වෛද්‍යවරයා
Posted on July 11th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

සීමාවාසික වෛද්‍යවරු අනිවාර්‍යෙන් වසරක කාලයක් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ වැඩ කල යුතුය​. මේ කාලය තුලදී නිවාඩු නැත​. සතියේ දින හත පුරාම රෝහල් සේවයේ යෙදිය යුතුය​. උදේ දවල් රාත්‍රී කාලයේ වාට්ටු වලට ගොස් රෝගීන් බැලිය යුතුය​. අසාධ්‍ය රෝගීන් පිලිබඳව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා දැණුවත් කල යුතුය​. රෝගීන් ගේ සියළු රසායනාගාරය පරියේෂණ වල ප්‍රතිඑල වාර්තා කල යුතුය​. මෙසේ වසරක් පුරා වැඩ කිරීමෙන් අණතුරුව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා සීමාවාසික වෛද්‍යවරයා තනිවම වෛද්‍යවරයෙකු ලෙස රෝහලක වැඩ කිරීමට නිපුනත්වයක් ඇති බවට සහතික කරති. ඉන් පසුව  සීමාවාසික වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකු හෙවත් ස්වාධීන වෛද්‍යවරයෙකු බවට පත් වේ.

යම් ලෙසක සීමාවාසික වෛද්‍යවරයා ගේ වැඩ සහ දැණුම සතුටුදායක නොමැති නම් ඔහුට හෝ ඇයට යළිත් සීමාවාසික පුහුණුව යළිත් කිරීමට සිදුවේ. සමහරක් විට ඔවුන් සීමාවාසික පුහුණුව අසමත් වීම නිසා වෛද්‍ය වෘත්තියෙන් හැලී යති. මේ නිසා සීමාවාසික පුහුණුව ඉතා තීරණාත්මක මෙන්ම ඉතා ආතති සහිත කාලයකි.

dosthara

මා සීමාවාසික පුහුණුව ලැබුවේ 1994 අප්‍රේල් සිට 1995 මැයි දක්වා කාලය අතර මාතලේ මූලික රෝහලේදීය​. සීමාවාසික පුහුණුව සඳහා  මාස හයක් ශල්‍ය වෛද්‍ය විශේෂඥ  එස් පී ං වෙල්ගම මහතා යටතේත් තවත් මාස හයක් විශේෂඥ  නාරි හා ප්‍රසව වෛද්‍ය ආනන්ද රණතුංග මහතා යටතේත් සේවය කිරීමට සිදු විය​. මේ කාලය ඇඟ බැඳි කාලයක් ලෙස නම් කලාට වරදක් නොමැත​. උදේ දහවල් සහ රාත්‍රී කාලයද අප ගත කලේ රෝහලේ වාට්ටු වලය​. සීමාවාසික පුහුණුව සඳහා නවක වෛද්‍යවරු දොලහක් පමණ සිටියෝය​. මොවුන් පේරාදෙනිය , යාපනය , කොළඹ වෛද්‍ය පීඨ වලින් ද රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයෙන් ද කියුබානු රුසියන් සහ බල්ගේරියාවෙන් වෛද්‍ය උපාධි ලද පිරිස් වූහ​.

මුල් කාලයේ වෛද්‍ය පීඨ උණ මෙන් අපි අරුන්ට වඩා උසස් යන මානසිකත්වයන් සමහරක් ක්‍රියා කලද කාලය ගත වෙත්ම සියළුම දෙනා සමගියෙන් සහෝදරත්වයෙන් ක්‍රියා කලහ​.

මාතලේ රෝහලේ සීමාවාසික වෛද්‍යවරුන් ගේ නිල නිවාසය අබලන්ව ගරා වැටී තිබුණි. වහින විට වහලද තෙමුනි. මේ නිසා අප සියළු දෙනා සමගිව රෝහලේ ඩී. එම් .ඕ හමුවී වහල අළුත්වැඩිය කල යුතු බව තරයේ කියා සිටියෙමු. අපගේ සමගි බලය නිසා මේ ඉල්ලීම ඉටු වන ලදි.

ඒ කාලයේ මාතලේ රෝහලේ වෛද්‍යවරු සිටියේ අඩු ප්‍රමාණයකි. මේ නිසා සීමාවාසික වෛද්‍යවරු දෙදෙනෙකුත් , ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාත් , විශේෂඥ වෛද්‍යවරයාත්  එක් ඒකකයක  (නාරි හා ප්‍රසව , ශල්‍ය වෛද්‍ය , ළමා රෝග , කායික වෛද්‍ය යන ඒකක තිබුණි)  සේවය කලේය​. රෝගීන් ගේ ගනන නම් ඉතා විශාලය​. දිනෙකට රෝගීන් 60 -70 හෝ ඊටත් වඩා අධික ප්‍රමාණයක් අප බැළුවෙමු. එසේම නිතර රසායණාගාරයට , එක්ස් රේ අංශ වලට දුවමින් වැඩ කිරීමට අකමැති නිලධාරීන් සමග සන්ඩු වෙමින් අප රෝගීන් ගේ අන්වේෂණ පරීක්‍ෂණ ප්‍රතිඑල වාට්ටුවට ගෙන ආවේ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් බලන වෙලාවට ඒවා තිබිය යුතු නිසාය​. පුද්ගලික සේවය හෝ අතිකාල අපේක්‍ෂාවෙන් රසායණාගාර නිලධාරීන් රෝගීන් ගේ පරීක්‍ෂණ සිතා මතා ප්‍රමාද කල විටද අප විශේෂඥ වෛද්‍යවරයා ගෙන් බැණුම් ඇසුවෙමු.

වාට්ටුවල සමහර හෙදියන් අප කෙරෙහි අනුකම්පා සහගතව ක්‍රියා කරමින්  වෙහෙසී සිටින අපට කෑම තේ ගෙනාවෝය​. එසේම අපගේ අතින් සිදුවන අතපසුවීම් විශේෂඥ වෛද්‍යවරයා ගෙන් වසන් කොට අපව ආරක්‍ෂා කලහ​. නමුත් සමහරක් අප සමග එලිපිටම යුද කලහ​. අප ගැන ගතු කීහ​. ඒවාද  මිනිස් ගති ගුණ බව අද දිනයේ මට සිතේ.

මේ කාලයේ හෙදියන් ගේ අකුරට වැඩ මෙන්ම වර්ජනද ආවෙන් අපට රෝගීන් ගේ ලේ ගැනීම මෙන්ම සේලයින් දීමද සිදු කිරීමට නියමිත විය​. මේ නිසා අපට කෑමට පවා කාලයක් නොවීය​.  බත් කටක් කත්ම කෝල් බෝයි කෝල් පොත අරගෙන එයි නැතහොත් ඉන්ටකොම් දුරකථනය නාද වෙයි. මේ නිසා අප කෑම පිඟාන කටට දෙකට කෑමට පුරුදු වූයෙමු.

සමහර හෙදියන් අපට බැස්තිය දීම සඳහා අනවතරේ රෑ දෙගොඩහරියේද රෝගියාට අසාධ්‍ය යැයි කියමින් බොරුවට අපට පණිවිඩ එවූහ​. සැමියා සමග පවුල් ප්‍රශ්න තිබූ එක් හෙදියක් ගර්භිනී මව්වරු ප්‍රසූත කල විට ගර්භාෂය සංකෝචනය වීමට දෙන එර්ගොමැට්‍රීන් ඖෂධය ශිරා ගත නොකර වැදෑමහ ගර්භාෂය තුල හිර වීමට ඉඩදී පසුව වැදෑමහ හිරවෙලා කියමින් අපව ගෙන්වා ගැනීමට පුරුදුව සිටියාය​. නමුත් මින් එක හොඳක් විය​. හෙද වර්ජන නිසා මම එන්නත් දෑස් වසාගෙන වූවද නියමිත ලෙස ශිරාවට ගැසීමේ ප්‍රවීණත්වය ලැබුවෙමි එසේම වැදෑමහ ගර්භාෂය තුල හිර වූ අවස්ථා වලදී සූක්‍ෂ්මාවධායී ලෙස ගර්භාෂය කණපිට නොහරවමින් වැදෑමහ එලියට ගැනීමේ දක්‍ෂතාව ලැබුවෙමි. මේ නිපුනත්වය පසු කාලයක ග්‍රාමීය රෝහලක සේවය කිරීමේදී මට මහත් සේ උපකාර විය​. එම නිසා එකී වධක හෙදියන්ට මා පසු කාලයක කෘතඥ වූයෙමි.

ගුණ යහපත් හෙදියෝ ඩොක්ට ගිහින් කාලා එන්න කියා යූනියන් උණ ඇඟට ගෙන තිබූ හෙදියන්ට හොරෙන් අපට කිරීමට නියමිතව තිබූ සේලයින් දීම වැනි කාර්‍ය කරති. අසනීප වූ විට කොත්තමල්ලි ගෙදරින් සදාගෙන ආ හෙදියෝද සිටි බම මට අමතක නැත​.

වාට්ටුවේ වැඩ මෙන්ම ශල්‍යාගාරයේ රෝගීන් ගේ ශල්‍යකර්ම සඳහා සහාය වීමට නියමිතව තිබුනි. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා ශල්‍යකර්ම කිරීමේදී අප ඔහුගේ සහායකයා වූයෙමු. සමහර විට විශේෂඥ වෛද්‍යවරයාට අමතරව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා ද අපගේ ඇඟට ආවෙන් ඔහුවද ශේප් කරගෙන නියමිත ලෙස අඩුපාඩුවකින් තොරව වැඩ කිරීමට අප පුරුදු වූයෙමු.

අසාධ්‍ය රෝගියෙකු ආවිට ඔහුව බලා මූලික ප්‍රතිකාර දී ඇඳ ඉහ පත සම්පූර්ණ කොට ඉන්වෙස්ටිගේෂන් වලට රුධිරය කුප්පි වලට ගෙන රුධිර සාම්පල් පරීක්‍ෂණයට ලේ බැංකුවට එක හුස්මට දිව ගොස් නියමිත ලේ වර්ගය ගෙන ඒ එන ගමන් රෝගියා ගැන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට පවසා ශල්‍යාගාරය අමතා එයද රෝගියා වෙනුවෙන් වෙන් කොට රසායානාගාරයට හෝ එක්ස් රේ අංශයට ගොස්  පරීක්‍ෂණ වාර්තා ගෙන රෝගියාද රැගෙන ශල්‍යාගාරයට දුවන්නෙමු. ඉන් පසු ශල්‍යකර්මය කිරීමට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට සහාය වන්නෙමු. ශල්‍යකර්මය අවසන් වීගෙන එන විට තවත් අසාධ්‍ය රෝගියෙකු ආ බව කියමින් වාට්ටුවෙන් පණිවිඩයක් එයි. යළිත් මෙම චක්‍රය නැවතත් සිදු වේ.

මෙලෙස වසරක් පමණ සීමාවාසික පුහුණුවේ යෙදෙන විට අප බොහෝ දෙනෙකුගේ බර අඩුව ගියේය​. එසේම යන්ත්‍රයක් ලෙස වැඩ කිරීමේ හැකියාවද අප ලැබුවෙමු.

සීමාවාසික පුහුණුව නිම කිරීමෙන් පසුව විශේෂඥ වෛද්‍යවරු අප එය සාර්ථකව නිම කල බව කියා සහතික කලහ​. ඉන් පසු අප ස්වාධීන වෛද්‍යවරු ලෙස පරිණත වූයෙමු.

වෛද් රුවන් එම් ජයතුංග 

One Response to “සීමාවාසික වෛද්‍යවරයා”

  1. plumblossom Says:

    In this eelam war of 26 years, over 65,000 Sinhala people and over 75,000 Muslim people were ethnically cleansed from the Northern province. I am sure they also suffered from PTSD due to this and having to live in temporary accommodation for over twenty six years. Also what about the over 360,000 Sinhala people in the East, over 560,000 Muslim people in the East and the over 1.2 million mainly Sinhala people in the North Central Province who had to live in fear being attacked by the LTTE terrorists due to they living in what were called threatened villagers. Over 6,000 mainly Sinhala civilians were massacred by the LTTE terrorists by these attacks as well as bombings. What about all the people in the entire country who had to live in fear of the LTTE terrorists suicide bombings, large scale bomb attacks in Colombo, attacks in installations like the Katunayake airport, the Colombo world trade centre, oil storage facilities to name a few? The LTTE also attacked civilians using claymore mines and IED devices set up along road roadsides which also affected civilians, especially ISnhala civilians in the East and the North Central Province. So all these civilians would have also suffered from PTSD. What about the over 35,000 of the Sri Lankan Forces, Police Force members, Civil Defence Force members who were killed by the LTTE terrorists? What about the over ten thousand Sri Lanka Forces members who are disabled? All of them too must be suffering from PTSD. So this doctor should write about all these victims too not just LTTErs and some Tamil people in the North only. Actually the entire country must be suffering from PTSD to one degree or another due to the LTTE terrorist activities and war. The doctor should also write about these victims too.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress