රාජපක්ෂලාගෙන් පලිගන්න සිරගත කළ නාමල් රාජපක්ෂගෙන් ලිපියක්
Posted on July 15th, 2016

 www.mahinda.info

මූලාශ්‍රය: රජයේ ලියාපදිංචි පුවත්පතක් වන රිවිර පුවත්පත 2016/07/12

මම ඉපදෙන්නෙ 1986 අප්‍රියෙල් මාසෙ 10 වෙනිද. අපේ සීය ඉස්සර හම්බන්තොටින් පාර්ලිමේන්තු ගිහිල්ලා තියෙනව කියල මං ඇහුවෙ පුංචි කාලෙමයි. ලංකාවේ වලව් වර්ග දෙකක් තියෙනවලු. මිනිස්සුන්ගෙන් බලහත්කාරයෙන් දේපල කොල්ලකාගෙන හැදිච්ච වලව් සහ තමන් සතු ඉඩකඩම් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පරිත්‍යාගය කරපු වලව්. අපේ සීයලගෙ මැඳමුලන මහ වලව්ව අයිතිවෙන්නෙ ඔය දෙවෙනි කුලකයටලු. මාත් ඕව දන්නෙ පුංචිකාලෙ සීයලගෙ ගෙදර ගියාම මැඳමුලන ගමේ නැන්දල මාමල කියපු හින්ද. මැඳමුලන ඉස්කෝලෙ වගේම අදටත් හම්බන්තොට ජනප්‍රියම පාසල වන වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයත් හදල තියෙන්නේ අපේ සීය පවරාදීපු ඉඩම්වල කියල මට කිවුවෙත් මැඳමුලන ගැමියො තමයි.

මං ඉපදෙනකොට අපේ තාත්තට ඉන්න ගෙයක්වත් තාත්ත හදාගෙන තිබුණෙ නෑ. ඔහුට ඕන්නම් අනික් අයට වගේ මාළිගා හදන්නත් තිබුණ. ඔය තංගල්ලෙ තියෙන කාල්ටන්” නිවස රාජපක්ෂ පරම්පරාවට අයිති එකක් කියල ගොඩක් අය හිතං හිටියට ඒක අයිති කාල්ටන් කියල තාත්තගෙ හිතවත් දොස්තර මහත්තයෙකුට. තාත්ත අගමැති උනාටත් පස්සෙ තමයි කාල්ටන් නිවස මිලදී ගන්නෙ හෝ පරිත්‍යාගයක් වශයෙන් අපිට ලැබෙන්නෙ. තාත්ත ඒ ගැන ලොකු විස්තරයක් කියනව මට ඇහිල නෑ.

අපේ සීය ඉස්සර හම්බන්තොට ගොවි ජනතාවත් එක්ක එකට ජීවත්වෙන ඔවුන්ගේම කොටසක් උණාලු. තාත්තත් මං බහතෝරන කාලෙ ඉදම්ම හම්බන්තොට ජනතාව එක්ක දුක සැප බෙදාගත්තු හැටි මං දැක්ක. මට මතකයි ඉස්සර ඉරිදාවක් පාසා කාල්ටන් එකට මිනිස්සු එනව එක එක දේවල් වලට. විශේෂයෙන්ම රැකියා බලාපොරොත්තු වෙන්. තාත්ත කවදාවත් සුඳුසුකම් නැති අයට රැකියා දුන්නෙ නෑ. රැකියා මුඳලට විකිණුවෙ නෑ. නැන්දල මාමල ගොඩාක් ආවම මටයි මල්ලිල දෙන්නටයි හරි සතුටුයි ඉතිං.

කාල්ටන් එකේ තියන පොකුණට අපි තුන්දෙනා උඩ ඉදල පනින පුංචිකාලෙ මට මතකයි. හරිම සුන්දර ළමා කාලයක් මට තිබුණෙ. මං ඉස්කෝල ගියේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යලයට පුංචි කාලෙ මට කඩිකුලප්පුව. ඒක හින්දමද කොහෙද පුංචි කාලෙම රගර් ගහන්න මං යන්නත් ඇත්තෙ. වසය 9 න්, 13න්, 15න්, 17න් පහළ පාසල් කණ්ඩායම් මා නියෝජනය කරා. 2000 වසරේ 16 න් පහළ ජාතික රගර් කණ්ඩායමත් නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණ. 2002 පාසලේ ජේෂ්ඨ රගර් කණ්ඩායමේ නායකත්වය දරන්න්නෙත් මම. නැවත 2004 වසරේ 19න් පහළ ජාතික රගර් කණ්ඩායම ත්එංගලන්තයේ නීතිය ඉගෙනගන්න කාලෙ ක්ලිෆ්‍රෙඩ් සහ සිටි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් වලටත් ක්‍රීඩා කරා. පසුව ජාතික රගර් කණ්ඩායම නියෝජනය කරන්නටත් මට අවස්ථාව ලැබුණ. 2014 ජූලි මාසෙ මම තීරණය කරා පූර්ණ කාලීනව දේශපාලනය වෙනුවෙන් කැපවෙන්නනම් රගර් වලින් සමුගන්න ඕන කියල. ඔය තමයි මගේ ක්‍රිඩා ජීවිතය.

රගර් වලට අමතරව පුංචි කාලෙ ඉඳලම යෝගා වලට මගේ ලොකු කැමැත්තක් තිබුණ නිසාත් තාත්තගේ ආභාසය නිසාත් තමයි මම යෝගා වලට හුරුවෙන්නෙ. ඒ ඇරුණම ඉස්සර ඉඳලම ගම්දනව්වල ඇවිදින්න ගියපු වෙලාවල්වල ගමේ යාළුවොත් එක්ක ක්‍රිකට් ගහන්නත් හරිම කැමතියි. නීතිය ඉගෙනගන්න මගේ තිබුණ ආසාව මං හිතන්නෙ පුංචිකාලෙම මගෙ හිතට ආපු දෙයක්ද කොහෙද. තාත්තගෙ ආභාසයත් ඒකට ලැබෙන්න ඇති. පාසල් අධ්‍යාපනය නිමවීමත් සමගම නීතිය හදාරන්න කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයටත් ලන්ඩනයේ සිටි විශ්වවිද්‍යාලයටත් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයටත් ඇතුළත් වෙනව. 2011 දෙසැම්බර් 15 මම නීතිඥයෙකු ලෙස දිවුරැම් දෙනව.

තාරුණ්‍යයට හෙටක් බිහිවෙන්නෙ 2005 වසරෙ . ඒ අපේරටේ තාරුණ්‍යය වෙනුවෙන් යමක් කරන්න තිබුණු ආශාව හින්ද. අපි මේ හරහා අපිට පුළුවන් විදියට ශක්තිප්‍රමාණයෙන් අපේ යුතුකම ඉටුකළා කියල මම හිතනව. දේශපාලනයට නම් අලුතෙන් අවතීර්ණ වෙන්න දෙයක් මට තිබිණද මන්ද.? මං ඉපදුනෙත් දේශපාලනය එක්ක. ජීවත් උණෙත් දේශපාලනය එක්ක. අපේ ජීවිතවල හැමදෙයකටම බැඳිල තිබුණෙ දේශපාලනය. කොටින්ම මං උපතින්ම දේශපාලන ජීවියෙක් 2010 පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වෙලා හම්බන්තොටින් පාර්ලිමේන්තු ගියාට මං දේශපාලනට ගියේ උපතින්ම යි.

2015 ජනවාරි 08 වෙනිද ශ්‍රී ලාංකීය ඔබ තීරණය කරනව මගේ පියා ජනාධිපති පුටුවෙ හිටිය ඇති කියල. වසර ගණනාවක් තිස්සේ දිග හැරුණු ජාතික හා විජාතික කුමන්ත්‍රණයේ කූඨප්ප්‍රාප්තිය මහින්ද රාජපක්ෂ ආපසු මැඳමුලනට හරවා යවනව. මහින්ද රාජපක්ෂ ට සෘජුවම කියන්න වැරදි හොයාගන්න බැරිවූ තැන, ඔවුන් අපේ පවුලේ නෑසිය පරම්පරාවට ඉස්පාසුවක් නැතුව පහර දෙනව. එකම බොරුව නැවත නැවතත් කියා ඇත්ත කිරීමේ ගොබෙල්ස් න්‍යාය ඔබව රවටන්න, මේ රට රවටන්න ඔවුන් පාවිචිචි කරනව. අවසානයේ ඔවුන්ගේ බොරුව ජයග්‍රහණය කරනව. ඔබත්,මමත් මුළු රටත් අඳුරු අගාධයකට හිටිවනම ඇඳවැටෙනව. ඔබට දැන් ඒ වෙනසේ මිහිරියාව දැනෙනව ඇතැයි මා විශ්වාස කරනව. නාමල් රාජපක්ෂ වෙනුවෙන් ගෙතුණු බොරු විශ්වාස කරපු ඔබ මහින්ද රාජපක්ෂට වෛර කරනව.

මං ගැන ගෙතුණු ලස්සන බොරු කොච්චරක් නම් තිබුණද…? මතක්වෙද්දි වෙලාවකට හිනහත් යනව. ඒව ලියල මේ ලියුම පුරවන්න ඕන්නෑ කියලයි මං හිතන්නෙ. ඇරත් මුලු ලංකාවටම ඒව කටපාඩම් ආයි මං අමුතුවෙන් පුනරුච්චාරණය කරන්න දෙයක් නෑ ඔබට ඒ සුන්දර බොරු. සමහර ඒව අරාබිනිසොල්ලාසයේ කතන්දරවගේ හරිම රසවත්. රත්තරං අස්සයො. ලස්සන කුමාරියො තව කොච්චර නම් සුන්දර කතාද.. ඔබ මදක් මෙහෙම හිතන්න. මගේ තාත්ත ට විරුද්ධව මතයක් ගොඩනගන්න ඔවුන් මාව පාවිචිචි කරා. මගේ හැකියාවන් .මගේ අධ්‍යාපනය. අඩුම තරමෙ මගේ ශරීර ස්වභාවය පවා ඔවුන් ඒ සඳහා යොදාගත්ත. ශ්‍රී ලාංකේය තාරුණ්‍යය මා කෙරෙහි ඊර්ෂ්‍යකාරයන් පිරිසක් බවට පත්කිරීම ඔවුන් වෘත්තීයමය විදියට සිදුකළා. බොහොමයක් පිරිස් එයට අහුවුණා.. රාජපක්ෂ රෙජීමයට වෛර කරා. වෙනසක් යහපාලනයක් ඉල්ලුව. ඔවුන් ඔබත් රටත් ජාතියත් රැවැට්ටුවා. දැන් අපි කාටත් වෙනස ඉතාමත්ම පැහැදිලිව පේනව.

මහින්ද රාජපක්ෂ ගියාම සියල්ල නිවැරඳි මාවතට පැමිණේය සිතූ හැට දෙලක්ෂයත්, එසේ නොසිතූ පනස් අට ලක්ෂ යත් යන දෙකොට්ඨාසයටම දැන් වෙනසේ සොඳුරු මිහිරියාව දැනෙමින් පවතිනව. ඔවුන් ජනතා නැගිටීමට පිළිතුරු දීගන්න බැරිව රාජපක්ෂවරුත්, රෙජීමයයැයි ඔවුන් විසින් හඳුන්වාගන්නා අනෙකුත් ප්‍රගතිශීලී නායකයනුත් එකිනෙකා අනුපිළිවෙලට සිරගත කරනව. ඒක හරියට අපි ගමේ ඕමි ගහනකොට හොද හොද තුරුම්පු පස්සෙ ගහන්න ඉතිරි කරගන්නව වගේ වැඩක්. රටේ ලොකු ජනතා නැගිටීමක් ලගදිම වෙනබව දැනෙනකොට හොදම තුරුම්පු එළියට දානව. ඒත් මේව පුස් වෙඩි සද්දෙ විතරයි. රාජපක්ෂවරු මර්දනය ට ඔවුන් තෝරගෙන තියෙන්නෙ වැරඳි මාර්ගය. ජනතාව සත්‍ය තේරුම් අරං ඉවරයි. මටත් දැන් අවුරුදු තිහක් . ජීවිතේ වේගයෙන් ගෙවිල යනව රට ජාතිය වෙනුවෙන් කළයුතු යුතුකම් බොහෝමයි. ඔවුන් රට ලත්තැනම ලොප්කොට නැවැත්තුවා. මේ මං හිරගෙදර ඉන්න දෙවෙනි දවස. මේකත් මගේ ජිවිතේ මම ලබපු ලොකු අත්දැකීමක්. මතකඇති කාලෙකින් මෙහෙම නිවිහැනහිල්ලෙ හිටියෙ මේවගේ නිදහසක් ලැබුණෙත් ඔය අපෙන් පළිගන්න බලන් ඉන්න එක එක විදියේ ඇමතිවරු නිසා තමයි.

මම සරමත්, කලිසමත් සිංහලත්, ඉංග්‍රීසිත් ගමත්, නගරයත් ලංකාවත්, ලෝකයත් මේ හැම තැනකම හොද නරක දැකල හැදිච්ච කොල්ලෙක් මෙහෙම හිරේ දාලා මාවවත් මගේ අප්පච්චි දේශපාලනය කරන එකවත් නවත්වන්න කාටවත් බෑ. පළිගන්න පළිගන්න අපි ගමේ මිනිස්සු විදියට තව ශක්තිමත් වෙනවා කවදාවත් රාජපක්ෂලා මානසිකව වට්ටන්න ඔය පළකයොන්ට බෑ. මාව සිරගත කරන කොට ඇස්වල කදුළු පුරෝගෙන මගේ දිහා බලන් ඉදපු ආදරණිය මිනිස්සුන්ගේ හයිය අපි එක්ක තියනතුරු අපිව වට්ටන්න කාටවත් බෑ.
ඔබ සැමට තෙරුවන් සරණයි

මම ඔබේ හිතවත්
නාමල් රාජපක්ෂ

=========================
පහත දැක්වෙන්නේ හිරු රූපවාහිනියට ඇවිත් නාමල් රාජපක්ෂ මහතා එජාපයේ මඩ වලට පිළිතුරු දුන් වැඩසටහන යි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

7 Responses to “රාජපක්ෂලාගෙන් පලිගන්න සිරගත කළ නාමල් රාජපක්ෂගෙන් ලිපියක්”

  1. stanley perera Says:

    kerana kalata pow mihiriya mee say. windina kalata dook dediwei gini say. The synthetic lawyer deserves what he got. Baby needs a dummy. suffer the consequences idiot.

  2. NAK Says:

    Stanley,there is also a saying, “what goes around comes around”
    You are blinded by your hatred,if not you should have seen that the judge himself saying that”this suspect doesn’t appear to have done any wrong”

  3. Kumari Says:

    The children of Sri Lankan first families have always lived privileged lives away from that of ordinary Sri Lankans. They were more imitating western lifestyles. Like the children of Bandaranaikes. However, Rajapakse children didn’t forget their roots. Other than those with a deep hatred or jealousy based on unfounded allegations these children get on with their lives in an exemplary manner.

    I wish the heartache experienced by the Rajapakse family will soon be over. None of the other first families had to endure this. This is a first, this is what Yahapalanaya is.

  4. Fran Diaz Says:

    We agree with Kumari that the Rajapakse Family have paid dearly for removing the LTTE Terrorism from Sri Lanka. Yahap people are the most shameful leaders Sri Lanka has ever known, and may be they are the most shameful govt the world has ever known ?

    Our Hearts are with the Rajapakse Family. May this horror comedy perpetrated by the Yahap folk soon end ! May Lanka be a free and sovereign nation, forever !

    ———

    Going to the bottom line of Lanka’s troubles with Tamils, Tamil Separatism, and LTTE terrorism & the final war with the LTTE and the defeat of the LTTE, where Mahinda Rajapakse as President, played a large role. :

    It is the Cheap Labor for the Plantations Industry trick and has gone on for over 150 yrs with the Colonisers of Lanka, particularly during the British Raj for the Tea Industry, and for the Tobacco Industry during the Dutch period in the North.

    It is also the wish to lose Caste (from Tamil Nadu rules), that has made Tamils of Dalit origin flee to Lanka. There are some 15-20 Million Tamils of Dalit origin in Tamil Nadu. Note that the Yahap folk plan to build a Sea Tunnel to Tamil
    Nadu !

    Since the 1930s, Tamil Leaders have used the opportunity for Separatism, using the Vadukoddai Resolution (1976) – Eelam through Violence, yet not officially revoked.

    These are the Roots of Tamil Separatism in Lanka.

    The Rajapakse Family was NOT responsible for what happened historically !!
    Mahinda Rajapakse as President of Lanka had the onerous task of removing Terrorism to save the Nation & the People from nearly 30 yrs of the terrorist scourge.

    They are National Heroes !

  5. Fran Diaz Says:

    All this begs the question :

    Who was benefitting from the LTTE Terrorism ?
    Who wanted Revenge on the Nation through use of LTTE Terrorism ?
    Who wanted to weaken and break up the Nation through use of LTTE Terrorism ?

    They are ones who did not want the LTTE Terrorism to end !
    They are the shameful ones who want to harrass the Rajapakse Family !

  6. Christie Says:

    Indian Empire in action. It will not be long before the latest Indian weapons will shoot between our eyes blowing up our skulls as Indian soldiers did in Kashmir this week.

  7. Christie Says:

    In 1956 India and Indian colonial parasites used SWRD to destroy a great leader Kotalawala.

    In 2015 Indian Empire and Indian Colonial Parasites got Chandrika (daughter of SWRD), Sirisena and Ranil to destroy Rajapakses.

    Down with the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress