ගල් අගුරු මාර්තු දක්වා පාඩුව ඩොලර් මිලියන 1.8 යි. අද වන විට සැබෑ පාඩුව ඩොලර් මිලියන 4.88 යි. අමාත්‍යාංශය පාර්ලිමේන්තුව නොමග යැව්වේ මෙහෙමයි.
Posted on July 17th, 2016

දුෂණ විරෝධී පෙරමුණ

ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍ර‍මුඛ සමස්ථ කැබිනට් මණ්ඩලය නොමග යැවූ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, පාර්ලිමේන්තුවටම ගොස් මහජන නියෝජිතයින් නොමග යවා තිබේ.   අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ප්‍ර‍මුඛ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු අනුව ඔවුන් විසින් ගල් අගුරු මිල දී ගැනීමේ  දී රටට ඩොලර්

342,833.4 ක ලාභයක් සිදු වී තිබේ.  මෙය පට්ටපල් බොරුවකි!

ශ්‍රේෂ්ඨාධිකරණය සහ විගණාකාධිපති දෙපාර්තමේන්තුව කියන්නේ පාඩු බවයි. නඩු තීන්දුවෙන් චෝදනා එල්ල වන සුරේන් කියන්නනේ ලාභ බවයි.  2016 ජනවාරි 19 සහ මාර්තු 2 විගණන විමසුම් දෙකකට (මාස 7 කට වැඩි කලක්) පිළිතුරු සැපයීමට නොහැකිව සිටින අමාත්‍යාංශ ලේකම්වරයා කියන බොරුව මෙසේය.

ආචාර්ය බටගොඩ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා දුෂණ විරෝධී පෙරමුණට  ඉදිරිපත් කළ 25 වන ස්ලයිඩ් පිටුව මෙසේය.

//මේ දක්වා ගල් අඟුරු මෙ.ටො. මිලියන 2.19ක් මිලදී ගෙන ඇත. ගෙවා ඇති මුදල ඇ.ඩො.මිලියන 114.008

  • නොබෙල් රිසෝසස් සමාගම ඉදිරිපත් කළ මිල ඇ.ඩො. 68.70 (මෙ.ටො. 1ක් සඳහා)
  • නිව්කාසල් දර්ශකයට අනුව විචල්‍ය මිල අනුව මෙම ගල් අඟුරු ප්‍රමාණය නොබෙල් සමාගමෙන් මිලදී ගත්තානම් වැය වන මුදල ඇ.ඩො. මිලියන 121.543

ලාභය ඇ.ඩො. මිලියන  7.535 (රුපියල් මිලියන 1123)//

ඒ අනුව, නව රජය බලයට පත්වීමෙන් පසුව 2015 අගෝස්තු සිට 2016 මැයි දක්වා  ගල් අඟුරු මෙ.ටො. මිලියන 2.19ක් මිලදී ගෙන ඇත. ගෙවා ඇති මුදල ඇ.ඩො.මිලියන 114.008 කි.

//ස්විස් සිංගප්පූරු සමාගමෙන් මිලදී ගත් ගල් අඟුරු ප්‍රමාණය මෙ.ටො. මිලියන 1.0647

  • ගෙවා ඇති මුදල ඇ.ඩො. මිලියන 57.93
  • නිව්කාසල් දර්ශකයට අනුව විචල්‍ය මිල අනුව මෙම ගල් අඟුරු ප්‍රමාණය නොබෙල් සමාගමෙන් මිලදී ගත්තානම් වැය වන මුදල ඇ.ඩො. මිලියන 58.252

ලාභය ඇ.ඩො. 342,833.4//

(26 වන ස්ලයිඩ් පිටුව)

ඒ අනුව, ස්විස් සිංගප්පූරු සමාගමෙන් මිලදී ගත් ගල් අඟුරු ප්‍රමාණය මෙ.ටො. මිලියන 1.0647

ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 57.93 ක

බටගොඩ මහතා ගේ දත්ත අනුව, ස්විස් සිංගප්පූර් වෙතින් ලබා නොගෙන ස්පොට් ටෙන්ඩර් මගින් ලබා ගත් ප්‍ර‍මාණය ටොන් මිලියන 1.1253 කි.  එම දත්ත සියල්ල  සත්‍යය වේ.

ඒ අනුව, මේ දක්වා කාලය තුල වැඩිම ගල් අගුරු ප්‍ර‍මාණයක් මිල දී ගෙන ඇත්තේ ස්පොට් ටෙන්ඩර් මගිනි.

සුවිස් සිංගප්පූර් ප්‍ර‍ශ්ණකාරි ටෙන්ඩරයට පිටින් ලබා දෙන ඇති ගල් අගුරු සදහා ගෙවා ඇති මුළු මුදල ඩොලර් මිලියන 57.93 කි.

එමගින් රටට ලැබුණු මුළු ගල් අගුරු ප්‍ර‍මාණයට වඩා ටොන් 60,600 ක් ස්පොට් ටෙන්ඩර් මගින් එයට වඩා අඩු මුදලකට එනම්, ඩොලර් මිලියන 56.078 කට රටට ලැබී ඇත.

වෙනත් වචනයෙන් කියන්නේ නම්, ප්‍ර‍ශ්ණකාරී ටෙන්ඩර් ගනුදෙනුම මගින් ගල් අගුරු ටොන් 60,600 ලංකාවට අඩුවෙන් ලැබී ඇති නමුත් වැඩිපුරු ඇමරිකානු ඩොලර් මිලියන 1.85 ක් සුවිස් සිංගප්පූර් සමාගමට ගෙවා ඇත.  මෙම ගණුදෙනුව සදහා හේතු වී ඇත්තේ ආචාර්ය සුරේන් බටගොඩ විසින් සකසා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍ය ධූරයට පත් වී සති කිහිපයකින් ඔහුගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 2015 සැප්. 22 දිනැති කැබිනට් පත්‍රිකාවේ ආනුභාවයෙනි.

මේ අනුව, මෙම ගණුදෙනුව මගින් පමණක් ජාතික අභිලාෂයට එරෙහිව රටට අහිමි කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.85 කි.  එයට අමතරව ගල් අගුරු ටොන් 60,600 ක් ද මුල්‍ය වටිනාකම ද රටට අහිමි වී ඇත.

———————————————————-

උක්ත ගණුදෙනුව මගින් රටට සිදු වී ඇති සැබෑ පාඩුව සැබවින්ම මෙයට වඩා විශාල ය.

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කම්පනයට පත් කළ, හිටපු විදුලිබල හා බලශක්ති ඇමති චම්පික  රණවක 2015 අගෝස්තු 15 ලිඛිතව අහෝසි කරන ලෙස ඉල්ලා සිටි නමුත්,  අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බටගොඩ විසින් සකස්කල රංජිත් සියඹලාපිටිය විසින් රටේ ගල්අගුරු හිගයක් ඇතිවී විදුලිජනනය බිදවැටේ යැයි කියා තකහනියේ ඉරිපත් කළ,  කැබිනට් මණ්ඩලය නොමග යැවූ බව ශ්‍රේෂ්ඨාධාධිකරණය පෙන්වා දෙන ටෙන්ඩරටය අනුව ස්විස් සමාගම විසින් ලංකාවට සැපයූ

ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක ඩොලර්                        = 54.40 කි.

එනම්, සුවිස් සමාගමට ගෙවා ඇති මුදල ඩොලර් මිලියන       = 57.93

ඒ වෙනුවෙන් ලැබුණු ප්‍ර‍මාණය ටොන්  මිලියන               = 1.0647

ගල් අගුරු ටොන් එකක (දුෂිත ටෙන්ඩරයේ) මිල ඩොලර්        = 54.40

චම්පික රණවක ඇමතිවරයා  විසින් ගල් අගුරු ගෙන්වීමේ ඒකාධිකාරය බිදහෙලමින් හදුන්වාදුන්  spot tender මගින් ගෙන්වු ගල් අගුරු ප්‍ර‍මාණය  ටොන් මිලියන                                                         = 1.1253

ගෙවා ඇති මුදල                       ඩොලර් මිලියන    = 56.078

ස්පොට් ටෙන්ඩරයෙන් මිල දී ගත් ගල් අගුරු ටොන්

එකක මිල ඩොලර්         = 49.83

(එක් ගල් අගුරු ටෙන්ඩරයක සාමාන්‍ය ඩොලර්  මිලියන 56.078/ ටොන්  මිලියන 1.1253 = 49.83)

බටගොඩ මහතා ගේ ක්‍ර‍ම විරෝධී, කැබිනට් මණ්ඩලය නොමග යැවූ, විගණන විමසුම් දෙකකට උත්තර දී ගත නොහැකි ටෙන්ඩර්කරුට මගින් නොව ස්පොට් ටෙන්ඩර් මගින් එදා සිට අද දක්වා මිල දී ගත් ගල් අගුරු ප්‍ර‍මාණය මිල දී ගත්තේ නම් ඒ සදහා ගෙවීමට සිදුවන මුදල  

මුළු ගල් අගුරු ප්‍රමාණය                          = මෙට්‍රික් ටොන් මිලියන 2.19

ඒකක මිල           ඩොලර්                = 49.83

සමස්ථ වැයවන මුදල ඩොලර් මිලියන =109.12ක් පමණයි. 

(49.83x 2.19)

එහෙත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 114.008 ක් වැයකර ගල් අගුරු ටොන්  මිලියන 2.19 ගෙන්වීමෙන්  රටට සිදුවන සමස්ථ පාඩුව ඩොලර් මිලියන 4.88 කි.

විගණකාධිපතිවරයා 2016 මාර්තු 19 දින විගණන විමසුම මගින් පවසන්නේ රටට රුපියල් මිලියන 1803 ක පාඩුවක් සිදුව ඇති බවයි.  නමුත්, මේ විගණන විමසුමට පිළිතුරු ලියන්නේ හෝ නොමැතිව  2016 ජූලි දක්වා දිගින් දිගටම මේ දුෂිත ටෙන්ඩරය යටතේ ලංකාවට ගල් අගුරු ගෙන්වා ඇත.  එමගින් මේ වන විට ලංකා රජයට සිදුව ඇති පාඩුව ඩොලර් මිලියන 4.88 කි.

ඒ අනුව, පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් මේ ගණුදෙනුවෙන් ලංකා රජයට ඩොලර් 342,833 ක ලාභයක් සිදු වූ බව ප්‍ර‍කාශ කිරීම අසත්‍යයකි.

ඉතිහාස කථාව

ගල් අගුරු ටෙන්ඩර් ලබාදීම මගින් රාජපක්ෂ රජය සමයේ ඉතා විශාල වංචා සිදුවී ඇති බව රහසක් නොවේ.  නොරච්චෝල ඉදි කිරීමේ දී එක් පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක කොමිස් මුදලක් ලේඛණ සහිතව ලැබුණි.

රිවිර පුවත්පතේ අයිතිය ආර්පිකෝ සමාගමේ යක්දෙහිගේ මහතා ගෙන් ප්‍ර‍සන්න වික්‍රමසූරිය මහතා ට හිමිවූයේ ‘ගල් අගුරු ටෙන්ඩරයක ආනුභාවයෙන් බව එක් අමාත්‍යවරයෙකු ද පවසා ඇත.

රාජපපක්ෂ පවුලට රොකට්ටුව යවන්නට අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ 2013 ජූලි මස (පවිත්‍රා වන්නිආරච්චි සමයේ) දැවැන්ත ගල් අගුරු ගනුදෙනුවකට සම්බන්ධ වූ ටෝරියන් සමාගම විසිනි.

ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත මාෆියාවකි.  එහි භාණ්ඩ මිලදී ගැනීම් සහ විදුලිය ජණනය කිරීම තුලින් අති දැවැන්ත මුල්‍ය වාසි පුද්ගයින් කිහිප දෙනෙකු ලබා ගන්නා අතර එයි වන්දිය ගෙවන්නේ සමස්ථ විදුලි පාරිභෝගිකයින් සහ රටවැසියන් ය.

ලංකා ඉතිහාසයේ පළමු වතාටව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සදහා දායක වූ පුද්ගලයින් නිලධාරීන් කිහිප දෙනෙකු එනම් කැබිනට් ප්‍ර‍සම්පාදන කමිටුව, සිදු කළ කරුණු පිළිගැනීමට ලක් කොට ඇත.  එම නිලධාරීන් වන්නේ,  ලේකම් සුරේන් බටගොඩ,  ජී.එස්.විතානගේ, එම්.සී.වික්‍ර‍සේකර, ඒ.කේ. සෙනෙවිරත්න, ජී.ආර්.එල්.වසන්ත, එස්.ඒ.එන්. සරණතිස්ස මහත්වරුන්ය.

ඒ නිලධාරීන් පාර්ලිමේන්තුවට, සිවිල් සමාජයට කියන්නේ තමන් රටට වාසියක් කර ඇති බවයි. අවසනාව නම් විගණන විමසුමට උත්තර නොලියන මේ පිරිස කියන දේ අසන දේශපාලනඥයින් පිරිසක් ආණ්ඩුවේ ද, විපක්ෂයේ ද සිටීමය.

බොහෝ විට රාජ්‍ය මුල්‍ය අයථා පරිහරණය පිළිබද චෝදනා එල්ලවන්නේ දේශපාලඥයින් වෙතය.  නමුත්, එහි වෙනස් ව්‍යවහාරික ස්වරූපයක් ඇති බව බොහෝ දෙනා අමතක කරයි.  ඒ සදහා කදිම නිදසුන ගල් අගුරු ටෙන්ඩරය යි.

දුෂණ විරෝධී පෙරමුණ                                        2016 ජූලි 17

Rajith Keerthi Tennakoon

Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress