අසූ තුනේ කළු ජුලියට දැන් වසර 33 යි
Posted on July 18th, 2016

ධර්මන් වික්‍රමරත්න

ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් ලෙස සැලකිය හැකි 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30වැනිදා දක්වා කාලය තුළදී වන අතර එය සිදුවී 2016 ජුලි 24වැනිදාට වසර 33කි. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ එජාප ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළු ජූලිය සැලසුම්ගත ව්‍යාපාරයක් බව ද්‍රවිඩ ජනතාවගේ ආකල්පය විය.

ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471කි. තුවාල වලට ලක්වූ අයගේ සංඛ්‍යාව 3,769කි. සිදුවූ මං‍කොල්ලකෑම් සංඛ්‍යාව 3,835කි. එහෙත් නිල නොවන සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 2,000ක් වූ අතර නිවාස 8,000ක්ද කඩ සාප්පු 5,000ක්ද විනාශ වූ අතර ද්‍රවිඩ ජාතිකයින් 150,000ක් පමණ අවතැන් විය. අලාභ හානියට පත්වූ දේපලවල  වටිනාකම ඇමරිකානු ඩොලර් දශලක්ෂ 300කට ආසන්න බව කියති.

dharman18071601බොරැල්ල බස්නැවතුම් පො‍ළේ 1983 කළු ජූලියේදී ඇතිවූ සිදුවීමක්.

උතුරේ ප්‍රශ්ණය, උතුරු නැගෙනහිර අර්බුදය, ජනවාර්ගික ප්‍රශ්ණය, ඊළම, ෆෙඩරල් වාදය, ආදි විවිධ නම්වලින් හැදින්වෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඉකුත් අඩසිය වසක කාලය තුළ විවිධ එකඟතා සහ ගිවිසුම්ද ඇති කරගෙන තිබේ. වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සංවිධාන සන්නද්ධ ක්‍රියාවලියක්ද 70 දශක‍ය මුල් භාගයේ ආරම්භ කල අතර ඉකුත් දශක තුනක කාලය තුළ එම ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානවල ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඝාතනයට ලක්වූ උතුරේ සහ දකුණේ පිරිස 60,000කට ආසන්නය.

එජාප ආණ්ඩු කාලයේදී යුද්ධය නිමා කිරීමේ අරමුණින් ඉන්දියාව සමඟ හොර රහසින් ගිවිසුමක් 1987 ජුලි 29 වැනිදා ගිවිසුමක් අත්සන් කල අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දිය හමුදා භටයින් ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් 1987 ජුලි සිට 1990 මාර්තු දක්වා ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකලද එය අසාර්ථක විය. එම ඉන්දිය හමුදාව ශ්‍රි ලංකාවට බලහත්කාරයෙන් පැමිණීමට විරෝධය දැක්වීමද ජවිපෙ දෙවැනි කැරල්ලේ එක් ප්‍රධාන අරමුණක් වූ අතර එහිදී ඝාතනයට ලක්වූ දකුණේ ජනයාගේ සංඛ්‍යාව 41,813කි.  අනතුරව වසර 2009 මැයි 19වැනිදා තිස් වසරක යුද්ධය මුළුමනින් පරාජය කර රටට සාමය උදාකිරීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය.

dharman18071602කළු ජූලියේදී කළබලකාරි පිරිස් මහමඟ ගමන් කරමින්.

ෆෙඩරල් පක්ෂය 1949දී එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් අතර රාජ්‍ය භාෂා පනතට එරෙහිව 1957 අගොස්තු මාසයේදී සත්‍යග්‍රහයක් සහ හර්තාලයක් පවත්වන බවට එමගින් නිවේදනය කරන ලදී. ද්‍රවිඩ බෙදුම්වාදයට විසදුම් වශයෙන් මුලින් ඇතිකරගනු ලැබූ එකඟතාවය සැලකෙන්නේ 1957 ජුලි 26වැනිදා ඇතිකරගනු ලැබූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමය. මේ පිළිබදව අගමැති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායකයින් අතර 1957 ජුනි 26 වැනිදා හොරගොල්ලේදී රහසිගත සාකච්ඡාවක්ද පැවැත්විණි. එම රහසිගත සාකච්ඡා පසුව 1957 ජුලි 9වැනිදා අගමැති කාර්යාලයේදීද 1957 ජුලි 14වැනිදා රොස්මීඩ් පෙදෙසේද, සෙනට් මන්ත්‍රී මණ්ඩල ‍ගොඩනැගිල්ලේද පැවැත්විණි. තීරණාත්මක සාකච්ඡා පැවතියේ 1957 ජුලි 25වැනිදාය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම 1957 ජුලි 26 අත්සන් කෙරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ විරෝධතා නිසා එම ගිවිසුම ක්‍රියාත්මක ‍‍නොවීය.

සමගි පෙරමුණ ආණ්ඩුවට පක්ෂපාතී වූ යාපන නගරාධිපති දුරේ අප්පා 1975දී ද්‍රවිඩ බෙදුම්වාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු 1982 වන විට උතුරු පළාත ගිනියම් වෙමින් පැවතිණි. 1982 ජුලි මසදී පොලිස් භටයින් 4 දෙනක් යාපනය නෙල්අඩි හන්දියේද මරා දැමූ අතර 1982 ‍ඔක්තෝබර් මස වාවකච්චේරි පොලිස් ස්ථානයට කඩා වැදී භටයින් තිදෙනෙකු මරා ත්‍රස්තවාදීන් ආයුධ පැහැර ගෙන යන ලදී. එජාප ආණ්ඩුව මගින් 1982දී සිය පාර්ලිමේන්තු නිල කාලය දික්කර ගැනීම සදහා ජනමත විචාරය පැවැත්වූ අතර එහිදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද සියයට 54.7ක් ලැබිණි.

dharman18071603බොරැල්ල කනත්තට 1983 ජුලි 24 පැමිණි පිරිස පලවාහරින පොලිස් අධිකාරි අබ්දුල් ගෆූර්.

ජනාධිපතිවරණයද 1982 ඔක්තෝබර් 21වැනිදා පැවති අතර ඉන් එජාප අපේක්ෂක ජනාධිපති ජයවර්ධන ඡන්ද සියයට 52.91ක් ලබා ගනිමින් ජයග්‍රහකයා බවට පත්විය. එම ජනමත විචාරණ සහ ජනාධිපති මැතිවරණය අතිශයින් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර හොර ඡන්ද දැමීම් මහා පරිමාණයෙන් සිදුවිය. විපක්ෂයේ අපේක්ෂකයා වන ශ්‍රිලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුව සිය ඡන්දය පාවිච්චි කිරීමට ගිය අවස්ථාවේදී ඔහුගේ ඡන්දය හොරෙන් දමා තිබිණි.

එයට පෙර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ප්ලොට් සංවිධානය මගින් එජාප අපේක්ෂකයෙකු වූ ඒ. තංගරාජා මැයි 24වැනිදා වෙඩිතබා ඝාතනය කල අතර මැයි 30වැනිදා මැතිරණ ප්‍රචාරක රැස්වීමක රාජකාරියේ යෙදී සිටි පොලිස් භටයින් දෙදෙනෙකුද ඝාතනය කරන ලදී. ඉන් ප්‍රකෝපයට පත් ආණ්ඩු හිතවාදි පිරිස් ‍1981දී ග්‍රන්ථ සහ අත්පිටපත් 97,000ක් පමණ තිබූ 1935දි ආරම්භ කරන ලද යාපනය සිව් මහල් පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී. සංවර්ධන සභා මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එජාප ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප‍දෙනෙකු යාපනයට යවන ලදී. ඇමතිවරු වූ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම ඇතුළු කිහිප දෙනෙක්ද ඒ අතර විය.

dharman18071604කොළඹ කඩ සාප්පු කොල්ලකන සංවිධානාත්මක පිරිස්.

වසර 1983 ජුලි 15වැනිදා හමුදාව එල්ල කල ප්‍රහාරයකින් චාවකච්චේරි මිසාලයේදී කොටි ත්‍රස්තවාදීන් වූ ලූකස් චාල්ස් ඇන්තනි නොහොත් සීලන්ද රාමනාදන් අරුල්නාදන් යන දෙදෙනා මිය ගොස් තිබිණි. මින් සීලන් යනු කොටි නායක ප්‍රභාකරන්ගේ එවකට සිටි සමීපතමයෙකි. එම මරණ වෙනුවෙන් පලිගැනීමට තීරණය කල කොටි කණ්ඩායම සිදුකළේ නිරුනෙල්වේලි පාරේ බිම් බෝම්බ වැලලීමය.

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සී කණ්ඩායමේ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන ගේ නායකත්වයෙන් 15කගෙන් යුත් භට කණ්ඩායමක් 1983 ජුලි 23වැනිදා රාත්‍රී කාලයේදී මාර්ග පරික්ෂාවක නිරත විය. ඔවුන් ගියේ යු.හ. 4889 දරණ ජිප් රථයෙන් සහ 26 ශ්‍රී 3193 දරණ ට්‍රක් රථයෙනි. ප්‍රභාකරන්ගේ සමීපතමයෙකු වන සෙල්ලක්කිලි අත්අඩංගුවට ගැනීමට සිදුකරන මෙහෙයුමේදී මාර්ග පරික්ෂා කර ගුරු නගර් කඳවුරට වාර්තා කරන ලෙසට ඔවුන්ට නියෝග දී තිබිණි.

එදින රාත්‍රී 11.28ට ඌරුම්පිරායි හන්දිය පසුකොට විනාඩි 5ක් පමණ ගත වෙද්දී හෙන හඬක් නඟමින් ඇතිවූ පිපිරුමකට ජිප්රිය හසුවිය. වෙඩි ප්‍රහාර හා බෝම්බ වර්ෂාවක් මෙන් පතිත විණි. ජිප් රථය පැදවූයේ කෝප්‍රල් ජී.ආර්. පෙරේරාය. 22කුගෙන් සමන්විත වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාර හමුවේ දිවි රැක ගැනීමට සමත්වූයේ කෝප්‍රල් උපාලි පෙරේරා සහ ලාන්ස් කෝප්‍රල් සුමතිපාල පමණි. භටයින් 13දෙනෙකු මියගොස් තිබිණි. එවකට යුධ හමුදාපතිවූයේ ජනරාල් තිස්ස වීරතුංගය. එම සිරුරුවල අවසාන කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට මිනී වලවල් 14ක් හාරා තිබිණි. කෝප්‍රල් උපාලි පෙරේරාද මිය ගිය බවට සලකා තිබිණි. එහෙත් ඔහු බරපතල තුවාල ලබා ජීවත් විය.

dharman18071605කොටුව දුම්රියපොළ ඉදිරිපිට 1983දී විනාශයට පත්වූ කඩ සාප්පු.

එසේ මියගිය හමුදාවේ 13 දෙනාගේ කණ්ඩායමට දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන, සැරයන් එස්.අයි. තිලකරත්න, කෝප්‍රල් ජී.ආර්. පෙරේරා(රියදුරු), ලාන්ස් කෝප්‍රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබළුන් වන ඒ.ඩී. මාතපිටිය, එම්.බී සුනිල්, ඒ.ජේ. විජේසිංහ, කේ.පී කරුණාරත්න, පී.ජී. රාජතිලක, එස්.එස් අරසිංහ, ජී. රොබට්, ඒ.එස් මනතුංග(රියදුරු) සහ ජේ.ආර්. ප්‍රනාන්දු යන අය අයත් වූහ.

උතුරේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට පත්වූ සෙබළුන් 13 දෙනා මළ සිරුරු 1983 ජුලි 24වැනිදා පස්වරු 5ට බොරැල්ලේ කනත්තට ගෙන එන බවට කීවද රාත්‍රී 7වන තෙක් එම මළ සිරුරු ගෙන ආවේ නැත. පිරිස නොසන්සුන් වූ අතර පොලිස් අධිකාරි ගෆූර් විසින් කලබලකාරී කිහිප දෙනෙකුට පහරදීමත් සමඟ කොළඹ කනත්ත ගාලගෝට්ටියක් බවට පත්වූ අයුරු එම ස්ථානයේදී සිද්ධිය සියසින් දුටු ලියුම්කරුට මතකය. කුපිත වූ පිරිස බොරැල්ල සහ ඒ අවට තිබූ ද්‍රවිඩ කඩසාප්පු සහ නිවෙස් වලට ප්‍රහාර එල්ල කලහ. එය එදිනම රාත්‍රී මුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සිදුවෙනු දක්නට ලැබිණි. ඒ අතරතුර බොරැල්ලේ කනත්තේ වල දැමීමට ගිය සෙබළුන්ගේ මළ සිරුරැ යළිත් හමුදා මූලස්ථානයට ගෙනවිත් ගම්වලට පිටත්කර යැවීමට බලධාරින් තීරණය කරන විටද සියල්ල සිදුවෙමින් පැවතිණි.

ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමෙන් පසු ජනාධිපති ජයවර්ධන කොළඹට ඇදිරිනීතිය පැනවූයේ පැය 24ක් ගතවීමෙන් පසුවය. එනම් 1983 ජුලි 26වැනිදාය. ඒ වන විටත් ද්‍රවිඩ ජනයාට එරෙහි කෝලාහලය සංවිධානාත්මක මට්ටමින් කොළඹ සහ ඒ අවට දිස්ත්‍රික්කයන්හි දියත් වෙමින් පැවතිණි. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වු සිරිල් මැතිව් එම ක්‍රියාවලියට සෘජුවම දායක වූ බවට බරපතල චෝදනා විය. ඔහුගේ සහ ආණ්ඩු හිතවාදී ඇතැම් ආධාරකරුවෝ ද්‍රවිඩ නිවෙස් සොයා ගියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද හිමි නාම ලේඛනද අතැතිවය. වැල්ලවත්තේ මැර කණ්ඩායම් මෙහෙයවන ලද්දේ ජාතික සේවක සංගමයේ ප්‍රධානියෙකි. ගල්කිස්සේ කෝලාහල ‍වලට නායකත්වය දුන්නේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. පිටකොටුවේ කඩසාප්පු 442ක් විනාශ කරමින් සහ ජීවිත හානි සිදුකිරීමේ අණදෙන්නා වූයේ දේශපාලනයට සම්බන්ධ පතාලයේ දාමරිකයෙකි. ජනාධිපති ජයවර්ධන ජාතිය ඇමතුවේ කලබල වලින් පසුව දින පහක් ගොස් 1983 ජුලි 28වැනිදා රාත්‍රීයේය.

dharman18071606යාපනය සංවර්ධන සභා ඡන්ද උණුසුම ඉහළ යමින් තිබියදී ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ ආධාරකරුවන් විසින් 1981 මැයි 30 ගිනි තබා විනාශ කල යාපනයේ පුස්තකාලය ගිනිතැබීමෙන් පසු.

වැලිකඩ සිරගෙදර සිටි දෙමළ සිරකරුවන් ප්‍රථමයෙන් 35 දෙනෙකුද 18 දෙනෙකුද අනුක්‍රමික ප්‍රහාරයන් දෙකක් 1983 ජුලි 25වැනිදා සහ 27වැනිදා එල්ල කරමින්  53 දෙනෙකු මරා දමන ලදී. ඒ අතර ටෙලෝ සංවිධානයේ නිර්මාතෘවරයා වූ කුට්ටිමනීද සන්නද්ධ ව්‍යාපාරයේ තවත් ආරම්භකයෙකු වූ ජෙගන්ද විය. කොස්තාපල්වරයෙකුට 1979දී වෙඩිතබා ඝාතනය කිරීමට වරදකරුවූ කුට්ටිමනීට 1982 අගෝස්තු 13වැනිදා කොළඹ මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කොට තිබිණි.

ජනාධිපති ජයවර්ධන දින 4ක් යන තෙක් කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැත. එයට දින 5කට පෙරාතුව 1983 ජුලි 18වැනිදා ජනාධිපති ජයවර්ධන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ මාධ්‍යවේදී ග්‍රැහැම් ඩෝඩ් සමඟ කල සාකච්ඡාවකදී කියා සිටියේ “යාපන‍ය ජනතාවගේ මතය කුමක් වූවද තමාට කමක් නැති බවය. දැන් අපට ඔවුන් ගැන සිතිය නොහැකිය. ඔවුන්ගේ ජීවිත ගැන හෝ අප පිළිබදව ඇති ඔවුන්ගේ මතය ගැන සිතිය නොහැකි බවය.” දින කිහිපයක් ගතවීමෙන් පසු කොළඹ ගම්පහ කළුතර ඇදිරිනීතිය සීමා කල අතර හමුදා මුර සේවා ක්‍රියාත්මක විය.  අවිගත් ද්‍රවිඩ ත්‍රස්තවාදීන් තිදෙනෙකු කොටුව බෝගහ අසළ ගොඩනැගිල්ලක ඉහළ මහලකට නැගී 1983 ජුලි 27වැනිදා වෙඩි තැබීමක් සිදුකල අතර ඉන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ යළිත් උණුසුම් විය.

කළු ජූලි කෝලහල ලැව් ගින්නක් සේ 1983 ජුලි 24වැනිදා සිට ජුලි 30වැනිදා දක්වා රටපුරා පැතිර ගිය අතර උතුරු නැගෙනහිර පදිංචි සිංහල පවුල්ද සංවිධානාත්මක ද්‍රවිඩ පිරිස් විසින් එම ප්‍රදේශ වලින් දකුණට පලවා හරින ලදී. එම සිය ගණනක් සිංහල පිරිස්ද උතුරු නැගෙනහිරදී තිරස්ථීන ලෙස ඝාතනය කල අතර ඔවුන්ගේ නිවාස, කඩසාප්පු විනාශ කල අතර සියළු දේපලද අවසානයේදී බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදී.

dharman18071607
රජය මගින් 1983 අගෝස්තු 8වැනිදා සම්මත කරගත් 6වැනි සංශෝධනය අනුව වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සහාය නොදෙන බවට දිය යුතු ප්‍රතිඥාව පුතික්ෂේප කිරීමෙන් පසු පාර්ලිමේන්තු නියෝජනය අහිමිවූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිතලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටවූ අයුරු.

දෙමළ සංහාරයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ විවේචන වලට පිළිතුරක් වශයෙන් එජාප ආණ්ඩු සිදුකලේ වාමාංශික පක්ෂ 3ක් 1981 ජුලි 31වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. එජාප නායක ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කළු ජූලිය අන්තවාදී වාමාංශිකයන් විසින් දියත් කල ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට වාර්තා වී ඇති බැවින් එම තීරණය ගත් බවය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කරන ලදී. කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජයේ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට භාරවිමෙන් පසු කොප සහ නව සමසමාජ පක්ෂවල තහනම ඉවත් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ එසේ භාර නොවු අතර  තහනම ඉවත් කරන ලෙස නිරතුරුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී. ජවිපෙ අනතුරුව රහසිගත දේශපාලනයකට යොමු වි දෙවන වරටත් කැරැල්ලක් 1986 දියත්කල අතර එය 1989 නොවැම්බර් 13වැනිදා ජවිපෙ නායක රෝහණ විජේවීරද ඝාතනය වී 41,813 දෙනෙකු මරමුවට පත්විය. නිල නොවන සංඛ්‍යාලේඛන කියන්නේ එය 60,000ක් පමණ බවය.

එජාප ආණ්ඩුව අවසානයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට යැයි කියමින් හයවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක දිගට පාර්ලිමේන්තුවේ විවාද කර 1983 අ‍ගෝස්තු 8වැනිදා සම්මත කර ගත්තේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම වෙනම රාජ්‍යක් පිහිටුවීමට සහාය නොදිය යුතු බවට ප්‍රතිඥා දිය යුතුය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය නිසා ඔවුනට එසේ දියුරුම් දිය නොහැකි විය. ඒ අනුව උතුරු පළාතේ සියළුම මන්ත්‍රීවරුන් සහ නැගෙනහිර පළාතේ ආර්. සම්බන්ධන්ද ඇතුළු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද අයත්ව දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 1983 ඔක්තෝබර් 23වැනිදා අහෝසි විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් වෙනුවට ශ්‍රිලනිපයේ අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක බවට 1983 නොවැම්බර් 8වැනිදා පත්කරගනු ලැබුවේ ශ්‍රිලනිප මන්ත්‍රීන් 9කගේද මඑපෙ මන්ත්‍රී දි‍නේෂ් ගුණවර්ධන සහ කොපයේ මන්ත්‍රී සරත් මුත්තෙට්ටුගමගේ සහායෙනි.

කළු ජූලියේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධාන තමිල්නාඩු ප්‍රාන්තය සිය මූලස්ථානය කරගත්තේය. ඉන්පසුව ඉන්දියාවේදී දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට  අවි පුහුණුව ප්‍රසිද්ධියේ ලබාදෙමින් ත්‍රස්ත පුහුණු කඳවුරු 110ක් ඇරඹීමට ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ නායකත්වයෙන් ඉන්දිය රජය දශකයක් තුළ කටයුතු කළේය.  ඉන්දීය රජය ඒවාට මුදලින් සහ ද්‍රව්‍යමය ආධාරද එළිපිටම ලබාදෙන ලදී. ලක්ෂයකට ආසන්න ද්‍රවිඩ පිරිස් 1983 කළු ජූලියෙන් පසු ශ්‍රී ලංකාව අතහැර දේශපාලන රැකවරණ පතා යුරෝපීය රටවලට සංක්‍රමණය විය. තවත් දහස් ගණන් දෙමළ වැසියන් බෝට්ටු මගින් ඉන්දියාවට පලාගොස් දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල රැකවරණය ලබා ගත්හ. පසුව සංවිධානාත්මකව දෙමළ ඩයස්පෝරාව ලෙස ඒකරාශි වී ද්‍රවිඩ ත්‍රස්තවාදීන්ට සෘජුව සහ වක්‍රව ආධාර කළේය. කරමින් සිටී.

ධර්මන් වික්‍රමරත්න

[email protected]

2 Responses to “අසූ තුනේ කළු ජුලියට දැන් වසර 33 යි”

  1. Dilrook Says:

    We have to be very careful when discussing the incident of July 1983. If we divide into political camps and blame each other (UNP, etc.), we are pandering into Tamil terrorists. Instead the matter must be looked at in the broader scheme of things and the nation. We must also not mix national security priorities with morality. The two are separate issues.

    What happened in late July 1983 was the result Tamil terrorism, not the initiation of the UNP or SLFP.

    Since July 1975 Tamils launched a campaign of terrorism against Tamil Christians and Sinhalese in the north. Sinhalese numbering over 20,000 in Jaffna District in 1971 were reduced to a mere 5,000 by 1981 mostly due to Black August (1977) by Tamils. A plane were bombed in 1978 and banks were blasted in dozens in 1970s by them. Boatloads of bombs were transported by Tamils in 1970s and early 1980s. Some of these were provided by India. It happened well before 1983.

    Tamil terrorist groups set up camps in Madurai, etc. in South India way before July 1983. They also trained with Palestinian Terrorist groups in the 1970s. It is wrong to say these terror groups set camp in Tamil Nadu after July 1983.

    Tamil Diaspora (though not known by that name) started helping terrorism in Sri Lanka way before July 1983. A group of Tamil doctors in the UK organised themselves into EROS in the 1970s and helped establish the first Tamil terror group in the 1970s.

    Very few Tamils that left Sri Lanka as refugees participated in anti-Sri Lanka work. Most of it is done by educated Tamils who left to western countries as skilled migrants. Tamil Diaspora has sent many times more money to their relatives in Sri Lanka (billions of dollars) than to LTTE ($200 – 300 million before it’s financial activities were substantially banned in 2006).

    Sixth Amendment and PTA introduced around this time remain the most useful and intelligent moves by any Sri Lankan government since 1948. Unfortunately, these were not implemented as they should. TNA’s post-war stellar rise is the result of this deficiency.

    It is now clear the 1983 riot was caused by Tamil groups to seek refuge in rich countries in the west and escape the impending war they knew coming and the bad effects of the open economy on the north (which thrived under closed economic policy in the 1970s). It is malicious and unwise to blame the government or Sinhalese for it. Today ISIS is doing the very same thing. It stirs up violence in Iraq, Libya and Syria to displace a large population of Arabs to Europe where they expand and some of them engage in violence. Interestingly, the Tamil Diaspora will integrate with the Arabic Diaspora in western nations – two groups that follow similar tactics and the two largest number of terror groups even today. (Muslim and Tamil terrorist groups dominate the list of banned terrorist groups. While over 80% are Muslim groups, 4 are Tamil – the second highest).

    This is the approach Sri Lanka must take on the matter. Anything else is wrong and causes more damage to Sri Lanka, it’s good name and it’s war against terror.

  2. Ratanapala Says:

    Dharman missed out important happenings that went onto make Sinhala Buddhists the scapegoats for the July ’83 unrest.

    Once the curfew was in place, on four consecutive days, four very significant statements were made over the Television – Rupavahini Channel. While a shocked populace waited for the Executive President to address the nation, the UNP government and the Church plotted behind the scenes to place the blame entirely on the shoulders of Sinhalese Buddhists.

    This is how it was done.

    1. Most Ven Madihe Pannaseeha Maha Nayake Thero was asked to address the Nation first. Naturally the Mahanayake Thero requested the Nation to, not to resort to violence, have patience and be calm. The nation was angry but it was in no mood to go on a killing rampage. By getting him to address the nation J R Jayewardene got the world to believe that the Mahanayake Thero was really addressing the Sinhalese Buddhists and that they were responsible for the pogrom.

    2. The second was made by J R Jayewardene (the man with the professional mourners face- DB Nihalsinghe had to dress him for this occasion and it is mentioned he had a task to get his face in one place for the occassion)himself, , as the President of Sri Lanka. He justified the riots as the justifiable anger of the Sinhalese for the killing of the 13 soldiers in Jaffna. Here he clearly laid the blame for the pogrom on the Sinhalese. It must also be noted that UNP Goon Squads and every shade of hooligan, Sinhalese, Tamil, Muslim and other took part in the universal phenomenon of looting that followed throughout the island. In many instances old scores were settled, regardless of ethnicity, taking advantage of the deplorable and unfortunate situation.

    3. The third statement was made by R Premadasa the Prime Minister a servant of the Wijewardhana clan. He said that behind the riots was a coup organized by a Naxalite Terror Group. This was a diversionary attempt to put the blame on the pseudo socialist group led by the Catholic – Vijaya Kumaranatunge who was masquerading as a Buddhist at that time.

    4. The fourth and final statement was made by Ananda Tissa de Alwis the then Minister of Communications and Constitutional Affairs. He said the next stage of the coup would be for Sinhalese Buddhists to attack Sinhalese Christians. His was the voice of the Christian Church who would finally go to convince the world that Sinhalese Buddhists were highest common denominator of what happened and responsible for the carnage.

    With this they killed two birds with one stone; firstly the blame for the pogrom was laid firmly and squarely on Sinhalese Buddhists and secondly they set up the Christians against the Buddhists.

    The essence of the above four statements show the way J R Jayewardene and his administration manipulated the media to put the blame, for the riots by his Goon Squads, and subsequently by every shade of hooligan, on Sinhalese Buddhists. It is doubtful if Ven Madihe Pannaseeha Mahanayake Thero knew how he was manipulated to lay the blame on the Sinhalese Buddhists. The subsequent propaganda by the State media and the Christian Church convinced the world that it was the Sinhalese and especially the Sinhalese Buddhist who were responsible for the July ‘83 Riots.

    The rest now is history!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress