බැසිල්ව අත්අඩංගුවට ගත් අරුම පුදුම හේතුව, රජයේ මුදල් ප්‍රාදේශීය සභා වලට දුන්න නිසා…
Posted on July 20th, 2016

www.mahinda.info

2016/07/19 දින මව්බිම පුවත්පත 2 පිටුව

[1]. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එවකට එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ඇතුළු එජාපය විසින් චෝදනා කළේ කොමිස් ගැසීම්, ඇමරිකාවෙ මාළිගා සෑදීම් ඇතුළු මහා බිල්ලෙක් මවා පාමිනි.

වරින් වර එතුමාව සැක පිට අත් අඩංගුවට ගත්තද ඒ සෑම අවස්ථාවකදීම නිර්දෝශී වී අධිකරණයෙන් පිටව ගියේ යහපාලන පච වල තරම ජනතාව ඉදිරියේ පසක් කරමිනි.

[2]. මෙවර එතුමාව සැක පිට අත් අඩංගුවට ගෙන තිබෙන්නේ රජයේ මුදල් ප්‍රාදේශීය සභා වලට දුන්නා කියමිනි. යහපාලකයින්ට අනුව ප්‍රාදේශීය සභා යනුත් රාජපක්ෂවරුන්ගේ පුද්ගලික බූදලයක් විය යුතුය.

මේ සමග දැක්වෙන්නේ 2016/07/19 දින මව්බිම පුවත්පතේ දැක්වුණ පුවතයි. බැසිල් රාජපක්ෂ මහතාව සැක පිට බන්ධනාගාරගත කළ අරුමපුදුම චෝදනාව මෙහි දැක්වේ.

[3]. රජයේ මුදල් ඉල්ලීමකින් තොරව තවත් රජයේ ආයතනයකට දීම වරදක් නම්, රජයේ මුදල් ඉල්ලීමකින් තොරව පූජ්‍ය ස්ථානයකට පූජා කිරීම ඊටත් වඩා බරපතල වරදක් වනු ඇත. කිසිවෙකු ඉල්ලීමකින් තොරව පන්සලකට කෝවිලකට පල්ලියකට රජයේ මුදල් පරිත්‍යාග කළොත් යහපාලනයට අනුව කඩුවෙල අධිකරණයෙන් සිරගත වෙනු ඇත.

[4]. ජන සටන පාද යාත්‍රාව අගෝස්තු 1 දක්වා පැවැත්වෙයි. හරියටම අගෝස්තු 1 දක්වාම බැසිල් රාජපක්ෂ මහතාව සැක පිට සිරගත කර තිබීම විශේෂත්වයකි.

[5]. ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ අදහස් මෙලෙසයි.

යුක්තිය විහිළුවක් ද?

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද මා නම් මා මේ වන විටත් ඉල්ලා අස් වී ගෙදර ගොස් අවසන් ය. එතරම් ම නීතියට මෙන් ම සියළු යුක්ති ධර්මයන්ට එරෙහි තීන්දුවකිනි අද දින බැසිල් රාජපක්‍ෂ මහතා අගෝස්තු 1 වෙනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූයේ !

නගා තිබූ චෝදනාව වූයේ බැසිල් රාජපක්‍ෂ මහතා අමාත්‍ය ධූරය දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතන 56කට රුපියල් කෝටි තුන හමාරක (මිලියන 36) වියදමින් ජී අයි පයිප්ප බට බෙදාහැරීම ය. මූල්‍ය අපරාධ කොට්ඨාශයේ බී වාර්තාවට ම අනුව, ආදාළ පයිප්ප අමාත්‍යාශංය විසින් කිසිදු අක්‍රමිතාවකින් තොරව අදාළ පළාත් පාලන ආයතනය වෙත බාර දී ද ඇත. එසේ ම එකී පළාත් පාලන ආයතන විසින් ද අදාළ පයිප්ප බට බාරගෙන ඇති බවට වාර්තා ද තිබේ. මේ ක්‍රියාවලිය අතරතුර කිසිම තැනක වංචාවක් සිදු වී ඇති බවට ද චෝදනාවක් පොලීසිය විසින් ඉදිරිපත් කොට නැත. ඔවුන් නගා ඇති එක ම චෝදනාව නම් අදාළ බට ලබා ගැනීම සඳහා මේවා ලැබූ පළාත් පාළන ආයතන මගින් ඉල්ලීමක් කොට නොතිබීම ය. එනම් ඉල්ලීමක් නොමැති ව බට ලබා දීම වරද වී තිබේ. මෙම චෝදනාව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කොට තිබුණි.

ජී අයි පයිප්ප බට ලබා දී තිබුණේ ඇයි ?ඇත්ත වශයෙන් ම මෙකී බට ලබා දී තිබුණේ රජය විිසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයක‍ට අනුව ය. ගමක කිසියම් උත්සව අවස්ථාවක තාවකාලික මඩු සාදාගැනීම, මරණ හෝ වෙනත් ග්‍රාමීය මට්ටමේ උත්සව අවස්ථාවක කොඩි කණු ලෙස භාවිත කිරීම, සැණකෙලි අවස්ථාවන්හි දී නොයෙක් කාර්යන් සඳහා භාවිතා කිරීම ආදිය සඳහා ‍යොදා ගැනීමට මෙම බට ලබාදීමේ අරමුණ වී තිබේ.

නීතිඥ මහතුන් විසින් ඉතා දක්‍ෂ ලෙස පෙන්වා දුන්නේ නැගූ චෝදනාව තුළ කිසිදු හරයක් නැති බව ය. FCID නිලධාරීන්ට ද ඒ එකදු තර්කයකට හෝ ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව අපි නිරීක්‍ෂණය කළෙමු. සියළු දේශන අවසානයේ සැකකාර බැසිල් රාජපක්‍ෂ මහතාට ඇප ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීමට කිසිදු හේතුවක් නැති බවට වන මානසිකත්වයක් උසාවිය තුළ ගොඩ නැගී තිබුණි. එහෙත් ඒ අතර සිදු වූයේ අසාමාන්‍ය දෙයකි. මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව පසුව ගන්නා බව කියමින් උසාවිය කල්තබන ලදී. සාමාන්‍යයෙන් උසාවියක් කල් තැබෙන්නේ උපරිම විනාඩි 30ක් බව උසාවියක භාෂණ පරිවර්තයෙකයෙකු ලෙස කලක් කටයුතු කළ මම අත්දැකීමෙන් දනිමි. එහෙත් කඩුවෙල උසාවිය පැය එක හමාරකට වඩා කල් තැබුණි. අනතුරු ව අසුන වෙත යළි පැමිණි මහේස්ත්‍රාත්වරයා එක් වරම පවසා සිටියේ ඇප ලබා දීම ප්‍රතික්‍ෂේප කොට බැසිල් රාජපක්‍ෂ මහතා අගෝස්තු 1 වනදා දක්වා රිමාන්ඩ්භාරයට පත්කරන බව ය. කීමට අන් දෙයක් නැත. සැලසුම ව තිබුණේ නාමල් එළියට එන විට බැසිල් ඇතුළට දැමීම ය. එය ඒ අයුරින් ම සිදුවිය.

[6]. බැසිල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා දැක්වූ අදහස් මෙලෙසයි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

3 Responses to “බැසිල්ව අත්අඩංගුවට ගත් අරුම පුදුම හේතුව, රජයේ මුදල් ප්‍රාදේශීය සභා වලට දුන්න නිසා…”

  1. Christie Says:

    සින්හලයින්ගේ රට අද මුලුමනින්ම ඉන්දියානු යටත් විජිතයකි. මෙය වටහා ගන්නා තුරු සින්හලයාට ගැලවීමක් නැත.

  2. Wetta Says:

    Under which law in “Sinhale” does it say that one government cannot give a grant to another government agency without a request?

    Is this magistrate a “moral slave” of a politician?
    What a shame!
    What a shame to his show off as a magistrate when his actual qualifications are bound to be questionable !
    What a shame to the school of which this guy was produced !
    What a shame to his parents for creating such a slave!
    What a shame to his friends to have such “spine-less” work!

    I am sure he will be shameful of his whole life and career as a magistrate when he is simply a slave of the low lying politician.

  3. Ananda-USA Says:

    As if Arjuna Mahendran has not done ENOUGH DAMAGE to Sri Lanka, the Yamapalana GoSL is appointing him to a TOP POST …………… managing the ETCA to boot! This is asking the FOX to mind the HEN HOUSE!

    The Yamapalanaya GoSL has NO SHAME and is COMPLETELY DISREGARDING the objections of Sri Lankans, including …. apparently …..President Sirisena himself!

    Instead of being INDITED AND PROSECUTED for the Bond Scam crime, he is being given MORE IMPORTANT JOBS!

    Meanwhile, the Auditor General Gamini Wijesinghe is being HOUNDED, NO DOUBT to get him to RECANT the his SCATHING audit of the Bond Scam!

    Yahapalanaya INDEED! What a FARCE!

    ……………………
    A top post for Mahendran

    DailyMirror.lk
    July 19, 2016

    Former Central Bank Governor Arjuna Mahendran is to play a major role in finalizing trade agreements with foreign countries including the proposed Indo-Lanka Economic and Technological Cooperation Agreement (ECTA), top government sources said today.

    He is also expected to play a role in the government’s programme of providing one million jobs which was one of the pledges made by the Government during the recent elections.

    Mr. Mahendran is expected to be assisted by several top personalities from the private sector in implementing the programme to generate one million jobs.

    Sources said he would play a major role in initiating the free trade agreements which Sri Lanka hoped to sign with China and Singapore.

    Mr. Mahendran is expected to return to the country today and will participate in a meeting with experts in several fields at Temple Trees on Thursday. (Yohan Perera)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress