මං අගමැතිද.. ඔබ මන්ත‍්‍රීද.. මෙහෙම කෝලමක් ලොවෙත් නෑ.. විමල් අගමැතිගේ මූණටම කියයි.. [Video]
Posted on July 21st, 2016

කාලීන වැදගත්කමකින් යුත් පොදු ජනතාවට බලපාන ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විමසා සිටි විට එයට සාධාරණ පිළිතුරක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

තමන්ට මන්ත්‍රීවරයකු ලෙස එවැනි ප්‍රශ්නයක් ජනතාව වෙනුවෙන් නැගීමට තිබෙන අයිතිය උදුරා ගනිමින් එම අවස්ථාවේදී අගමැතිවරයා තමන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසමින් පාර්ලිමේන්තුවට විකට රසාංගයක් ඉදිරිපත් කළ බව ද ඒ මහතා එහිදී පැවසීය.

විමල් වීරවංශ මහතා අද අගමැතිවරයාගෙන් ඇසීමට යොමු කළ කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නය, එහිදී අගමැතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය හා විමල් වීරවංශ මහතා නැගූ අතුරු ප්‍රශ්න ඇතුළත් වීඩියෝ පටය පහත දැක්වේ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress