ජාතිවාදය හා ජාත්‍යන්තර භීතිකාව
Posted on July 22nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

යාපනය විශ්ව විද්යාලයේ සිසුන්ගේ හැසිරීම පිලිබඳව රජය දක්වන ආකල්පය ඉතාම විචිකිච්ඡා සහගතය. එම සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර කිලිනොච්චියට ගිය ජනාධිපතිවරයා, තම සුපුරුදු සංහිඳියාව පිලිබඳ කතන්දරය පැවසූ අතර එහිදී කියැවුනු විශේෂ යමක් විය. ජනතාව වෙතින් දෙවරක් ප්රතික්ෂේප වූ අය නව බලවේග හදන්නට යාම පිලිබඳවත්, ‘රට හැම තැනම කෑ ගහන අය උතුරට ඇවිත් කෑ ගහනවද?’ යන ප්රශ්ණයත්ය.

 

වත්මන් ජනාධිපතිවරයා අද උතුරට පැමින මෙසේ කයිවාරු ගසන විට ඔහුට අමතක වූ ප්රධානම දේ මෙසේ බිය සැක නැතිව උතුරට එන්නට පාර එලි පෙහෙලි වුනේ කෙසේද යන කරුණයි. සමහර විට ඔහු සිතනවා ඇත්තේ යුද්ධයේ අවසාන දින 2 – 3 තුල ආරක්ෂක ඇමති කමේ වැඩ බැලුවේ තමා නිසාත්, සෑම සියලු දේම තමා කලා යැයි කියමින් කෑ ගසන, මමත්වයෙන් පිම්බී සිටින සරත් ෆොන්සේකා නම් යුගයේ සිටි හමුදාපතිවරයා තම අමාත් මණ්ඩලයේ සිටින නිසාත් යුද්ධය අවසන් කලේ තමන් දෙපොල කියාවත්ද?

 

එදා ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ගත් තීන්දු තීරණ අනුව යුද්ධය අවසානයක් දුටු බව වත්මන් ජනාධිපති නොදත්තාට බව මතක ඇති ජනතාවක් රටේ අදටත් සිටිති.

 

ජනතාව වෙතින්දෙවරක්ප්රතික්ෂේප වූ අය ගැන ජනාධිපතිවරයා කතා කරයි. මේ දෙවරම තමාගේ ජයග්රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගත් ගිවිසුම් මේ කතාවෙන් ඔහු පිලිගෙන ඇත. පලමුවර නම් ඔහු එරෙහි වූයේ මහින්ද රාජපක්ෂටය. එදා ඔහු එම තීරණය අර්ථ කථනය කලේ දූෂණයට, වංචාවට, පවුල් වාදයට එරෙහිව කල සටනක් ලෙසය. නමුත් දෙවන වර? එනම් 2015 අගෝස්තුවේදී ඔහු ද්රෝහී වූයේ තම පක්ෂයටය. එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. සන්ධානයට ඡන්දය දුන් ජනතාවටය. රජයක් ස්ථාපිත කරන්නට අවශ් අවම ආසන සංඛ්යාව වන ආසන 113 වත් දිනා ගැන්මට අපොහොසත් වූ එජාපයට, ආධාර පතා සුලු පක්ෂ හමුවේ දනින් වැටෙන්නට නියමිතව තිබූ එජාපයට, කිසිම කරදරයකින් තොරව බලයට එන්නට කොන්දේසි විරහිතවම අත දුන්නේ, බලයට කෑදර වූ තම පාක්ෂික මන්ත්රීවරු පිරිසක් එජාපයට සහය පිනිස ඈඳාගත් මෙෙත්රීපාල සිරිසේන සහ දුමින්ද දිසානායකය. කොන්දේසි තිබෙන්නට ඇති. නමුත් ජනතා සුභ සිද්ධියට නොව සිය ආත්ම පෝෂණය සඳහාය. සඳහා ජනතාව වෙතින් පැහැදිලිවම ප්රතික්ෂේප වූ අයද ඇමති පට්ටම් දී හවුල් කරගත් මෙෙත්රී කිසිදු ලැජ්ජාවක් නැතිව මහින්ද පිලටජනතාව වෙතින් ප්රතික්ෂේප වූවන්යැයි චෝදනා කරයි. එමෙන්ම ඔහුගේ හිත මිත් අගමැති රනිල් වික්රමසිංහ යනු පිට පිටම 29 වතාවක් ජනතාව වෙතින් ප්රතික්ෂේප වූවෙකු බව මෙන්ම 2015 ජනවාරි 9 වනදා ඔහු ව්යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් පිටුපස දොරින් අගමැති පුටුවට පැනගත් හැටි මේ වසර එක හමාර තුල ජනාධිපතිට අමතක වූ රඟ නම් අපූරුය.

 

යාපනය විශ්ව විද්යාලයේ සිසු ගැටුම සම්බන්ධව කතා කල යුතුමය. මෙය විවිධ ඇමතිවරුන් විසින් විවිධ ආකාරයෙන් අර්ථ දක්වති. උසස් අධ්යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලට අනුව, ඔක්සිජන් සැපයුමක්ද සහිතව රෝහලට ඇතුලත්ව සිටින සිසුවාටගලකින් ගැසූකෙනාගේ මුහුණ මතක බැවින් පිලිබඳ ක්රියා මාර්ගයක් ගනු ඇත. ජනාධිපතිට අනුව මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුය. තවත් කවුදෝ එජාප මන්ත්රීවරයෙක් පැවසුවේප්රසිද්ධ පාසල්වල සිසුන් ක්රීඩා තරග අතරතුර ගහගන්නාබැවින් මෙයද එවන් සිද්ධියක් බවත්, සමහරු ජාතිවාදී ප්රශ්ණයක් ඉදිරියට දමා එයින් වාසි ගන්නට හදන බවත්ය. අන්තරේ අදහසත් මීට සමානය. මේ කතා වලට හරි පිලිතුර කීවේ චම්පික රණවක ඇමතිවරයාය. කැළණිය විශ්ව විද්යාලයේ නවක වදය සිද්ධියේදී නොපැකිලී සිසු සිසුවියන් පිරිසක් රිමාන්ඩ් කල ආකාරයට මෙතැනදීත් සාධාරණව ක්රියා කරමින් පහර දුන් අයට දඬුවම් කල යුතු බවය. සැබැවින්ම ජාති භේදය නැමති බිජු බඩේ තබාගෙන නැතිනම්, හිතේ හොරයක් නැතිනම්, සැමට සමාන අවස්ථා ලැබෙන පරිදි වැඩ කටයුතු සිදු වනවා නම්, සිදුවිය යුත්තේ එයයි.

 

සියල්ල මැද ලොව පුරා සංසරණය වන ටැමිල් නෙට් වෙබ් අඩවිය පවසනුයේ සිංහල ජාතිවාදී සිසුන් දෙමල සිසුන්ට පහර දුන් බවයි. නමුත් තුවාල වී සිටින්නේ සිංහල සිසුන්මය. බොහෝ විට බාහිර ලෝකයා, එනම් අප රජයේ මහානුභාව සම්පන්න හිත මිතුරු ජාත්යාන්තරය සැමදා කලාක් මෙන් මෙය ඉස් මුදුනින් පිලිගෙන, යලිත් සිංහල ජාතිය කලහකාරී, ම්ලේච්ඡයන් ලෙස හංවඩු ගසනු ඇත. රජය මේ ප්රශ්ණය සම්බන්ධව පාදයක් පිටුපසට ගෙන දක්වන ආරක්ෂාකාරී පිලිවෙතේ රහස මෙයයි.

 

ද්රවිඪ ජනතාවට සිදු වූ අසාධාරණකම් වෙනුවෙන්, 1983 දී ඉගෙනගත් පාඩම් ඔස්සේ යම් යම් පියවරයන් ගැනීමට ඉන් පසුව බලයේ සිටි රජයන් කටයුතු කලහ. රටේ රාජ් භාෂා ලෙස සිංහල හා දෙමල යන භාෂාවන් දෙකම පිලිගෙන ඇත. දෙමල මාධ් පාසල්, පාඨමාලා අප රටේ ඇත. අවශ් පෝර්මයන් පිරවීමට, විභාගවලට  තම අභිමතය පරිදි අදාල භාෂාවෙන් පෙනී සිටීමට ඉඩ ප්රස්ථා ඇත. දෙමල බස කතා කරන ජනතාව ඇති ප්රදේශවලට භාෂා නිපුණත්වය ඇති නිළධාරීන් පත් කෙරෙති. හින්දු කටයුතු, මුස්ලිම් කටයුතු සඳහා අමාත්යංශ ඇත. සියලුම විද්යුත් හා මුද්රිත මාධ්යයන් භාෂාවන් 3 න් ක්රියාත්මක වේ.වෙන එකක් තබා සුපිරි තරු තෝරන තරගද භාෂා ත්රිත්වයෙන්ම පවත්වනු ලබයි.

 

නමුත් මේ සියල්ල තුල මෙවන් ආතතියක් වර්ධනය වෙමින් යන්නේ ඇයි?

 

මහින්ද රාජපක්ෂ සටන් කලේ ත්රස්තවාදයට එරෙහිවය. ඔහුගේ රජය සමයේත් මේ සියලු පහසුකම් සහ අමාත්යංශ තිබිනි. යුද්ධය අවසන් වූ පසුව යාපනය දක්වා දීඝර්කෙරුන දුම්රිය මාර්ගය, කාපට් අතුරා සදන ලද මාර්ග, පුලුල් වූ සන්නිවේදන පහසුකම් බාහිරින් අප දුටුවේ යටිතල පහසුකම් සංවර්ධනයක්  ලෙස පමනි. නමුත් මේ සංවර්ධන කටයුතුවල බලපෑම ජනතාවට අනිවාර්යයෙන්ම දැනේ.ඉදිවුනු මාර්ග පද්ධතීන් ඔස්සේ දියුණු වන ප්රවාහන සේවා මගින් රටේ ඕනෑම පෙදෙසකට යාම් ඊම් කිරීමට ඉඩ ලැබේ. මේ තුලින් රටේ අනිකුත් ප්රදේශවල සිදුවන දේ දැන ගැනීමටත්, ජනතාවට එකිනෙකා සමග මුහු වීමටත් අවස්ථාව සැලසෙයි. එදා පාරවල් විවෘත වීමත් සමග උතුරෙන් දකුණටත්, දකුණෙන් උතුරටත් සංචාරය කල ජනතාව එසේ අත්දකීම් ලබා නොගත්තෝද? එතෙක් උතුරේ නොදැරිය හැකි අධික මිලට තිබූ භාණ්ඩ රටේ අනෙකුත් ප්රදේශවල පවතින මිලටම ලබා ගැනීමේ, තම භාණ්ඩ හුවමාරු කර ගැනීමේ අවස්ථාව මේ ඔස්සේ ඔවුන්ට නොලැබිනිද? කෘතිමව දේශනා කරන සංහිඳියාවකට වඩා රටක සංවර්ධය තුල නිරායාසයෙන්ම වර්ධනය වන සංහිඳියාව වඩාත් තිරසාරය. සඳහා ජනතාවට ලැබිය යුත්තේ (නමට පමනක් සීමා නොවූ) සමාන අවස්ථා හොඳ ආර්ථික ස්ථාවර බවකුත්ය.

 

එදා 1983 ජුලි කලබල ඇතිවීමට පෙර සංවිධානය වූ දෙමල විමුක්ති කොටි, ප්ලොට්, ඊරෝස්, ඊපීආර්එල්එෆ් වැනි සන්නද්ධ කණ්ඩායම්  සිදුකල ඝාතන, මංකොල්ලකෑම් වැනි ක්රියාවන් නිසා ජේ ආර් රජය දෙමල ජනතාව නොතකා හරින තැනට පත්විය. සන්නද්ධ කණ්ඩායම් බිහි වීමට හේතුව වූයේද නිදහසින් පසුව බිහි වූ රජයන් වෙතින් වරින් වර ප්රතිපත්තිමය වශයෙන් දෙමල ජනතාවට සිදුවූ අඩු ලුහුඬුකම්ය.  1977 දී පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය,  මේදෙමල කොල්ලන්ගේ ක්රියාකාරකම්වලට එකට එක කිරීමක් ලෙස සිදුකල පහරදීම්ද, 1981 සංවර්ධන සභා ඡන්ද මංකොල්ලය, පුවත්පත් කාර්යාල ගිනි තැබීම්, යාපනය පුස්තකාලය ගිනිතැබීම ආදියද ඔස්සේඇහැට ඇහැදතට දතන්යායයෙන් සටනට බැස්සාහ. 1983 දී සිදුවුනේ මේ තත්වය පාලනය කරගත නොහැකි ලෙස දුර දිගට ගෙන යාමයි. 1983 ජුලි මස 24 වන දින ජාතිවාදී කලබල ඇරඹුන පසු ඇදී ගිය ඛේදනීය පැය 24 ක් ගතවන තුරු ඇඳිරි නීතිය නොපනවා සිටීම තුල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ දරදඬු ප්රතිපත්තිය කැපී පෙනුනි. මේ සිද්ධීන්ගෙන් පසුව ශ්රී ලංකාවට ජාත්යන්තරය තුල හිමි වූයේ ඉතාම කණගාටුදායක ස්ථානයකි.

 

සාමාන්යයෙන් වැදගත් විදියට හැසිරෙන විදේශ කටයුතු පිලිබඳ නියෝජ් ඇමති හර්ෂ සිල්වා මේ මෑතකදී අසාමාන් පිලිවෙලකට තම ගිරිය පුප්පාගෙන කෑ ගැසුවේය. “තමුසෙලා මොනවද පහුගිය අවුරුදු 8 , 10 කලේ? අපි ඇවිත් අවුරුදු 1 1/2 න් ජාත්යන්තරය තුල ශ්රී ලංකාවෙ නම හදා ගත්තායි ඔහු කීය. එය නම් සැලකිය යුතු කතාවකි. මන්ද ජාත්යන්තරය තුල ශ්රී ලංකාවේ නම ඉතා නරක ලෙස කෙලෙසා දැමුවේ ඔවුන්ගේම පැරණි නායක තුමා වන ජේ. ආර්. ජයවර්ධන ප්රමුඛ එවකට සිටි එජාප රජයයි. එමෙන්ම එවක අගමැති ආර්. ප්රේමදාසගේ තිරිංග නොමැති කට නිසා ඉන්දියාව ශ්රී ලංකාව සමග වෙෙර බැඳගත් අතර, ඔවුහු එල්ටීටීඊ තම භූමිය තුල පුහුණු කඳවුරු පවත්වාගෙන යාමටත්, රැකවරණ ලැබීමටත් ඉඩකඩ සැලසූහ. කලාපීය බලවතා වූ ඉන්දියාව ද්රවිඪ සටන්කාමීන්ට ලබා දුන් රෙකමදෝරුව ලක් රජය සමග ජාත්යන්තර සබඳතා බිඳී යාමට බල පෑවේය. නමුත් වත්මන් රජය මේ සියල්ල අමතක කර ජාත්යන්තරය තරහවීමේ වරද මහින්ද රාජපක්ෂ පිට පමනක් පටවා ඇත.

 

බෙදුම්වාදී ත්රස්තවාදය පරාජය කල මහින්ද රාජපක්ෂ සමග ඔවුන් මේ හැටි අමනාප වී ඇත්තේ, ජාත්යන්තරය මේ බෙදුම්වාදය අනුමත කරන නිසා බව මොවුන්ගේ ටිකිරි මොලයට නොවැටහෙන්නේ ඇයි? 1983 ජුලි කලබල වලින් පසු ආරක්ෂාව පතා විදේශ රටවලට පලා ගිය ද්රවිඪ ජනතාවගෙන් පිරිසක් එහි සිට ශ්රී ලංකාව ම්ලේච්ඡයන්ගේ දේශයක් බවට ගෙන ගිය ප්රචාරණ යාන්ත්රණය ජාත්යන්තරය අදටත් පිලිගනිති. ශ්රී ලංකාවේ ජනාධිපති, ඉන්දීය හිටපු අගමැති ඇතුලු දස දහස් සංඛ්යාත ජනතාවක් ඝාතනය කර, එහි වගකීම් භාරගත් එල්ටීටීඊ යේ අභිමතයන්, ජාත්යන්තරය විසින් ශ්රී ලංකාව කෙරෙහි දක්වන ආකල්පය තුල සාධාරණීකරණය කෙරේ. ඔවුන්ගේ ස්ථාවරය තුලසිංහලයන වචනයටවත් ඉඩකඩක් නැත. එබැවින්, සිංහල අනන්යතාවය විදහා දක්වන කිසිදු කටයුත්තකට ඉඩකඩ නැති බවට පැහැදිලි පනිවුඩයක් මේ යාපනය සිසු ප්රහාරයෙන් ලබාදී තිබියදී රජය පාර්ශ්වයෙන් අනුගමනය කරන බියගුලු පිලිවෙතත්, ජාත්යන්තරය සතුටු කිරීමට ක්රියා කරන පිලිවෙලත් අනුව වත්මන් රජය පවසන ජාතීන් අතර සංහිඳියාව කෙතෙක් දුරට යතාර්ථයක් වේ දැයි සැක සහිතය.

 

මෙයද ජාතිවාදයේම තවත් මුහුණුවරකි. දකුණේ විශ්ව විද්යාල සිසුන් අතින් වන වරදකට ඔවුන්ගේ ඔලු පලන්නට, රිමාන්ඩ් කරන්නට දෙවරක් නොසිතන රජයේ ඇත්තෝ, පහර දීම පිලිබඳ ඇස් පනාපිට සාක්ෂි තිබියදී එය සාකච්ඡා මගින් සමථයකට පත් කර ගැන්මට එනම්ආයිම කරන්නෙ නෑකියා කියවාගෙන හරියට හුරතල් දඟ වැඩක් කල අයට මෙන් උතුරේ විශ්ව විද්යාල ශිෂ්යයන්ට සලකන්නේ එසේ නොමැති වුවහොත් ජාත්යන්තරයෙන් සෝලි වැටේවි යන බියටද? නමුත් රට තවම බෙදා නැති නිසා උතුරේ හෝ දකුණේ සිටින්නේ ජාති දෙකක නමුත් ශ්රී ලාංකික දරුවෝය. මේ දෙපිරිසට හැඳි දෙකකින් බෙදීම ජාතිවාදයේ  ප්රභේදයක් වන වෙනස් කොට සැලකීමයි.

 

අරණායක නාය යාමෙන් විපතට පත් ජනතාව මුහුණ දෙන ගැටලු ගැන මාධ් විමසූ විට, ආපදා කළමණාකරන ඇමති පැවසූයේකැබිනට් පත්රිකාවක් දාල මුදල් අනුමත කරගන්න තව ටික කලක් යාවිකියායි. නමුත් තමන්ට සැප වාහන හෝ අනිකුත් වරප්රසාද අනුමත කර ගන්නා ඉක්මන මිනිසුන් දන්නේත් නැත. මේවාට ජනාධිපති පවසනුයේ උතුරේ මිනිසුන් අවුරුදු 27 ක් කඳවුරු වල සිටින නිසා තව ඉවසන්න කියායි.

 

ආපදා කළමණාකරනය පමනක් නොව රටේ සෑම ක්ෂේත්රයකටම බලපා ඇති මේ කල් ඇදීමේ ප්රතිපත්තිය තුල තැලී පොඩි වනුයේ සාමාන් ජනතාවයි. ඊට සිංහල දෙමල කියා භේදයක් නැත. මේ වරද හදා ගන්නේ නැතිව උතුරට බොරු ලීලයක් පාන්නට ගොස්, එදා ජේ ආර් වැලඳී තිබුන දෙමල අසාත්මිකතාව වෙනුවට ජාත්යන්තරය සනසනු වස් සිංහල අසාත්මිකතාව පිලිබඳ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට ගියහොත් ඉන් ජාතිවාදයේ ගිනි පුපුර යලි ඇවිලීම නම් නොවැලැක්විය හැකිය.

 

 

4 Responses to “ජාතිවාදය හා ජාත්‍යන්තර භීතිකාව”

  1. NAK Says:

    Koti gahala madi thopita!!

  2. plumblossom Says:

    plumblossom Says:

    July 22nd, 2016 at 2:52 am

    Sri Lanka should tell the US that Sri Lanka cannot abide by the UNHRC resolution. The Sri Lankan Army did not commit any war crimes. It is the LTTE terrorists who committed war crimes throughout 26 years of war. No country with an ounce of self respect will place their army in harms way to be tried by a court domestic or hybrid of war crimes the army did not commit in anyway. If individual soldiers committed any crimes, a complaint can be placed in a court of law in Sri Lanka. Why is there a need for special judicial procedures? This government is a puppet of the US, EU, UK, Norway, Sweden, Canada and India and is so subservient to US interests that it is ready to try its own armed forces for crimes that the armed forces did not commit. All the while, the LTTE terrorists who committed war crimes are being shown as totally innocent. Using the ploy of wanting a new constitution which almost all Sri Lankans don’t want, this treacherous government is trying to create a separate state in the guise of a federal state as the TNA separatist terrorists and the US, EU, UK, Norway, Sweden, Canada and India wants. Sri Lanka should tell the US that Sri Lanka cannot abide by the UNHRC resolution. The worst that the US, UK, EU, Sweden, Norway and India can do is impose sanctions on Sri Lanka. So what? Sri Lanka can trade with all the countries of Asia and the rest of the world even if the US, UK, EU, Norway, Sweden and India imposes sanctions. Sri Lanka can grow rice, we have jack fruit, bananas, bread fruit and plenty of water too. So we will not starve just because the US, UK, EU, Sweden, Norway and India imposes sanctions. Also since we can trade with the powerful economies of Asia which includes the Middle East, South East Asia, South Asia, the Far East and Central Asia as well as the rest of the world, actually, we may be OK economically too despite any sanctions imposed by the US, EU, UK, Norway, Sweden, Canada and India. However by avoiding implementing the unjust UNHRC resolution, Sri Lanka will safeguard its independence and freedom which is the most important thing for the next thousands of years as we have safeguarded our independence and freedom for at least the last 2600 years and avoid the creation of a separate state or eelam in the guise of a federal state. So Sri Lanka must very urgently tell the US that we will not abide by the unjust UNHRC resolution but carry out our own domestic process of reconciliation as we see fit. Let the imperialist US impose sanctions. Nothing much will happen to our economy since we can trade with the powerful economies of Asia and the rest of the world instead but Sri Lanka would have preserved its independence and freedom for the next thousands of years and avoid the partition of the country and the creation of a separate state which will be Sri Lanka’s end.

  3. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

  4. Ancient Sinhalaya Says:

    Backbone less Vairapala sorrysena is a mere puppet. He is nothing in front of murderous, all too powerful
    traitor chief pol pot ponil wickramaSinhalakiller. Vairapala trying to show he is the boss to outside world.
    Uneducated traitor has no idea how much people hate him. He knows now he has done so much damage
    to the country, Sinhalese and Buddhism.

    He has gone too far on the treachery road. There is no going back.
    So now he doesn’t care. His only wish is to get to the airport when a regime change comes. He knows any
    of the countries in the west will welcome him since he danced to their tune. So the traitor pambaya carries on regardless with his treacheries!
    You pambaya, shaming those proud ancient kings since you coming from an area like Polonnaruwa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress