යාපනයේ දෙමළ සිසුන් මේ අත වැනුවේ සංහිඳියාවටද?වෙස්‌ නැටුමට බලි ඇරියේ මෙහෙමයි
Posted on July 24th, 2016

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

සැකකරු වෙනුවෙන් පෙනීසිටිමට අධිකරණයට පැමිණෙන ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා

මෙරට දෙමළ දේශපාලනය බෙදුම්වාදය අදහන තාක්‌කල් සහජීවනය සහ සංහිඳියාව යනු කවුරු කවුරුත් දකිනා දවල් හීන බවට පත්වීම වැළැක්‌විය නොහැකිය. සත්‍යය ඇත්තේ එතැනය.

අතීතයේද එය එසේම සිදුවිය. මෑතකාලීන ඉතිහාසය විසින් එයට ඕනෑ තරම් උදාහරණ අපට සපයා දී ඇත. පැහැදිලිවම කිවහොත් මේ රටේ සිංහල දෙමළ ජනතාව අතර පැවති අෙන්‍යාන්‍ය සබැඳියාව සුණු විසුණු කර දැමුවේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය ය.

මුළු රටම තිස්‌ වසරක්‌ පුරාවට විසාලා නුවරක්‌ කළ වෙලුපිල්ලේ ප්‍රභාකරන් 70 දශකයේදී කරළියට පැමිණෙන්නේද ඒ බෙදුම්වාදය හමුවේය. එසේ නොවේ යෑයි කියන්න අපේ අතීතය කිසිවකුටත් ඉඩක්‌ තබා නැත.

එකී මජර දේශපාලනය හැමදාමත් මස්‌ රාත්තලම ඉල්ලීය. ඊළම ඔවුන්ගේ එකම පැතුම විය. ඒ වෙනුවෙන් ඔවුහු උතුරේ දෙමළ තාරුණ්‍යයේ මොළ සේදූහ. මේ රට තුළ වෙනම රාජ්‍යයක්‌ය යන බෙදුම් ඉර ඇඳෙනතුරු කළහැකි සෑම දුෂ්ටකමක්‌ම කළහ. අද ද එය සිදු වෙමින් ඇත.

එහෙත් විජාතික කුමන්ත්‍රණයක කූඨප්‍රාප්තිය සේ මතුවුණු වත්මන් යහපාලනයට නම් මේ කිසිත් අදාළ නැත. ඔවුන් යමින් සිටින්නේ චිරාත් කාලයක සිට මේ රටට එරෙහි විජාතික කඳවුරට සහ දෙමළ දේශපාලනයට ඇවැසි වූ බෙදුම්වාදයේ ගමන බව නම් දැන් හොඳහැටි පැහැදිලිය.

එක්‌ අතකින් ජාතක කරපු කඳවුර වෙනුවෙන් පෙනී සිටිනු හැර අවජාතක නොට්‌ටිගේ පුතකු වන්නට යහපාලනයට හැකියාවක්‌ද නැත. අද ඇතැමුන් දිවුරුම් හතක්‌ දිවුරා කුමක්‌ කීවද මේ යථාර්ථය අප සිහි බුද්ධියෙන් වටහාගත යුතුය.

අප ආණ්‌ඩුවට මෙසේ චෝදනා කරනුයේ නිකම් ආවාට ගියාටද? නැත. යහපාලනයේ සියලු ක්‍රියාකාරකම් තුළ සැඟවී ඇත්තේ රටට කුමක්‌ සිදු වුවත් පත අට එකට සිඳුවා ශ්‍රී ලාංකික උරුමයට තිත්ත කෂාය පොවන අතරේ ජාතිකවාදයට කොකා පෙන්වීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන නිසාය.

ඒ බව පෙන්වා දෙන්නට ගෙවී ගිය වසර එකහමාරක කාලය තුළ කරළියට ආ කරුණු කාරණා නම් බොහෝය. එහෙත් ඒ සියල්ල පිළිබඳ කතා කිරීමට අවශ්‍ය නැත. ඉකුත් 16 වැනි සෙනසුරාදා දිනයේ රටම යළි කම්පනයකට පත් කරමින් යාපනය සරසවියේ ඇති වූ සිංහල, දෙමළ සිසු ගැටුමේදී යහපාලනය හැසිරුණු ආකාරය ඊට හොඳටම සෑහෙන්නේය.

තිස්‌ වසරක්‌ පුරාවට මේ රට වැනසූ ප්‍රභාකරන් සොයා එදා අපේ රණවිරුවන් ජීවිත පරදුවට තබමින් පෙරට යද්දී ඔවුන්ව අවමානයට ලක්‌ කර ගොන් කතා පවසා ගොන් ආතල් ගත් ඇතැම් සට්‌ටඹින්ගෙන් ගහණ පාලනයකින් මින් එහා දෙයක්‌ බලාපොරොත්තු වීමටද නොහැකිය.

එහෙත් මේ පිං බිමේ ඉරණම් කතාව අද පැහැදිලිවම ලියෑවෙමින් තිබෙන බව පෙනි පෙනීත් එකී මන්ද බුද්ධිකයන් සබුද්ධික වනතුරු අපට බලා සිටිය හැකිද? එසේ කළ යුතුද? අප ඒ ප්‍රශ්න යොමු කරන්නේ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ හදවත්වලට දැනෙන්නටය.

සැබැවින්ම ඉකුත් 16 වැනිදා යාපනය සරසවිය තුළ සිදුවූයේ කුමක්‌ද? මුලින්ම කිව යුත්තේ යහපාලනයට අනුව නම් කිසිවක්‌ම සිදුවී නොමැත යෑයි කියාය. එය විශ්විවිද්‍යාල සිසුන් අතර ඇති විය හැකි සාමාන්‍යයක්‌ බව ආණ්‌ඩුවේ මැති ඇමැත්තෝ හැකි වෙර දමා සමාජගත කරන්නට තැටමූහ. දැනුදු තටමන්නාහ.

ඔවුන්ට අනුව එකී ගැටුම තුළ බෙදුම්වාදයක්‌ හෝ ජාතිවාදයක්‌ තිබී නැත. එසේ වූවේ යෑයි කියන්නෝ ආණ්‌ඩුවේ සංහිඳියාවට සහ සහජීවනයට හතුරුකම් කරන්නෝය. ජාතිවාදීහුය. එහෙත් මේ කතා ඇසෙද්දී යහපාලනය දෙස බලා “වෙච්ච දේට එන්න සෙයියදු” කියනවා හැරෙන්නට අපට කියන්නට වෙන යමක්‌ නැත.

සැබැවින්ම ඉකුත්දා ඇතිවූ යාපනය සරසවි සිසු ගැටුමේ සත්‍යය ඇත්තේ ආණ්‌ඩුව මේ කියන තැනද? මෙදා සිදු වූයේ අතීතයේ හෙවත් එදා සිදුවූ දේම නොවේද? මෙකී එදා සිදුවූ දේ යනු කුමක්‌ද?

යාපනය සරසවිය ආරම්භ කෙරෙනුයේ 1974 වසරේදීය. ඒ විද්‍යා පීඨයක්‌ ලෙසිනි. මේ කාලය යනු නූතන දෙමළ බෙදුම්වාදය හෙවත් ඊළාම් සංකල්පය පැහැදිලිවම ඉස්‌මතු වෙමින් තිබූ යුගය විය. එහෙත් යාපනය සරසවිය ආරම්භයේ හෙවත් එකී යුගයේ සිංහල සිසුන් මෙන්ම සිංහල ආචාර්යවරුන්ද එහි වූහ. සරසවිය තුළ තිබුණේ අෙන්‍යාන්‍ය වශයෙන් බැඳී තිබූ බුද්ධිමත් සහෝදරත්වයකි. ජාතිවාදයක්‌, ආගම්වාදයක්‌ හෝ සංස්‌කෘතිකවාදයක්‌ එකල එහි නොවිණි.

ඇත්ත එය වුවද එකී තත්ත්වය පැවතියේ වසර දෙකක පමණ කාලයකි. යාපනය සරසවිය තුළ තිබෙන සිංහල දෙමළ සහෝදරත්වය බෙදුම්වාදයට බරපතළ බාධාවක්‌ බව බෙදුම්වාදීහු දුටහ. අවසානයේ එය කඩා බිඳ දැමිය යුතු බව ඔවුහු කල්පනා කළහ.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්‌ද? යාපනය අර්ධද්වීපයේ විවිධ තැන්වලදී සිංහල විශ්වවිද්‍යාල සිසුන් ඉලක්‌ක කර අමානුෂික පහරදීම් සිදු වන්නට විය. ඒවා සිදු කළෝ බෙදුම්වාදීහුය. ඊළාම් සිහිනය දුටුවෝය. මෙකී පහරදීම් දිගින් දිගටම සිදු වන්නට විය.

යාපනය සරසවියේ අධ්‍යාපනය හැදැරූ මාරසිංහ සිසුවාට මෙසේ එල්ල වූ අමානුෂික ප්‍රහාරයක්‌ හේතුවෙන් ඉදිරි ජීවිතය රෝද පුටුවක ගෙවන්නටද එදා සිදු විය. එය සිදු වූයේ 1977 වසරේදීය. එසේ නැතහොත් අපට අසා පුරුදු ධර්මිෂ්ඨ යුගයේදීය.

මේ හේතුවෙන් 1977 වසරේ සිට යාපනය සරසවියෙන් සිංහල සිසුන් සහ ආචාර්යවරුන් ඉවත් කරන්නට එකල යාපනය සරසවි පාලනාධිකාරය තීරණය කළේය. බෙදුම්වාදීහු ජය ගත්හ. යාපනය සරසවියේ තිබූ සිංහල, දෙමළ බුද්ධිමත් සහෝදරත්වය සුණු විසුණු වී ගියේය. පැහැදිලිව කිවහොත් එතැන් සිට යාපනය සරසවියට “සිංහල නම් වානා” විය. දෙමළ බෙදුම්වාදය නැතහොත් ඊළාම් වාදය සමඟ වන යාපනය සරසවියට අදාළ අතීත කතාව වන්නේ එය ය.

මේ රටේ සුවහසක්‌ දරුවන්ගේ නැණැස පෑදූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇතුළු සරසවි ආචාර්යවරු කිහිපදෙනකුම එදා යාපනය සරසවියේ සිට ඊළාම් බෙදුම්වාදය හමුවේ ඉන් ඉවත්ව පැමිණි පිරිසට අයත් වූහ.

එතැන් සිට මේ රටට සිදුවූ දේ බොහෝය. ඒ සියල්ල සිදු වූයේ අපේ ඇස්‌ ඉදිරිපිටය. අද යහපාලනයේ සිට බෙදුම්වාදයේ පිටකසමින් රට පාවා දෙන්නට දඟලන බොහෝ ඇත්තෝද මේ අතීතය දැන සිටින්නාහ. සත්‍යය එය ය. එහෙත් අටපාස්‌ දේශපාලනයට නම් මෙකී අතීත කතා මැජික්‌ වන්නටද බැරි නැත.

කෙසේ වෙතත් එකී දුෂ්ට වූ දෙමළ බෙදුම්වාදය දැනුදු යළි යළිත් හිස ඔසවමින් තිබෙන බව ඇස්‌පනාපිට තිබියදී අද සංහිඳියාව සහ සහජීවනය නමැති වල්ගයේ එල්ලී දිව්‍යලෝකයට යන්නට දඟලන යහපාලකයන් පසුගියදා ඇතිවූ යාපනය සරසවියේ සිසු ගැටුම දෙස බලා බයිලා කියමින් සිටිනුයේ අතීතය අපට මෙසේ පාඩම් කියා දී තිබියදී නොවේද?

සංහිඳියාව සහ සහජීවනය නමැති වල්ගයේ එල්ලී මෙවන් කතා කී කල දිව්‍ය ලෝකයට යන්නේ යෑයි මෙකී දේශපාලුවන් සිතනවා විය හැකිය. එහෙත් මාර්ගය වැටී ඇත්තේ ප්‍රේත ලෝකයට බව කිසිවකුත් නොදන්නේය. මෙහිදී ඔවුන් මොන ලෝකයක ගියත් අපට ගැටලුවක්‌ නැත. එහෙත් අපේ ඡන්දයෙන් බලයට පැමිණ එසේ ගමන යන අතරේ මේ රට අපාගත කරන්නටද ඔවුqහු සැරසෙන්නාහ. ඒ මොන අයිතියක්‌ නිසාද? අපට ඇති ගැටලුව එය වන්නේය.

ඉකුත් 16 වැනිදා යාපනය සරසවියේදී ඇති වූ සිසු ගැටුම පිළිබඳ කතා කිරීමේදී ඉහත කී අතීතය ගැන අප මුලින්ම සඳහන් කරනු ලැබුවේ යම් යම් වෙනස්‌කම් තිබුණද එදා කතාවට අද කතාව බොහෝ දුරට සමාන වන බැවිනි.

වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අවසන් කිරීමත් සමඟ දෙමළ ඊළාම් බෙදුම්වාදය පසුගිය වසර හයක පමණ කාලය තුළ බොහෝ දුරට යටපත් වී තිබිණ. එහෙත් දැන් එය එසේ නැත.

අද උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් කතා කරන්නේ ඒ බෙදුම්වාදය ගැනය, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් ඉන්නේද එතැනමය. ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ ශිවාජිලිංගම් ඇතුළු උතුරේ සමස්‌ත දෙමළ දේශපාලනයම අද නොබියව කතා කරමින් සිටිනුයේ මේ බිම බෙදා වෙන් කෙරෙන වෙනම රටක්‌ පිළිබඳ කතාව නොවේද?

මෙවර යාපනය සරසවියේ සිංහල දෙමළ සිසු ගැටුම හෙවත් විද්‍යා පීඨයේ නවකයන් පිළිගැනීමේ උත්සවයේදී සරසවි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු දෙමළ සිසුන් පිරිසක්‌ සිංහල සිසුන් ඉලක්‌ක කර අමානුෂික ප්‍රහාරයක්‌ එල්ල කරනුයේ එවන් බෙදුම්වාදී මතවාදයක්‌ යහපාලනය සමඟ නැවත උතුරේ මතුව තිබියදීය.

එකී පහරදීම සිදුවන්නේද සිංහල සංස්‌කෘතික අංගයක්‌ වූ වෙස්‌ නර්ථනාංගයක්‌ සිංහල සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීමේ පෙරහැරට එක්‌ කිරීම හේතුකොටගෙනය. එසේ නම් මේ සිදුව ඇත්තේ අද යහපාලනය කියන පරිදි සාමාන්‍ය ශිෂ්‍ය ගැටුමකට එහා ගිය බෙදුම්වාදයේ අක්‌මුල් සමඟ මතුවූ සිද්ධියක්‌ නොවන්නේද?

1977 වසරේදී යාපනය විශ්වවිද්‍යාලයෙන් සිංහල සිසුන් සහ ආචාර්ය මණ්‌ඩලය ඉවත් කිරීමෙන් පසු නැවතත් යාපනය සරසවියට සිංහල සිසුන් පිරිසක්‌ ඇතුළත් කෙරුණේ හරියටම වසර තිස්‌තුනකට පසු ඉකුත් යුද්ධය අවසානයේ එළැඹි 2010 වසරේදීය. එතැන් පටන් යාපනය විශ්වවිද්‍යාලය තුළ යළි සංහිඳියාව මතුවිය. සිංහල දෙමළ බේදයක්‌ තිබුණේ නැත.

එහෙත් නැවතත් යාපනය සරසවියේ සිංහල දෙමළ සිසුන්ගේ සිත් බේද බින්න කරන අන්දමේ සිදුවීම් පෙළක්‌ ඇරඹෙන්නේ මීට වසර දෙකක පමණ සිටය. අනාවරණය වන පරිදි විශ්වවිද්‍යාල පාලනාධිකාරයද එයට Rජුවම වගකිව යුතුය. මන්ද ඔවුන්ද හැසිරී ඇත්තේ ජාතිබේදය ඉස්‌මතු කෙරෙන පරිදි වන නිසාය.

“ඔව් අයියේ.. යාපනය කැම්පස්‌ එකට මුලින්ම සිංහල ළමයි කණ්‌ඩායමක්‌ ඇතුළු වෙලා තිබුණේ 2010 දී.. එතැන ඉඳන් කැම්පස්‌ එකේ සිංහල දෙමළ ළමයින් සමගියෙන් හිටියා.. පහුගිය කාලේ කිසිම ප්‍රශ්නයක්‌ තිබුණේ නැහැ..

අපේ සිංහල ළමයි හැම තැනකදීම දෙමළ ළමයින්ගේ සංස්‌කෘතික අංගවලට වගේම හැම දේකටම මුල්තැන දීල ඔවුන්ගේ සිත් දිනා ගන්න කටයුතු කළා. 2010 පළමු කණ්‌ඩායම ආවයින් පස්‌සේ 2012 ඉඳන් නවක සිසුන් පිළිගැනීමේ උත්සවයට සිංහල සිසුනුත් එකතුවෙලා දෙමළ ළමයින් එක්‌ක සහයෝගයෙන් වැඩ කළා.

ඒ සමහර උත්සවවලදී සංහිඳියාවට අවශ්‍ය කරන නර්ථන, ගීතගායනා ආදියත් සිංහල දෙමළ සිසුන්ගේ සහභාගිත්වයෙන් එකතු වුණා. සමහර වෙලාවට සිංහල අක්‌කා කෙනෙක්‌ දෙමළ නර්ථනයක්‌ කරනකොට දෙමළ අක්‌කා කෙනෙක්‌ සිංහල නැටුමක්‌ ඉදිරිපත් කළා. ළමයි හිටියේ හරිම සිතුටින්..

“මේ වෙස්‌ නැටුම කියන එකත් 2012 ඉඳන්ම නවක සිසුන් පිළිගැනීමේ උත්සවයට එකතු කරපු අංගයක්‌. 2013 සහ 2014 වසරවලදී ඒ කරන්න බැරි වුණා. ඒ වෙනත් හේතු නිසා. ඔය අතරේ තමයි මෙවර නවක සිසුන් පිළිගැනීමේ උත්සවය සංවිධානය කෙරුණේ.

ඒක සංවිධානය කරන්නේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ කණ්‌ඩායම.. සංවිධායක කමිටුව විදිහට දෙමළ සිංහල ළමයි ඉන්න කමිටුවක්‌ පත් කරනවා.. ඒකෙන් තමයි හැම තීරණයක්‌ම ගන්නේ..

මේ පාර උත්සවයේදී වෙස්‌ නැටුම ගැන සාකච්ඡා කරනකොට විශ්වවිද්‍යාලයේ ඉන්න යාපනයේ ළමයි කිහිප දෙනෙක්‌ ඒකට විරුද්ධ වුණා. 4 වසරේ කණ්‌ඩායම තමයි වෙස්‌ නැටුම ඉදිරිපත් කරන්න සූදානම් වුණේ..

පස්‌සේ ඒ ප්‍රශ්නය විසඳන්න කියලා උත්සවය සංවිධානය කරන 2 වසරේ කමිටුවට භාර කළා. එතනදී තීරණය කෙරුණා උත්සවයේ පෙරහැර යන අවස්‌ථාවේ හතරෙන් තුනක කොටසක්‌ දක්‌වා දෙමළ නර්ථනවලට ඉඩදීලා අවසාන ටිකේදී වෙස්‌ නැටුම ඉදිරිපත් කරන්න කියලා.

උත්සවය දවසේ ඒ විදිහටයි කටයුතු සිද්ධ කරන්න තීරණය කළේ. එත් එදා විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති එක්‌ක ආපු පිරිසක්‌a සංවිධායකයන්ට තර්ජනය කරලා තිබුණා වෙස්‌ නැටුමට ඉඩ දුන්නොත් නවක සිසුන් පිළිගන්න උත්සවය සම්පූර්ණයෙන්ම වනසලා දානවා කියලා.

මේ තර්ජනය නිසා ළමයි කළේ ඒ ගැන ආචාර්ය මණ්‌ඩලයට පැමිණිලි කරන එක. ඒත් කවුරුත් විසඳුමක්‌ දුන්නේ නැහැ. පස්‌සේ විද්‍යා අංශයේ පීඨාධිපතිට අපි සිද්ධිය කිව්වා.

ඔහු පැමිණ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති එක්‌ක හිටිය පිරිස එලවලා දැම්මා. ඊට පස්‌සේ පීඨාධිපති කිව්වා වෙස්‌ නැටුම නවත්තන්න කියලා. ඒකට සිංහල ළමයි විරුද්ධ වුණා. එවෙලේ පීඨාධිපති කිව්වා එහෙනම් සිංහල දෙමළ ඔක්‌කොම නැටුම් නවත්තලා උත්සවය විතරක්‌ කරන්න කියලා. ළමයි ඒකට එකඟ වුණා.

ඒත් උත්සවය ආරම්භ කරලා පීඨාධිපති එක්‌ක නවක සිසුන් පෙරහැරේ එනකොට දෙමළ නර්ථන පටන් ගත්තා. මේ ගැන සිංහල ළමයි ආචාර්යවරයෙක්‌ට කිව්වහම ඔහු කිව්වා ඔයාලත් කරන්න කියලා. ඒ නිසා අපිත් වෙස්‌ නැටුම ඉදිරිපත් කළා.

මේ එක්‌කම පීඨාධිපතිවත් තල්ලු කරගෙන ආපු කට්‌ටියක්‌ වෙස්‌ නැටුම ඉදිරිපත් කරපු මල්ලිලට ගැහුවා. ඒ මල්ලිලා සති ගාණක්‌ පේ වෙලා වෙස්‌ නැටුම ඉදිරිපත් කළේ. ඒත් පීඨාධිපති බලාගෙන ඉන්නැද්දී ඒ මල්ලිලාට ගහනකොට කවුරුත් මුකුත් කළේ නැහැ. මේ වෙලාවේ සිංහල ළමයි එකතු වෙලා ඒ මල්ලිලාව බේර ගත්තා.

ඒ එක්‌කම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සමඟ ආපු 250-300 විතර කණ්‌ඩායමක්‌ පොලු, ගල් අරගෙන වටකරලා සිංහල ළමයින්ට ගහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සිංහල ළමයි බේරෙන්න ඕන නිසා ළඟ තිබුණ උද්භිත විද්‍යා ශාලාවේ දොරවල් කඩාගෙන ඒක ඇතුළට දිව්වා.. සිංහල ළමයි 300 ක්‌ විතර එතන හිර වුණා..”

අද ආණ්‌ඩුව සාමාන්‍ය ශිෂ්‍ය ගැටුමක්‌ ලෙස පෙන්වන්නට උත්සාහ දරණ යාපනය විශ්වවිද්‍යාලයේදී සිංහල සිසුන්ට එල්ල වූ ප්‍රහාරය සිදුවූ අන්දම පසුගියදා එහි ශිෂ්‍යයෙක්‌ අපට හෙළි කරනු ලැබුවේ එසේය. ඔහු කියන පරිදි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු පිරිස සිංහල සිසුන්ට පහරදීම සඳහා එහි කඩා වදින්නේ විනාඩි දෙක තුනක කාලයක්‌ ඇතුළතය.

පීඨාධිපතිවරයා මොහොතකට පෙර විශ්වවිද්‍යාලයෙන් එලවා දැමූ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එසේ විනාඩි කිහිපයක්‌ තුළ 250-300 පමණ පිරිසක්‌ සමඟ එහි කඩාවැදුනේ කෙසේද? ඒ තුළ යම් සංවිධානාත්මක බවක්‌ තිබී නැතිද? මෙකී ආදිශිෂ්‍ය සංගම් සභාපතිවරයා යනු පසුගිය කාලයේ සිය ෙµaස්‌ බුක්‌ පිටුවේ ඡායාරූපය සමඟ ඊළාම් සිතියම යොදාගෙන සිටියෙකි.

එසේ නම් ඔහු එවන් සංවිධානාත්මක ප්‍රහාරයක්‌ සිංහල සිසුන්ට එල්ල කිරීමට ඉදිරිපත් වූයේ සිය ඊළාම් මානසිකත්වය නිසාද? මෙහිදී ඔහු සමඟ විශ්වවිද්‍යාලයෙන් බැහැර පුද්ගලයන්ද පහරදීමට එක්‌ව සිට ඇත. එසේ පැමිණියේ කවරෙක්‌ද?

ගැටුම සාමාන්‍ය එකක්‌ යෑයි පවසා වැඩේ ගොඩින් ෂේප් කිරීමට කටයුතු කළ ආණ්‌ඩුව ඒ පිළිබඳ සොයා බැලීමක්‌වත් කරන්නට ක්‍රියා නොකළේ කුමක්‌ නිසාද? දැනගැනීමට ඇති පරිදි මෙහිදී සභාපතිවරයා සමඟ සිංහල සිසුන්ට පහරදීම සඳහා පිටස්‌තරින් පැමිණ ඇත්තේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිටි ඇතැම් ත්‍රීවීල්කාරයන් ඇතුළු කණ්‌ඩායමක්‌ය. ඒ බව ඉකුත් දා මාධ්‍ය හමුවකට පැමිණි යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ දෙමාපිය එකමුතුවද පවසා සිටියහ. ඔවුන් අතරේ පුනරුත්ථාපනය කර මුදා හැරුණු කොටි සාමාජිකයන් සිටියේ නැතිද? එය සහතික කරන්නට ආණ්‌ඩුවට හැකිද?

මෙහිදී සිදුව ඇති ලඡ්ජාසහගතම කරුණ වන්නේ මෙවන් බරපතළ තත්ත්වයක්‌ ඇතිවීත් විනාඩි හතළිස්‌පහකට පමණ පසු යාපනය සරසවිය අසලට එන කෝපායි පොලිසිය ඇතුළු පොලිස්‌ නිලධාරින් ඉහළින් නියෝග එනතුරු සරසවිය ඇතුළට නොගොස්‌ බකන්නිලා සිටීමය. සිංහල සිසුන්ට ප්‍රහාරය එල්ල වෙද්දී පොලිසිය එසේ ක්‍රියාත්මක වූයේ කුමක්‌ නිසාද?

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුවත් සිදුවී ඇති දැ ඉතාම නින්දිතය. ජීද්භිත විද්‍යා අංශයේ සිරවී සිටි සිංහල සිසුන් වෙත එන පීඨාධිපතිවරයා මුලින්ම ඔවුන්ට යෝජනා කරනුයේ දැන් වැඩේ අවසන් නිසා අවශ්‍ය නම් සරසවියේ බස්‌ රථයකින් යාපනය බස්‌ නැවතුමට ගෙනගොස්‌ ඇරලවන්නම් නවාතැන්වලට යන්නට කියාය.

සිංහල සිසුන් 20 දෙනකු පමණ තුවාල ලබා ඉන් එක්‌ අයකු මාරාන්තික අන්දමේ බරපතළ තුවාලවලට ලක්‌ව ඇති බව දැන දැනත් පීඨාධිපතිවරයා මෙම සිද්ධියේදී එසේ කටයුතු කළේ කුමක්‌ නිසාද? සිසුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ඔහුට වගකීමක්‌ නොතිබුණේද?

පීඨාධිපතිවරයා එසේ පැවසීමත් සමඟ බියට පත්වන සිසුන් කරනුයේ සරසවි ශිෂ්‍ය නේවාසිකාගාරය වෙත දිවයැමය. ඒ සමගම පීඨාධිපතිවරයා උපකුලපතිවරිය වෙත ගොස්‌ විනාඩි කිහිපයකදී විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය වසා දැමූ බව සඳහන් නිවේදනය ගෙනවිත් සිසුන්ට පෙන්වා නේවාසිකාගාරයෙන් ඉවත් වන ලෙස දන්වා සිටිනුයේ එහි රැඳී සිටීමට ශිෂ්‍යයන්ට ඇති නීත්‍යනුකූල අයිතියද අහිමි කරමිනි.

ඒ සමගම සිසුන් වෙත එන පොලිසිය පවසා ඇත්තේ නේවාසිකාගාරයේ රැඳී සිටිය නොහැකි බැවින් අවශ්‍ය නම් නිවෙස්‌වලට යැම සඳහා බස්‌ රථ ගෙන්වා දෙන්නම් එක්‌ බස්‌ රථයකට රුපියල් 65000 ගණනේ ගෙවා පිටත්ව වව්නියාවට ගොස්‌ නිවෙස්‌ බලා යන ලෙසය. එහෙත් ඒ මොහොතේ රුපියල් 65000 මුදලක්‌ එක්‌ බස්‌ රථයකට ගෙවා ආරක්‍ෂිතව නිවෙස්‌ වෙත එන්නට සිසුන් අත මුදල් නොවිණ.

සිසුහු ඒ බව පොලිසියට කියන්නාහ. එහිදී බස්‌ හතරක්‌ සරසවිය අසලට ගෙන්වන පොලිසිය ප්‍රවේශ පත්‍ර ගෙන ඒ බස්‌රථවල නැගී වව්නියාවට යන ලෙස සිසුන්ට කියන්නේය. පසුව පොලිස්‌ ආරක්‍ෂව සමඟ සිසුහු වව්නියාව දක්‌වා පැමිණෙන්නාහ. ඔවුන් වව්නියාවට එන විට වේලාව රාත්‍රි දහයටද ආසන්න වී තිබිණි. සිසුන් පමණක්‌ නොව මේ අතරේ ශිෂ්‍යාවන් රැසක්‌ද වූහ. එසේ නම් වව්නියාවෙන් එහාට ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සිතන්නට යහපාලනය කටයුතු නොකළේ කුමක්‌ නිසාද?

මේ සිසු දරුවන්ට ආරක්‍ෂාව සැපයුවහොත් සංහිඳියාව කඩා වැටෙනු ඇතැයි යහපාලනයට සිතුනේද?

මෙම ගැටුමෙන් දිනකට පසු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සමඟ දෙමළ දේශපාලනඥයන් දෙදෙනකු යාපනය සරසවිය වෙත ගොස්‌ සාකච්ඡා පවත්වා කීවේ “දැන් සියල්ල සාමාන්‍යයි සිංහල සිසුන්ට නැවත සරසවියට පැමිණිය හැකියි” කියාය. අනුර ප්‍රියදර්ශන යාපා එසේ කීවද කිසිදු ශිෂ්‍යයකු යළි විශ්වවිද්‍යාලයට ගියේ නැත. ඒ ආරක්‍ෂාව පිළිබඳ ඇති ගැටලු නිසාය.

සිද්ධියෙන් පසු එදිනම සවස පොලු මුගුරු ගත් පිරිසක්‌ පැමිණ සරසවියෙන් භාහිරව තිබූ ශිෂ්‍ය නවාතැන් පොළකටද පහරදී ගිය බවද මේ වන විට වාර්තා වී තිබිණ.

එහෙත් සිද්ධියත් සමඟ මෙසේ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ යාපනයට ගොස්‌ සාකච්ඡා පැවත්වුවද කිසිදු දේශපාලනඥයකු යාපනයේ සිට ප්‍රහාරයට ලක්‌වී පැමිණි සිසුන් හෝ ඔවුන්ගේ දෙමාපියන් හමු වන්නට ගියේ නැත. ඔවුන්ට එය අමතකව තිබිණ. ඔවුන්ගේ පීඩනය සහ වේදනාව දකින්නට කිසිවකුත් නොවීය. යහපාලනය ඒ තරමට පටු මානසිකත්වයකින් මේ ගැටලුව දෙස බැලුවේ කුමක්‌ නිසාද?

මෙම සිද්ධිය හමුවේ අද දෙමළ ජාතික සන්ධානය සිටිනුයේ නිහඬ පිළිවෙතකය. උතුරු පළාත් මහඇමැති සී. වී. විග්නේෂ්වරන් අමුතුම රංගනයක යෙදී සිටින්නේය. විග්නේෂ්වරන්ගේ ගැටලුව වී ඇත්තේ සිංහල සිසුන් විශාල පිරිසක්‌ යාපනය සරසවියට ඇතුළු කෙරුණේ කෙසේද යන්නය. ආණ්‌ඩුව සංහිඳියාවේය. දෙමළ දේශපාලනය ඉන්නේ එතැනය.

එය එසේ වෙද්දී මෙම සිද්ධියේදී රටේ නීතිය ක්‍රියාත්මක වූ අන්දමද හරිම අපූරුය. පහර කෑ එක්‌ සිසුවකු ආසාධ්‍ය තත්ත්වයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සැත්කම් දෙකකටද භාජනය කෙරිණ. එහෙත් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමක්‌ නම් සිදු නොවිය.

ඒ අතරේ වැඩි චෝදනා එල්ල වූ ශිෂ්‍ය සංගම් සභාපති වූ තනකේෂ්වරන් සිසිදරන් නමැත්තා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුමන්තිරන් සමඟ යාපනය අධිකරණයට පැමිණීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබිණි. එකී සැකකරු අධිකරණයේ සිට පිටව ගියේද යාපනය සරසවියට අයත් රථයකිනි.

මෙහිදී කිසිදු අත්අඩංගුවට ගැනීමක්‌ නොවී නීතිය හරිහැටි ක්‍රියාත්මක වූයේ යාපනය යනු වෙනම රාජ්‍යයක්‌ ලෙස යහපාලනය සිතන නිසාද?

මෙම සිද්ධිය හමුවේ ආරක්‍ෂාව තහවුරු කරනතුරු තම දරුවන් යළි යාපනයට නොයවන බව මේ දරුවන්ගේ දෙමාපියෝ අද එකහෙළා කියා සිටින්නාහ. එය සාධාරණය. ආණ්‌ඩුවට සහජීවනය සහ සංහිඳියාව ලොකු වුණාට ඒ මවුපියවරුන්ට තමන්ගේ දරුවන් වටින්නේය.

එසේ නම් යහපාලකයිනි. මේ කරළියට පැමිණ ඇත්තේ දෙමළ බෙදුම්වාදය හමුවේ එදා සිදුවූ පරිදිම යාපනය විශ්වවිද්‍යාලයෙන් සිංහල සිසුන් ඉවත් කිරීමේ නාටකයේ ඊළඟ ජවනිකාව නොවේද? මින් එහාට සිදු වන්නේ කුමක්‌ද? එය පිළිතුරක්‌ දෙන්නට ආණ්‌ඩුවට හැකිද?

24/07/2016

2 Responses to “යාපනයේ දෙමළ සිසුන් මේ අත වැනුවේ සංහිඳියාවටද?වෙස්‌ නැටුමට බලි ඇරියේ මෙහෙමයි”

  1. plumblossom Says:

    Mangala must be replaced by a patriotic foreign minister. Actually Ranil, Sirisena, CBK traitors must be replaced too. However Mangala must be replaced as soon as possible. A country’s government should first and foremost look after the country’s security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status. Mangala has betrayed Sri Lanka by accepting the UNHRC resolution which no country with any integrity will accept. Mangala must realise that those LTTE terrorists who massacred the citizens of this country for over 26 years simply because they wanted a large chunk of this island for themselves, illegally, that they should be dealt with in a very careful manner without betraying the security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status, even if extremely powerful forces such as the US,UK, EU, Canada, Sweden, Norway and India are behind the LTTE terrorists. In addition, we must place forth the argument that those who settled in the island quite recently only during the past few hundred years i.e. the Sri Lankan Tamils who are only but 11.2% of the population do not have any rights whatsoever to demand over 28% of the land area, 66% of the coastline and 66% of the vast ocean resources which belong to Sri Lanka. This message should be conveyed to the TNA, the separatist terrorists and those who support them i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India as soon as possible so that they understand our position. This is the task of a foreign minister. Mangala therefore has betrayed Sri Lanka and must go. Sri Lanka cannot afford large self ruling entities which are illegal anyway since this island as a whole belong to all its people in total. It is the foreign minister’s task to covey this message to everyone concerned.

  2. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress