තන්හාය ජායතී සොකෝ… මල්ලී ඔහොම නොකරන් මගේ ආණ්ඩුවට…
Posted on July 29th, 2016

lanka C news

තන්හාය ජායතී සොකෝ

ජන සටන පාද යාත්‍රාව අවශ්‍යවන්නේ ඇයි කියන කාරනාව පැහැදිලි කරන්න කලින් 2015 ජනවාරි 08 වනදාට කලින් මේ රට තිබුණේ කොතනද කියන එක අපි සිහිපත් කර ගන්න ඕනේ. මේ රට කඩිගුලක් වගේ වැඩ බිමක්. ගමේ පාරවල් ක්‍රොන්කීට් වෙනවා. නගරේ පාරවල් කාපට් වෙනවා. ගමේ ඇලි වේලි හැදෙනකොට නගරේ කානු ඇල වල් සුද්ධවෙනවා. විද්‍යාගාර,කලාගාර,ක්‍රීඩාගාර රටපුරා හතුපිපෙන්න වගේ බිහිවෙනවා, විදුලිබලාගාර, ගුවන්තොටුපලවල්, අධිවේගිමාර්ග රටේ තැන තැන ඉදිවෙනවා. 2013 දී ලෝකයේ පිරිසිදුව නගරය ලෙස සංචාරයකයින් තෝරා ගනේ අපේ කොළඹ නගරය. ලංකාව සිගප්පුරුව වන දිනය වැඩි ඈතක නෙවෙයි කියලා ආර්ථිකවිද්‍යාඥයින් අනාවැකි පලකරනවා. බෙදුම්වාදින්ගේ අද තියෙන තර්ජන ඝර්ජන නෙවෙයි හින් කෙදිරිල්ලක්වත් තිබුණේ නෑ. හැමෝම සතුටින් ජිවත් වුණු රටක්.

තන්හාය ජායතී සොකෝ… මල්ලී ඔහොම නොකරන් මගේ ආණ්ඩුවට…

ඔය අතරේ අපිත් එක්ක හිටපු කෙනෙක් ආප්ප කාලා එහා පැත්තට පැනලා සුරංගනා කතා විකුණන්න ගත්තා. වී වලට ලැබෙන්නේ රුපියල් 35යි නේද කිලෝ එකකට හරිමදි නේද මම ජනාධිපතිවුණොත් ඕ ක රුපියල් 50ක් කරනවා. තේ දල්ලට රුපියල් 70යි නේද මම දෙනවා රුපියල් 90ක්, රබර් වලට දෙන්නේ 300යි නේ මම ජනාධිපතිවුණොත් දෙනවා 350ක්. රජයේ සේවකයගෙන් මෝටර් සයිකලේකට රුපියල් 50000ක් ගත්තා නේද හරි අපරාදේ මම ආවෝත් ඉතුරු අයට නොමිලේ මෝටර් සයිකල් එක දීලා 50000 ගත්ත අයගේ ඒ ගාන නැවත දෙනවා. ජනතාවගේ තණ්හාව ටිකක් වැඩිකරලා එතනින් නවතින්නේ නැතුව සමෘර්ධිය, මහපොළ, විශ්‍රාම වැටුප් මේ ඔක්කෝම දෙගුණ කරනවා. කට්ටියට ඉතින් ජිවිතය සුන්දරයි ඔය ටිකත් හම්බවුණොත් තවත් සුන්දරයි කියලා පෙළසැදි ගිහින් කතිරේ ගැහුවා හංසයාට.

හංසයාට කතිරේ ගහලා 35ට විකුණගත්ත වී කිලෝවට අද රුපියල් 20ක් වත් ගන්න බෑ. 70ට දුන්න තේ දළු කිලෝව අද රුපියල් 50ටවත් දෙන්න බෑ. රබර් වලට නම් 350ක් ගන්න පුළුවන් හැබැයි කිලෝ එකකට නෙවෙයි කිලෝ දෙකකට. මොටර්සයිකලෙත් නෑ 50000 කැපුවෙත් නෑ කොටින්ම කිවුවොත් වැඩි දෙවල් ගන්න ගිහිල්ලා තිබ්බ දෙවලුත් නැති කර ගත්තා. බුදුරාජණාන්වහන්සේ මිට වසර 2600කට කලින් දැක්කා අපි මේ කෙලවා ගන්න කෙලවා ගැනිල්ල. ඒක නිසා තමයි බුදු බණට එකතු කළේ තණ්හාය ජායතී සෝකෝ” කියලා. අපි මේ ටික කිව්වා මැතිවරණ වේදිකාවේ එත් ඇහුවේ නෑ ගිහිල්ලා ගැහුවා හංසයාට. දැන් මේ වැඩබැරි ආණ්ඩුව රටේ පංචවිද ක්‍රියාව අවුල් කරලා රට අදුරේන් අදුරට ගෙනියනවා. මොකක්ද මේ පංචවිද අර්බුද දේශපාලන, පරිපාලන, ආර්ථික, ආරක්ෂක, සමාජ අර්බුද.

ආඬි පස්දෙනාගේ කැඳ හැළිය

දේශපාලන අර්බුදය කියන්නේ රටට නායකයෙක් නැති කම. සිරිසේන මහත්තයා හිතනවා එතුමට ජනවරමක් ලැබුණු නිසා එතුම තමයි මේ රටේ පාලකයා කියලා. අගමැති රනිල් හිතනවා නෑ සිරිසේනව ඉත්තා කරලා මමයි බලයට ගත්තේ ඒක නිසා රටේ පලකයා මමයි කියලා.  මේ දෙන්නට එකතුවෙන්න කපුකම කලේ මම නිසා මට ඕන විදිහට රට පාලනය වෙන්න ඔනේ කියලා චන්ද්‍රකා නෝනා හිතනවා. ඉන්දීයාව හිතනවා මහින්ද මහත්තයාට බොරු වලවල් කපලා මේ ආණ්ඩුව පෙරලන්න වැඩ කළේ අපි ඒ නිසා අපිට ඕන විදිහට රට පාලනය වෙන්න ඕනේ. එක නිසා තමයි කවුරු එපා කිව්වත් මම එක්තා අත්සන් කරනවා කියන්න අගමැතිට වෙලා තියෙන්නේ. මේ රට වට කරලා චීන මහාපාකාර හැදුවේ නැත්තේ මුහුදෙන් වටවෙලා තියෙන නිසා. වසර දහස් ගාණක් ආරක්ෂා වෙලා තිබුණු මුහුදෙන් වටවෙලා තියෙන එක අහිමි කර ගෙන ඉන්දියාව ලංකාව යාකරන හනුමා පාලමක් ඉදිකරන්න වෙලා තියෙන්නේ රටේ ඉල්ලුමක් නැතත් ඉන්දීයාවට ඕන විදිහට මේ රට පාලනය විය යුතුයි කියලා ඉන්දියාව හිතන නිසා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරණයට දෙමළ බෙදුම්වාදීන්ගේ සල්ලී ජන්ද ගෙනත් දුන්නේ අපි ඒක නිසා ඇමරිකාවට ඕනවිදිහට රට පාලනය වියයුතුයි කියලා ඇමරිකාව හිතනවා.

පසුගිය දවස් වල ලංකාවට ආව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මැතිණිය. හරි අපුරු කතා ටිකක් කිව්වා. එතුමිය කිව්වා පසුගිය මාස 20ට මම ලංකාවට 6 වතාවක් පැමිණියා කියලා. ඒ පැමිණියේ ආලවන්තයෙක් හොයා ගන්න ද? නෑ.  එහෙනම් ඇයි එතුමිය මෙච්චර ලංකාවට එන්නේ? කොළඹ ඉන්න මුදලාලි මහත්වරු හලාවත පැත්තේ පොල්වත්තක් මිලදී ගත්තම එහේ මෙහේ කෝහේ ගියත්  පොල්වත්ත බලන්න යනවා. කන්කානි හරියට පොල් ඉඩම බලා ගන්නවාද, පැල ටික හරියට හිටවලාද, පොහොර ටික වෙලාවට දාලද, පොල් කඩන්න කාළේ ලගයිද කියලා හොයලා බලනවා. අද ලංකාව කියන්නේ 2015 ජනවාරි 08 වෙනිදා ඇමරිකාව මිලදී ගත්ත පොල්වත්ත. සිරිසේන කියන කන්කානිව පොල් ඉඩම බලා ගන්න පත්කලා ඇමරිකාවට ඕන විදිහට පොල්වත්ත බලා ගන්න. විශ්වාල් නෝනා සැරෙන් සැරේ ලංකාවට ගොඩවෙන්නේ සිරිසේන කන්කානියා වැඩේ හරියට කරනවාද කියලා බලලා යන්න. එතුමා කියන අපුරු කතාවක් තමයි පසුගිය අවුරුදු එකහමාර ලංකාව නොසිතු විරු දියුණුවක් ඇතිවෙලා කියලා. අපිට තියෙන ප්‍රශ්නය ලංකාවේ හැමදාම ඉන්න අපිට නොපෙනෙන ඉදලා හිටලා ඇවිල්ලා යන බිස්වාල් නෝනට පෙනෙන මේ දියුණුව මොකක්ද කියන එකයි. නෝනි ලංකාවට එන කොට මුදලාලිලා කඩ වහලා කලු කොඩි අරගෙන ප්‍රථම වතාවට පෙළපාලි යනවා. දොස්තරලා, ඉන්ජිනේරුවෝ, ගණකාධිවරු ටයි පොලු දාගෙන විහාරමහදේවි එක වටේ එක්තා එපෝ කියලා පෙලපාලි යනවා. ඉතිහාසයේ කවදාවත් වෙච්ච දේවල් නෙවෙයි. එතුමිය නැවත ලංකාවට අවාම එතුමියගේ කණ්නාඩිය දලා බලනවා අපිට නොපෙන එතුමියට පෙනෙන ඒ දියුණුව පෙනෙවිද කියලා. අද ලංකාව රනිල්, චන්ද්‍රකා, සිරිසේන, ඉන්දියාව, ඇමරිකාව කියන ආඩි පස්දෙනාගේ කැද හැලිය වගේ වෙලා තියෙනවා.

2015 අගොස්තු 17 ජන්දේ තිබ්බේ සැප්තැම්බර් 05වනදා වෙනකන් ඇමති මණ්ඩලයක් පත් කර ගන්න බැරි වුණා, සැප්තැම්බර් 23 වෙනකන් ඇමතිවරුන් අතරේ විෂයන් බෙදා ගන්න බැරි වුණා. . දෙන්නා දෙපැත්තට ඇද්ද නිසා. ජූලි 01වෙනිදා උදාවුණේ ලංකාවට මහබැංකු අධිපතිවරයෙක් නැතුව. ලෝක ඉතිහාසයේ කිසිම රටක එහෙම වෙලා නෑ.

FCDI භීතිකාව

පරිපාලන අර්බුදය කියන්නේ මොකක්ද අගමැතිතුමා කියනවා මේ ලගදී BMICH ගිහිල්ලා රාජ්‍ය නිලධාරින්ට දැන් FCID භීතිකාව කියලා. සම්පුර්ණ ඇත්ත මේ වනවිට රාජ්‍ය නිලධාරින් 618ක් මහින්ද චින්තන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අපරාධ වරදක් කරලා කුදලාගෙන ගිහිල්ලා තියෙනවා FCID. රටේ අංක එකේ නිලධාරියා ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මැතිතුමා අවංක වැදගත් මහත්මයෙක් කියලා හැමෝම පිළිගන්න චරිතයක් මහා අධිකරනයේ නඩුවක් දලා සිල් රෙදි බෙදන්න සල්ලි වෙන්කරා කියලා මහා අපරාධයක් කියලා දැන් ඇප පිට ඉන්නේ.  ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රණවක මහත්තයා කොහේද ඉන්නේ මැගසින් බන්ධනාගාරයේ කරපු වරද නගර සභාවලට කොඩි කනු ලබා දීම. අනිත් අය කල්පනා කරනවා මේ අයට මෙහෙම නම් අපිට කෙසේ වේද කියලා කට්ටිය දැන් කල්පනා කරනවා. රාජ්‍ය නිලධාරින් හිතනවා වැඩේ කරත් නැතත් මාසේ අන්තිමට පඩිය හමිබවෙනවා. වැඩ කළොත් ආණ්ඩුව පෙරලුන ගමන් හිරේ යන්න වෙනවා ඒක නිසා වැඩක් නොකර ගෙදර යනවා කියලා තමයි කට්ටිය හිතන්නේ. අද මොකද වෙලා තියෙන්නේ වෙනදා රාජ්‍ය සහකාර අධ්‍යක්ෂවරයෙක් ළගට ගිහිල්ලා විනාඩි 5න් කරගත්ත වැඩේට අද මාස 5ක් 6ක් යනවා. එතුමා බලනවා මේ තීරනේ අරගෙන මට FCID යන්න වෙයිද දන්නේ නෑ. මේක උඩට පාස් කරන් ඔනේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි උපදෙස් පතමි කියලා. එතුමා බලනවා සහකාරගේ තොප්පිය මට එවලා තියෙන්නේ කියලා එතුමා ඒක උඩට යවනවා අධ්‍යක්ෂතුමනි උපදෙස් පතමි කියලා. අධ්‍යක්ෂක දානවා සහකාර ලේකම්ට. සහකාර ලේකම් දානවා ලේකම්ට. ලේකම් දානවා ඇමතිතුමාට. ඇමතිතුමා බලනවා කන පරිප්පුවක් හවුලේ කන්න ඔනේ ඒක නිසා මේක ඇමති මණ්ඩලයට දලා මේක අනුමත කර ගන්නවා කියලා. මුලු රාජ්‍ය යාන්ත්‍රනයම ඉද්ද ගැහුව වගේ නතර වෙලා තියෙන්නේ. අද අරනායක නායගිය අයට නිවාස නැතුව අවතැන් කදවුරු වලට වෙලා ඉන්න වෙලා තියෙන්නේ, සාලාවේ පිපිරිමෙන් අවතැන් වෙලා ඉන්න අයට සහනාධාර ලැබිලා නැත්තේ FCID භීතිකාව නිසා. අද රටේ පරිපාලන අර්බුදයක. ආර්ථික අර්බුයකතුත් තියෙනවා මිත්‍රවරුනේ මේ රටේ.

සිංහල මවකට දාව ඉපදීම දඬුවම් දෙන වරදක් ද?

ඒ වගේම ආරක්ෂක අර්බූදයක් තියෙනවා මේ දෙමළ බෙදුම්වාදීන්ගේ සල්ලි වලින් බලයට ආව මේ ආණ්ඩුව ඒ බලවේග සතුටු කරන්න අද මොකද කරන්නේ මහා අපරාධ කරපු කොටි එළියට දාන ගමන් ජිවිත පුජා කර මේ රට බේරගන්න ගිය රණවිරුවන් තොගපිටින් සිරගත කරමින් ඉන්නවා. හමුදා කදවුරු ඉවත් කරනවා. ඉවත් කිරීමේ වේගය මදි කියලා වවුනියාවේ දැවැන්ත උද්ඝෝෂණය කරනවා හමුදා කදවුරු ඉදිරිපිට වහාම හකුලාගෙන පලයව් කියලා. මේ බෙදුම්වාදින්ට ඇතිවුණ අලුත් පණ තමයි යාපනය විශ්ව විද්‍යාලයේ ඇතිවුණ ගැටුම. යාපනයේ සිංහල සිසුන් ගුටිකැවේ සිංහල මවකට දාව උපන් වරදට. ජාතිය සිංහල වීම නිසා ගුටිකෑවේ. මේ සිසුන් අවුරුදු පතා අලුත් ශිෂ්‍යන් පිළිගන්න වෙස්නැටුම ඉදිරිපත් කරනවා. දෙමළ අන්තවාදි ශිෂයන් ඇවිත් කියනවා මේක දෙමළ රට මෙහේ සිංහල නැටුම් බෑ දෙමළ නැටුමක් ඉගෙන ගෙන නටපන් නැත්නම් නොනටා හිටපන් කියලා. ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම දෙමළ නැටුම් නටන්න පුළුවන්. දෙමළ ළමයි නැත්නම් සිංහල ළමයි දෙමළ නැටුම් ඉගෙන ගෙන දෙමළ ගීත ගායනා කරමින් නැටුම් ඉදිරිපත් කරනවා. ඒ නිසා යාපනයේ අපිට වෙස් නැටුම නටන් ඔනේ. ගුරුවරු ගන්නෙත් ඒ පැත්ත ජාතිවාදය ඇවිස්සේවි කියලා වෙස් නැටුම තහනම් කරනවා. තහනම නොතකා අපේ දරුවෝ ඉදිරිපත් කරනවා.  පහර දීලා කියනවා වහාම යාපනෙන් පිටවෙන්න කියලා. දරුවෝ නම් ගම් සහිතව ප්‍රකාශ කරලත් පොලිසිය දරුවන්ට ආරක්ෂාව දෙනවා වෙනුවට අර ත්‍රස්තවාදීන් දුන්න නියෝගය අකුරටම ක්‍රියාත්මක කරලා දරුවන්ව බස්වල නග්ගලා වවුනියාවට ගෙනත් දානවා. දරුවන්ගේ ප්‍රකාශ වල තියෙනවා. පොලිසියට ඉහලින් නියෝග ලැබෙනවා ඒ අය අත්අඩංගුවට ගන්න එපා උසාවියට ඇවිත් භාර වනතුරු ඉන්න කියලා. උසාවියට භාර වුණාම ඇප ලබා දෙන්න බැරි තත්වයක් තිබියදී සිසිදරන් ශිෂ්‍යයාට ඇප ලබා දෙනවා. මම ඒක විචේදනය කරාම NGO කාරයෝ ටිකක් මාධ්‍ය හමුවක් තියලා කියනවා උදය ගම්මන්පිල අධිකරණයට අපහාස කරා වහාම අත්අඩංගුවට ගන්න කියලා. අපි ඒ ඩොලර් කාකා ඉන්න අයට කියන්න කැමති යකාට බයනැති හින්දා තමයි සොහොනේ ගෙවල් හැදුවේ. ඒ නිසා හිරගෙවල් පෙන්නලා අපේ කටවල් වහන්න බෑ. අධිකරණයේ වැරැද්දක් තියෙනවානම් ඒක විචේචනය කරන්න ඔනේම රටක පුළුවන් අපේ රටේ විතරයි බොරු බයක් ඇති කරගෙන තියෙන්නේ. ඇමරිකාවේ ඔස්ට්‍රේලියාවේ මම ප්‍රයෝගිකව දැකලා තියෙනවා ජේෂ්ඨ නීතිඥයන් තීරු ලිපි ලියනවා උසාවිතිරණ විචේචනය කරලා. වැරදිදේට වැරදියි කියන්න බයවෙන්න ඔනේ නෑ. හිර ගෙදර දැන් අලුත් තැනක් නෙවෙයි. ඒක නිසා හිරගෙවල් පෙන්නලා අපේ සටන නවත්වන්න බෑ කියලා අපි ආණ්ඩුවට කියනවා.

අලි බබා සහ හොරු හතලිහ

සමාජ අර්බුයත් තියෙනවා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැතිකරපු පාතාලය ආපහු නැගිටලා එක එක ඇමතිවරුන් යටතේ. පසුගිය මැතිවරණ කාලේ කල්ලි දෙකක් එකට ගැටුනා. ඒ අයට කප්පන් දෙන්නේ නැතුව කොළඔ ව්‍යාපාර කරන්න බෑ. සමහර ඇමතිවරු විචේචනය කළොත්, සමහර ව්‍යාපාරවලට ගියොත් ක්‍රොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරණ අයගේ ගොදුරක් වෙන්න පුළුවන්. අද තේ කුඩු, පොල්කුඩු, මිරිස් කුඩු ගානට හෙරොයින් කුඩු සුලබ වෙලා. එදා 1500 වුනු පොඩි පැකට් එක අද 500ට ගන්න පුළුවන්. මේ නිසා අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති සමාජ අර්බුදයක් තියෙනවා.

අද ආණ්ඩුව මේ ප්‍රශ්න ටික වහගන්න පරණ සුත්‍රය මහින්ද හොරා මොන ප්‍රශ්නේ ඇහුවත් මහින්ද හොරා. අවුරුද්දයි මාස හතක් ගිහිල්ලත් කිසිම චෝදනාවක් ඔප්පු කරන්න බෑ. රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිණි, මහන්ද මහත්තයාට පිටරට තියෙනවා කිව්ව ඩොලර් බිලියන 18, ඩුබායි ගිණුම් වල සගවා තියෙනවා කිව්ව මුදල් මේ කිසිවක් අද කතා කරන්නේ නෑ. එදා මහින්ද හොරා කියන්න පෙරමුනේ හිටිය රාජිත සේනාරත්න ඇමතිතුමාම කියනවා අපි නම් මහින්ද හොරා කිව්වේ නෑ කියලා. දැන් චරිත සහතික ලියනවා. අගමැතිතුමා කියනවා පසුගිය සෙනසුරාදා අලිබබා සහ හොරු 40ට හොරකම් කිරීමේ නිදහස ව්‍යවස්ථාවට දාගන්න ඉඩ දෙන්න කියලද පාගමන් යන්නේ කියලා අපෙන් විමසුවා. අපි අගමැතිතුමාට කියනවා අලි ඉන්නේ අපිගාව නෙවෙයි ඔබතුමාගාවයි. අලි බලා ගන්න ඔබතුමා තමයි අලි බබා. ඔබතුමාගේ ඇමති මණ්ඩලයේ ඒ නිසා අලි බබා සහ හොරු 40 අයිති ඔබට මිසක් අපිට අයිති නෑ. අද අපිට මහින්ද හොරා කිව්වට කිසිම දෙයක් අද ඔප්පු කර ගන්න බැරිවුණාට  අපි විපක්ෂයේ ඉදන් මේ ආණ්ඩුවේ ඉන්නේ හොරු කියලා ඔප්පු කරලා ඉවරයි. ඉන්න  මහබැංකු බැදුම්කර වංචාවක් සිදුවුණා කියලා විගනාකාධිපති කියලා තියෙන්නෙත්, ගල් අගරු වංචාව ගැන අපි කතා කලා 2015 ජුලි මාසේ 16 වෙනි   දින ටෙන්ඩරයේ වංචාවක් වුණා කියලා මම කිව්වේ. සුදු ඇද ගෙන ඉන්න උපාස අප්පුලාගේ ඇගේ දැන් ගල් අගුරු තැවරිලා කියලා අපි එදා පෙන්නුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ආණ්ඩුවෙන් පත්කරපු ශ්‍රි පවන් අගවිනිසිරුතුමා කියනවා මේ මහා වංචාව දැකලා ශ්‍රේෂ්ඨාධිකරණය සලිත වුණා කියලා. අද ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු එකිනෙකාට ඇගිල්ල දික් කරනවා ඒ හැමෝම ඉන්නේ අද ආණ්ඩුව ඇතුලේ මිසක් පිට නෙවෙයි. මේ චෝදනා දෙකම ඔප්පුවෙලා ඉවරයි ඒ නිසා අගමැතිතුමන් ඔබතුමා තමයි අලි බබා හොරු 40 ඉන්නේ ඔබතුමා එක්ක අපි ගාව එහෙම අය නෑ කියලා අපි බය නැතුව කියනවා.

මල්ලී ඔහොම නොකරන් මගේ ආණ්ඩුවට

මේ වැඩබැරි ආණ්ඩුවට කිසිම දෙයක් කර ගන්නත් බැරි වුණා. හොරු අල්ලන්නත් බැරිවෙලා තියෙනවා ඒ නිසා අද මාධ්‍ය එක්ක තරහා වෙලා තියෙනවා. මාධ්‍ය වලට තර්ජනය කරනවා, කතෘවරුන්ගේ නම් කියලා තර්ජනය කරනවා, Daily Mirror හා Financial Times කතෘවරුන්ටත් තර්ජනය කරලා තියෙනවා කියලා මම දැක්කා. හත්දෙයියනේ ඒ දෙක ගහන්නේ මාමානේ. රුවන් විජේවර්ධන මල්ලී තමන්ගේ පක්ෂය ඇතුලේනේ ඉන්නේ.  මාධ්‍ය ඉස්සරහ තර්ජනය නොකර හම්බුනාම කියන්න පුළුවන්නේ මල්ලී ඔහොම නොකරන් මගේ ආණ්ඩුවට කියලා. අපි කියනවා මේ රටේ මාධ්‍ය අද වාර්තා කරන්නේ මේ මහපොළොවේ සිදුවෙන තිත්ත ඇත්ත. මාධ්‍ය එවා වාර්තා කළේ නැත්නම් රුපවාහිනි බලන්නේ නැතුව යනවා. ගුවන්විදුලිය අහන්නේ නැතුව යනවා. පත්තරේ බලන්නේ නැතුව යනවා. මාධ්‍යවේදින් අද ජිවිතය පරදුවට තියලා අබීත ක්‍රියාවලියක් කරනවා. ඒ අයිතියට අත තියන්න අපි ඉඩතියන්නේ නෑ කියලා ඉතා විශ්වාසයෙන් යුතුව කියනවා. ඔබ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න මේ ජන සටන ජන පවුරක් වෙලා ඔබ රකිනවා කියලා අපි ප්‍රකාශ කරනවා.

අගමැතිතුමා කියනවා එතුමාගේ ආණ්ඩුව පෙරලන්න හැදුවොත් ජනතාව සමග පාරට බහිනවා කියලා අපි දැක්කා එතුමගේ ජනතාව. මාර්තු 17 අපි හයිඩ් පිටියේ රැස්වීමක් තිබ්බා හයිඩ්පිටිය පිරිලා ඉතිරිලා ගියා. නුගේගොඩට වඩා සෙනග හිටියා. ඊට කලින් දවසේ අගමැතිතුමා තිබ්බා එතනම රැස්වීමක් සූ ගලා දෙතුන් සීයක් හිටියා. එතුමට ලැජ්ජයි දැන් හයිඩිපිටියට ගියොත් සන්සදනය වෙනවා මාධ්‍ය වලින් එජාප රැළිය හා ඒකාබද්ධ විපක්ෂයේ රැළිය. ඒකට අගමැතිතුමා හයිඩ් පිටිය පහුකරගෙන ඇවිත් ලිප්ටන් වටරවුවේ තමයි තිබ්බේ. ලිප්ටන් වටරවුම කියන්නේ පොඩි ස්ථානයක් එච්චර සෙනග ගෙන්න බැරි අගමැතිතුමා කියනවා සෙනග පාරට බස්සනවා කියලා.  සෙනග පාරට බැස්සෝත් අපේ ජන සටනට එකතු වෙලා තමයි නතර වෙන්නේ කියලා අපි කියන්න කැමතියි.

මේ ආණ්ඩුව කියනවා අපි අවුරුදු 5 තුනෙන් දෙකේ බලය තියා ගෙන ඇමතිවරු 100ක් නඩත්තු කරගෙන ඉස්සරහට යන්නේ කියලා. එහෙනම් අපි මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද? ඉතිහාසයෙන් අපිට පාඩමක් තියෙනවා. පසුගිය සියවස ආරම්භ වන විට ඉංග්‍රිසි අධිරාජ්‍යයට කිව්වේ හිරු නොබසින අධිරාජ්‍ය කියලා. ඉංග්‍රිසි අධිරාජ්‍යය ලෝකය පුරාම පැතිරිලා තිබුණා. ඉංග්‍රිසි අධිරාජ්‍යයේ කුමන හෝ ස්ථානයකට පැය 24ම ඉර පායලා තියෙනවා. ලෝක සිතියමේ එහා කෙලවරේ තියෙන ඕස්ට්‍රේලායාව නවසිලන්තයෙන් පටන් අරගෙන මෙහා කෙලවරේ තියෙන ෆොක්ලන්තය කැනඩාව දක්වාම තිබුණේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය. මේ මහා දැවැන්ත අධිරාජ්‍යය අකුලගෙන එංගලන්තයට පසුබහින්න සිදු වුණේ පුංචිම පුංචි මිනිහෙක්ගේ පා ගමනකින්. ඒ තමයි මහත්මාගාන්ධි.1929 දී අපිට වැට් වගේ ඉන්දියාවේ ලුණු හදන අයට දැම්මා ලුණු බද්ධක්. ලුණු හදන්න හැමෝටම බලපත්‍ර නෑ හදන අයගෙන් ගත්තා ලොකු බද්ධක්. ලුණු ගණන් ගියා මිනිස්සුන්ට කන්න බැරිවුණා. මහත්මාගාන්ධි තීරණය කරා මේ නීතිය කඩලා නීතිවිරෝධිව ලුණු හදන්න. ඒ සදහා පාගමනක් ලැස්ති කලා. 1930 මාර්තු මාස 12 වනදා එතුමාගේ ආශ්‍රමයෙන් ආරම්භවන විට එතුමා සමග හිටියේ තව 79 දෙනයි. දින 24ක් පුරා කිලෝමිටර 390ක් ගෙවලා දැන්ඩි වෙරලට මේ පාගමන ලගාවේද්දි දස ලක්ෂයකට වඩා ඉන්දියානු ජනතාව දැන්ඩි වෙරළට එකතුවෙලා හිටියා. ගාන්ධිතුමා නීති කඩලා ලුණු හදන දවසට ඉන්දියාව පුරා වෙරළවල් වලට එකතු වෙලා මේක තමයි මුළු ඉන්දියාවම පාරට බැස්ස දවස. එහි ප්‍රතිපලයක් විදිහට ඉංග්‍රිසින්ට ඉන්දියාවෙන් අකුල ගෙන ගෙදර යන්න සිදුවුණා. මේ නිදහස දැකලා අනිත් රටවලුත් නිදහස ඉල්ලලා අරගල කරපු නිසා හිරු නොබසින අධීරාජ්‍ය අකුලගෙන බ්‍රිතානයට පසු බහින්න ඉංග්‍රිසින්ට සිදු වුණා. ඒ වගේ දැවැන්ත අධිරාජ්‍යක් පාගමනකින් ගෙදර යවන්න පුළුවන් නම් මේ තුනෙන් දෙකේ ආණ්ඩුව ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි කියලා අපි මතක් කරනවා. ඒ නිසා 2020 වෙනකන් මේ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා කියලා අපි ඉවසලා බලා ගෙන හිටියොත් රටට හෙටක් තියා අපිට රටක්වත් ඉතුරු වෙන්නේ නෑ. අපි මේ රටේ ජනතාවගෙන් අහනවා ඔබ ඔබේ දරුවන්ට, මුනුබුරන්ට, මිනිබිරියන්ට සුළුවෙන් හෝ ආදරයක් තියෙනවානම්. ඔබ මිය යන්න කලින් ඔවුන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියලා පුංචි සිතුවිල්ලක් හිතේ මොදු වෙනවානම්. මේ රට ගැන වෙනත් රටක අය අඩම්බරයෙන් කතා කරනවා ජිවිතයේ එකවතාවක්වත් අහන්න කැමතිනම්.දෙපාරක් හිතන්නේ නැතුව අපිත් එක්ක ජන සටන පාද යාත්‍රාවට එකතු වෙන්න කියලා අපි සමස්ථ ජාතියටම අයාචනා කරනවා.

– අරවින්ද අතුකෝරල

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරව ජනසටන පාද යාත‍්‍රාව ගැන දැනුම්වත් කිරීමේ රැස්වීමක දී පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

One Response to “තන්හාය ජායතී සොකෝ… මල්ලී ඔහොම නොකරන් මගේ ආණ්ඩුවට…”

  1. Charles Says:

    මේ හැමදෙ හිතටගෙන අලුත් දේශපාලන පක්ෂයක් ඉක්මනින්ම ආරම්භකිරිමටකාලය එලඹ ඇත. එය ඉමහත් අනතුරුකාරි එක පාර්ලිමේන්තු මන්ත්රිවරුකුවත් නොමැති පක්ශයක්විමෙ අනතුරද නැතුවානොවෙයි.නමුත් අද පවතින තත්වය අනුව එවැනි උවදුරකට මුනදීමේ තත්වය තිබුනත් එවැනි ක්‍රියාදාමයක් කළයුතුව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress