යුද්ධ අරඹන්නෝ සහ විඳවන්නෝ
Posted on July 30th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

පසුගිය සතියේ තම පක්ෂ සාමාජික කාඩ්පත් අලෙවි කිරීමට එක්වී සිටි රනිල් වික්රමසිංහ අගමැතිවරයා, යලිත් ඔහුගේ සුපුරුදුදුටුගැමුණුවිහිලුව පටන් ගත්තේය. රට හොඳින් ක්රියාත්මක වන විටකොහේද මේ දුටුගැමුණු කෙනෙක් ඇවිත් ඔක්කොම විනාස කලායි ඔහු පැවසුවේ උපහාසයෙන් හිනැහෙමිනි. මේ පවසන්නේ රාජපක්ෂ පාලන සමය ගැන බව කවුරුත් දනිති.

 

එනම් රනිල් වික්රමසිංහට අනුව සියලු විනාශයන්ට මුල්වී ඇත්තේ ත්රස්තවාදී යුද්ධය කෙලවර වීමය. සමගම ඔහුට එම යුද්ධය කෙතරම් විහිලුවක්ව ඇතිද යන්න ඉතාම පැහැදිලිය.

 

70 දශකයේදී හුදෙකලා පහරදීම් සහ ප්රචණ්ඩ ක්රියාවලින් ඇරඹී, මහා විනාශකාරී ප්රහාරයන් දක්වා ඇදී ගිය එම සිවිල් යුද්ධය පිලිබඳ වගකීම නිදහසින් පසු බිහි වූ රජයන්ට පමනක් නොව ඊට ප්රථම රට පාලනය කල බ්රිතාන් පාලකයන්ටද පැවරේ. ඉංග්රීසි භාෂාවෙන්, මිෂනාරී පාසල්වල උගත්, තමන් වෙත පක්ෂපාතිත්වය පෑ ජනතාවට වරප්රසාද ලබා දී, ශ්රී ලාංකික ජනතාව තුල ඇතිකල පන්ති පරතරය මේ සඳහා මහත් සේ බලපෑවේය. අප එදා පාසල් සිසුන් ලෙස සමාජ අධ්යයන පාඩමේදී ජාතික වීරවරයන් හැටියට ඩී. එස්. සේනානායක, . . ගුණසිංහ වැනි සිංහල නායකයන් මෙන්ම පොන්නම්බලම් රාමනාදන් සහ එම්. සී. සිද්දි ලෙබ්බේ වැනි ද්රවිඪ හා මුස්ලිම් නායකයන් ගැනද උගත්තෙමු. මේ සියලු නායකයන් අයත් පන්තියක් තිබිනි. ශ්රී ලංකාව බ්රිතාන් යටත් විජිතවාදයෙන් මුදවා ගැන්මට මේ සියල්ලෝම එක්ව ක්රියා කලහ. නමුත් ඉන් පසුව මෙසේ ජනවර්ගයන් බෙදී යාමට හේතු වූ කාරණාවන් මොනවාද? නිදහසින් පසුව ඉන්දියාවේ සිදු වූයේද මෙයයි. එනම් පොදු සතුරා වෙතින් නිදහස ලබාගත් පසු තම තමන්ට රජ කරන්නට අවශ් වපසරිය වෙන්කර ගැනීමයි. සඳහා ඔවුහු තම සැබෑ අරමුණ සඟවාගෙන, ජාතිය, ආගම වැනි කරුණු ඔස්සේජනතාවගේ හිස තුලට විෂබීජ ඇතුලු කලහ.

 

1956 දී බලයට පැමිනි බණ්ඩාරනායක රජයට, සිංහලය රජ බස කිරීම නිසා මේ ජාතිවාදී ප්රශ්ණයට මුල පිරුවාය යන චෝදනාව එල්ල වුවත්, ඔහුගේ ප්රතිපත්ති නිසා පුපුරා ගිය පන්ති භේදයේ ආතතීන් තුල අගමැතිවරයාට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. නමුත් 1920 දශකයේදී ශ්රී ලංකාවට සර්වජන චන්ද බලය ලබා දෙන්නට බ්රිතාන් රජය සාකච්ඡා කරනවිට, ශ්රීමත් පොන්නම්බලම් රාමනාදන් ඇතුලු ප්රභූන් පිරිසක්, සිදු නොකරන ලෙස බ්රිතාන් රජුගෙන් ඉල්ලීමක් කිරීම සඳහා මහා බ්රිතාන්යයට ගොස් ඇත. ඊට හේතු වූයේ එකල චන්ද බලය හිමිව තිබුනේ වාර්ෂික ආදායම රු. 600/- අයට පමනක් වීමත්, මේ තුල ඉදිරියට ආවේ තම දියුණු ව්යාපාර මගින්, රජයේ ඉහල තනතුරු වලින් හෝ ඉඩකඩම් වලින් ආදායම් උපයන ඉහල පන්තිය නියෝජනය කරන සිංහල, ද්රවිඪ, මුස්ලිම් අය වීමත්ය. ඔවුන්ගේ  චන්දයෙන් පත් වූ මන්ත්රණ සභා නියෝජිතයන්ගෙන් බහුතරය සිංහලයෝ නොවූහ. සර්වජන චන්ද බලය තුල සිංහල නියෝජිත සංඛ්යාව ඉහල ගොස්, තුල සුලු ජාතීන්ට අසාධාරණයක් වනු ඇතැයි එදා මහා බ්රිතාන්යයට ගිය දූත පිරිසේ තර්කය වී ඇත.

 

මේ අනුව බලනකල ජාතිවාදයේ විශබීජ, එනම් එකිනෙකා ගැන අවිශ්වාසය පැතිර ඇත්තේ 1956 පෙර සිටමය. රට තුලට රෝම ලන්දේසි නීතිය හඳුන්වා දීමට ප්රථම, උඩරට නීතිය, තේසවලමේ නීතිය සහ මුස්ලිම් නීතිය ජන කොටස් භාවිතා කලහ. මේ නීති පද්ධතීන් තුල ඉඩම් අයිතිය ලබා ගැනීම හෝ පැවරීම මෙන්ම අවාහ විවාහ කටයුතු ජන වර්ග තුල සිදුවිනි. රෝම ලන්දේසි නීතිය හඳුන්වා දුන් පසුත් එම දේශීය නීති භාවිතා කිරීමට ඉඩදීම තුල විවිධ ජන කොටස් තුල තම අනන්යතාව ආරක්ෂා වීම පිලිබඳ සැලකිලිමත් වීමක් අපේක්ෂා කලත්, තුලම ශ්රී ලාංකිකයන් ජාතීන් වශයෙන් වෙන්වීමේ ප්රවනතාවක් පෙන්නුම් කර තිබේ. 1948 දී ඩී. එස්. සේනානායක රජය විසින් විවිධ කෘෂිකාර්මික ජනපද යෝජනා ක්රම හරහා සිංහලයන් රටේ විවිධ ප්රදේශවල පදිංචි කරනවාට දෙමල ජනතාව (සැබැවින්ම ජනතාව නොව දේශපාලකයන්ය) අකමැති වූයේ එහෙයිනි

 

ඉතා සීමිත අවස්ථා කිහිපයකදී හැරුනකොට උතුරු නැගෙනහිර හැර රටේ අනිකුත් ප්රදේශවල සියලු ජන වර්ගයන් සාමකාමීව දිගටම ජීවත් වූහ. එමෙන්ම එවැනි කෝලාහලයකදී එකිනෙකාට උදව් වූ පිරිසක් සියලු ජන වර්ගයන් තුල සිටියහ

 

පසුගිය දිනවල යාපනය විශ්ව විද්යාලය තුල සිදු වූ සිද්ධිය සම්බන්ධව උතුරු පලාත් මහ ඇමති දරන ස්ථාවරය ඔහුගේ ප්රකාශයන් තුල ඉතා පැහැදිලිය. සිංහල අනන්යතාව විදහා දක්වන අංගයන් උතුරු පලාතට රැගෙන ඒම හෝ පිටස්තර ජනතාව උතුරේ පදිංචි වනවාට, සරසවියට පිටස්තර සිසුන් අනුයුක්ත කිරීමට පවා ඔවුන් අකමැතිය

 

මේ දෙතුන් පාර්ශ්වයේම දේශපාලකයන්ගේ අභිලාෂයන් තුලින් සාමාන් ජනතාවගේ මොල වලට කවන්නට තතනන මෙම ජාතිවාදී විෂබීජය නිසා දශක තුනක් තිස්සේ මුලු රටේම ජනතාව දුක් වින්දාහ. මෙහිදී උතුරේ ජනතාව වැඩිපුර දුක් විඳි බව සමහරු පවසති. 1983 ජුලි මාසයේදී සිදු වූ විනාශකාරී අරගලයෙන් පසු මායිම් ගම්මාන ඇතුලු රටේ කොතැනකවත් කුමක් සිදු වුනත් යලි සිංහල ජනතාව අතින් එවන් වරදක් සිදු වුනේ නැත. නමුත් ඔවුන්ද ජීවත් වූයේ තමන්ට කවදා කොතැනකදී පැමිනේද නොදන්නා මරණය පිලිබඳ බියත් කර පින්නාගෙනය. රටේ තිබූ විරැකියාව තුල යුද හමුදා සෙබලුන් ලෙස බැඳුනේ දිලිඳු පවුල්වල දරුවන්ය. ‘ගම්බට්ටන්ලෙස එදා සමහරු උපහාසාත්මකව හැඳින්වූ ග්රාමාරක්ෂකයින් තෝරා ගත්තේ මායිම් ගම්මානවලින්මය. එල්ටීටීඊ හමුදා කඳවුරුවලට ප්රහාර එල්ලකර දහස් ගනන් සෙබලුන් මරා දමද්දී, අංග විකල කර දමද්දී ඒවායේ දීඝර්කාලීන අනිටු විපාක වින්දේ ඔවුන්ගේ මවුපියන්ය. සොයුරු සොයුරියන්ය. බිරින්දෑවරුන්ය. දරුවන්ය. මේ පිලිබඳ එදා කතා කලෝ කවුද? සම්භාව් චිත්රපටකරුවන් ඉඳ හිට කතා වුවත් තුලින් බොහෝවිට සිදු වූයේ බිරින්දෑවරුන්ගේ චරිත ඝාතනයයි. එයද යුද්ධයේ තවත් දුක්මුසු අතුරු ඵලයකි.

 

මේ මෑතකදී බැසිල් රාජපක්ෂ විසින් තම නිවසේ මෙහෙකාර වෘත්තිය සඳහා සාමාන් සෙබලුන් යොදාගත් බවද, ‘පුෂ්පාගේ සාරි කටුව ගසන්නට පවා සෙබලියන් සිටි බවද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු මේ තත්වය දැන ගත්තේ මෑතකදී වුවත් මෙය 90 දශකයේදී පවා සිදු වූ බව අපි දනිමු. වරක් අපගේ ඥාති සහෝදරයෙකුගේ ගම් පලාතේ දිලිඳු පවුලකින් සාමාන් සෙබලෙකු ලෙස හමුදාවට බැඳුනු තරුණයෙකු ඔහුට නුගේගොඩදී හමුවිය. 1996 දී . ‘චන්ද්රසිරි යාපනේ ගියා කියලනේ අම්මල කිව්වෙයනුවෙන් ඔහු විමසූ විට, ‘නෑ මහත්තය මම අහවල් බ්රිගේඩියර්ගෙ ගෙදර වැඩ කරන්නෙකියා එම තරුණයා පිලිතුරු දී ඇත. මේ ගැන මගේ ඥාතියා හාරා ඇවිස්සූ විට මේ ආකාරයෙන් වැඩ කරන බොහෝ සෙබලුන් කොළඹ හා අවට උසස් හමුදා නිළධාරීන්ගේ , දේශපාලකයන්ගේ නිවෙස්වලසිටින බව ඔහු පවසා තිබිනි. එමෙන්ම 2000 වසරේ දී පමන හෝමාගම ප්රදේශයේ අපේ නිවස අසල විසූ හමුදා මේජර්වරයෙකුගේ නිවස ඉතා ඉක්මනටත් ක්රමානුකූලවත් ඉදි කරනු දක්නට ලැබිනි. මා පිලිබඳව අසල්වැසියෙකුගෙන් විමසුවේ අප නිවසේ ඉදි කිරීම් සඳහා මේ පෙදරේරුවන්ගේ සහය ලබා ගැනීමේ අරමුණින්ය. මට ලැබුනු පිලිතුර නම් මේ ඉදි කිරීම් කරනුයේ හමුදා සෙබලුන් බවයි. එදා හමුදා කොල්ලන්ට ලැබුනුමොරාල්එකයි. එබැවින් මෙසේ චෝදනා කරන විට මේවා පටන් ගත්තේ කොයි කවුරු විසින්ද යන්න සොයා බැලීම වටී. වරද කවුරු කරත් වරදමය.

 

මේ තත්වයට මුහුණ දීමට ඉහල පන්තියේ පවුලකින් හමුදාවට බැඳුන අයෙකුට සිදු වීද? නැත. අද අප රණවිරුවන් කියා ගරු කලත්, හමුදාව තුලත් තැලී පොඩිවුනේ පොඩි මිනිසාමය.ඉතින් මේ යු්ධය තුල සිංහල මිනිසුන් අඩුවෙන් දුක් වින්දා යැයි කාට හෝ කිව හැකිද? ඔවුන් විඳෙව්වේ මානසිකවය

 

ඈත ගම් දනව්වලින් හමුදාවට සෙබලුන් බඳවාගත් අයුරු 1998 දී වරක් උඩවලව බඹරගල ගමේ වැසියෙකු විස්තර කලේ මෙසේය. “හමුදාවෙ ලොකු මහත්තුරු වගයක් ආවා. කොල්ලො රෑන මේ බෝක්කුව ලඟ කදේ දාන් හිටියෙ. ඇහුව උඹල 8 පාස්ද කියල. එව්වො කීව නෑ කියල. හරි උඹල හමුදාවට බැඳෙන්න කැමතිද ඇහුව කොල්ලො එක පයින් කැමති වුනා. ගමන මහත්තුරු ලොකු ඉස්කෝලෙ මහත්තය හම්බුවෙලා කිව්ව මුන් සේරටම 10 පන්තියෙන් පාසල හැර ගියා කියල අස්වීමෙ සහතික ඕන කියල. ඉතින් ලොකු ඉස්කෝලෙ මහත්තයත් දුන්න. උන් හමුදාවට ගියා.”  මේ තුල කියවෙන දිග කතාව අධ්යාපනය, පන්ති භේදය වැනි අංශයන්හි අඩු ලුහුඬුකම් ගැන ශෝකජනක ඉසව්වකට අපව ගෙනයයි. එසේ ගිය අය අතරින් බහුතරයක් ගෙදර ආවේ සීල් තැබූ පෙට්ටියකිනි. එදා කිසා ගෝතමී වත සේම මේ ගම්මානවලද ත්රස්තවාදයේ මොනයම්ම ක්රියාවක් නිසා  හෝ ජීවිතය අහිමි වූ කෙනෙකු නැති නිවසක් සොයා ගැන්ම අසීරු විය.

 

පහල මධ්යම පාන්තික හා දිලිඳු දෙමල ප්රජාවට සිදු වූයේද මෙයමය. එකල ප්රකටව තිබූ එල්ටීටීඊ යේ ළමා හමුදාව නොහොත්බේබි බ්රිගේඩ්එක මීට හොඳම නිදසුනයි. මොන යම් හෝ ද්රවිඪ සන්නද්ධ කණ්ඩායමක් විසින් දරුවකු උදුරාගෙන නොගිය නිවසක් ඇත්නම් අතලොස්සකි. කලයේ මා නැගෙනහිර පලාතේ රැකියාවේ වැඩවලට ගියවිට, ඉතාම අඩු වයසෙන් විවාහ වී දෙමව්පියන් බවට පත්ව සිටි තරුණ තරුණියෝ බොහෝ හමුවූහ. එම මව්පියන්ට තම දරුවන් බේරා ගන්නට තිබූ එකම ක්රමයයි. නමුත් මේ තත්වය තුල දරුවන්ගේ අධ්යාපනය කඩාකප්පල් විය.තවත් වරක් රනිල්ගේ අවබෝධතා ගිවිසුම සමයේ චෙංකලඩි පාරෙන් මඩකලපුව බලා යද්දී මගේ යෙහෙලියක වූ නන්දනීට ඇගේ හැඳිනුම්පත අමතකව තිබිනි. එදා එල්ටීටීඊ මුරපොලේ සිටි යන්තම් දැලි රැවුල වැවෙන වයසේ පසුවූ තරුණයාට, ද්රවිඪයන්ටත් ආගන්තුක නොවූ නමක් වනනන්දනීයන්න ලිවීමට සෑහෙන වෙලාවක් ගතවිය. ඔවුන් ලැබ තිබූ සාක්ෂරතාවයි. එය ඔවුනට අහිමි කලෝ කවරහුද? යමක් කමක් ඇති උදවිය පිටරටවලට පැන ගත්හ. අවසානයේ කොටු වුනේ කිසිවක් කර කියාගත නොහැකි අසරණයෝය. අවසානයේ ඔවුන්ට සිදු වුනේ එල්ටීටීඊ යේ මිනිස් පලිහ බවට පත්වීමටයි. එදා යුද්ධයේ අවසන් දින කිහිපය තුල මේ මිනිසුන් වෙඩි කෑමේ අවදානමට නිරාවරණව, පණ පරදුවට තබා කලපු ඔස්සේ දිව ඇවිත් හමුදා රැකවරණය පැතුවේ ඇයි? ඔවුන්ට සිංහල ජනතාව ගැන වෙෙරයක් තිබිනි නම් මියෙත්නම් මියෙම්වා කියා එල්ටීටීඊ සමග රැඳී ඉන්නට තිබිනි.

 

කෙසේ හෝ රනිල් වික්රමසිංහ උපහාසයෙන් පවසන මේ දුටුගැමුණු නිසා දරුණු ත්රස්තවාදය කෙලවර විය. රනිල්ලා කියන පරිිදි මේදුටුගැමුණුලා හොරකම් කලා නම්, ජනතාව ඔවුන්ට 2015 දී ජනවරමක් දුන්නේ එය නිවැරදි කිරීමටය. එසේ නැතිව විනෝද සමය රඟ දක්වන්නට නොවේ. මේ යුද්ධය රනිල්ට විහිලුවක් වූවාට ජනතාවට විහිලුවක් නොවේ.

 

නමුත් එදා ප්රභාකරන්ට බයේ වලිගය දෙපරන්ද අස්සේ ගසාගෙන සිටි ද්රවිඪ දේශපාලකයෝ අද ජනතාවගේ හිසට ජාතිවාදී අදහස් කවති. වරක් අධ්යාපනයේ දීප්තිමත් දස්කම් පෙන්වූ ජාතියක්, එල්ටීටීඊ යේ හිතුවක්කාර පියවරයන් ඔස්සේ බුද්ධිය මොටකර දැමූ හේතුව නිසාම තමන්ට අවශ් ලෙසට මෙහෙයවීමට ඔවුන් හැකිවී ඇත.

 

ජාතිවාදය අවුලුවන්නට උත්සාහ කරන ලොකු ලොක්කන්ගේ අදහස් ඔලුවට ගන්නට පෙර තම දෑස් හොඳින් පිසදා බැලුවහොත් මේ ප්රශ්ණ තුල තරවී හැදී වැඩෙන්නේ කවුරුන්ද යන්න ජනතාවට අවබෝධ කරගත හැකි වනු ඇත.තම නිවස මේසන් බස් කුලියක් නැතිව ඉදිකරගත් මේජර් වරයාගේ සිට යුද්ධය පටන්ගත් වකවානුවේ පටන්ම ආයුධ ජාවාරමෙන්, යුද බිමේ දිවි පරදුවට තබා සටන් වදින සෙබලාගේ ආහාර සලාකයෙන් පවා ගසා කෑ බල පුලුවන්කාරයින් මෙන්ම, අසරණ ද්රවිඪ ජනතාවගේ දරුවන් බලෙන් ඇදගෙන ගොස් අතට ආයුධයක්ද, කරට සයනයිඩ්ද දෙන අතරම තම දරුවන්ට විශේෂ ආරක්ෂාව සහිත මධ්යස්ථානවලදී විභාගවලට ලියවා පිටරට යවන්නට කටයුතු කල එල්ටීටීඊ නායකයන්ද, අද ජනතාවට බලපාන වෙනත් කිසිදු ප්රශ්ණයක් ගැන කතා නොකර ඔවුන්ට ඇති එකම ප්රශ්ණය වෙනම රාජ්යයක් දිනා ගැනීමය යන ඉලක්කයට තම ජනතාව මෙහෙයවන ගමන්ම රජයෙන් ලැබෙන සියලු වරප්රසාද භුක්ති විඳින ද්රවිඪ දේශපාලකයන්ද යන සියලු දෙනා එක වල්ලේ පොල් බව එවිට ඔවුන්ට වැටහෙනු නියතය.

 

මේ ප්රශ්ණයේ මුල අමතක වී අග පමනක් කතාකරමින්  කෑ ගසන වත්මන් රජයේ මැති ඇමතිලාද, ඔවුන්ගේ පදයට නටන අනිත් හෙංචයියලාද අතීතය මතකයට නගන්නටවත් බලනවා නම් හොඳය.

 

අර මෑත දේවල් අමතක වී, ඈත දේවල් මතකයට එන ඩිමෙන්ෂියා රෝගය ඔබ දනී. වත්මන් රජයට වැලඳී ඇත්තේ එහි ප්රතිවිරුද්ධ තත්වයයි. අද යාපනයේදී රනිල්අපි යුද්ධය ඉවර කලාකීවේත් එහි ලක්ෂණයක් ලෙස විය හැක.

 

මේ ලෙඩේට හරියට බෙහෙත් ගතහොත්, කාගෙ කාගේත් කිල්ලෝටවල ඇති හුණු දකින්නට හැකි පරිදි කාගෙත් ඇස් පෑදෙනු ඇත.

 

 

One Response to “යුද්ධ අරඹන්නෝ සහ විඳවන්නෝ”

  1. Wetta Says:

    Great article. Thank you Theja for your great work.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress