පාද යාත්‍රාව පිලිබදව ඥානසාර හිමි ගාල්ලේදී දැක්වූ අදහස්
Posted on August 2nd, 2016

මාධ්‍යවේදීන් ඉදිරිපත්කල  ප්‍රශ්න

https://lh6.googleusercontent.com/OJnGVmMDbt5CmGDtJNfH9Sz-55FyApHjcCI2neNIgDJUOnTNykUC-Vx1mKYzztAGG5oj-XzNxuutowM=w1280-h720-n-k-rw

 Gnasara thero at Galle .mov

1- පාද යාත්‍රාව පිලිබදව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

2- ජන සටන රැලියට ක්‍රීඩාංගනය  නොදීම පිලිබදව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

( මෙම ප්‍රශ්න සදහා ඥානසාර හිමි ලබාදුන් පිළිතුරු වීඩියෝව තුල ඇතුලත්ය)

මේරටේ පාලකයින් හා වගකිවයුත්තන් සංහිදියාවක් යැයි ජනතාවට නොතේරෙන අටමගලයන් ගැන කතාකරමින් සිටින අතර අන්‍යආගමික මූලධර්මවාදී කණ්ඩායම් හාරසිය පණහක් පමණ මේබිම තුල ක්‍රියාත්මක වෙමින් පවතින බැව් බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (1) ගාල්ලේදී පැවසූහ.

උන්වහන්සේ මේ අදහස් පැවසුවේ අද (01)ගාල්ලේදී මාධ්‍ය අමතමිනි.මෙහිද වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.2000 වසරේ සිට අපි ඉල්ලා සිටිනවා මේ බෞද්ධයන් ටික රැකගන්න පණතක් ගේන්න කියලා. නමුත් ඒවා ක්‍රියාත්මක වන පාටක් නෑ. අන්තිමට වෙන්නේ අන්‍යාගමික මූලධර්මවාදී කණ්ඩායම් අපේ ගම් වලට ඇතුල් වෙලා සාමකාමව තියෙන බෞද්ධ ගම් අවුල් කරන එකයි.රට කරවන අයට සම්මා දිට්ටිය පහල වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද උන්ට පේන්නේ නෑ. උන්ට පේන්නේ ඡන්ද විතරයි. දවසින් දවස සංස්කෘතිමය වශයෙන් බෞද්ධ ප්‍රජාව ඝාතනය වෙමින් තියෙනවා. මෙම ප්‍රශ්න වලට විසදුමක් සොයන්න වැඩපිළිවෙලක් හදන්න කියලා අපි ඉල්ලනවා.රටතුල ක්‍රියාත්මක වන අන්‍යාගමික මූලදර්ම වාදී කල්ලි කණ්ඩායම් වලට එරෙහිව අපිත් එක්ක එකතු වෙලා නීති පද්ධතියක් හදලා බෞද්ධයන් සහ අන්‍ය ආගම් අතර තියෙන ආගමික සහජීවනය ආරක්ෂාකරගන්න සියලුදෙනාගේ සහයෝගයත් අපි අපේක්ෂා කරනවා.

පාදයාත්‍රා නොවයි තවටිකක් කලි යනකොට මිනිස්සු ගම්වල ඉදලාම පටන් ගනියි මේ නපුන්සක දර්ශණයක් නැති රෑකඩ ඉන්දියාවේ සහ ඇමරිකාවේ උවමණාවට නැටවෙන ආණ්ඩුවට එරෙහිව වීදි බසිවී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress