කොළඹට අති දැවැන්ත ජන ගංගාවක්. මෙන්න පින්තූර සහ වීඩියෝ
Posted on August 3rd, 2016

www.mahinda.info

කිරිබත්ගොඩ සිට කොළඹ බලා පිටත් වූ ජන සටන පාද යාත්‍රාවට අති දැවැන්ත ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. මහින්ද රාජපක්ෂ මැතිඳුන් පෙරටු කරගනිමින් කිලෝමීටර් 7 ක් පමණ එක දිගට ජනතාව මෙම පාදයාත්‍රාවේ යෙදුණි.

කලාවැවේ දිය දෝතක් අතට ගෙන මේ මගේ වත්කම යැයි, එදවස ධාතුසේන නරනිඳු කාශ්‍යප පුතණුවන් ඉදිරියේ කිවූහ. අද පැමිණි මහ ජන ජන ගංගාව දෙසට සිය දෑත දිගු කර මේ මගේ වත්කම යැයි රාජපක්ෂ නරනිඳු ලෝකයා ඉදිරියේ හඬ ගා කිවූහ.

පාද යාත්‍රාවට එක් වූ සියලුම දේශමාමක ජනතාවට අපගේ ප්‍රනාමය පුද කරමු. රට බෙදන, ආර්ථිකය වනසන, ජනතාව පීඩාවට පත් කරන දූෂිත ආණ්ඩුව එලවා දමන පළමු වෙඩි මුරය මෙයයි.

පාද යාත්‍රාවේ අවසාන දිනයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැවැත්වූ කථාව ඇතුළු ජන සටන පාද යාත්‍රාවේ ලබා ගත් වීඩියෝ කිහිපයක් පහතින්.

 

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress