ඉතිහාසඥ මයිකල් රොබට්ස්ට අනාගාරික ධර්‍මපාලතුමා මුණගැසීම
Posted on August 9th, 2016

C. Wijeyawickrema

ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න වැනි පෙඩරල් දේශපාලන හොරුන්ද, ජෙහාන් පෙරේරා, ගාමිනී වියන්ගොඩ, ධර්‍මසිරි බණ්ඩාරනායක වැනි එන්ජිිෝ කාක්කන්ද සමඟ සසඳන විට, දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්‌වන, තුප්පහියා නම් වෙබ් අඩවිය අයිති, ගාල්ලේ සැන්ට් ඇලෝසියස් විදුහලේ ඉගෙනගත්,  මයිකල් රොබට්ස් ඔවුන්ට වෙනස් වැදගත් පුද්ගලයෙකි. ක්‍රිස්තියානි පසුබිමක් ඇති ඔහු දක්‍ෂ පුද්ගලයෙකි. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රතිපල ලබාගත් බර්‌ගර් ජාතිකයෙකි. ඔහු, දැන් දැන් පිග්නේශ්වරන් කියාද හැඳින්වෙන, විග්නේශ්වරන්ට වඩා වෙනස් අයෙකි. තම පුතාලා දෙන්නාටම සිංහල ගෑණුන්ද කසාඳබන්දවා ගත් (ලව් ඊස් බ්ලයින්ඩ්?) විග්නේශ්වරන් දැන් ප්‍රභාකරන්ගේ අවතාරය වී සිටී. ඩේලි මිරර් පත්‌තරයට (2016 ජූලි 28 දින) විග්නේශ්වරන් කියා සිටියේ ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවෙනවා යයි ඔහු පලාත් සභාව හරහා ගෙනා යෝජනාව සම්පූර්‍ණ සත්‍ය කතාවක් බවය!

කොල, නිල් හා රතු යන ලංකාවේ දේශපාලක හොරු රැළ රටේ සිංහල බෞද්ධ ජාතියට, හරියට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකන ආකාරයට වගේ සලකමින් සිටියදී, ඒ බව අමතකකර හෝ යටි මුඩි ගසා, සිංහල බෞද්ධ අන්තවාදයක් ගැන ලියන පිරිසක් සිටී. මයිකල්ද මේ පිරිස අතරින් කෙනෙකි. මෙය නැතිකිරිමට කලයුතු එක දෙයක් වශයෙන් ජාතික ගීය දෙමළෙන් ගායනා කලයුතුයයි සටනක් ඔහු ගෙන ගියේය. එහෙත් මිසිස් චන්ද්‍රිකා හෝ රෝසි සේනානායක හෝ මෙන් ලංකාවේ සිංහල බෞද්ධ පදනම සුනු විසුනු කරන්නට මයිකල් යෝජනා කලේ නැත යන්න මගේ වැටහීමය.

ඒ වෙනුවට මීට පෙර දයාන් ජයතිලකගේ සිදුවුනා වාගේ වෙනසක් දැන් මයිකල්ගේ සිදුවී ඇත.  මේ වෙනස නම් සිංහල අන්තවාදය වගේම දෙමළ අන්තවාදයක්ද ලංකාවේ තිබේයයි ඔහු විසින් පිළිගැනීමය. කැනඩාවේ වසන ඩී බී ‌එස් ජෙයරාජ් මේ අන්තවාදීන් දෙකොටස ලෙස දැක්‌වූයේ සිංහල බෞද්ධ අන්තවාදීන් හා ප්‍රභාකරන්වාදීන් ය.  මයිකල්ගේ වෙනස නම් උගත් දෙමළ අය අතරද මෙවැනි දෙමළ අන්තවාදීන් සිටිනා බවට ඉඟියක් කිරීමය. මෙය ඔහු දක්වන්නේ ටැමිල්නස් යනුවෙනි.

ඇමෙරිකන් තානාපතිව සිටි රොබට් බ්ලේක් හෝ ලංකාවේ කොළඹ කළු සුද්දන් කියන අන්දමට මධ්‍යස්ථ දෙමළ අය කියා කොටසක් ලංකාවේ නැතිබව විග්නේශ්වරන්ගෙන් ඔප්පුවිය.  මෙම කාරණය මයිකල්ට වැටහී තිබෙන්නේ 1957 රාමනාදන් හෝල් එකේ සිටින කාලයේ සිට ඔහු දැන සිටි, දැන් ලන්ඩන්වල ජීවත්‌වන රොබට් පෙරිම්පනායගම් නමැති උගතා, 2009 ප්‍රභාකරන්ගේ පරාජයෙන් පසුව දැන් හැසිරෙන ආකාරය නිසාය. ලෝකයේ සෑම දෙමළ ජාතිකයෙක්ම වාගේ (ලක්‍ෂ්මන් කදිරගමාර් හා ජෙයරාජ් ෆර්නැන්ඩුපුල්ලේ හැරුණුවිට?) ඒ කාලයේ ප්‍රභාකරන් ලබාගත් යුධ ජයග්‍රහන ගැන රහසින්වත් සතුටුවූවා නොවේදැයි මයිකල්ට දැන් සිතේ (කලම්බු ටෙලිග්‍රාෆ් අගෝස්තු 3, 2016).

ඊට පෙර මේ දෙමළ අන්තවාදය ගැන මයිකල්ගේ දෑස පාදා ඇත්තේ ලන්ඩන් වල වසන ජේන් රසල් ය. වෙල්ලාල නොවන රාජන් හූල් විසින් ලියු දෙමළ දුක පිළිඹද ඉතිහාස පොතේද සිංහල වැරදි ගැනම මිස, දෙමළ අන්තවාදය ගැන ලියා නැති එක ගැන මයිකල් (කලම්බු ටෙලිග්‍රාෆ්- අප්‍රියෙල් 28, 2016) පෙන්වා දෙන්නේ (ඩොනමෝර් කාලයේ ජාතිවාදී දේශපාලනය ගැන ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියූ) ජේන් රසල් විසින් දෙමළ අන්තවාදය ගැන ඔහුට ලන්ඩන් සිට ඊමේල් එකක් එවුවාට පසුවය. දෙමළ අන්තවාදීන් රට දෙකට කඩන්නට හදන්නේද, දෙමළ සුළු ජාතියත්, දෙමළ මැජෝරිටිසම් න්‍යාය අනුවම යන නිසායයි මයිකල්ට දැන් ඒත්තුගොස් ඇත.

මෙහිදී මයිකල් කරණ වරදක් නම්  රට කැඩීමේ ව්‍යාපාරය දෙමළ ජනයාගේ උවමනාවක් නොව තමන්ටත් තැනක් ලබාගැනීම පිණිස නායකයින් යයි පෙනී ඉන්නා අතලොස්සකගේ වැඩක් යන්න නොතේරීම ය. පොන්නම්බලම්ට, චෙල්වනායගම්ටද, දෙමළ ඩී එස් සේනානායක, දෙමළ බණ්ඩාරනායක කෙනෙක්‌වීමට තිබූ ආශාවය. මෙය දෙමළ අභිලාෂයක් (ඇස්පිරේෂන්) නොවේ. සුද්දන්ගේ කාලයේ ලැබී තිබූ වරප්‍රාසාද නැතිවයාමේ දුක නිසා අහිංසක දෙමළ ජනයා විනාශ මුඛයට ඇදගෙනයාමය. ඕස්ට්‍රේලියාවේ සිටින දොස්තර නොයෙල් නඩේසන් මේ බව කලම්බු ටෙලිග්‍රාෆ් එකට ලියූ (අගෝස්තු 4, 2016) ලිපියකින් පෙන්වා දෙයි. ඔහුට අනුව පොන්නම්බලම් රාමනාදන් 1927 දී සර්‍ව ජන චන්ද බලය පහත් කුලවල දෙමළ ජනයාට යනවාට විරුද්ධවිය.

මෙම ලිපියෙන් මා පෙන්නාදීමට හදන්නේ සිංහල අන්තවාදයක් ගැන තාමත් මයිකල්ගේ හිතේ ඇති අදහස් වැරදි මත බවය. ඔහුගේ බර්‌ගර්-ක්‍රිස්තියානි පසුබිම නිසා හා ඔහුගේ අධ්‍යාපනය විසින් ඔහුව යුරෝපීය කළු සුද්දෙක් කර ඇති නිසා ඔහුට ධර්‍මපාල විෂන් (දර්‍ශනය) එකේ හරය තේරුම් ගැනීමට ඇති මානසික නොහැකියාවය. පෝප්ව දකිනවිට හෝ මඩු පල්ලිය දකිනවිට මගේ හිතේ කිසිම හැඟීමක් ඇති නොවනවා වගේ, තිසා වැව හෝ රුවන්වැලි මහසෑය දකිනවිට, ජාත්‍යාණුරාගය නිසා මගේ ඇඟේ මෙන්, මයිකල්ගේ ඇඟ කිළිපොලා හිරිගඩු පිපෙන්නේ නැත. මයිකල්ගේ සීගිරිය ගාල්ලේ ලන්දේසි බලකොටුව විය යුතුය. ඔහු ඔහුටම තුප්පහියා කියාගන්නේ මේ නිසාය. ලංකාවේ ඒ වචනය නිග්‍රහයක් වශයෙන් යොදන්නේ බර්‌ගර් ජනයාට නොව සංකර සිංහල කළු සුද්දන්ටය. ධර්‍මපාලතුමා පරසුද්දන් හා කළු සුද්දන් යන වචන දෙකම භාවිතා කලේය.

දෙමළ අන්තවාදයක් තිබෙන බව පිළිගත්‌තත් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට (2016 ජූලි 29) ලියමින් මයිකල් කියා සිටින්නේ සිංහල අන්තවාදයක් ලංකාව ගිලගන්නා බවය. රට දෙමළ හා මුස්ලිම් ආදී අන් අයටත් අයිතිය යන මතය-දර්‍ශනය  වෙනුවට මුළු රටම සිංහලයාගේ රටය කියන මතය (අයිඩියලොජි) ක්‍රියා කෙරෙන බවය. බෙදාගෙන කනවා වෙනුවට මුළු කේක් ගෙඩියම තනියෙන් කන්න යනවා කියාය. යුරෝපීය-ඇමෙරිකන් චින්තන ක්‍රමයට අනුව මීට කියන්නේ මැජෝරිටිසම් යනුවෙනි. මේ නිසා මෙය නැති කිරීමට ජාතික ගීය, සිංහලෙන්, දෙමළෙන්, සිංහල පද-දෙමළ පද කලවම් කරමින් ආදී වශයෙන් පාසැල්වල, උත්සවවල යොදාගන්නට විධි ඔහු නිර්දේශ කරයි!

මයිකල්ට වගේ උපාධි නැතත්, ඉංග්‍රීසි කතා කලත්, ලංකාවේ ඒ ලෙවල්වත් පාස් කරගන්නට බැරිවූ මිසිස් චන්ද්‍රිකා, රෝසි සේනානායකලා කියන්නේත් මේ කතාවමය. මෙය කළු සුද්දන්ගේ කතාවය. සාම්පලයක් වශයෙන් ගත්‌විට, ජෙහාන් පෙරේරා, ධර්‍මසිරි බණ්ඩාරනායක, ජයදේව උයන්ගොඩ, නිර්‍මාල් දේවසිරි, ගාමිනී වියන්ගොඩ වැනි එන්ජිිෝ කාක්කන්, ජේවීපි කාරයින්, උපුල් සන්නස්ගල, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, ඩිව් ගුණසේකර, තිස්ස විතාරන වැනි අය මතුරන්නේද මේ කතාවමය. එන් එම්-කොල්වින්-ලෙස්ලිලාට 1935 සිට 1964 වනතුරුම මොළේ නොපෑදුනා වගේ දැන් 2016 දී වාසුදේවට නම් මොළේ පෑදී ඇත. සමාජවාදී ජනතා පෙරමුණේදී ඔහු කියා සිටියේ ඒකීය රාජ්‍යයක් තුල, පෙඩරල්වාදයකින් තොරව, මහජනයාට බලය විමධ්‍යගත කරන ක්‍රමයක් සඳහා ඒකාබද්ධ විපක්‍ෂය ක්‍රියාකරන බවය (නිව්ස් ෆ්ර්ස්ට් සිරස ටී වී, අගෝස්තු 4, 2016). මේ අනුව 13-ඒ එකට ඉඩක් නැත.

මයිකල් කියන අන්දමට සිංහලයින් සුළු ජාතීන් පාගා දමා තිබේද? විග්නේශ්වරන් ලංකාවේ දෙමළ ජන සංහාරයක් (ටැමිල් ජෙනොසයිඩ්) කියන්නේත් මේ අනුවම නොවේද? මේ සිංහල අන්තවාදී මතයේ මුල් බීජය /ආරම්භය මයිකල් නම් ඉතිහාසකාරයා විසින් සොයාගෙන ඇත. එය නම් 1912 දී ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක ධර්‍මපාලතුමා විසින් අපි සිංහලයින් (වී සිංහලීස්) යයි සඳහන් කර තිබීමය! මෙය හරියට සිංහල රටේ ඉතිහාසය හෝ භූගෝලය නොදත් තරුණ බණ්ඩාරනායක එංගලන්තයේ සිට පැමිණ ලංකාව පෙඩරල් කරන්නට කල යෝජනාව බදාගෙන දැන් ඉන්නා පෙඩරල් කාරයින් කෑගසනවා වගේය. එහෙමත් නැත්නම්  කොලෝනියල් සෙකට්‍රිව සිටි හියු ක්ලේහෝන්ගේ 1799 මිනිට් එකේ වාක්‍යයක් අල්ලා ගෙන නැඟෙනහිර පලාතේ දෙමළ නිජබිමක් තිබෙනවා කීම වැනිය. තම මතය උදෙසා පිදුරු ගහක වුවත් එල්ලෙන්නට සූදානම් වීමය.  සිංහල මැජෝරිටිසම් නම් මාරාන්තික සංකල්පයේ ආරම්භය ධර්‍මපාලතුමාගෙන් පිටට ලිස්සා පැන්න මේ වචන දෙක යයි මයිකල් කියයි.

1505 පෘතුගීසීන් ඒමේ සිට 1948 දක්වාම මේ රටේ සිංහල බෞද්ධයින්ට සමාජයීය හා භූමීය වශයෙන් මුහුන දීමට සිදුවූ ජන සංහාර, මර්‌ධන, ඝාතන, ව්‍යසන, අළුත් නීති පනවා කල අසාධාරණකම්, හිරිහැර, වෙනස්කම්, ඉවත් කිරීමක් 1948න් පසු සිදුවුනාද යන කාරණයට උත්තරයක් නොදී ධර්‍මපාල චරිතය නමැති මුවහමට දැන් 2016 දීත් බැටදීම මයිකල් වැනි කෙනෙකුට ගැලපේද? ජී සී මෙන්ඩිස්ලා, ඒ ජේ විල්සන්ලා ලියූ සුදුපාට නොහොත් කළුසුදු ලංකා ඉතිහාසය දෙස අප නැවත හැරී බැලිය යුතු නිවේද? ලංකාවෙන් පිට සිට හෝ මෙය ලිවීම අපගේ යුතුකමය කියා මම සිතමි.

ශ්‍රී පාද කන්ද නිසා නොවේ නම් ඒ වනාන්තරද කෝපි-තේ වගාවට එළිකර, මහවැලි, කලණි, කළු හා වලවේ ගංඟා සිඳීයන්නට ඉඩ තිබුණි. පිස්සු බල්ලන්වගේ කඳු කපා කැලෑ එළිකිරීමේ විපාක වැටහී පසු කලෙක ඒ ගැන නීතියක් පැනවුවත් ශ්‍රීපාදය නිසා නොවේ නම් නීතිය එනවිට විනාශය හමාරවී තිබෙන්නට ඉඩ තිබුණි. එංගන්තයේ සුද්දන්ට සල්ලි හොයාගන්නට මගක් ලෙස කල තේ වගාවේ රඟය කෙසේද කිව්වොත් ලංකාවේ මිනිස්සු බිව්වේ බ්‍රෝකන් ඔරේන්ජ් පෙකෝ නොව, තේ පැක්ටරියේ බිම අතුගා එකතුකල ටී ඩස්ට් බව දන්නා සිංහලයින් ඉන්නවාද?

1815 වේ රට අල්ලා ගැනීමෙන් පසු 1848 කැරැල්ලට පසු ලංකාවේ බුද්ධාගම වැඩිකාලයක් නොගොස් නැතිවී යනවා යයි ජේම්ස් ද අල්විස් (බණ්ඩාරනායක-ඔබේසේකර පවුල්වලට අයත්) 1860 ගණන් වල කියා සිටියේය. පන්සල හා ගැමියා අතර ඇති බැඳීම විනාශ කලයුතුය යන්න නෝත්ගේ සිටම ඉංග්‍රීසි ආණ්ඩුකාරයින් දැරූ මතය විය. උඩරට මහානායකලා ඉංග්‍රීසි රූකඩ දෙකක් විය. මෙසේ නැතිවෙනවා යයි කියූ බුද්ධාගම 1873 පනදුරා මහා වාදයත් සමඟ යලි නැග සිටියේය. ඇමෙරිකන් කර්‌නල් ඕල්කොට්, ලෝකයේ ප්‍රථම සුදු බෞද්ධයා, පහතරට වෙරළබඩ හාමුදුරුවරුන්ට උදව් කලේය. 1820 තරම් අතීතයේදී යාපනයට හා මඩකලපුවට ඇමෙරිකන් මිෂනාරීන් ගෙනගිය ඉංග්‍රීසි අධ්‍යාපනය සිංහල බෞද්ධයාට ලැබුණේ 1880 ට පසුවය. යාපනෙන් ඉංග්‍රීසි කතාකරණ ලිපිකරුවන්, අරුණාචලම්ලා ආවේ ඒ නිසා මිස දෙමළ මොළේ ලොකු නිසා නොවේ.

1880 ගණන්වල සිට ඇමෙරිකාවේ වහල් හිමියන් එරට කපු වතුවල කළු ගෑණුන්ගේ අන්තප්පුර දමාගෙන සිටියා වගේ  සුද්දන්ට බැලමෙහෙවර කල සිංහලයින් ද තමන්ගේ කුඩා රබර්, පොල් වතුවල හොර ගෑණු දුසිම් ගණන් තබාගෙන ජොලියෙන් කාලය ගෙව්වේය. ඔවුන්ට ඕනෑ ඉතිහාසයක්, සංස්කෘතියක් නැත. සර්‍ව ජන චන්ද බලය දෙනවාට පක්‍ෂවූ එකම දේශපාලන නායකයාවූයේ ඒ ඊ ගුණසිංහ පමණය. එසේ වුනත් 1931 මන්ත්‍රණ සභා චන්දයට ඉදිරිපත්‌වූ සිංහල වලව්කාරයින් හැම දෙනාම අරවගේ අන්තප්පුර කාරයින් මිස රටට ජාතියට ආලයක් ඇති අය නොවීය.

මෙම වලව්කාරයින්ගේ තවත් ප්‍රභේදයක්‌වූයේ අරක්කු රේන්ද හා රජයේ කොන්ත්‍රාත් මගින් ධනව‌ත්‌වූ අය තමන්ගේ ලමයින් පිටරට යවා උගන්නවාගෙන, සුද්දන්ගෙන් කටු සූප්පුකිරීමට ඉල්ලූ කොටසය. උගත් හා නූගත් සුද්දන්ට පස්සෙන් හිටියේ බර්‌ගර් ජනයාය. ඊට පස්සෙන් සිට ආණ්ඩුවේ රක්‍ෂා ඉල්ලා ඇඬුවේ 1919 වනවිට ජාතික සංගමයක් අටවාගත් කළු සුද්දන් කොටසය. පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ශාලාවලට දී ඇති නම් බලනවිට මේ කළු සුද්දන්ට ඒ කාලයේ තිබු බලය පෙනීයයි. ඒ කාලයේ නොව මෑතකාලයේදීවත් කළු සුද්දන්ගේ බලය/මතය යටගොස් නැති බව අළුත් ශාලාවකට අනාගාරික ධර්‍මපාල නොව අයිවර් ජෙනිංන්ස් යන නම දීමට සැදීමෙන් පෙනී ගියේය. අද විශ්ව විද්‍යාලවල මාෆියාවක් ගෙනියන ජේවීපී කාරයින්ගේ රේඩාර්‍වලට මේවා නොවැටේ. 1924 වන විට සිංහල බෞද්ධයින් පාවාදීමට මෙම සිංහල ක්‍රිස්තියානි කොටස් ක්‍රියාකල ආකාරය පිග්නේශ්වරන්ගේ කතාවකින් එළිවිය. පිග් කියන අන්දමට සිංහල ක්‍රිස්තියානි දෙන්නෙක් (ජේම්ස් පීරිස් හා ඊ ජේ සමරවික්‍රම) හා දෙමළ නායකයින් අතර පනහට පනහේ ගිවිසුමක් ඇතිවිය (තන්තායි මෙමෝරියල් ලෙක්චර්, 2013 අප්‍රේල් 26). පිග්ට අනුව දෙමළ ඉතිහාසය ඇරඹෙන්නේ මේ ගිවිසුමේ සිටය!

මීට අමතරව සිංහල බෞද්ධයාගේ විනාශයට හේතුවුයේ 1935 පටන්ගත් මාක්ස්වාදී ව්‍යාපාරයය. වතු කම්කරු හා නගර කම්කරු කොටස් රවටමින් ඉංග්‍රීසියෙන් ක්‍රියාත්මකවූ මේ ව්‍යාපාරය අනුව දුටුගැමුණු රජ්ජුරුවෝ ගඩොල් මෝඩයෙක් විය. පන්සලක් ආශ්‍රයෙන් කුඩා කල හැදුනු සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම දත් ඩී බී ජයතිලක ඔවුන්ට අනුව නිකම්ම ඇබිත්තයෙක් පමණය.  අනිත් සිංහලයෝ ඉංග්‍රීසි කටගා ගත් කැඩිච්ච සිංහල දත් අය විය. භාෂා දෙකම හොඳින් උගත් අයට සුද්දෝ බියවිය. මාක්ස්වාදය  ගොවිගම නොවන කුලවල අයට තැනක් ගැනීමේ එක් මාර්‍ගයක්ද විය. පොපි මල වෙනුවට සූරිය මල් ව්‍යාපාරයක් ගෙනගිය මොවුන්ට කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන් ගෙනගිය රට ගොඩ නැඟීමේ ව්‍යාපාරය නයාට අඳුකොළ පෙන්නනවා වගේ විය.

බුද්ධාගම ක්‍රිස්තියානීන්ගෙන් බේරා ගත් හාමුදුරුවරු ඉන්පසුව ධර්‍මපාලතුමාගේ
දර්‍ශනයට යොමුවිය. එහෙත් සුද්දන් හා සිංහල කළු සුද්දන් කලේ එතුමාට මඩ ගැසීමය. මෙම උගුලට ඩී‌ එස් ලා අසුවීම පුදුමයට කරුණක් නොවේ. නමුත් ඩී බී ජයතිලක පවා ඔහුට හතුරුවිය. අන්තිමේ ඩීබී වද ඉන්දියාවට එලවා දමන්නට සුද්දන් හා කළු සුද්දන් ක්‍රියාකලේය. ඔලිවර් ගුණතිලකලා මේවා පිටුපස සිටියේය.

යටත් විජිතවාදය බයිබලය, කඩුව හා බෝතලය (අරක්කු) හරහා ගෙන ගිය ව්‍යාපාරයක් විය. එහෙත් බොහෝ දෙනා නොසිතන දෙයක් නම් යටත් විජිතවාදය යටත් වැසියාට ශූක්‍ෂම ලෙස හීනමානය පොවමින් ලෝකයම ගිලගත් ව්‍යාපාරයක් බවය. මෙම හීනමානය නිසා බිහිවූ පිරිස් අද හැඳින්වෙන්නේ කළු සුද්දන් කියාය. මොවුන් ලෝකයේ හැම පරණ යටත් විජිතයකම බෝවී සිටින අතර ඒ රටවල වගේම ලංකාවටත් කෙලවෙලා තියෙන්නේ මුන් නිසාය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන්නේ ඕ මයි ගෝඩ් හා බුදු අම්මෝ කියන කොටස් දෙක ගැනය. මෙම හීන මානය ගැන බටහිර අය පොත් ලියන්නට අවුරුදු 100 කටත් පෙර එය වටහාගත් කෙනෙක් නම් අනාගාරික ධර්‍මපාලතුමාය. මෙම මානසික වහල් භාවයෙන් ගොඩ ඒමට ඉතා සරල මනෝ විද්‍යාත්මක ප්‍රතිකර්‍මයක් සිංහලයාට දුන්නේද එතුමාය. මෑතකදී ඉස්ලාම් අරාබි ජනයාට හා රුසියාවට, ඇමෙරිකාව හා එංගලන්තය විසින් මෙසේ හීනමානය පැටවීම යාම නිසා ලෝකයේ ඇතිවූ විනාශය ගැන ලියූ බටහිර පොත් ඇත.

පඹයෙක් සදා, ඊට සුදු හුනු ගා, එය ගෙදර ඉදිරිපස තබා උදේ හවස පර සුද්දා-පර සුද්දා කියමින් එයට පයින් ගසන්නැයි එතුමා කියා සිටියේය. සර් ජෝන්ගේ තාත්තා සුද්දෙකුට පාරේ හතර ගාතෙන් වැටෙන්නට පයින් ගැසූවිට ඔහුට අපේ ජෝන් අපේ ජෝන් කියමින් එතුමා සතුටුවූයේ මේ නිසාය. සුද්දන්ට පර සුද්දා කියමින් අපහාස කරන්නේ ඇයිදැයි මහේස්ත්‍රාත් කෙනෙක් ඇසූ විට ඔහු කියා සිටියේ පර සුද්දා කියන්නේ  විදේශික සුද්දා යන අර්‍ථයෙන් කියා මිස පර බල්ලා යන තේරුමෙන් නොවේය කියාය.

මිලිබෑන්ඩ් කොල්ලාට මහින්ද රාජපක්‍ෂ විසින් ඇඹිලිපිටියේ සියඹලා ගහක් යට කුරක්කන් පිටි ආප්ප කැවීම හා ප්‍රංශ විදේශ ඇමතිට ප්‍රභාකරන් ලඟට යාමට ඉඩදීම ගෝඨාභය විසින් ප්‍රතික්‍ෂේප කල එක නිසා ඒ විදේශිකයින් දෙන්නාට ඇතිවූ හීනමානය ගැන අවබෝධයක් ඇති මයිකල්ට, ධර්‍මපාලතුමා යටත් විජිත වැසියන්ට හීන මානයෙන් ගැලවීමට සදා දුන් උපක්‍රමය නොවැටහෙන්නේ ඇයි?
ඒ කාලයේ සිට මේ කාලයට ආ විට, ලංකාවේ දේශපාලක හොරු (ඩී‌ එස් ගේ සිට සිරිසේන-රනිල්-චන්ද්‍රිකා දක්වා) සිංහල බෞද්ධයින්ට සලකන්නේ සමහර පිරිමි හිතහොඳ ගෑණුන්ට සලකන ආකාරයට බව ප්‍රසිද්ධියේ මහජනයාට ඔප්පුකර පෙන්වා සිටියේ බොදු බල සේනාවය (සෝම හිමියන් එය කිව්වේ වක්‍රව පන්සලක බණමඩුවේ සිට බණ කියන ආකාරයටය).  බොදු බල සේනාවේ මේ විප්ලවය නිසා කුමාර් ඩේවිඩ් වැනි දෙමළ, මාක්ස්වාදී, ක්‍රිස්තියානි, පෙඩරල්/ඊලම් ඉංජිනේරුවෙක් මාදුළුවාවේ සෝභිත හිමියන්ව දැළේ දාගන්නට සමත් විය. මේ කියමන් බොරුද කියා පෙන්වන ලෙස මම මයිකල්ට අභියෝග කරමි.

ඓතිහාසික වශයෙන් බලන විට ධර්‍මපාල-ඕල්කොට් යුගයට පසුව ලංකාව ගොඩ ගැනීමට ආපසු ක්‍රියා කලේ කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර වැනි හාමුදුරුවරුය. අපරාධ මර්‍ධන හා ග්‍රාම සංවර්‍ධන යනුවෙන් ජාතික ව්‍යාපාරයක් 1930ස් 1940ස් ගණන්වල දිවයින පුරාම ව්‍යාප්තකිරීමට උන්වහන්සේ ක්‍රියාකලේය. මේ සඳහා අක්බාර් නඩුකාරතුමාත්, තරුණ පොලිස් සහකාර අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වාත් එකතුවිය.  මේ සඳහා උන්වහන්සේ ලියූ කරුණු 99 ක් සහිත සැලැස්ම බුදු දහමට අනුව රට පාලනය කරනවා කියන ජනාධිපති සිරිසේනත්, ලිච්චවි රනිලුත් කියවිය යුතුමය. මාක්ස්වාදීන් එක පැත්තකිනුත්, ඩොනමෝර් ඇමතිවරු හා ගුනසේන ද සොයිසා වැනි සිවිල් නිලධාරී කළු සුද්දන් අනිත් පැත්තෙනුත් මෙම ව්‍යාපාරය කඩාකප්පල්කර දැම්මේය. ගැමියන් හා ඔස්මන්ඩ් සිල්වා අතර පැවති සම්බන්ධය කැඩීමට අවසානයේ ඔහුව බම්බලපිටියේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයට මාරුකර දැම්මේය.

සිංහල භාෂාව දෙමළ බසෙන් හැදුනා කියන කාලයක පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස වැනියවුන් ඉදිරිපත් වුනේය. අසරණ ජනයා දියසේන කුමාරයෙක් එනකම් බලා සිටියේය.  වින්සන්ට් සුබසිංහ වැන අය සඳලංකාවේ සමූපකාර ව්‍යාපාරය දියුණු කළේය. ඩී එස්ලාගේ බලවත් විරුද්ධත්වය ඉදිරියේ කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙනාවේය. එසේ වුවත් ඉංග්‍රීසිකාරයින් සිංහලේ ජාතියට නොයෙක් නීති පනවා කල විනාශය ඉවත් කිරීමට ඩිිෙස් ප්‍රමුඛ කළු සුද්දන් ක්‍රියාකලේ නැත. මැලේසියාව, ඉන්දියාවේ හරිජන කොටස් වලට මෙන් සහනයක් සිංහල බෞද්ධයාට නොලැබුනේය. ඩී එස් කිව්වේ ආණ්ඩුව සරණං ගච්චාමි කියා පදයක් නැතිබවය. 29 වන වගන්තිය සිංහල බෞද්ධයා පාවාදී බලය ලබාගැනීමක් විය. මොවුන් කල බොරුවට හොඳම උදාහරණය නම් උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමය. මේ මඟින් කල වෙනස කුමක්ද? රටේ අගනුවර කොළඹින් රජරටට ගෙනයාම, ගොවි ජනපද පිහිටුවීමට පෙර කලයුතුව තිබුණු දෙයකි. මහින්ද රාජපක්‍ෂ වැනි සරම ඇන්ඳ කෙනෙකුටවත් නොතේරෙන මෙය හීතකාලයේ එංගලන්තයේ සුද්දන් වගේ නිදහස් දිනයදා ඇන්ඳ ඩී එස්ලාට ඕනෑවේද?

දැන් ඕස්ට්‍රේලියාවේ වසන දේවනේසන් නේසයියා විසින් ලියූ ඩිස්ක්‍රිමිනේශන් විත් රීසන් නම් පොතේ පෙන්වා දෙන්නේ සාධාරණ හේතු මත යම් ජන කොටසකට විශේෂ වාසි ලබාදීම නීති විරෝධී නොවන බවය. එසේ නම් සිංහල බෞද්ධයින්ට ඓතිහාසිකව කල වෙනස්කම් ඉවත්කිරීම ජාති වාදයද? සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කලේ 1956 දීය. 1949 දී දෙමළ රාජ්‍ය පක්‍ෂ බිහිවූයේ, ඒ කාලයටත් පෙර සිට ත්‍රිකුණාමළය ඉන්දියාවට දීමට චෙල්වනායගම් කතා කලේ සිංහල රාජ්‍ය භාෂාව කල නිසාද?

සිංහල කළු සුද්දන්ට අනුව සුද්දන් ලංකාවෙන් ගියේ ලංකාව දියුනු කරදීය. 1959 දී බණ්ඩාරනායක ඝාතනය කලේත්, ඊට කලින් නයි විෂ පොවන්නට බැලුවේත්, 1962 කුමණ්ත්‍රනය කලේත් යන්තමින් හෝ සුද්දන්ගේ ක්‍රමය වෙනස් කරන්නට අව්වාරු අන්දමට හෝ උත්සාහයක් වූ නිසාය.  දෙමළ බෙදුම්වාදයට ඇබයක් ගසන්නට සිංහල කළු සුද්දන්ට, මේ දක්වාම නොහැකිව ඇත්තේ ඔවුන් තුල තාමත් හීනමානය කිඳාබැස ඇති නිසාය. මහින්ද, සිරිසේන යනු යටිහිතෙන් කළු සුද්දන්මය. ඩී බී විජේතුංග හැර මේ හැතිකරයම 1948 ට පෙර සිටම රට විනාශකලේය. මේ වහල් ක්‍රමයෙන් සිංහල බෞද්ධයින් ගැලවිය යුතුයයි කීම සිංහල අන්තවාදය යයි මයිකල් රොබට්ස් සිතනවාද? අඩු තරමින් බොරුවට වත් බුද්ධාගමට නිසි තැන දියයුතුයයි 1505 පසුව ප්‍රථම වරට 2016 දී කතෝලික පල්ලියේ කාඩිනල් දැන් කියා සිටී. මෙසේ ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛ තැන දෙනවා කියන කතාව ශතපහක වැඩක් නැති ප්‍රෝඩාවක් බව කාඩිනල් සැමදාම දැන සිටියේය. එවැනි දෙයක් බුද්ධාගමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය හතුරන්ගෙන් බුද්ධ සාසනය රැකදීම පමණක් බවත් ගුනපාල මලලසේකර මහතා 1957 දී පහදාදී තිබුණා නොවේද?

2 Responses to “ඉතිහාසඥ මයිකල් රොබට්ස්ට අනාගාරික ධර්‍මපාලතුමා මුණගැසීම”

  1. Senevirath Says:

    විංගොඩ ධර්මසිරි බණ්ඩාර…ජීඑල් දයාන් වැනි උන් වගෙතමය මහින්දත් ටිකය් වෙනස් . ධර්මපාලතුමා වගේ කෙනෙක් තමය අවශ්‍ය .. මහින්දලා නලින් ද සිල්වා කොන් කරන්නේ මහින්දව ජාතික පැත්තේ නොවෙය කියල පෙන්වන නිසය් විමල් නම් දැන් අමරසේකරලා නිසා ටිකක් ජාතිකත්වයට බරය් . මහින්දට කිට්ටුවෙන්න නලින් ට ඉඩදෙන්නේ නැත්තේ අර මුලින් කී ය උන් බටහිර ගැ ත්තෝ ජාතික සළු පිළිවලින් සිරුර වසාගෙන ඉන්නේ . එත් ඉතින් මොනවා කරන්නද රනිල් සිරා දෙන්නට වඩා හොඳය . වෙන එකක් තියා මුන් දිනේෂ් ටවත් තැනක් දෙන්නේ නැහැ සරත් වීරසේකරටත් තැනක් දෙන්නේ නැහැ .ජීඑල් දයාන් දෙන්න මහින්දගේ දෙපස ඉඳන් ජාතිකවාදය මහින්දට කාන්දුවීම වළක්වනවා

  2. plumblossom Says:

    There is absolutely no doubt about imperialistic US plans to build a US army, navy and air force base at Trincomalee. Please note that once the US builds their US army, navy and air force base at Trincomalee, they are not going to stop there. They will build other bases within the island. For example, Hambantota harbour could also end up as a US navy base and the Mattala airport a US air force base. Iranawila will again recommence their CIA operations and Palaly in the North in Jaffna will also be converted into a US air force base.

    This is the main reason that the US has, from the every beginning, supported the LTTE terrorists, who are their proxy force, wage a war against Sri Lanka to set up a bogus Eelam. The US knows that the only people who are standing against them are the Sinhala people who due to they being majority Buddhist and wanting to preserve Buddhism, being the indigenous people of the island with over 2500 years of history behind them and with our tribal ancestors having over 30,000 years of history within the island and due to they being very socialist in nature and supportive of socialist ideals will never, ever let the US set up any bases in the island.

    Therefore the imperialistic US, UK ,EU, Canada, Sweden, Norway and India supported the LTTE terrorists and the TNA set up their Eelam within the island for sure so that they can then set up US army, navy, air force bases within the island.

    Sri Lanka lies along the world’s busiest sea route or the maritime silk road. South of Sri Lanka is a the vast Indian ocean. Sri Lanka is located at a most strategic location with the Middle East, Africa and Europe to the North West, with India to the North and with South East Asia and East Asia to the North East of Sri Lanka.

    At present the US uses its Diego Garcia base extensively to subdue, bomb, decimate and dominate the rest of the world. However, due to sea level rises, low lying Diego Garcia may even be taken over by the sea. What better place therefore to build a US base than Sri Lanka? This is the reason that the US supports Eelam since sepoy, slavish LTTE, TNA will do whatever the US tells them to do. The only people standing in the way of the US building bases in Sri Lanka are the Sinhala people and they have been slapped with bogus US resolutions at the UNHRC with a view to partitioning the island and bringing on an Eelam with these constitutional changes to turn Sri Lanka into federal states or to even implement the13th amendment to the full which should never ever be implemented and no more powers should be given to the provincial councils, especially no land, police or fiscal powers should be given to the provincial councils under any circumstances. Also the concurrent list subjects should be given over to the national list.

    About Trincomalee Harbour, please visit this absolutely stunningly and vast harbour and then anyone can see its potential. Already, the road from Trincomalee has been built and the roads and bridges around Trincomalee harbour has been built. There are over 99 oil tanks near the harbour. There is the existing Sri Lankan air force, army and navy bases. Trincomalee town has been refurbished. Trincomalee harbour is the world’s second largest natural harbour. It has a submarine canyon along its sea floor which is a very deep canyon along the sea floor which can accommodate submarines which then cannot be detected by radar. The harbour itself can accommodate a large fleet of ships. There is also a railwayline all the way from Colombo to Trincomalee. All the infrastructure development was completed by the previous government.

    Therefore, there is no doubt that the US would want to build a US army, navy, airbase at Trincomalee. For that they only need an Eelam or federal state and this treacherous Ranil, Sirisena, CBK and Mangala will make sure that happens since they have accepted the bogus US resolution at the UNHRC and placed our armed forces in deep trouble when our armed forces are totally not guilty but the LTTE war criminals are now suddenly totally innocent of all the war crimes that the LTTE terrorists committed for over three decades. Also all Sri Lankans should totally oppose implementing the 13th amendment to the full or any more powers being given to the provincial councils than they have at present. Especially no land, police or fiscal powers should be given to the provincial councils under any circumstances. Also the concurrent list subjects should be given over to the national list.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress